Sabtu, 1 Julai 2017

ලෙක්චර


පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය පිළිබඳ දේශනයක් කරමින් 

ලංකාවේ සිටි කාලයේදී මම බොහෝ දේශන පවත්වා තිබේ. මේ සඳහා මට අඩිතාලම වැටුනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙකු ලෙස සේවය කරන සමයේ ප්‍රජාව ඇමතීමෙන් ලත් පන්නරයය​. 

ලංකාවේදී  ප්‍රජා වෛද්‍ය  චාන්දනී ගල්වඩුගේ , ප්‍රජා වෛද්‍ය විශේෂඥ විමලසූරිය , මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු , මනෝ වෛද්‍ය සරත් පඞුවාවල , මනෝ වෛද්‍ය ඩී, වී , ජේ හරිස්චන්ද්‍ර , මනෝ වෛද්‍ය මහාචාර්‍ය නාලක මෙන්ඩිස්  , ජෙනරාල් වෛද්‍ය ඩඩ්ලි පෙරේරා, ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ , පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක ,හිටපු මානසික  සෞඛ්‍ය  අධ්‍යක්‍ෂිකා වෛද්‍ය හිරන්තී ද සිල්වා ,  මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා යන මහත්ම මහත්මීන් මා විසින් කරන ලද දේශන අගය කල අතර වඩ වඩාත් චිත්ත ධෛර්‍යය ලබා දුන්හ​.    

එසේම  නීති ආධාර කොමිසමේ සභාපති එස් එස් විජේරත්න මහතා ගේ ඇරයුමෙන් මම නීතීඥවරු , පොලිස් නිලධාරීන් , බන්ධනාගාර නිලධාරීන් සඳහාද දේශන පැවැත්වූයෙමි. තවද මා විසින් ලියන ලද අධ්‍යාපන ප්‍රතිකාර ග්‍රන්ථයෙන් පසු  ආචාර්‍ය තිලෝක සුන්දරී කාරියවසම් ,  අධ්‍යාපනඥවරියක වූ  හිටපු ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා කමලා ජේ පීරිස් , නාලන්දා මහා විද්‍යාලයේ විදුහල්පති  හේමන්ත ප්‍රේමතිලක මහතා  යනාදීන් ගේ ඇරයුමෙන් මම පාසල් සිසුනට මෙන්ම ගුරුවර ගුරුවරියනට අධ්‍යාපන ප්‍රතිකාර පිලිබඳව දේශන පැවැත්වූයෙමි. එසේම යුද හමුදා නිලධාරීන් සඳහා දිවයිනේ විවිධ කඳවුරු වල දේශන කලෙමි. මේ හැර වරක් කොලඹ විශ්ව විද්‍යාලයේදී කලා පීඨයේ සිසු සිසුවියන් පිරිසක් අමතා  සාහිත්‍ය සහ මනෝ විද්‍යාව මාතෘකාව යටතේ දේශනයක් ද කෙරුවෙමි.  මෙලෙස විවිධ අධ්‍යපනික ආයතන වල , විවිධාකාර වෘත්තිකයනට දේශන පැවැත්වීමෙන් පසුව 2008 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිහිත කරන ලද සැසියක් කොලඹදී ඇමතුවෙමි. මගේ දේශනයෙන් පසු සෞඛ්‍ය සංවිධානයේ මානසික සෞඛ්‍ය පිලිබඳ උපදේශක වෛද්‍ය ජෝන් මැහෝනි මවෙත පැමින මාගේ දේශනය අගය කලේය​.  

උතුරු ඇමරිකාවේ විශ්ව විද්‍යාල කීපයක මා විසින්  ආරාධිත දේශන පවත්වා තිබේ. මගේ දේශන යුද ආතතිය​, පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය යන විශය පරාසයන්ට අයත් විය​. උතුරු උතුරු ඇමරිකාවේ  විශ්ව විද්‍යාල සිසු සිසුවියන් දේශන වලින් පසු බොහෝ ප්‍රශ්න අසති. ඔවුන් ගේ චින්තනය නිදහස් ය කිසිවෙකු ඔවුන් ගේ චින්තනයට විලංගු දා නැත​. වරක් යෝක් විශ්ව විද්‍යාලයේදී මා විසින් කරන ලද දේශනයකට පසුව සිසු සිසුවියන් ක්‍ෂිතිමය අත්දැකීම් සහ මොලයේ සිදුවන වෙනස්කම් ගැන ගැඹුරු ප්‍රශ්න ඇසූහ​. ඔවුන් ගේ දැණුම අප්ඩේට් අතර පිලිතුරු එක එල්ලයට කිව යුතුය​. වනා ගැසීමක් කල නොහැක​. එසේම මැක් මාස්ටර් විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් අමතා මා විසින් කල දේශනයකදී සිසු සිසුවියන් දේශන කාලයට වඩා ඇසුවේ ප්‍රශ්නය​. මගේ දේශනය පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය පිලිබඳ වූ අතර භාවනා මගින් පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයේ ලක්‍ෂණ අවම කර ගැනීම සබැඳිව ඔවුන් මා වෙත ප්‍රශ්න යොමු කලහ​. මේ මැක් මාස්ටර් විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් බොහෝ දෙනෙකු තුල බෞද්ධ භාවනා ගැන ඉහල දැණුමත් තිබිනි. 

සමහරක් විට දේශන වලදී දේශපාලනික ප්‍රශ්න අසන්නෝද විරල නැත​. එක් අවස්ථාවක කැන්සාස් නගරයේ වොශ්බර්න් විශ්ව විද්‍යාලයේ දේශනයකදී එක් අසන්නෙක් ප්‍රභාකරන් යන ප්‍රපංචය බිහි කලේ ලංකාවේ මිලිටරිවාදය විසින් නොවේද කියා ඇසීය​. එදින මගේ දේශනය යුද ආතතිය සම් බන් ධයෙන් වූ අතර මෙම ප්‍රශ්නය ඇසුවේ ඇමරිකානු මහාචාර්‍යවරයෙකු විසිනි.   

උතුරු ඇමරිකාවේ අධ්‍යාපනික ආයතන වල දේශන පැවැත්වීම වාසි සහගතය​. වරක් ෆිලඩෙල්ෆියාවේ අධ්‍යාපනික ආයතනයක් මට ඩොලර් 800 ගෙව්වේය​. එසේම මම කැනඩාවේ සෙනෙකා කිං කැම්පස් හි මම නොමිලේ දේශනයක් පවත්වා තිබේ.     දේශන පැවැත්වීම දැණුම ඉහල නංවයි. දේශනයකට මාස කීපයකට පෙර සූදානම් විය යුතු අතර බොහෝ දැණුම එකතු කර ගත යුතුය​. මේ නිසා  දේශනයක් පැවැත්වීමට ලැබෙන ආරාධනා මම ඉවත නොදමමි. දේශනයක් පැවැත්වීම අභියෝගයකි. එහෙත් දේශනාව අවසන් වූ පසු  තමන් යමක් නිම කලා යන සතුට දැනේ. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

17 ulasan:

  1. //එක් අවස්ථාවක කැන්සාස් නගරයේ වොශ්බර්න් විශ්ව විද්‍යාලයේ දේශනයකදී එක් අසන්නෙක් ප්‍රභාකරන් යන ප්‍රපංචය බිහි කලේ ලංකාවේ මිලිටරිවාදය විසින් නොවේද කියා ඇසීය​


    නලින් ද සිල්වා මහතා ගේ "ප්‍රභාකරන්ගේ සීයලා බාප්පලා මස්සිනාලා" පොත හදාරලා තිබුනා නම් ඔය ගැන පැහැදිලිව නිරවුල්ව විස්තර කරන්න තිබුනා.

    BalasPadam
    Balasan
    1. ඒකෙ මොකක්ද කියන්නේ?

      Padam
    2. http://www.kalaya.org/files/Prabhakaran_Ohuge_Seeyala_Bappala_ha_Massinala.pdf

      Padam
  2. දැනුනා නම්
    සතුටක්
    නිම කල බවක්
    කිසිවක්

    කියවා ලබමි
    සතුටක්
    දැනගත් බවක්
    කිසිවක්

    BalasPadam
    Balasan
    1. අයියෝ, මේ කවි හරිම බෝරින් හලෝ. කවි දාන්න යන්න කවි බ්ලොග් වලට.

      Padam
    2. බෝරින් නම් මෙහෙම කරන්න පුළුවන්.
      This comment has been removed by the blog administrator...
      හැබැයි මෙතනදී ඒක කරන්න පුළුවන් රුවන්ට විතරයි යාළුවා.

      Padam
    3. සතුටුයි ඔබගේ කවියට
      පුද කරමි මගේ තුතිය

      Padam
    4. ඈක්කා ...මල ජරාවක්.... කවි අහල දැකලා නැත්නම් හොඳා ....

      Padam
    5. ඇයි එහෙම කියන්නේ ?

      Padam
  3. ප්‍රශ්න ඇසීමත් ප්‍රගුණ කල යුතු දක්ෂතාවක්, බොහෝ දෙනෙකුට එවැනි දක්ෂතාවක් නෑ. පාසල් අද්යපනයටම එක්කල යුතු කරුණක්.

    BalasPadam
  4. ෆිලඩෙල්ෆියාවේ අධ්‍යාපනික ආයතනයක් මට ඩොලර් 800 ගෙව්වේය​....
    අයියෝ දොස්තර ඔච්චරද අප්පා........මෙහෙ හිටියනම් චැනල් පාරෙන් කොච්චර හොයන්න පුලුවන්ද ? මෙහෙ ජැක් පොට් මැෂින් කාරයොත් ඔයිට වැඩියෙන් හොයනවනේ ....එන්ඩකෝ අප්පා ....

    BalasPadam
    Balasan
    1. ඩොලර් 800 දුන්නේ පැයක දේශනයට

      Padam
  5. //එක් අවස්ථාවක කැන්සාස් නගරයේ වොශ්බර්න් විශ්ව විද්‍යාලයේ දේශනයකදී එක් අසන්නෙක් ප්‍රභාකරන් යන ප්‍රපංචය බිහි කලේ ලංකාවේ මිලිටරිවාදය විසින් නොවේද කියා ඇසීය​// ඔබේ පිළිතුර වූයේ කුමක්ද?

    BalasPadam
  6. පිළිතුර විය යුත්තේ "ඔව්"

    BalasPadam
    Balasan
    1. මගේ පිලිතුර ; ප්‍රභාකරන් යන ප්‍රපංචය බිහි කලේ ලංකාවේ මිලිටරිවාදය සග දමිල ජාතිවදය

      Padam
    2. දමිල ජාතිවාදයේ පියා සිංහල ජාතිවාදය.

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook