පාසල් යන සමයේදී ආනන්දේ xxxx සහ නාලන්දේ තිලංග සුමතිපාලත් yyyyyy නම් කෙල්ලකට ලයින් දැමූහ. මෙය කම්පටිෂන් එකක් මෙන් දිනෙන් දින වර්ධනය විය. yyyyට ට්‍රයි එක දීම xxxxxමෙන්ම තිලංගත් අත් නොහැරියහ. අවසානයේ මේ උග්‍ර තරඟය වලියක් දක්වා දුර දිග ගියේය.
yyyy ගැන බලාපොරොත්තු අත් හරින ලෙස තිලංග මිතුරන් මගින් xxxx ටදැන්වීය. එහෙත් xxxx තිලංග ගේ තර්ජන ගනනකට නොගෙන yyyy යන එන තැන ගැවසුනේය. අවසානයේදී කියන දේ නාහන xxxx ට පාඩමක් ඉගැන්වීමට තිලංග තීරණය කලේය.
xxxx ෆිසික්ස් ටියුෂන් සඳහා යන්නේ සේනාරත්න සර් ගේ නුගේගොඩ සුභද්ද්රාරාමයේ ෆිසික්ස් පන්තියටය. මේ නිසා දිනක් තිලංග සුමතිපාල ලාන්සර් බොක්ස් කාර් එකක කරාලා පුරවාගෙන xxxx ට පහර දීම සඳහා නුගේගොඩ සුභද්ද්රාරාමයට ගියේය.
ෆිසික්ස් ටියුෂන් ගුරුවරයෙකු වූ උපනන්ද සේනාරත්න මහතා කෑගල්ලේ අයෙකි. ඔහු කිරුම් සහ මිණුම් දෙපාර්තමේන්තුවේ සේවය කල අතර උසස් පෙළ භෞතික විද්‍යාවද ඉගැන්වීය. එසේම සේනාරත්න සර් වළි වලට මෙන්ම අයියලාටද බය නැත. සර්ට තද වූ විට එක පහරින් කළු ලෑල්ලට ගසා කළු ලෑල්ල දෙපළු කරයි. එසේම අසාධාරනය පෙන්වන්න බැරිය.
සේනරත්න සර් ෆිසික්ස් උගන්වමින් සිටියදී තිලංග සහ කරාලා පන්තිය වට කොට පන්තියේ සිසුවෙකු වූ xxxxxව ඉල්ලා සිටියහ. මේ කළබලය නිසා සිසුවියන් බිය ගෙන අඞමින් විලාප දුන්හ.
සේනරත්න සර් පන්තියෙන් එලියට බැස්සේය. කරාලා ඔහුව වට කර ගත් හ. සර් තම ඔරලෝසුව ගලවා " ෆිසික්ස් නම් ෆිසික්ස් කරාටේ නම් කරාටේ " කියමින් එතන සිටි තඩි කරෙක් ගේ බෙල්ලෙන් අල්ලාගත්තේය. කරා පණ එපා කියා දිව්වේය. ඔහුව අනුගමනය කරමින් තිලංග සහ අවශේෂ කරාලා දිව ගොස් ලාන්සර් බොක්ස් එකේ නැගී පලා ගියහ. පසුව සුභද්ද්රාරාම පන්සලේ හාමුදුරුවන් ගේ කාර් එකෙන් සුරක්ෂිතව xxxxx නිවසට ඇරලවන ලදි
වර්තමානයේ xxxxxxපරිගණක ක්ශේත්‍රයේ ඉගෙනුම ලබා බැංකුවක සේවය කරයි. තිලංග සුමතිපාල පාර්ලිමේන්තු නියෝජිතයෙකි. උපනන්ද සේනාරත්න මහතා 2008 වසරේදී පමණ මිය ගියේය. ගැටුමේ මූලය වූ yyyyy ගැන තොරතුරක් නැත

මේ හෙඩිම ඇත්තමයි නියමයි :)
BalasPadam+++++++++
Padamඒ තිලංග අදත් අර කරාල එක්කමඅර ඉන්නෙ
BalasPadamරටට වැඩකුත් නෑ උට නං වැඩක් ඇති
හරිම ලොල් සහගතයි
ඌට හැමදාම කරාලා හිටියා
Padam😂
BalasPadamsalute
Padamඅපේ පාසලේ පංතිභාර ගුරුතුමිය පවසා ඇති පරිදි කොල්ලෝ ගුටිගසා ගතහොත් එහි කොතැනක හෝ කෙළවරක කෙල්ලක් සිටිනා බවයි
BalasPadamවිචාරක දියණිය
ටීච හරි.
Padamලොල් කෝටියයි.....
BalasPadamකෝටියයි...
Padamවීරතෝ පේමතෝ ජායෝ
BalasPadamනයිස් කතාව
thanks
Padamසර් නම් මරු සර් කෙනෙක් වෙන්න ඇති..
BalasPadamela sir kenek
Padam
BalasPadamඔබේ සටහන කියවද්දී මට ලොකු සතුටකුත්, බලවත් කණගාටුවකුත් එක්වරම ඇතිවිය. ඒ උපනන්ද සේනාරත්නයන් ගැන ඔබ ලියා තිබු විස්තරය කියවද්දීය. මා උපනන්ද අයියා මුල් වරට දුටුවේ 1959 අවුරුද්දේදී කෑගලු විද්‍යාලයට ඇතුල්වූ පසුය. එවකට මගේ වයස යන්තම් අවුරුදු නවයට ආසන්න වෙමින් තිබිණ. එහෙත් ඔහු ඒ වන විටත් අපට වඩා බොහෝ උස මහත, ප්රතාපවත් එහෙත් ඉතා ප්‍රසන්න පෙනුමක් තිබූ අයෙක් විය. අපේ ගුරුවරුන් කෙරෙහි වත් නොතිබූ භය පක්ෂපාති භාවයක් හා ගෞරවයක් අප වැනි පහල පන්තිවල සිටි කොලු කුරුට්ටන්ගේ සිත්වල උපනන්ද කෙරෙහි ඇතිව තිබුණි. ඔහු කළ කී හැම දෙයකම සැබෑ නායකත්වයේ සලකුණු ඒ දිනවලද මැනවින් දකින්නට තිබුණි. එක අතකින් අප ඔහු දුටුවේ පරමාදර්ශයක් ලෙසිනි. ඔහුගේ බාල සහෝදරයන් අප හා සම පන්තිවල සිටියද උපනන්දයන් අහලකින්වත් සිටින්නට ඔවුහු අසමත් වුහ. උපනන්දගේ විශේෂත්වය වුයේ අපේ පාසලේ සිටි දහසත් ඉක්මවූ සිසුන් හැම කෙනෙකුම ගැන දැන සිටීමය. අප දුටු සැම විටෙක අප හා සිනහ වන්නටත් යමක් අසන්නටත් ඔහු අමතක කළේ නැත. මේ සුන්දර මිනිසා දිනක් උදෑසන අවදි වී සිය නිවසේ තිබු බුදු කුටියෙහි භාවනා කරමින් සිටිද්දී අවසන් සුසුම හෙලා සිටියදී සොයා ගත් බව ඔහුගේ එක් සොහොයුරෙකු වූ සුරනිමල සේනාරත්න මා සමග පැවසීය. එහෙත් ඔහු අප අතහැර ගියා යයි සිතන්නට මගේ සිත තවමත් සුදානම් නැත්තේ ඔහු ඒ තරම්ම අනභිභවනීය, අජරාමර සුවිශේෂ පුද්ගලයෙකු ලෙස අපේ සිත් වල ලැගුම් ගෙන සිටි නිසාය.
උපනන්ද සේනාරත්න මහතා හොඳ ගුරුවරයෙක් ; හොඳ මිනිසෙක් , අප ඔහුගෙන් ෆිසික්ස් පමනක් නොවේ යහ ගුණත් ඉගෙන ගත්තා. 2003 වගේ කාලයක මම ඔහුට දුරකතනයෙන් කතා කොට මම ඔහුගේ 1984-85 ගෝලයෙකු බව කිව්වා.
Padamමේ කතාව කලින් ලියලා තියෙනවා නේද?
BalasPadamඔය සේනාරත්නගේ පන්ති නේද පස්සේ mohan lal grero කළේ? හැබැයි ඒ අසූ ගණන්වල.
BalasPadamඔය සේනාරත්නගේ පන්ති නේද පස්සේ mohan lal grero කළේ? හැබැයි ඒ අසූ ගණන්වල.
BalasPadamවනාතේ අසෝකා ෆෙර්නෑන්ඩො ( ඩප්පි අසෝකා ) තිලන්ගගේ කරෙක් නේද ?
BalasPadamසේනාරත්න සර් ගැන දුටු මට ලැබුනේ ඉමහත් සන්තෝසයකි.ඔහුගෙන් ලබාගත් අත්දැකීම් අදටත් ප්රොරයෝජනවත් වෙයි .ඔහුට නිවන් සුව අත්වේවා.
BalasPadamtrue
Padamමෙහි සත්‍ය කතාව මීට වඩා ගොඩක් රසවත්
BalasPadam