ප්‍රියභානි ජයකොඩි ටීච අපගේ උසස් පෙළ රසායන විද්‍යාව ගුරුවරිය වූ අතර ඇය ඉතා හොඳින් රසායන විද්‍යාව අපට ඉගැන්වූවාය. ඇය ඉතා දක්ෂ ගුරුවරියකි. අද දිනයේ වූවද ඇය විසින් අපට ඉගැන්වූ කාබනික රසායනික පාඩම් මට මතකය. තවද එන්තැල්පිය කොටස ඇය අපට ඉතා හොඳින් පහදා දුන්නාය.
1985 උසස් පෙළ පන්තියේ සිටි ළමුන් අතර මම , සිදත් ධර්මරත්න , ආනන්ද ගුණවර්ධන , සෝබිත රාජකරුණා , සෙනරත් විජේසූරිය විද්‍යාගාරයේ පන්තියේ ඉදිරි පෙළම සිටියෙමු. රසායන විද්‍යාව පන්තියට කලින්ම විත් ඉදිරි පේලියේ පුටුවක් අල්ලා ගැනීම අප නිබඳව කලෙමු.
ප්‍රියභානි ටීච රසායනික විද්‍යාව උගන්වන විට අදාල පර්යේෂණ විද්‍යාගාරයේම සිදු කොට පෙන්වන්නීය. මේ නිසා අප ප්‍රායෝගික දැණුමද මෙමගින් ලැබුවෙමු. විද්‍යාගාරයේ සහායකයෙකු සිටි අතර අප ඔහුට අයියා කියා ඇමතුවෙමු. ඔහු ලඟ නොමැති විට ඔහුව අමතන ලද්දේ අපාය සහායක කියාය. ප්‍රියභානි ටීච රසායනික පරියේෂණ කොට පෙන්වන විට මෙම විද්‍යාගාර සහායක අවශ්‍ය රසායනිකයන් ගෙනැවිත් මේසය මත තබයි.
වරක් ආනන්ද ගුනවර්ධන සහ සුමුදු හේවාවසම් මෙම අපාය සහයකගෙන් සෝඩියම් හයිඩ්රොක්සයිඩ් කැට කීපයක් ඉල්ලාගෙන ඒවා හිමීට මගේ කලිසම් සාක්කුව තුලට දැමූහ. ප්‍රියභානි ටීච ගේ පාඩමට සවන් දෙමින් සිටින විට සාක්කුව ප්‍රදේශයෙන් තද දැවිල්ලක් ආවෙන් මම උඩ පැන්නෙමි. පසුව ප්‍රියභානි ටීච ආනන්ද ගුනවර්ධනට සහ සුමුදු හේවාවසම්ට මගේ කලිසම් සාක්කුව තුලට හයිඩ්රොක්සයිඩ් කැට දැමීම පිලිබඳව බැන වැදුනාය. ආනන්ද ගුනවර්ධන පසු කාලයක පොලිසියට බැඳුනේය. 1990 ජුනි මාසයේදී සටන් විරාම ගිවිසුම කාලයේ ඔහු ඇතුළු පොලිස් නිලධාරීන් 600 එල්ටීටීඊ සංවිධානය විසින් අත් අඩංගුවට ගන්නා ලද අතර ඔවුන්ව ජිනීවා සම්මුතිය උල්ලංඝනය කරමින් තිරුක්කෝවිල් කැලෑවට ගෙන ගොස් වෙඩි තබා මරාදමා පසුව මෘත ශරීරද පුළුස්සා දමන ලදි. ආනන්ද ගුනවර්ධන ගේ මෘත ශරීරයවත් දෙමාපියන්ට ලැබුනේ නැත.
ප්‍රියභානි ටීච කොහුවල ඇයගේ නිවසේදී අතිරේක පන්ති පැවැත්වූවාය. අපගේ පන්තියේ සිටි සමහර ළමුන් මේ පන්තියට ගිය අතර ඇය ඔවුනට කිසිදු විශේෂත්වයක් පෙන්වූයේ නැත. පාසලේදී සෑම ළමයෙකුටම ඈ එකහා සමානව සැලකුවාය.
අවිවාහක තරුණ ගුරුවරියක වූ ප්‍රියභානි ටීච අපේ කොල්ලන් කරන විකාර වැඩ ඉවසුවාය. එසේම පාඩම් නොකර කට්ටි පනින කොල්ලන්ට බැණ වැදුනාය. ඉඳ හිට වලක් බැසීමට ඕනෑ වූ විටදී අප ප්‍රියභානි ටීච ගෙන් සල්ලි ඉල්ලුවෙමු. බොහෝ විට ඇය අපට මුදල් දුන්නාය. වරක් මමත් සිදත් ධර්මරත්නත් ,සෙනරත් විජේසූරියත් භෞතික විද්‍යාව ඉගැන්වූ ෆොන්සේකා මහතා නොපැමිනි දිනයකදී ප්‍රියභානි ටීච ගෙන් සල්ලි ඉල්ලාගෙන ජයවඩනගම සෙනරත් විජේසූරියගේ නිවසට ගියෙමු. අපට එදින භෞතික විද්‍යාව කාලපරිච්ඡේද දෙක තිබුනේ දොළහෙන් පසුවය. එම නිසා අප විවේක කාලයේදීම පාසලෙන් ගියෙමු. ප්‍රියභානි ටීච ගෙන් සල්ලි ඉල්ලන ලද්දේ ඇට්ලස් හෝල් ප්‍රශ්න උත්තර පොත් වගයක් ගැනීමට කියාය. කෙසේ නමුත් ප්‍රියභානි ටීචට බොරුවක් කියා සල්ලි ඉල්ලාගත් කොල්ලෝ එදින විඩියෝවක්ද බලා නිවෙස් වලට යන ලදි.
පාසලෙන් ඉවත් වී 1988 වසරේදී මම අපගේ උසස් පෙළ ගුරුවරු හමු වීම සඳහා විදුහලට පැමිනියද මට හමු වූයේ අපට බොට්නි ඉගැන්වූ ශාන්ත වික්‍රමආරච්චි මහතා සහ සත්ව විද්‍යාව කුලවංශ මහතාවය. ප්‍රියභානි ජයකොඩි ටීච එදින සිටියේ නැත. එහෙත් පසු කාලයක 1999 දී අනපේක්ෂිතව ගෙදර යාමට බස් රථයක් එන තෙක් කොල්ලුපිටියේ ප්‍රියභානි ටීචව මට හමුවූ අතර මම ඇයව කොහුවල ඇයගේ නිවසට ඇරළුවෙමි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග

රුවන්
BalasPadamමම හරිද කියලා හරියටම දන්නේ නෑ.අහලා තියෙන්නේ ටීචර්ගෙ නම පියභානි කියලා.
අපි කිව්වේ ප්‍රියභානි ටීච කියලා
PadamIndividual Chemistry Classes London and Local
BalasPadamTutor's nameMiss. Piyabhani Jayakody (Female)
Hm
Padamරසවත් මතකයක්
BalasPadamවිචාරක දියණිය
Thanks
Padamමම ප්‍රියභානි ටීචගෙ කොහුවල තිබ්බ පන්තියට ගියේ එකම එක දවසයි. මොකද්දෝ හේතුවකට මට ඒ පන්තිය හරිගියේ නැහැ. ඊට පස්සෙ මම කෙමිස්ට්‍රිවලට ගියේ වැල්ලවත්තෙ ෆසල්ස් ලේන් එකේ තිබ්බ වල්ලිපුරම් ටීචගෙ පන්තියට.
BalasPadamwhich year ?
Padamඔයාලට සෑහෙන්න පස්සෙ
PadamMarlin Jayakody here. I'm the Nephew of Ms. Piyabhani. Came across this blog post randomly. I read out loud the whole post and she enjoyed it very much. Offered you and your family the blessings of the triple gem.
BalasPadamThank you Marlin Jayakody , Pl give my regards to her
Padam