Jumaat, 28 Julai 2017

සන්නාගේ සන්නාමය




උපුල් ශාන්ත සන්නස්ගල මාගේ නිශ්චයාත්මක විවේචනයන්ට බඳුන් වූ චරිතයකි. එහෙත් සත්‍ය නම් ඔහු දක්‍ෂ ගුරුවරයෙකි එසේම දක්‍ෂ ලේඛකයෙකි. සන්නස්ගලගේ මේ දස්කම් මඟ හැර ඔහු ගැන කතා කිරීම අතිශයින්ම දුෂ්කර කරුණකි.  සාහිත්‍යකරුවෙකු ලෙස සන්නස්ගලගේ ලිවීම් මතභේදයට තුඩු දෙයි. එහෙත් ඔහු ලියන්නේ අපේ සමාජයේ පවතින නිරුවත් තත්ත්වාකාරයන් වෙයි. ඒ නිසා සන්නස්ගලව ප්‍රශ්නාර්ථයට ලක් කරන සුචරිතවාදියා තමා නොදැනුවත්වම එම නිරුවත් සමාජයේ අසූචි මත ලෙස්සා ඇද වැටෙයි.
 
සන්නස්ගල  එක්තරා ආකාරයෙන් අපගේ ශ්‍රී ලාංකික සමාජයේ වෝල්ටෙයර් කෙනෙකි. වෝල්ටෙයර්ට ආගමික සංස්ථා වෛර කල අතර ආගමික සංස්ථා වල පවත්නා  ව්‍යාජයන් එළිදරව්  කරන නිසා ඔවුන් වෝල්ටෙයර් හට බියක්ද දැක්වූහ​. සන්නස්ගල  කෙරෙහිත අපගේ ගර්හිත සමාජයද​ දක්වන්නේ මෙවැනි ප්‍රතික්‍රියාවකි.

 පහත දැක්වෙන්නේ  අපගේ සමාජයේ සුදු චරිත ලෙස පෙනී සිටින පන්සලේ හාමුදුරුවෝ, ෆාදර් ෆෙරෝස් වැන්නවුන් ගේ අභ්‍යන්තරය නිරාවරණය කරමින් සන්නස්ගල තමන් ගේ පිරිමි ගොඩයි මං විතරයි' නවකථාවේ ලියන ලද සටහනකි.  

......."හලාවත මාළු කරූ ටෙලි නාට්‍යයක් කළා, සංඝමිත්තාවගේ ලංකාගමනය ගැන. මං ඒකෙ අග්‍ර උපාසිකාවගේ චරිතයට රඟපෑවා. මාළු කරූගේ දඩයක්කාර යාළුවෝ ඔක්කොම අනුරාධපුරේ ආවා. පසුගිය සතියේ ම හිටියේ අන්‍රාධපුරේ. උන් ඔක්කොම වල් ඌරු මස් විකුණන, මාරවිල හරක් මස් කඩ දාගත්තු, හලාවත ඉස්සො කොටු තියෙන, බෝලවත්තෙ කසිප්පු පෙරන, පැජරෝ ජීප් තියන, පිළී ගඳ ගහන, කට ගඳ, බඩ තඩි කළු පාට මුදලාලිලා ටිකක්. ලබන අවුරුද්දේ කඨින පින්කමට කට්ටිය ම බරණැස යනවා. මටත් එන්නලු යන්න. දවාලට සිල් ගන්න පුළුවන්. හැබැයි රෑට සිල් පවාරණය වෙන්න ඕන. ලොකු හාමුදුරුවන් එනවා අධීක්‍ෂණයට. මට අග්‍ර උපාසිකාවගේ චරිතයට ගෙව්වෙ රුපියල් දෙදාහයි. සිල් පවාරණවාට ලක්‍ෂ දෙකක් විතර ගෙව්වා. . . ." 

සන්නස්ගලට ගල් ගැසීම ඉතා පහසුය​. එහෙත් එම ගල් බවුන්ස් වී නැවත වැටෙන්නේ අපගේම පසුගාමී සමාජයේ ඔළු ගෙඩි වලටය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

12 ulasan:

  1. https://4s7sw.blogspot.com/2017/01/blog-post.html

    BalasPadam
  2. සන්නාගේ පොත් බොහොමයක් කියවලා තියේනවා. මේ කුණු සමාජයේ යථාර්තය ගෙඩි පිටින් පෙන්නලා දෙන හින්දාද මන්දා සන්නාට බොහෝ සුදනන් කියා ගන්නා දුදනන් කැමති නැත්තේ . දේශපාලනය නැමති නාරාවලට වැටුන එක තමයි සන්නා කරගත්තු ලොකුම මෝඩ කම

    BalasPadam
    Balasan
    1. දේශපාලනය නැමති නාරාවලට වැටුන එක තමයි සන්නා කරගත්තු ලොකුම මෝඩ කම///////////// athha

      Padam
  3. මගේ අදහස අනුව සමාජයට යහපතක් කිරීමට බොක්කෙන්ම කැමති අයගේ ලක්ෂණයක් තමයි තමන් මෙන් එම අරමුණට යන අයට ඇති පිළිගැනීම. නූතන සේනක බිබිලේ කීම ගැන මයික් එක ඉලාගෙන දැමීමෙන් රාජිත සේනාරත්නට නක්කිය දැමීමෙන් අන් අයව පහත් කොට තමන්ගේ කෙරුම් ඉහල දමන කෙනෙක් බව ඔහු පෙන්වූවා. එයින් පෙනී යන්නේ ඔහුගේ ක්‍රියාකාරිත්වය ජනප්‍රියතාවය සඳහා බවයි. ඔහු නක්කිය දැමූ රාජිත සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා තවත් දේශීය ඖෂධ නිෂ්පාදන සමාගම් 23 ඇතිකිරීමට පසුගිය සතියේ අනුමැතිය දුන්නා. මේ පුවත බලන්න.

    BalasPadam
    Balasan
    1. ඉයන් රෙදි නැතුව කඩේ යන්ඩ එපා,මධ්‍යස්ථව හිතන්ඩ.නැත්නම් ඔබ රනිල්ගෙ වහලෙක් වගේ පේන්නෙ.

      Padam
  4. සන්නස්ගල කියන්නෙ මන් පුද්ගලිකව කැමති එකෙක්

    BalasPadam
  5. සන්නස්ගල ගෙ පොත් මමත් ආසාවෙන් කියවල තියෙනව.දක්සවිදියට ලියන්න පුලුවන් වගේම දක්සවිදියට විකුනන්නත් පුලුවන්. x කන්ඩායමෙන් ලද දැනුම විකිනීම සඳහා හොඳටම යොදා ගත්තෙ සන්නස්ගල තමයි .දැනට වසර කීපයකට පෙර ටීනේජ්ල දහදෙනෙක්ගෙ ප්‍රකාශන දහයක් ලොකු උත්සවයක් තියල දොරට වැඩම්මුව.එකම පොත සින්හලෙන් සහ ඉංග්‍රීසි පරිවර්තනයක් එම පොතේම ලේඛිකා වන් විසින් කර තිබුණා. නිර්මාල් ර්ංජිත් දේවසිරි,ජගත් වැල්ලවත්ත,සමන් ව්ක්‍රමාරච්චි ආදීන්ගේ ලමයි ගෙ නිර්මානත් ඊට ඇතුලත්.මේ ප්‍රකාශන ලමයි වෙනුවෙන් ඔවුන්ගේ මිතුරන් සහ දෙමව්පියන් වෙනුවෙන් ඔවුන්ගේ නෑදෑ හිතමිතුරන් සියලුදෙනා මිලදීගත්තා.මාස කිහිපයකට පස්සෙ කර්තෘ බාග ලෙස මුදල් වෙනුවට මේ ලමයින්ට සන්නස්ගල පොත් සියය බැගින් දුන්නා විකුනගන්න කියල.නෑදෑ හිතවතුන් සියලු දෙනාම පොත් ගත්තට පස්සෙ මේවා කාට විකුනන්නද මේ ලමයි.සන්නස්ගල කියන්නෙ ඔන්න ඔය වගේ මිනිහෙක්.ඉහත නම් සදහන් තිදෙනත් සන්නගෙ හොඳ යාලුවො

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook