Khamis, 23 Februari 2017

මාගේ මුස්ලිම් මිතුරන්

 

කුඩා කාලයේ සිට බහුවාර්ගික වටපිටාවක ජීවත් වූ මා හට මුස්ලිම් මිතුරන් බොහෝ වූහ​. එහෙත් මාගේ මුල්ම කුලුපග මුස්ලිම් මිතුරා වවුනියාවේ අයෙකි. මට ඔහුව හමු වන්නේ වවුනියාවේ අධ්‍යාපන කලාපයකදීය​. එය සිදු වූයේ මෙසේය​.  

1974 වසරේදී විශයමාලා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කල මාගේ මවට වවුනියාවේ අධ්‍යාපන කලාපයේ අධීක්‍ෂණ චාරිකාවක නිරත වීමට සිදුවේ.   එවකට දෙවන ශ්‍රේනියේ ඉගෙනුම ලබමින් සිටි මමද ඇය සමග වවුනියාවට ගියෙමි. අප නැවතී සිටියේ වවුනියාවේ ගුරු පුහුණු නේවාසිකාගාරයකය​. උදය වරුවේ මව ගුරු පුහුණු දේශන වලට ගිය අතර මම නේවාසිකාගාර වත්තේ තල්  ගස් අතර තනිවම සෙල්ලම් කරමින්  සිටියෙමි.  එවිට මගේ හුදකලාභාවය මකා දමමින් මොහොමඩ් නම් මගේ වයසේ ළමයෙකු මට හමු විය​. ඔහු ගුරු පුහුණුව සඳහා පැමිනි ගුරුවරයෙකුගේ දරුවෙකු විය යුතුය​. 

මගේ මතකය අනුව ඔහුට සිංහල තේරුණු අතර අපට භාෂා ගැටළුවක් නොවීය​. වැඩිහිටියන් රාජකාරී වැඩ වල නියුතු වෙත්දී අප දෙදෙනා එකට එක්වී සෙල්ලම් කලෙමු. එසේම තට්ටු කීපයකින් යුතු ගුරු නේවාසිකාගාරයේ  ඒ මේ අත දිව ගියෙමු. එසේම හින්දු දෙවිවරු සිටි ආගමික කාමරයකටද හිස් දමා සිරි නැරඹුවෙමු. දිවා ආහාරය එකට ගත්තෙමු. සවස් වන විට මොහොමඩ් සහ මම ඉතා තද මිතුරුදමකින් බැඳී සිටියෙමු. 

ඔහු මටම ගැලපෙන මිතුරෙකු විය​. කිසි විටක මා කියන දෙයට එරෙහි වී මා සමග රණ්ඩු කලේ නැත​. මා කියන සෙල්ලම් වලට ඔහු එකඟ වෙයි. අප කුඩා තල් ගෙඩියක් බෝලය ලෙස ගෙන ෆ්‍රෙන්ච් ක්‍රිකට් ගැසුවෙමු. ෆ්‍රෙන්ච් ක්‍රිකට් අමුතු ආකාරයේ ක්‍රීඩාවකි. දණ ආවරණය කර ගනිමින් පන්දුවට පහර දිය යුතුය​. බෝලය දණහිසේ වැදුනොත්  අවුට් ය​. ​ කොලඹින් ගිය මා වවුනියාවේ මොහොමඩ්ට ෆ්‍රෙන්ච් ක්‍රිකට් කියා දී අප ෆ්‍රෙන්ච් ක්‍රිකට් ගැසුවෙමු. 

අප දෙදෙනා තල් ගස් වලින් පිරි විශාල පිට්ටනියේ ඇවිද්දෙමු. පිට්ටනියේ කොනක තිබූ වේයන් බැඳි තුඹස් වලට ගල් විසි කොට දිව්වේ පෙණය පුප්පාගත් නාග රාජයෙකු තුඹසින් මතුවේ යන බිය නිසාය​.  තවද ගුරු නේවාසිකාගාරය අසල තිබූ කුඩා දෙමල ප්‍රාථමික පාසලටද ගියෙමු. එදින නිවාඩු දිනයක් නිසා සිසුන් පන්ති වල සිටියේ නැත​. අප දෙදෙනා පන්ති වල තිබූ ළමුන් ඇඳි චිත්‍ර මෙන්ම ඔවුන් ගේ අත්කම්ද නැරඹුවෙමු. එක් අත් වැඩකට මගේ සිත ගියේය​. එය මැටි පුවරුවක සදා තිබූ හේනකි. ඇත්ත ගසක කුඩා අත්තක් මැටි පුවරුවේ ගිල්වා ගිනි පෙට්ටියකින් ගස උඩ සෑදූ ගෙයක් ද තනා තිබුනේය​. ඉරට වලින් හේනේ වැට සමන්විත විය​. මෙය නිර්මාණය කල සිසුවාගේ පියා හේන් ගොවියෙක් විය යුතුය​. මෙම අත්කමට මගේ සිත තදින් බැඳුනු අතර යළි කොලඹ පැමිනීමෙන් පසු මම පස් වලින් පුවරුවක් තනා අඩියක් පමණ උස ගසක් එහි සිටුවා ගිනි පෙට්ටියකින් ගස උඩ තැනූ ගෙයක් ද නිර්මාණය කොට අබේකෝන් ටීචර්ට පෙන්නුවෙමි.   

මෙලෙස දින කීපයක් ඇතුලත අපගේ මිතුදම වැඩී ගියේය.​එහෙත් හිටි හැටියේ මොහොමඩ් අතුරුදහන් විය​.  ගුරු පුහුණුව නිම කිරීමෙන් පසුව ඔහුගේ පියා ඔහු කැටුව යන්නට ඇති. එහෙත් එකිනෙකාගෙන් සමු ගැනීමට අපට නොහැකි විය​. එක් දවසක දිවා ආහාරය ගෙන පිට්ටනියට එන විටදී මොහොමඩ් සිටියේ නැත​. මම ඔහුව ගුරු නේවාසිකාගාරය පුරා සෙවුවෙමි.එහෙත් ඔහු සිටියේ නැත. ​ඉන් පසු සාංකාවෙන් මම තල් ගස් අතර තනිවම සෙල්ලම් කලේ ඔහු නැවත එයි යන අපේක්‍ෂාවෙනි. එහෙත් මොහොමඩ් ආවේ නැත​.   රාජකාරී වැඩ අවසන් කිරීමෙන් පසුව මගේ මව මා සමග යළි කොලඹ ආවාය​. කොලඹට එන තෙක් මම මාගේ මිතුරා ගැන කල්පනා කලෙමි. අද වූවද මොහොමඩ් පිලිබඳ මතකය මගේ සිතේ තැන්පත් වී තිබේ. ඔහු වැඩිහිටියෙකු වී  උතුරු නැගෙනහිර ජීවත් වනවා විය යුතුය​. 

මාගේ අසල්වාසීන් වූ ඉෆ්තිකා රෙන්සා,  ඩිල්ශාන් , අන්වර් සහ අනෙකුත් කොළුවන් සමග මම මාබල් හෙවත් ටීක්බෝල ගැසුවෙමි. වැලි පොලවේ හතරැස් කොටුවක් ඇඳ එහි මැද ජිල් නම් හිලක් තබා අප තරඟයට සෙල්ලම් කලෙමු. ඉලක්කයට හතරැස් කොටුව තුල තිබෙන ටීක්බෝලයකට ගැසිය යුතුය​. ටීක්බෝල කීපයකට වැදුනොත් දඩ වදී. එවිට එම  ටීක්බෝලය ද දමා බෝල සියල්ල අඩි පහක පමණ දුරක සිට කොටුවට විසි කල යුතුය​. ටීක්බෝලයක් කොටුව මධ්‍යයේ තිබෙන සිදුරට වැටුනොත් නියත දිනුමක් ලැබේ. මා ලඟ ජෙම් රිච් නම් කඩයෙන් ගත් අළුත් මාබල්  තිබූ අතර ඩිල්ශාන් තම දිලිසෙන මාබල් සඟවාගෙන කඩතොළු වූ ටීක්බෝල වලින් සෙල්ලම් කරයි. අප මේ කඩතොළු වූ ටීක්බෝල කබ්බෝ ලෙස නම් කලෙමු. පරදින විට කබ්බෝ දීම නිසා අප ඩිල්ශාන් සමග රණ්ඩු කලෙමු. එහෙත් සවස් වන විට සතුරන් මිතුරන් වෙති.

එසේම අප ක්‍රිකට් ගැසුවෙමු. ක්‍රිකට් ගසා අසල්වැසි නිවාස වල ජනේල බිඳ සාමූහිකව බැනුම් ඇසුවෙමු. වරක් අන්වර් ගැසූ හයේ පහරක් ජනේලයක් කඩා ගෙන ගිය අතර අපි බැට් බෝල දමා දිවුවෙමු. අන්වර් ටී.බී ජයා ගේ මුණපුරෙකි. 

අපි  සෙල්ලම් තුවක්කු අතට ගෙන හොරා පොලිස් හෝ කව් බෝයිස් සෙල්ලම කලෙමු. ඩිල්ශාන් ගේ පියා සතුව පැරණි වායු රයිෆලයක් තිබූ අතර ඔහු එය සෙල්ලම් කිරීමේදී ගෙන ආවේය​. අවශේෂ කොල්ලෝ ප්ලාස්ටික් හෝ ලී තුවක්කු ගෙන ආහ​. මා සතුව ප්ලාස්ටික් තුවක්කුවක් මෙන්ම ක්ලේ ගුලියක් ද තිබුනේය​. සතුරන් මා අත් අඩංගුවට ගෙන  මගේ තුවක්කුව පැහැරගෙන මාව පැරණි මලකඩ කෑ වතුර ටැංකියකට දමා සිරගත කරති.  එවිට මම සාක්කුවේ තිබෙන ක්ලේ ගුලිය අතට ගෙන තුවක්කුවක් නිර්මාණය කොට  "බෑං" කියා සිරගෙදර ගාඩ්ට වෙඩි තබා ඔහුගේ තුවක්කුවද ගෙන පළා යමි. 

සිරගෙදර ගාඩ්ට බොහෝ විට සිටියේ ලක්මින් ය​. ඔහු රාජකීය විදුහලේ සිසුවෙකු විය​. එතරම් දබරකාරයෙකු නොවූ ලක්මින්ට වෙඩි තබා හෝ ඔහුව වරපොටකින් බැඳ දුවන විට රෙන්සා හෝ ඩිල්ශාන් සොහොයුරෝ මා හඹා විත් මාව යලි අත් අඩංගුවට ගෙන සිරගත කරති. මෙම ක්‍රීඩාව අප රතිඤ්ඥා සහ බිම ගැසූ විට පුපුරණ ඩෑෂිං කැකර්ස් යොදාගෙන කලෙමු. ඩිල්ශාන් තම වායු රයිෆලයේ බටයට රතිඤ්ඥාවක් පත්තු කොට දමා අප වෙත තුවක්කුව එල්ල කොට වෙඩි තබයි. එවිට ශබ්දය සමග තුවක්කුවෙන් දුම් පිටවේ. එම අවස්ථාවේදී  අපි ග්‍රෙනේඩ් හෙවත් ඩෑෂිං කැකර්ස් ඩිල්ශාන් වෙත ගසමු. ඒවා හඞ නගමින් පිපිරී යයි. එවිට ඔහු මැරී වැටේ.  

අවුරුද දහයේ දොලහේ කොල්ලන් කුරුට්ටන් සෙල්ලම් තුවක්කු සහ රතිඤ්ඥා යොදා කළ සෙල්ලම ඉන් දශක එකකට එක හමාරකට පසුව ඇත්ත තුවක්කු යොදා ගනිමින් වැඩිහිටියන් සිදු කලහ​. අප සමග සෙල්ලම් තුවක්කු සමග ක්‍රීඩා කල ඇංගොං කියා කවට නමින් හැඳින්වූ දෙමළ ළමයා ඇතුළු පිරිසක් පසුව ප්‍රභාකරන්ට එකතු වී හමුදාව සමග සටන් කලහ​. සමහරු පිටරට ගොස් ද්‍රවිඩ ඩයස්පෝරාවට බැඳී ප්‍රභාකරන්ට ආයුධ ගැනීමට මුදල් එවූහ​. මේ වියවුල් නිසා රෙන්සා / ඩිල්ශාන් සොහොයුරන් ඕස්ට්‍රේලියාවට ගියහ​. ඕස්ට්‍රේලියාවට විත් ඔවුන් හමු වන ලෙස ඔවුන් නිතරම කියති. 2006 වසරේ මම ඕස්ට්‍රේලියාවට ගිය මුත් මේ දෙසොහොයුරන් හමු වීමට කාල වේලාවක් නොවීය​. 

මා උසස් පෙළ විභාගයට සූදානම් වන සමයේ එල්.ටී.ටී.ඊ සංවිධානය අනුරාධපුර සංහාරය කළහ​. මේ සමයේදී ද්‍රවිඩ මිතුරන් අපගෙන් ඈත් වී ගියේ ඉතා කණගාටු දායක ලෙසටය​. මේ සමයේදී මා සමග මිතුරු වූ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මුස්ලිම් සිසුවෙකු සිටියේය​. ඔහු මා සමග අසංග සර් ගේ නුගේගොඩ සත්ව විද්‍යා පන්තියට ආවේය​. ඔහු සිටියේ මාධ්‍යවේදී නාලක ගුණවර්ධනගේ පන්තියේය​.  මම , නාලක , තරිඳු පෙරේරා, සිදත් ප්‍රනාන් දු හෙවත් ඔටුවා සහ මෙම සිසුවා සමග එක පෙළට බංකුවේ වාඩිවී අසංග අබේසුන්දර ගුරුතුමාට සවන් දුන් අයුරු තවමත් සිහිපත් වේ. වර්තමානයේ ඔහු එක්සත් රාජධානියේ ජීවත් වෙයි. 

මේ කාලයේදී මගේ තවත් සුමිතුරෙකු වූ නසීර් යාකුබ්ව  මට සිහිපත් වේ. නසීර් මටම තකට තක ගැලපුනු මිතුරෙකු විය​. අප බොහෝ සෙයින් විහිළු කර ගත්තෙමු. නසීර් ඉගෙනුම ලැබුවේ මහානාම විද්‍යාලයේය​. ඔහු උසස් පෙළට ගණිත විශයන් හැදෑරීය​. අප දෙදෙනා සෑම ඉරිදා දිනයකම සවස නුගේගොඩ රොටරි හෝල් එකේ දෙව්‍ රුවන් අල්විස් සර් ගේ රසායණික විද්‍යා පන්තියේදී හමුවූයෙමු. අප දෙදෙනා වාඩි වූයෙත් එක ලඟය​. කලින් එන තැනැත්තා අනෙකාට තැනක් තමා අසලින්ම වෙන් කරයි. 

වරක් මාගේ පටක විද්‍යාව ඇබෑසි පොත රහසින් ගත් නසීර්  එහි අකුරු එහා මෙහා කොට ලිවීය​. මේ බව නොදත් මම  ඇබෑසි පොත ඉස්කෝලේදී කුලවංශ සර් ඉදිරියේ තබාගෙන පාඩමට සවන් දුන්නෙමි. මාගේ  පටක විද්‍යාව ඇබෑසි පොත් කවරය දැක කුලවංශ සර් ගේ දෙනෙත් ලොකු විය​. ඉන් පසු මට නසීර් කල විහිළුව වැටහුනි. පසුව එලැඹුනු ඉරිදා මම නසීර්ට දෙහි ගෝනියක් කැපුවෙමි. 

උසස් පෙළ කරන සමයේ කෙල්ලන්ට ලව් ලෙටර් දීමට සපෝටර් ලෙස අපි දෙදෙනා එකිනෙකාට උදව් කර ගත්තෙමු. එසේම කෙල්ලන් ෆලෝ කරමින් , පැණි හලමින් බස් වල මහරගම , නාවින්න ආදී ප්‍රදේශ දක්වා අපි දෙදෙනා සමහර විට ගියෙමු. එහෙත් මේ ගමන් බොහෝමයක් අසාර්ථක වූයේය​. එහෙත් අපගේ මිතුදම වැඩුනි. 

අප දෙදෙනා මහජන පුස්තකාලයේ එකට පාඩම් කලෙමු. අපි කෙටි විවේකයකට කැන්ටිමට ගොස් ප්ලේන් ටී එකක් සමග රෝල් එකක් හෝ මාළු පාන් කන්නෙමු. එක් දවසක් මම මෝරා වන අතර අනෙක් දින නසීර් මෝරා වෙයි. මෝරා යනු තේ සහ කෙටි කෑමට මුදල් වියදම් කරන තැනැත්තාය​. ඉඳ හිට අප තඩි මෝරෙක් අල්ලාගෙන ඔහුගෙන් හොඳට කෑවෙමු. 

මහානාම විදුහලේ මුගාබේ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලද ගුරුවරයා විසින් ආගමික සහ වාර්ගිකත්වය මත  නසීර්ට බොහෝ පීඩන ඇති කරන ලදි මේ නිසා ඔහු කොලඹ සහිරා විදුහලට යාමටද ඉටා ගත්තේය​. මේ පීඩන නිසා 1985 උසස් පෙළ විභාගයට  වසරක් තිබියදී නසීර් ශිෂ්‍යත්වයක් ලැබ  පරිගණක විශය හැදෑරීමට සෞදි අරාබියට ගියේය​. ඉන් පසු මාගේ ඉරිදා දිනයන් කාංසා සහිතව ගත විය​. සෞදි අරාබියට ගොස් පරිගණක උපාධියක් හදාරා සිටි නසීර් 1993 වසරේදී මා සොයා මගේ නිවසට ආවේය​. එසේම ඉන් වසර කීපයකට පසුව තිබූ මගේ විවහා මගුලටද නසීර් ආවේය​. මමද ඔහුගේ මගුල් ගෙදර ගියෙමි. වර්තමානයේ නසීර් ලංකාවේ ජීවත් වෙයි. ඔහු මගේ මුස්ලිම් සොහොයුරාය. පුනර්භවයක් කියා දෙයක් සත්‍ය වශයෙන් තිබේ නම්  අතීතයේ එක් ආත්මයක අප දෙදෙනා  එක පවුලේ සහෝදරයන් වී ඉපදී ඇති බව මට සිතේ.  එහෙත් නසීර් පුනර්භවය පිළි ගන්නේ නැත​. 

මාතලේ රෝහලේ ඉන්ටර්න් වරයෙකු ලෙස සේවය කරන සමයේ මට හමුවූ සැකරියා හොඳ මිතුරෙකි. එසේම බෂීර්ද​ විහිළුව ප්‍රිය කල අයෙකු විය​. බෂීර්  ගේ ගම අක්කරේපත්තුව වූ අතර ඔහුගේ පියා ට්‍රැක්ටර පවා සතු ගොවියෙකි. බෂීර්  ඉගෙනුම ලැබුවේ යාපනය වෛද්‍ය පීඨයේය​. එහෙත් ඔහු සිංහලද හොඳින් කතා කලේය​. 

වරක් නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය නීල් සෙනෙවිරත්න මහතා නිවාඩු ගිය ඉරිදාවක  දඹුල්ලෙන් ගැබිනි මාතාවක් ආවේය​. මෙදින මාතලේ රෝහලේ විදුළිය ඇණ හිට තිබූ නිසා මම ඒ ගැබිණි මව මහනුවර රෝහලට මාරු කලේ රෝහලේ විදුළිය නැත කියා සටහන් කරමිනි. මේ කාලයේ මහනුවර රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා වූයේ හෙට්ටිආරච්චි නම් මහතෙකි. ඔහු සියළු දෙනාටම බැණ වදින ට්‍රාන්සර් ෆෝම් වල කුණුහබ්බ ලියන අමුතු අන්දමේ පුද්ගලයෙකි. මා විසින් මහනුවරට මාරු කල ගැබිනිය ඔහු යළිත් වරක් මාතලේ රෝහලට එවා තිබුනේ මෙලෙස  ට්‍රාන්සර් කොලයේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියාය : උඹලාගේ රෝහලේ විදුළිය නැත්නම් ඩී.එම්.ඕ ට කියා ජෙනරේටරයක් ගනිල්ලා. වෙද්‍ය හෙට්ටිආරච්චි විසින් ලියන ලද මේ වචන සෙට් එක දුටු බෂීර් බඩ අල්ලාගෙන සිනාසුනේය​. 

වරක් අපගේ චමරියේ කෑම අප්සෙට් දිනයක මමත් බෂීරුත්  මාතලේ අරුණාලෝක හෝටලයට ගොස් කෑවෙමු. අරුණාලෝක හෝටලයේ   මැනේජර් වූ සුනිල් සහ හිමිකරු වූ  ඥාණසිරි මගෙන් මුදල් ගැනීම ප්‍රතික්ශේප කලෙන් මම ඔවුනට සුහදව දොස් කියමින් හෝටලයෙන් එලියට බැස්සෙමු. හෝටලයෙන් එලියට ගිය විගස බෂීර් මගේ කනට කර " ඔයියාට හොඳ ෆ්‍රෙන්ඩ් එක තමා ඉන්නවා " කීවේය. 

මීගමුව රෝහලේ මම ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කරද්දී මා යටතේ ඉන්ටර්න්වරයෙකු වූ මොහිදීන් ගුණසිංහ පුර වාසියෙකු විය​. ඒ නිසා ඔහු සිංහල කතා කලේ බජාර් එකේ අයියා කෙනෙකු ලෙසටය​. මම මොහිදීන්ව ප්‍රිය කලෙමි. ඔහුගේ බජාර් එකේ විහිළු ශල්‍යාගාරයේදී අපගේ කාන්සිය මකා දැමුවේය​. එසේම ඔහු සමහර විට බූන්දි , මස්කට් , වටලප්පම් නිවසින්  ගෙනවිත් අපට ඔහුගේ කාමරයට කතා කරයි.  මා ඇතුළු අනෙකුත් වෛද්‍ය  නිලධාරීන් මොහිදීන් ගේ කාමරයට ගොස් මේ රස කැවිළි වලට වග කියන්නෙමු. 

මොහිදීන් වෛද්‍ය විද්‍යාව හැදෑරුවේ චීනයේ ය​. එම නිසා ඔහු චීන (මැන්ඩරීන්) භාෂාව මෙන්ම දෙමල , සිංහල , ඉංග්‍රීසි භාෂා කතා කලේය​.  භාෂා හතරක් කතා කල මොහිදීන් ගේ හැකියාවන් අපගේ සෞඛ්‍ය අංශය එතරම් සැලකිල්ලට ගත්තේ නැත​. උතුරු ඇමරිකාවට ආවේ නම් මැන්ඩරීන් බස දන්නා මොහිදීන්ට ඉතා පහසුවෙන් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ රැකියාවක් සොයා ගත හැකිය​. 

හලාවත රෝහලේ අප සමග සිටි රිස්නි සකාෆ් ද ජොලි වෛද්‍යවරයෙකු විය​. ඔහු ශල්‍ය  විශේෂඥ වෛද්‍ය බී ජී එන් රත්නසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීයෙකු විය​. මම එවකට නිර්වින්දන වෛද්‍යවරයෙකි. රිස්වි සමග මාගල් වැනි තියටර් ලිස්ට් මම නිම කලේ කිසිදු වෙහෙසක් නොමැතිව රිස්වි ගේ  කතා වලට සවන් දෙමිනි. සමහර දින වල අප දහවල්  එකට පටන් ගත් ශල්‍යකර්ම රාත්‍රී හත අට දක්වා කරන්නෙමු. ලෙඩුන් විසි තිස් ගනන් සිටින පෝලිම් අප නිම කරන්නෙමු. ඉන් පසු වෛද්‍ය නිලධාරී නිල නිවාසයට ගොස් රාත්‍රී ආහාර ගෙන යාපාගේ කාමරයට ගොස් ඩෙල්ටා ෆෝස් පරිගණක ක්‍රීඩාව කිරීම අපගේ සතියේ දවස් වල දින චර්‍යාව විය​. රිස්නි සකාෆ්  ගේ විවහා මගුල් උත්සවයට අප ගියෙමු. පසුව ඔහු ජයවර්ධන පුර වෛද්‍ය පීඨයට බැඳුනේය​.  වර්තමානයේ රිස්නි සකාෆ් විශේසඥ උගුර කන හා නාසය පිලිබඳ වෛද්‍යවරයෙකි.

යුද හමුදා රෝහලේදී මට හමුවූ නිෆ්ලර් එවකට කපිතාන්වරයෙකි. වරක් මම  ඔහු සමග රත්මලාන  ගුවන් තොටුපලේ සිට   පලාලි දක්වා පැරණි ඇන්ටනෝව් යානාවකින් පියාසර කලෙමි. එසේම ඔහු සමග සුභාෂ් හෝටලේ නැවතී සිටියෙමි. නිෆ්ලර් මා කැටුව යාපනයේ රෝහල පෙන්වීමට ගියේය​. නිෆ්ලර් හොඳ වෛද්‍යවරයෙකි. ආදරණීය ශ්‍රී ලාංකිකයෙකි. එසේම හිත හොඳ මිතුරෙකි. වර්තමානයේ ඔහු යුද හමුදාවේ සාම  සාධක මෙහෙවරක් ඉටු කරමින් උගන්ඩාවේ සිටියි. 

මම පුත්තලම් දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය  සම්බන්ධීකරණ නිලධාරී ලෙස සේවය කල සමයේදී වෛද්‍ය ගවුස් කල්පිටිය එම් ඕ එච් හෙවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා විය​. මම විහිළුවට ඔහුට ග්ලවුස් කියා ඇමතූවද ඔහු අමනාප නොවීය​. වෛද්‍ය ගවුස් මාගේ මානසික සෞඛ්‍ය  වැඩ සටහන් වලට උපරිම සහයක් දුන්නේය​. අතලොස්සක් වූ සමහර සිංහල වෛද්‍යවරු / වෛද්‍යවරියන් කුහක කමට මානසික සෞඛ්‍යය වැඩ සටහන්  කඩාකප්පල් කොට තුච්ච තුෂ්ටියක් ලැබුවද ගවුස් එම කුහකයන් ගේ වැඩද ඔහුගේ කරට ගනිමින් දිස්ත්‍රික්කය තුල මානසික සෞඛ්‍යය වර්ධනයට මහත් සේවයක් කලේය​. බහුතරය සිංහලයන් ජීවත් වූ හලාවත වැනි ප්‍රදේශයක මානසික සෞඛ්‍ය වැඩ සටහන් සිංහල ජාතික එම් ඕ එච් වරිය කිසිදු මෙත්තාවකින් තොරව ඒවා  අතපසු කරන විට මුස්ලිම් එම් ඕ එච් කෙනෙකු ඒවා භාරගෙන කල බව කිව යුතුය​. වැඩ කිරීමේදී ගවුස්ට සිංහල මුස්ලිම් භේද නොවීය​.  මෙය සියල්ලම වාර්ගික කෝණයකින් බලන වර්ගවාදයේ ආගම්වාදයේ විශ හිසට ගැසූ නොමිනිසුන්ට පෙන්විය හැකි අනගි උදාහරණයකි.  

සිංහල සහ මුස්ලිම් මිත්‍රත්වය ශත වර්ශ ගනනාවක් අතීතයට ඇදී යයි. බොහෝ කාලයක් මේ ජාතීන් එකට ජීවත් වූහ​. එහෙත් සිංහල  සහ මුස්ලිම් අන්තවාදීන් විසින් ඇති කරන ලද වාර්ගික අසමගිය නිසා  අතීතයේ සහයෝගයෙන් සමගියෙන් ජීවත් වූ ජාතීන් දෙකක් ඈත් වෙමින් සිටිති. එය ඉතා සංවේග ජනකය​. කෙසේ නමුත් මාගේ මුස්ලිම් මිතුරන් මේ අන්තවාදයට ගොදුරු නොවීම සැනසිලිදායකය​. එදා මෙන් අදත් හෙටත් අප මිතුරන් වන්නෙමු. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

37 ulasan:

  1. මාගේ "මුස්ලිම්" මිතුරන් වශයෙන් විශේෂණ පදයක් යොදා ඔවුන් ගැන කතා කරණ තාක් කල් අපි බෙදිලා කියලයි මට හිතෙන්නේ..

    අර පාහර දොස්තරයා ගැබිනියක් එක්ක එහෙම සෙල්ලම් කළේ කොහොමද ? ඌ බැල්ලියක්ට ජාතක වෙච්ච එකෙක් වෙන්න ඕනා අනිවාර්යයෙන්...

    BalasPadam
    Balasan
    1. 1) සෙන්නා අපි ඇත්ත කතා කරමු අද අපි බෙදිලා නේද ? එහෙම නෑ කියනවා නම් අළුත්ගමක් ඇති වූයේ, කූරගලක් ඇති වූයේ කෙසේද ?

      2) හෙට්ටිආරච්චි //// ah aha ha

      Padam
    2. ඔව් අපි බෙදිලා..මම කියන්නේ මේ බෙදිල්ල නවත්තලා එකෙක් වෙන්නනම් අපි සිංහල, උන් මුස්ලිම්, අරුන් දෙමළ කියලා හිතන එකම නවත්වන්න ඕනා කියාලා...

      Padam
  2. එකම ජාතියක, එකම ආගමක, එකම භාෂාවක් කතා කරන අය සමග ඉගන ගැනීම ආශ්‍රය කිරීම කම්මැලි හිතෙන වැඩක්, විවිධත්වය ඊට වඩා කොයිතරම් හොඳද කියන එක තේරුනේ උසස් අධ්‍යාපනය හා රැකියාව කරනකොට

    BalasPadam
    Balasan
    1. විවිධ ජාතීන් ආශ්‍රය කරන කොට තියන ගැම්ම ලිං මැඩියන්ට තේරෙන්නේ නෑ

      Padam
  3. සෙන්න කියල තියෙනව වගේ මොන ජාතියෙ උනත් මොන ආගමේ උනත් හැමෝම ශ්‍රීලාංකිකයො කියල හිතන දවසක් එනකල් ප්‍රශ්න දිගටම තියේවි.

    BalasPadam
    Balasan
    1. ඒකත් අර මතින් තොර රටක් ; යුද්ධයෙන් තොර ලෝකයක් ; පොලිතින් නමැති සුපර්මාකට් එකක් වගේ 'සංකල්පමිය' වශයෙන් ලස්සන කතාවක් විතරයි. කොටිම්ම සිංහල; මුස්ලිම් ; දෙමළ අතාරින්නකෝ.. අඩුම තරමේ සිංහල-සිංහල උන් අතරෙත් පළාත්බද වලි ඇත්තෙම නැද්ද? මුස්ලිම්-මුස්ලිම් අතරේ නිකාය බේදේ ඇත්තෙම නැද්ද? දෙමළ - දෙමළ උන් අතරේ කුල බේදේ ඇත්තෙම නැද්ද? බොරුනේ...

      මම නම් කියන්නේ අපි එකිනෙකාට වෙනස් බවට එකඟ වෙලා ඒ වෙනස්කම් මත මිනිමරාගන්න එකයි නතර කරන්න ඕනේ. වෙනස්කම්; පන්ති භේද නැති ලොවක් ලොවෙත් නෑ -ලොවි ගහෙත් නෑ බිමත් නෑ ! සිංහල; දෙමළ ; මුස්ලිම් අපි එකිනෙකාට වෙනස්... ඒ උනාට උගේ වෙනස්කම මට අවුලක් නෑ.. මගේ වෙනස්කම උන්ට අවුල් වෙන විදියට මම වැඩකරන්න හදන්නෙත් නෑ රූල් එක විතරයි මගේ නම් තියෙන්නේ..... හරිද මන්ද.. දේශද්‍රෝහියෙක් මම හිතන්නේ!

      Padam
    2. @ ලිඛිතා

      Well said !

      ++++++++++++++++++++++++++++++++++++++

      Padam
    3. @ලිඛිතා February 24, 2017 at 12:03 AM
      "... ඒ උනාට උගේ වෙනස්කම මට අවුලක් නෑ.. මගේ වෙනස්කම උන්ට අවුල් වෙන විදියට මම වැඩකරන්න හදන්නෙත් නෑ..."

      මේ වගේ ජෝක් එක්ක 80 ගණන් වලදී බර්ටිලා ඇනස්ලිලා කළා, "...මට ඌ ගහනවා, ඌ මට ගහනවා.. " කියලා.

      තමුසෙලාගේ මහලොකු මානව වාදේ, අල්ලපු ගෙදරත් එක්ක හොදින් ඉන්නවා ජාතින් සමගි කරන්න කලින්!

      Padam
  4. මුස්ලිම් පල්ලියේ වහලය සාදා ඇත්තේ ශිෂ්න මුණ්ඩයේ හැඩයට එසේම එහි උළුවහු ජනේල ආරුක්කු ආදියත් මෙම ශිෂ්ණාකාර හැඩයට තැනීමේ නැඹුරුවක් පවතියි.
    එමනිසා පල්ලියක් දකිනවිට අපේ යටිසිත එය අවබෝධ කර ගන්නේ දැවැන්ත ප්‍රාණවත් ලිංගයක් පොලොව පලාගෙන ඉහලට එසවී ඇති ආකාරයටය. මෙම හැඟීම උඩුහිතට කාන්දු වන්නේ දෙවියන් දැක්කා වැනි භක්තිමත් හැඟීමක් ලෙසටයි.
    මුස්ලිම් පල්ලි සෑදීමේදී මෙම හැඩයට තැනීම තහනම් කල හැකිනම් මුස්ලිම් මූලධර්මවාදය සෑහෙන පමණකින් පාලනය කල හැකියි.
    (මේක විහිළුවට කී දෙයක් නොවෙයි, සමහරවිට මට කලින් මොකෙක් හරි සුද්දෙක් මේක කියලා ඇති)

    BalasPadam
    Balasan
    1. මේ විදියට අපේ චෛත්‍ය ගැනත් හිතුවනම්...... (හුප්! කට වහප්!!) නෑ මේ මම මොකද්ද කිය කියා හිටියේ....

      Padam
    2. @ලිඛිතා

      http://www.orlandosentinel.com/news/breaking-news/

      Padam
    3. https://www.pinterest.com/pin/352054895840916288/

      Padam
    4. අපේ රටේ පල්ලි වල හතරැස් කොටුව සහ කොත් කැරැල්ල නිසා එහෙම හැඟීමක් එන්නේ නෑ.

      Padam
    5. Jagath,

      ශිෂ්ණයක් දෙවියන් සේ හැ‍ඟෙන්නේ ඇයි... බබා දුන්න දෙයියා නිසා ද ? :D :D

      Padam
    6. සැලියුට් ලිඛිතා, සුන්නත් කරපු සහ නොකරපු වෙනස ගැන නේද ජගත් පතිරණ ලියා ඇත්තේ?

      Padam
    7. ජගත් පතිරණ,
      සුද්ද කිව්වනං ඉතින් ඇත්තම තමා.
      රට ඉඳි ගෙඩියත් මොන වගේද කියල ඔය වගේ කතාවක් කියන්නකෝ.

      Padam
  5. ඔබතුමා හොද වැඩක් කරන්න ඇති විදුලිය නෑ කියලා මාරුකරලා යැව්ව එක නමුත් අර දොස්තර ආපහු එව්ව එක නම් හොද නෑ අර ගැබිනි මාතාව කොච්චර අපහසුතාවයකට පත්වෙන්න ඇතිද ඉස්පිරිතාලෙන් ඉස්පිරිතාලෙට මාරුකරලා යවනකොට. රෝගින්ගේ ජිවිත එක්ක විහිලු කිරිම මම අනුමත කරන්නේ නෑ.

    BalasPadam
    Balasan
    1. කොහොමද ඒ මව දෙපාරක් දහ අට වංගුව හරහා එහා මෙහා ගිය එක

      Padam
  6. අපි බෙදෙන්නම කැමති ජාතියක් ඉන්නේ මොන විදියෙන් හරි බෙදෙන්න බලාගෙන.ජාති,ආගම් විදියට බෙදෙන්න බැරි නම් කුල,මල අල්ලගෙන එහෙමත් බැරි නම් පළාත් විදියට ස්කොල විදියට කොයි විදියට හරි බෙදිලා ඉන්නයි අපේ උන් කැමති.

    BalasPadam
  7. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

    BalasPadam
  8. කොහොමෙයි ඩොක්ට ඔය නම් ගම් ඔක්කොම මතක? 🙈.

    මටත් ෆුල් ආතල් මුස්ලිම් යාළුවො 4 කුයි එක දෙමල යාළුවෙකුයි හිටිය. වෙලාවක බ්ලොග් එකකින්ම ලියන්නම් කෝ.. මේ දවස්වල ගොන් පීටරේ කැඩිල😩

    BalasPadam
  9. බුකියේ දරුණු මුස්ලිම් විරෝධයක් යනවා නේද මේ දවස්වල. ඒ නිසා කාලීන ලිපියක්.

    BalasPadam
  10. //ඔයියාට හොඳ ෆ්‍රෙන්ඩ් එක තමා ඉන්නවා//
    මගේ කල්මුණේ මිත්‍රයගේත් මේ වචන සෙට් එක එහෙම්මම තියෙනවා.
    නැගෙනහිර මුස්ලිම් සිංහල ව්‍යවහරේ වෙන්ඩ ඇති.

    BalasPadam
    Balasan
    1. තව වාපා (තාත්තා) අද එනවා කිව්වා , උම්මා (අම්මා) මට බැණ්නා etc

      Padam
  11. කියෙව්වා . ඉතා වටී. ස්තුතියි ලිව්වාට

    BalasPadam
  12. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

    BalasPadam
  13. මා මහනාමයේ ඉගෙන ගන්නා 80 -90 කාලයේද අප සමග මුස්ලිම් මිතුරන් විය. මුස්ලිම් සමාජය ගැන යම් අවබෝධයක් අපට ලැබිණ. මෑතකදී එම තත්වය වෙනස් වෙමින් 100% බෞද්ධ පාසලක් බවට පත් විය. මිනිසුන් සහ ජනවර්ග වෙන් කරමින් ගන්නා මෙවැනි තීරණ අනාගතයේ ජාතිවාදය තීර්ව කිරීමට හේතුවනු ඇත.

    BalasPadam
    Balasan
    1. මිනිසුන් සහ ජනවර්ග වෙන් කරමින් ගන්නා මෙවැනි තීරණ අනාගතයේ ජාතිවාදය තීර්ව කිරීමට හේතුවනු ඇත./////////////// 100% true

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook