Isnin, 18 September 2017

එක් සත්‍ය කතාවක්

 


2006 වසරේදී විශේෂඥ  මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා යටතේ ජාතික රෝහලේ මනෝ වෛද්‍ය සායනයේ සේවය කරන විටදී මානසික ව්‍යාකූලතාවක් සමග ඉතා තරුණ කාන්තාවක් කිරි දරුවෙකු සමග ආවාය​.  මෙම තරුණ කාන්තාවගේ තනියට ඇයගේ මවද ගැබිණි නැගෙනියද ඇවිත් සිටි අතර සුපුරුදු ලෙසින් මම ඔවුන් ගේ විස්තර විචාලෙමි. ඔවුන් පැවසූ කරුණු අසා මම කම්පනයට පත් වූයෙමි. 

මේ පවුල ඉතා දුප්පත් ය​. පියා වර්තමානයේ රැකියාවක් නොකරන්නෙකි. සහෝදරියන් දෙදෙනා සහ ඔවුන් ගේ අට හැවිරිදි සොහොයුරා ජීවත් වන්නේ මව විසින් සොයන ආදායමෙනි මව කුලී වැඩ කරන්නීය​. මව ගෙදර නොමැති අවස්ථාවලදී පියා විසින් වැඩිමහල් දුවට පහර දී බිය වද්දා ඇයව දූෂණය කොට තිබේ. මෙලෙස දූෂණයට ලක් වීම නිසා ඇය ගැබිනියක වූවාය​. මින් අතිශයින්ම කම්පා වූ මව එය  පවුලේ රහසක්ව තබා ගත්තාය​. කල් ඉකුත් වීමේදී වැඩිමහළු සොහොයුරිය දරුවෙකු ප්‍රසූත කලාය​. මේ එම දරුවාය​. වැඩිමහළු දුව දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත වූ විට ඇය අසල සිටියේ මවය​. දරු ප්‍රසූතියෙන් පසු දුව සහ බිළිඳා ගෙදර ගෙන එන විට මව දුටුවේ තවත් ව්‍යසනයකි. ඇය ගෙදර නොසිටි කාලයේ සැමියා දෙවන දියණියද දූෂණය කොට තිබුනාය​. දැන ඇයද ගැබිනියකි. 

තව දුරටත් රහස් ආරක්‍ෂා කිරීමෙන් එලක් නොවන බව තේරුම් ගත් ඇය පොලිසි ගියාය​. දැන් පියා රිමාන්ඩ් භාරයේය​. එහෙත් දැන් මුළු පවුලම ගිනි ගොඩකට මැදිවී සිටියි. මේ චිත්තාවේගී පීඩාවන් නිසා වැඩිමහල් සොහොයුරිය විශාදයේ ලක්‍ෂණ පෙන්වන බව පෙනී යයි. මෙම පවුලට ඖෂධ වලටත් වඩා අවශ්‍ය කෙරෙන්නේ උපදේශනය සහ මනෝ සමාජීය සහන සේවාවන් වෙති. එහෙත් ජාතික රෝහලේ සීමිත පරාසයක සේවය කරන අප කෙසේ මේ ව්‍යසනයට පත් වූ පවුලට මනෝ සමාජීය සහන සේවා සපයන් ද ? නමුත් සුනාමි සමයේදී අපගේ රෝගීන්ට මනෝ සමාජීය සහන සේවා සැපයූ ආයතන මතක් වූයෙන් මම ඔවුන් ව එකී ආයතන වලට යොමු කලෙමි. 

ඉන් පසු මෙම පවුල යලි සායනයට පැමිනියේ නැත​. දෙවන දියණියද දරුවා ප්‍රසූත කරන්නට ඇත​. ඔවුන් ගේ පියා සිරගෙට නියම වූයේද නැතහොත් ඇප ලබා පැමිනියේද කියා මම නොදනිමි. එහෙත් කුඩා ශරීරයකින් හෙබි සියළු දුක් පීඩා වලට මුහුණ දුන් ඔවුන් ගේ මව තම අන්තිම හුස්ම පොද දක්වා ඇයගේ දරුවන් සහ ව්‍යභිචාරය නිසා උපන් කිරි දරුවන් දෙදෙනා පෝෂණය කරනු ඇත​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග

14 ulasan:

  1. මව සහ දරුවෝ කොහොම ඉවසන්නද?කාට කියන්නද?ලාන්කීය සමාජය තුල හද්ද අසරන වෙනවා.ජීවිතයේ ඉතිරිටික තිරිසනෙකුටත් අන්ත වූ තාත්තාම උදුරාගෙන...දුප්පත්කමට මේ දේවලුත් එකතු උනාම හිතාගන්න... ඒ අය ගැන හදවතින්ම දුකයි.මතු ඉපදීමක් තියේනම් කිසිම මොහොතක ඔබලාට මෙවැනි කෙනෙක් මුනනොගැසේවා.ලිපිය කියපු අපත් මොහොතකට නිසල උනා.රුවන්,ඔබේ සිතත් සැලෙන්න ඇති....මම එය හොඳට දනිමි.

    BalasPadam
    Balasan
    1. මේක සහතික ඇත්ත කතාවක් මම මේ මව සර්වෝදයේ ආචාර්‍ය ආරියරත්න මහතාට ලිපියකිනුත් යොමු කලා ඔවුන් ගියාද දන්නේ නෑ. එක වරයි ආවේ.

      Padam
  2. ඇත්තෙන්ම කනගාටු දායකයි

    BalasPadam
    Balasan
    1. මට හිතෙනවා පියාට මානසික රෝගයක් තිබුනා කියලා

      Padam
  3. අතිශය ශෝචනීයයි! X 2 හිතාගන්නත් අමාරුයි :/

    BalasPadam
    Balasan
    1. මට හිතෙනවා පියාට මානසික රෝගයක් තිබුනා කියලා

      Padam
  4. උගෙ අම්මට කන්ඩ යකෝ

    BalasPadam
  5. මේ වගේ සමාජයක ජීවත් වන්නට ලැබීම හරිම නින්දිත තත්වයක්. මේ සමාජ ව්‍යසනයන් ඇතිවීමට මූලික හේතුව සාමාජ ව්‍යකූලත්වයයි.
    විචාරක දියණිය

    BalasPadam
  6. මං හිතන්නෙ ඉස්සෙල්ලම් බේත් දෙන්න ඕනෙ තාත්තට ...

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook