ලංකාවේ වාහන පදවන්නේ දකුණිනි. වාහනයේ සුක්කානම දකුණු පස ඇති අතර මිනිසුන් දකුණු පසින් වාහන ධාවනය හුරු වී තිබේ. එහෙත් හිඳ හිට පැදවීම වමෙන් කියා රතු පුවරුවක් වාහනයේ පසුපස ගසා පදවන වාහනද දක්නට තිබේ.
උතුරු ඇමරිකාවේ වාහන පදවන්නේ වම් පසිනි. වසර බොහෝ ගන්නක් දකුණු පසින් වාහන එලැවූ මට මුල් කාලයේ මෙය ව්‍යාකූල තත්වයක් විය. මාගේ මොලයේ සෛල හුරුවී තිබුනේ දකුණු පසින් වාහන එලවීමටය. එහෙත් දකුණ වම මාරු වීම නිසා ඇසෙන් ලැබෙන දෘශ්‍ය පණිවිඩ මොලය විශ්ලේෂණය කලේ ආකූල ලෙසටය. මේ නිසා මුල් කාලයේ වාහන පදවන විට නොදැනුවත්වම මම පාරේ වම් පැත්තට ගියෙමි. එසේම කැනඩාවේ වාහන එලවීම සඳහා බළපත්‍රය ලබා ගැනීම සඳහා ගිය පරීක්‍ෂණයේදී මුල් අවස්ථාවේදී මට දකුණ වම මාරුවීමට ගිය මුත් වාසනාවකට මෙන් පරීක්‍ෂකවරයා එය අවබෝධ කරගත්තේ නැත. මම පරීක්‍ෂණයෙන් සමත් වූයෙමි.
මගේ පුතා වයස 16 පසු කල විට වාහන බලපත්‍රයක් ලබා ගැනීමට ඉල්ලුම් කල අතර කිසිදු ගැටළුවකින් තොරව ඔහු සමත් විය. ඒ මන්ද යත් ඔහුට අපට මෙන් වම දකුණ ගැටළුවක් නොතිබූ නිසාය. එහෙත් ලංකාවේ දකුණු පසින් වාහන එලවීම ඔහුට අති දුෂ්කර වන බව මම සිතමි. ඔහුට පමණක් නොවේ දැන් වසර ගනනාවක් පුරා වමෙන් වාහන පදවන මට යලි ලංකාවේ දකුණින් වාහන පදවන්නට යාම ගැටළුවක් වනු ඇත.
බ්ලයින්ඩ් ස්පොට් සංකල්පයද උතුරු ඇමරිකවේදී වැදගත් වෙයි. යම් වාහනයක් වම් පසින් තවත් වාහනයක් ඉස්සර කිරීමේදී එක් අවස්ථාවකදී පැති කන්නාඩියෙන් ඉස්සර කරන වාහනය පේන්නේ නැත. මේ නිසා ගෙල හරවා වම් පස බැලිය යුතුය. එසේම දකුණට හැරවීමේදී දකුණු පස පැති කන්නාඩියෙන් බැලීමට අමතරව ගෙල හරවා දකුණු පසද බැලිය යුතුය. එසේ නැතහොත් අණතුරක් වීමේ හැකියාවක් තිබේ. විශේෂයෙන් ලේන් මාරු කිරීමේදී මෙම බ්ලයින්ඩ් ස්පොට් එක අනිවාර්‍යෙන් බැලිය යුතුය. එහෙත් ලංකාවේදී බ්ලයින්ඩ් ස්පොට් කතාව අසා නොතිබුණු තරම් කිවහොත් වැරදි නැත.
වමෙන් පැදවීමට අමතරව කැනඩාවේ මාර්ග සංඥා වල රතු එලිය වැටී ඇති විට දකුණට වාහනය හැරවීමේ නිදහස තිබේ. එහෙත් කුබෙක් වල මෙන්ම ඇමරිකාවේ මේ නීතිය නැත. මීට මාස කීපයකට උඩදී මම මොන්ට්‍රියෝල් නගරයට ගියෙමි. මොන්ට්‍රියෝල් හිදී කිහිප වතාවක්ම මම මාර්ග සංඥා වල රතු එලිය වැටී ඇති විට වාහනය දකුණට හැරවීමට ගියෙමි. එහෙත් මේ නීතිය කුබෙක් ප්‍රාන්තයේ වලංගු නොවන බව මතක්වී මම වහාම තිරිංග පෑගුවෙමි.
බොහෝ කැනේඩියානුවන් ඇමරිකාවේදී මාර්ග සංඥා වල රතු එලිය වැටී ඇති විට දකුණට වාහනය හැරවීමට ගොස් දඩ කති. වරක් මා මිත්‍ර පෝල් මැග්‍රෝරි ඔහුගේ පියා ලුවීසියානා වල මාර්ගයක රතු එලිය වැටී ඇති විට දකුණට වාහනය හැරවීමට ගොස් උසාවි යාමට සිදුවූ අයුරු කීවේය. පෝල් මැග්‍රෝරි ගේ පියා උසාවියට ගිය විට " නුඹ ඉන්නේ ඇමරිකාවේ මිස කැනඩාවේ නොවේ" කියා විනිසුරු ඔහුට ඩොලර් 250 ක දඩයක් ගසන ලදි.
පසුගිය වසරේ මම බෆලෝ නගරයට ගියෙමි. බෆලෝ නගරයේදී අමතක වීමෙන් මම රතු එලිය වැටී ඇති විට වාහනය දකුණට හැරවීමට තැත් කල නමුදු මම දැන් ඉන්නේ ඇමරිකාවේ කියා මතක් වීම නිසා මම ඒ වරද නොකලෙමි.
මම දැන් වසර ගනනාවක් ලංකාවේදී වාහන එලවා නැත. වමෙන් පැදවීමට හුරුවී තිබෙන දෑත් යලි දකුණු පසින් එලවීමේදී ආකූලතාවක් ඇති කරනු නිසැකය. කැනඩාවේ බොහෝ කාලයක් පදිංචිව සිටි මගේ සොහොයුරා ලංකාවට ගිය විට වාහන පදවයි. ඔහු පවසන පරිදි දකුනින් වාහන එලවීමේදී ප්‍රථම දින දෙක තුන යම් ව්‍යාකූලතාවක් පැවතුනද එය ඉක්මනට නිශේදනය වී යයි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග

ලෝකයේ මේ ආකාරයෙන් වමෙන් සහ දකුණෙන් පැදවීම ලෙස වාහන දෙවර්ගයක් ආවේ ඇයි ඩොක්ටර්? ලෝකේ හැම තැනම එකම සම්මතයක් තිබුනා නං පහසුයිනි.
BalasPadamඒක තමයි. සම්මත ක්‍රමයක් ආවනම් ලේසියි
Padamබ්‍රිතාන්‍ය සහ එහි යටත් විජිත තමයි වාහන දකුණින් පදවන්නෙ (මම දන්න විධියට). ලෝකයෙ බහුතරයක් වාහන පදවන්නෙ වමෙන්. පිටරට වාහන එලවලා ලංකාවෙ වාහන එලවන්න හරිම අමාරුයි, ඇඟේ ලේ කෝප වෙනවා. අනික ත්‍රීවීල් කාරයො රින්ගන විධියට උන්ව හප්පලා දාන්න හිතෙනවා. ඒකට හරියන වාහනේ ඩබල් කැබ් එක, ඉස්සරහා මෙටල් බෆර් එක දා ගත්තම නියමයි.
BalasPadamරාගම රෝහලේ වෛද්‍යවරයෙක් දවසක් කිව්ව ඔහුගේ රථයේ ඉදිරිප්ස නාරස්සන දෙකක් සවි කර ගන්නවා කියලා මේ රිංගන එවුන්ව හිල් කරන්න
Padamකැනඩාවත් කලක් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් තමයි. :)
Padamජපානය බ්‍රිතාන්‍ය යටත් විජිතයක් නෙවෙයි නේද?
Padamජපානය බ්‍රිතාන්‍ය යටත් විජිතයක් නෙවෙයි නේද? yes
Padamමම වරක් ඇමරිකාවේදී ටැක්සියකට නගින්නට ගොස් මා විවුර්ත කලේ ඉදිරියේ වම්පස දොරය. ( ලංකාවේ පුරුද්දට ) :) ඇමරිකාවේ ටැක්සි වල බොහොමයක් අය ගමන් කරන්නේ පසු පසුපස ආසනවලය. නමුත් uber වල බොහෝ විට මගින් නගින්නේ ඉදිරිපස අසනයටය.
BalasPadamha ha ha ; I had the same experience
PadamUlasan ini telah dialihkan keluar oleh pengarang.
BalasPadamDr.මේ නීතිය state එකෙන් state එකට වෙනස්.උදා: Washington DC, Maryland, Virginia වල "NO TURN ON RED" කියලා Sign එකක් නැත්නම් දකුනට හරවන්න පුළුවන්.
BalasPadamFull Stop Before a Turn on Red. Unless there is a sign prohibiting it
is that so
PadamI live in california. Its same here. you can turn unless there is "NO TURN ON RED" sign. But first you have to completely stop the vehicle at red light before turn
Padamඉතින් දෙය්යනේ කැනඩාවේ ඔන්ටාරියෝ වලත් "NO TURN ON RED" කියන Inter Section වල දකුණට හරවන්න බැරි අතර එසේ නොමැති තැන්වල පුර්ණ නැවතීමක් කොට දකුණට හැරවීම සිදු කල හැක.
Padamවමෙන් පැදවීමේදී වාමාංශිකයන්ට වැඩි වාසියක් වෙනවා.
BalasPadamවාමාංශිකයෝ රිය පැදවීමට ටිකක් වැඩියෙන් දක්ෂ හොයාගෙන තියෙනවලු.
මම හිතන්නේ ඕකට හේතුව ලෝකයේ වැඩිම රටවල් ගණනක වමෙන් පැදවීම සිදුවන නිසයි.
මමත් වාමාංශිකයෙක්. දකුනෙන් සුක්කානම අල්ලගෙන වමෙන් ගියර් දානකොට ටිකක් බය හිතෙනවා.
wow
Padam//වමෙන් පැදවීමට අමතරව කැනඩාවේ මාර්ග සංඥා වල රතු එලිය වැටී ඇති විට දකුණට වාහනය හැරවීමේ නිදහස තිබේ. එහෙත් කුබෙක් වල මෙන්ම ඇමරිකාවේ මේ නීතිය නැත. //
BalasPadamමම හිතන්නේ ඇමරිකාවේ මෙය කළ නොහැක්කේ ප්‍රාන්ත කිහිපයක පමණයි. වැඩි ප්‍රමාණයක රතු තියෙද්දී හරවන්න පුළුවන්. මම හිතන හැටියට වැරදි වැටහීමට හේතුව එය කළ නොහැකි ප්‍රාන්ත කිහිපය අතර ගොඩක් විදේශිකයින් නිතර යන ප්‍රාන්ත තිබීම.
athhada ?
Padamඩුබයි වල ඉදන් එනකොටත් එකම තමයි.. දවසක් ඩ්සල් රෙන්ට් අ කාර් එකකට පෙට්‍රල් ගැහුවනෙ වැරදිල.. ඩීසල් කාර් නැහැනෙ..
BalasPadamමල සේක
Padamමම අහල තියෙනව ඇමරිකාවේදී හදිස්සියකට පාර මාරු වෙද්දීත් හොඳ කල්පනාවෙන් පාර දෙපැත්ත බැලිය යුතු බව.
BalasPadamඅපේ වගේ ඉස්සල්ල දකුණ බලලා පැනීම භයානකයි කියල.
ඔව්
Padamලංකාවේ කහ ඉර කිසිම සම්මතයකට නෑ සමහර තැන් වල බාගෙට මැකිලා. සමහර තැන් වල කහ ඉර පටන් ගන්න කලින් තියෙන සිග් සැග් ඉරි නෑ. පහුගිය මාස දෙක ඇතුලත මගේ වාහනේ කහ ඉරි ලඟ හදිසියේ නවත්තන්න වෙලා දෙසැරයක් ම පස්සෙන් ආපු වාහනය මගෙ එකේ හැප්පුනා. එක සැරයක් කොලඹ 7 උනේ . අනිත් පාරවල් ගැන කියලා වැඩක් නෑ නේ.
PadamIn Europe right hand drive is only in UK and Cyprus, right ?
BalasPadamI think so
PadamIn Europe right hand drive is only in UK and Cyprus, right ?
BalasPadamලංකාවේ හුඟක් අය ඉස්සර කරන්නේ වමෙන් විශේෂයෙන් ත්‍රීවීලර් . ඒක නිසා" පැදවීම මැදින්"
BalasPadamela
Padamමෙතන තව දෙයක් තියනවා දකුණු පසින් එලවනවිට ගියර් දමන්නේ වම් අතින් වම පසින් එලවන විට ගියර් දමන්නේ දකුණු අතින්.
BalasPadamමෙය මාරු වීම හුරුවීමට කල් යන්න ඉඩ තියනවා.
මටත් කල් ගියා
PadamUlasan ini telah dialihkan keluar oleh pengarang.
BalasPadamලංකාවෙදි බ්ලයින්ඩ් ස්පොට් බලනව කියල හැරිල බැලුවෙ නැති උනාට, ලේන් චේන්ජ් කරන්න කලින් සීට් එකෙන් ටිකක් ඉස්සරහට වෙලා සයිඩ් මිරර් එකෙන් ඔය ඒරියා එක චෙක් කරනව... මම ඒක හැමදාම කරපු දෙයක්, නොදැනුවත්වම... ලංකාවෙන් පිට ඩ්‍රයිව් කරද්දී තමයි දැන ගත්තේ ඒ චෙක් කලේ බ්ලයින්ඩ් ස්පොට් කියලා... :)
BalasPadam