2006 වසරේ අග භාගයේ සිට 2009 මැයි මාසය දක්වා මා සේවය කලේ පුත්තලම දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය සම් බන්ධීකරණ නිලධාරී ලෙසටය. මාගේ කාර්‍යාලය තිබුනේ මාදම්පේ නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලයේය. මේ කාලයේදී මම 71 කැරැල්ල පිලිබඳ පොතක් ලියමින් සිටියෙමි. වරක් පුත්තලම රෝහලට නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතා සමග යමින් සිටියදී වෛද්‍ය රත්නායක මා විසින් ලියාගෙන යන පොත පිලිබඳ ඇසුවේය. අපගේ සංවාදයට රථයේ රියැදුරා විමසිලිමත්ව සවන් දෙන බව මට තේරුණි. ඉන් පසු සතියක මම මේ රියැදුරා සමග නවගත්තේගම රෝහලට ගියෙමි. ඒ යන ගමනේදී ඔහු මෙසේ කීවේය. " සර් 71 කැරැල්ල ගැන නොවෙයි 1988 -89 භීෂණ කාලය ගැන ලියනවා නම් හොඳ විස්තරයක් මට කියන්න පුලුවන් "
මේ රියැදුරා කියූ පරිදි ඔහු 1988 / 89 කාලයේදී ජවිපෙ සමග වැඩ කොට තිබේ. ඔහුගේ ප්‍රාදේශීය නායකයා ව්‍යාපාරයේ නමින් බොහෝ මංකොල්ලකෑම් සිදු කල අතර කැරැල්ල අවසන් වන කාලයේදී කිසිවෙකුටත් නොදන්වා එම මුදල් සමග ඉතාලියට පැන ගොස් තිබේ. මෙම රියැදුරා පසුව අත් අඩංගුවට පත්වී සිරගතව පුනරුථාපනය වී පැමින ඇත. ඉන් පසුව ඔහුට සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියාවක් ලැබී ඇත.
1988 / 89 භීෂණ කාලයේ මංකොල්ලකෑම , මිනී මැරුම් , ස්ත්‍රී දූෂණ කල යම් කොටසක් විදේශ රට වලට පැන ගොස් එහි ජීවත් වෙති. මේ අතර මංකොල්ලකෑම් , මිනී මැරුම් , ස්ත්‍රී දූෂණ කල යම් කොටසක් පසුව ගෝනිබිල්ලන් ලෙස රහසින් ආරක්‍ෂක අංශ වලට සහයෝගය දුන් නිසා ඔවුනට අනියම් සමාවක් ලැබුණි. මේ කොටස් ලංකාවේ ජීවත් වෙති.
1988/89 දී සමාජවාදයේ නාමයෙන් මිනී මැරූ , මංකොල්ලකෑම් ස්ත්‍රී දූෂණ සිදු කල මොවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වූයේ නැත
වෛද්‍ය රුවන් එම් ජයතුංග

කතාව ඇත්ත.ඕවාට යන කොටසක් කපටියි,උන් ඉන්න දන්නවා.අනිත් උන් බෙල්ල දෙනවා අලුත් ලෝකය හදන්න.ඒ අපේ හැටි!
BalasPadam++++++++
BalasPadamsalute
Padamමේ කථාව ඇත්ත.
BalasPadamඔව්
Padamසමහරු අද දේශපාලන පලිගැනීම් සිදුවුනා කියලා හොන්ද තනතුරුවලට පස්සේ ගියා
BalasPadamවිචාරක දියණිය
ඒකත් ඉහගෙන කෑවා
Padamඒ කාලේ ගමක සුලබ වුණේ ඔන්න ඔහොම ධනවතුන්
BalasPadamසමාජවාදී ධනවතුන්
Padamඇයි ඩොක්ට. ඔබට අමතක උනාද? අර යුද්දෙ කාලෙ වැල්ලවත්තෙ දෙමළ මිනිහත් යාපනේ එකා වගේ යුරෝපෙට අනිත් රටවලට පැනගත්ත වගේ ඔය කාලෙත් දේශප්‍රේමීන් විදිහට රට පැනල දැන් කටිං වමේ දේශපාලනය කරන සෙට් එකකුත් ඉන්න බව? ලංකාවේ නීතිය කෙසේ වෙතත් හෙට අනිද්දට බැඳුම්කරේ අර්ජුන් මහේන්ද්‍ර කිව්වොත් ඌටත් කිසිදෙයක් මතක නැහැ කියල, ඔන්න මමනං නෙමෙයි..!! 😳
BalasPadam100 % true Tikka
Padamමා දැක ඇති විමුක්ති අරගලයේ පුද්ගල සාධකයන් සැලකුවිට එහි අර්තය තම (own) ආර්ථික සහ සාමාජීය විමුක්තිය මිසක් ජන සමාජයේ විමුක්තිය නොවේ. මෙයට රැවටුන කන්ඩායමක්ද නොසිටියා නොවේ.
BalasPadam