Isnin, 20 Februari 2017

නූගත් භික්‍ෂූන් ගෙන් බණ අසන සිංහල බෞද්ධයා

 


මීට දශක කීපයකට පෙර සිංහල බෞද්ධයා බණ ඇසුවේ හේන්පිටගෙදර ඥානසීහ , නාරාවිල ධම්මරතන , පොල්වත්තේ බුද්ධදත්ත ,බඹරැන්දේ සිරි සීවලී ,රේරුකානේ චන්දවිමල, වල්පොළ රාහුල වැනි බහුශ්‍රත භික්‍ෂූන් ගෙනි. ධර්ම ඥාණය මෙන්ම බොහෝ ඇසූ පිරූ දැණුම තිබූ මේ යතිවරු  ධර්මය අසන්නා තුල බුද්ධි කළම්බනයක් ඇති කිරීමට සමත් වූහ​. එහෙත් අහේතුවකට මෙන් මේ ශික්‍ෂිත කාලපරිච්ඡේදය අවසන් වූ වහාම ධර්ම විනයක් නොමැති නූගත් භික්‍ෂූන් ගෙන් ලංකාවේ සඟ සසුන පිරී ගියේය​. 

සමාජ ආර්ථික ගැටළු නිසා මහණවූ  මෙකී නූගත් භික්‍ෂූන්ට බුද්ධි වර්ධනයක් හෝ සීල වර්ධනයක් අවශ්‍ය නොවීය​. ඔවුන් ගේ මූලික අභිප්‍රායන් වූයේ ගිහි ජීවිතයේදී සිහිනෙන්වත් පැතීමට නොහැකිවූ සුඛ විහරණයන් වැළඳීමටය​. මේ නිසා යන්තම් පන්සිල් ටිකක් දී ජාතක කතාවක් දෙකක් කියා මොකක් හෝ බණක් කීම මේ භික්‍ෂූන් විසින් කරන ලදි. තවත් සමහරෙක් මින් ඉදිරියටද ගොස් ලාභ ජනප්‍රියතාව උදෙසා වෛරී බණද දෙසන්නට වූහ​. සමහරු බුදුපියානන්  අත්හැරදමා දේශපාලකයන්  වන්දනාවේ ගියා පමණක් නොව මහජන මුදල් හොරකම් කල  චෞරයන්ට පිරිත් කීමට බන්ධනාගාර වලටද වැඩම කළහ​. 

බුදු දහම ගැඹුරින් නොදත් භික්‍ෂුව විද්‍යාවෙන් බණ කීමට ගොස් විද්‍යාව අවිද්‍යාව පටලවා ගනී. නැතහොත් බණ මඩුව විනෝද සමයක් කර ගනී. බහුශ්‍රත භාවයක් නොමැති ඇසූ පිරූ දැණුමක් නැති නූගත් භික්‍ෂූන්   සිංහල බෞද්ධයාට දෙසන්නේ අවිචාර බණ වෙති. මේ නිසා පොත පත කියවීමෙන් අන්තර්ජාලය ඇසුරු කිරීමෙන් දැණුමෙන් සන්නද්ධ වූ තරුණ පරපුර ඉදිරියේ අවිචාර බණ කියන මේ භික්‍ෂූන් නිරායාසයෙන්ම ප්‍රතික්‍ෂේප වූහ. එහෙත් එතරම් දැන උගත්කමක් නොමැති ග්‍රාමීය වැඩිහිටියන් මේ අවිචාර බණ වල ගොදුරු වෙති. උදාහරණයක් ලෙස ආහාර හා පෝෂණය  ගැන හරි හැටි දැණුමක් නොමැති වූවද මෙකී භික්‍ෂූන් වැඩිහිටියන්ට  ආහාර පිළිබඳවද​ උපදෙස් දෙති. එසේම වෛද්‍ය උපදෙස් ඇවසි තැන් වලට ආගමික උපදෙස් දෙති. මේ සාවද්‍ය උපදෙස් නිසා බොහෝ වැඩිහිටියන් පෝෂණ ඌණතා වලට මෙන්ම වෙනත් රෝගාබාධ වල​ට ගොදුරු වෙති  

සිවුරක් දා ගත් විට බුද්ධිය පහළ වන බව සිතන බොහෝ ලාමක භික්‍ෂූන් සමාජ ආර්ථික ගැටළු වලදී තම විශේෂඥ මතයන් පළ කිරීමට ගොස් සමාජය ඉදිරියේ හෑල්ලු වෙති.  සමහර විට මෙකී භික්‍ෂූන් ප්‍රසිද්ධියේ ජන මාධ්‍ය වලින් පවසන අවිචාර අතාර්කික කතා  අසන විට මොවුන් බුදු දහම පමණක් නොව මූලික මානව සාරාර්ථයන් පවා නොදන්නා බව පෙනී යයි. මේ නිසා බුද්ධියට ප්‍රමුඛතාව දුන් දර්ශනයක් වන බුදු දහමටද මේ භික්‍ෂූන් අවමන් කරති. 

මා දන්නා පරිදි බුදු දහම ගැඹුරින් හැදෑරීමට සිතැති විදෙස්ගත  ලාංකිකයන් බණ අසන්නේ ශ්‍රී ලාංකික භික්‍ෂූන් ගෙන් නොව යුරෝපීය හෝ උතුරු ඇමරිකානු සුදු භික්‍ෂූන් ගෙනි. ඊට එක් හේතුවක් නම් මේ සුදු භික්‍ෂූන් බුදු දහම විශ්ලේෂණාත්මකව හදාරා  තර්කාණුකූලව බණ දෙසීමයි. එසේම ඔවුන් අන්තවාදය තම ධර්ම දේශනා වලට මිශ්‍ර නොකර ගනිති. 

අතීතයේ නිර්මළ බුදු දහම ඉගෙන ගැනීමට විදේශිකයෝ ලංකාවට පැමිනියහ​. එහෙත් තව නොබෝ කලකින් නිර්මළ බුදු දහම ඉගෙන ගැනීමට සිංහල බෞද්ධයාට විදේශ ගත් වීමට සිදු වනු ඇත​. 
 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

44 ulasan:

  1. සම්පුර්ණ ඇත්තක්. එත් මේ ගැන කතාකරන විට අපේ මෝඩ බෞද්ධයෝ අපිට කියන්නේ බුද්ධාගම හෑල්ලුවට පත්කරනවා වෙනින් ආගම්වලට කඩේ යනවා කියලා තමයි.

    BalasPadam
    Balasan
    1. ඇත්ත මට ඉන්බොක්ස් බැනලත් එවනවා

      Padam
  2. සම්පූර්ණයෙන් ම ඇත්ත ! දැන් ගොඩක් උන්නාන්සේලා දෙසන්නේ බන නෙමෙයි නිව්ස්.

    BalasPadam
    Balasan
    1. බන නෙමෙයි නිව්ස්.//// ++++++

      Padam
    2. //බන නෙමෙයි නිව්ස්.//
      මෙම බණ ෂානරය කාලීන ධම්ම සාකච්ඡා නම්වේ.

      Padam
    3. බුද්ධ ධර්මය අකාලික වේ. කාලීන බණ, බුදු බණ විය නොහැකි ය.

      Padam
  3. බාගෙට ඇත්තක්. අද දවස වනවිට විනයධර භික්ෂුන්ට පහර දීමෙන් ඔවුන්ගේ ජනප්‍රියතාවය නැති කරන්න සාසනය ඇතුළෙන්ම කට්ටිය ඉන්නවා.

    [එසේම වෛද්‍ය උපදෙස් ඇවසි තැන් වලට ආගමික උපදෙස් දෙති. මේ සාවද්‍ය උපදෙස් නිසා බොහෝ වැඩිහිටියන් පෝෂණ ඌණතා වලට මෙන්ම වෙනත් රෝගාබාධ වල​ට ගොදුරු වෙති ]

    මේක ටිකක් පැහැදිලි මදි සහ අන්තගාමි කතාවක්. අනිත් එක භික්ෂුන්ගෙන් පෝෂණ උපදෙස් ගන්න හදන අයත් හරි මෝඩයිනේ. නමුත් ධර්මයේ පෝෂණය සහ ආහාර පුරුදු ගැන හොඳ උපදෙස් මාලාවක් තිබෙනවා. දොස්තර ලෙස නොවේ, සාමාන්‍ය මනුස්සයෙකුට ලබාගන්න පුළුවන් තරමේ උපදෙස්. කෑම පාලනය, කෑම රටාව ගැන තිබෙන උපදෙස් සාමාන්‍යයෙන් ප්‍රයෝගික සහ තර්කානුකුලයි. ඒවා මටත් උපකාර වෙලා තියෙනවා ඒ ඒ වෙලාවල් වලදී.

    අතීතයේ විතරක් නෙවෙයි.. ආරම්භයේ පටන්ම බුදුදහම වැළඳගත්තේ අන්‍යාගමිකයෝ. මොකද බුදුහාමුදුරුවෝ බණ දේශනා කලේ බෞද්ධයින්ට නෙවෙයි. ඔවුන් බන ඇසීමෙන් මයි බෞද්ධ උනේ.

    [මා දන්නා පරිදි බුදු දහම ගැඹුරින් හැදෑරීමට සිතැති විදෙස්ගත ලාංකිකයන් බණ අසන්නේ ශ්‍රී ලාංකික භික්‍ෂූන් ගෙන් නොව යුරෝපීය හෝ උතුරු ඇමරිකානු සුදු භික්‍ෂූන් ගෙනි. ]

    එලෙස වීමට හේතුවක් තමයි ධර්මධර භික්ෂුන් වැඩිදෙනෙක් ඉංග්‍රීසි නොදැනීම. රේරුකානේ හිමියන් පවා වල්පොල රාහුල හාමුදුරුවන් ගැන කියා තිබෙනවා ඒ විදියටම. රේරුකානේ හිමියන් ඉංග්‍රීසි චතුර නැහැ බණ කියන්න තරම්. මම නම් අහල තියෙන ඔය ප්‍රසිද්ධ සුදුජාතික හිමියන් ගොඩක් දෙනා තාර්කිකයි තමයි. නමුත් ගොඩේ නිසාද මන්දා මට නම් පාලියෙන් වගේ වැටහෙන්නේ නැහැ ගොඩක් ගැඹුරු ධර්ම කරුණු. විදෙස්ගත බෞද්ධයින් ඇත්තටම සමහර වෙලාවට 'අදහන්නේ' බුද්ධ ධර්මයද කියලත් හිතෙනවා. නමුත් ලංකාවේ පමණක් තිබිය යුතු සහ තිබුන දෙයක් නෙවෙයි බෞද්ධාගම කියන්නේ. ඒ නිසා මේ කතාව මට සම්පුර්ණයෙන් එකඟ වෙන්න බැහැ.

    භික්ෂු විනය නම්.. අද කියලා අමුතු එකක් නැහැ.. බුද්ධ කාලෙත් විනය පිරිහුණ භික්ෂුන් සිටියා ඇති තරම්. හැබැයි ඒ නිසා මිනිස්සු සාසනේ ගැන කලකිරුණේ නැහැ. එතනයි වෙනස

    BalasPadam
    Balasan
    1. වෛරය දේශනා කරන ජාතීන් අතර අසමගිය ඇති කරවන , බලවතුන් ගේ අසාධාරන අකටයුතු සාධාරණීකරනය කරන මුග්ධ බණ දෙසන භික්‍ෂූන් ගේ දේශනා ඔබ අනුමත කරනවාද ?

      Padam
    2. අනුමත කරන්න ඒවා බණ නෙවෙයිනේ! වැල් බයිලා වලට බණ කියා ඇමතීම වැරදියි. කවියක් උනත් තාලෙකට කියෙව්වොත් මිසක් ගීතයක් කියල හඳුන්වන්නේ නැහැනේ.
      මේ වගේ කතා අද විතරක් නෙවෙයි කොයි කාලෙත් තිබ්බ. දුටුගැමුණු රජතුමා එක්ක රථයේ නැගිලා භික්ෂුන් වහන්සේ නමක් යුද්දෙට ගියා කිව්වහම 'සාදු' කියපු වැඩිහිටි පරපුරක් මම නම් දැකල තියෙන්නේ. තරුණ ළමයින් ටිකක් විචාරශිලියි දැන්.

      Padam
    3. මොකද බුදුහාමුදුරුවෝ බණ දේශනා කලේ බෞද්ධයින්ට නෙවෙයි// මට දැනගන්න පුළුවන් වයෙිද දන්නෑ බුදු හාමුදුරැවෙෝ බන කිව්ව දවසක්... දන්න විදිහට නම් බුදුන් වහන්සේ දේශනා කලේ සූත්‍ර පමණයි. ඒවාත් කිසිම දයෙක් ලිඛ්තව නැහැනේ

      Padam
  4. පොඩි ළමයි බණ අහන එකේ අවුලක් නෑ... මොකෝ උන් සුරංගනා කතා අහන්න ආසයි නේ.. ඒත් මහ උන් සුරංගනා කතා ප්‍රසිද්ධියේ අහන කොට නිකං මොකක්ද වගේ අප්පා...

    BalasPadam
    Balasan
    1. මොකෝ උන් සුරංගනා කතා අහන්න ආසයි

      Padam
  5. දැන් බණ කියලා හුඟක් වෙලාවට දෙසන්නේ අපායේ දිග පළල ගැන, ප්‍රේතයෝ, භූතයෝ සහ උන්ගෙ වැඩ කිඩ ගැන... එපාම වෙනවා....මේවා හින්දා දැන් බණ අහන එක අත් ඇරලා දාලම තියෙන්නේ...

    BalasPadam
  6. විචාරක මහතා සම්බන්ද කරගත හැකි දුරකථන අංකයක් හෝ ඊමේල් ලිපිනයක් ලබා දෙනවද ඩොක්ටර්?

    BalasPadam
  7. //මීට දශක කීපයකට පෙර සිංහල බෞද්ධයා බණ ඇසුවේ හේන්පිටගෙදර ඥානසීහ , නාරාවිල ධම්මරතන , පොල්වත්තේ බුද්ධදත්ත ,බඹරැන්දේ සිරි සීවලී ,රේරුකානේ චන්දවිමල, වල්පොළ රාහුල වැනි බහුශ්‍රත භික්‍ෂූන් ගෙනි.//

    දැන් 95% සිවුරට එන්නේ දුප්පත් පවුල් වල දරුවන්. බොහොමයක් දුෂ්කර ප්‍රදේශ වල නූගත් පවුල් පසුබිමක් ඇති අයය. පසුකාලීනව මොවුන් සිවුර පලිහක් කරගනිමින් තම තමන්ගෙ එරියර්ස් කවර් කරගනියී.

    මොන ආගමෙත් පුජකයන්ගෙ තත්වය මේකමයි.

    BalasPadam
  8. //සිවුරක් දා ගත් විට බුද්ධිය පහළ වන බව සිතන බොහෝ ලාමක භික්‍ෂූන් සමාජ ආර්ථික ගැටළු වලදී තම විශේෂඥ මතයන් පළ කිරීමට ගොස් සමාජය ඉදිරියේ හෑල්ලු වෙති.//
    ඒ විතරක් නං මදැයි සිවුරක් දා ගත් විට බුද්ධිය පහළ වන බව සිතන ගිහියො අතරෙ රටකරන අත්තොත් ඉන්න එකනෙ හෙනේ.

    BalasPadam
    Balasan
    1. //ඒ විතරක් නං මදැයි සිවුරක් දා ගත් විට බුද්ධිය පහළ වන බව සිතන ගිහියො අතරෙ රටකරන අත්තොත් ඉන්න එකනෙ හෙනේ.//

      හැබැයි පහුගිය කාලෙනම් වේදිකාවේදී 'අපෙ හාමුදුරුවනේ' එහෙම කියලා පස්සේ ඇරලා දැම්මා. ඒ කාලෙ නම් රට කරන ඇත්තො හොඳට දැනගෙන හිටියා සිවුර දාගත්තම පහල වෙන බුද්ධියේ දිග පළල.

      Padam
    2. හැබැයි පහුගිය කාලෙනම් වේදිකාවේදී 'අපෙ හාමුදුරුවනේ' එහෙම කියලා පස්සේ ඇරලා දැම්මා. ඒ කාලෙ නම් රට කරන ඇත්තො හොඳට දැනගෙන හිටියා සිවුර දාගත්තම පහල වෙන බුද්ධියේ දිග පළල.//// එ්ක ඇත්ත

      Padam
  9. දැන් තියෙන්නේ තරඟෙට බණ අහන/ බණ කියන කල්ට් එකක්.. ඉතින් ගෙදර එහෙම ඉන්නකොට ඔටෝ බණ ඇහෙනවා. බණ ටික කියල අන්තිමට මේ ආරාමේ ගොඩ නගන්න අර පන්සලේ ටයිල් අල්ලන්න එහා ගමේ පන්සලේ කටිනෙ කරන්න මගේ අකවුන්ට් එකට සල්ලි දාන්න කියල සාදු ලාම කියනකොට එන අප්පිරියාවනම් කියල වැඩක් නෑ..

    BalasPadam
  10. අම්මප ඇත්ත ඩොක්ට.

    මමත් කින්ස්බරි පංසලට ගිය පලවෙනි දවසෙම පන්සලේ ලොකු උන්නාන්සේට වඳින්න යනකොට, ඒ උත්තමය හිටියෙ මැදි වියේ ගැහැනියකට දික්කසාද වෙන්න ඇඩ්වයිස් කර කර. අඩුම තරමේ කොච්චරටම ගැඹුරෙන් සාකච්චා කළා කියනවනම්, මම ගියා කියලවත් ඒක නතර උනේ නැහැ.

    ඒ ගැහැණිය ඒ වෙලාවේ එතන හිටියෙ නිකං එවෙලේ ක්ෂණික මෝචනය වූ අයුරෙනි..!!

    BalasPadam
    Balasan
    1. මැදි වියේ ගැහැනියකට දික්කසාද වෙන්න ඇඩ්වයිස් කර කර. ///// ammo

      Padam
  11. අද කහ චිවරය ගැන පැවසුවාම එක පාරටම මනසට එන්නේ ත්‍රාසය භීතිය. කපාපිය , මරපිය. තොපිට අබසරණයි. අර බල සේනා මේ සේනා ඔකොම සෙනවල් කරන්නේ මනුෂ්‍යා තුල භීතිය ඇති කිරීමයි.

    BalasPadam
    Balasan
    1. මනුෂ්‍යා තුල භීතිය ඇති කිරීමයි./// athha

      Padam
  12. හා මා කට කට පරිස්සමින්. නැත්නම් අබ සරණ තමයි

    BalasPadam
  13. 100% agree with your article. We studied Buddhism at Nalanda from primary school to Grade10. Learnt the same fairy tales over and over again. Learnt Dhammapada by heart to pass Buddhism O/L exam. Yet, how many of us ever realised the true meaning of Pansil pada? Let alone abhidamma. However, western monks like Brahmawansa thero, Bikkku Bodhi presents Buddhist concepts in a logical manner where Duka, Karma, Re-birth finally makes sense.

    BalasPadam
  14. 100% agree with you Dr. Thanks for writing this.

    BalasPadam
  15. හොඳම දේ තමයි ධර්මධර විනයධර් භික්ෂූණ් වහන්සේලාව හඳුනාගෙන ඔවුන්ගේ ධර්මදේශනාවලට සවන් දෙන එක.

    BalasPadam
    Balasan
    1. කවුද එහෙම ඉන්න හාමුදුරුවෝ?

      Padam
  16. "දැණුමෙන් සන්නද්ධ වූ තරුණ පරපුර"???

    BalasPadam
  17. කාලයක පටන් මා මේ තත්වය දකිනවා. ධර්මයට තිබෙන අචල භක්තිය නැතිවෙනවාට බයේ මා පන්සල් යන්නේත් නැහැ, ඕවා අහන්නෙත් නැහැ. ඒ වෙනුවට මා ධර්මය තේරුම් ගන්න උත්සහා ගන්නේ ප්‍ර්ක්නාවෙන් සහා ප්‍රතිපත්තියෙන්... මේ ගැන කතාකිරිම ගැන ඩොක් ඔබට ස්තුතියි.

    BalasPadam
  18. අහන්න, දැන ගන්න​, දැක ගන්න, නිවෙන්න​...
    http://utube.sirisaddharmaya.net/?page=1

    BalasPadam
  19. මේ දුප්පත්කම හෝ පවුල් පරිසරයෙ ගැටළු නිසා තමයි, එදත් අදත් පැවිදි වෙන්නෙ. ඒත්, ලංකාවෙ දි ඊට වඩා විනාශකාරී දේ වෙනව. මං කැමතියි රුවන් පී ජයතුංගයන් සමග කතා කරන්න. මගේ ඊමේලය bhantesila@gmail.com

    හෝ bhante sila ෆේස්බුක් මැසෙන්ගෙර් එන්න.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook