මෑතකදී රාවය පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවේ දී පුබුදු ජාගොඩ ජ.වි.පෙ ගැන මෙසේ සඳහන් කරයි
" ජවිපෙ කට්ටියක් ඉන්නවා ආකර්ෂණීය පිරිසක්. ඒ අය තමයි නායකයෝ. අනෙක් අය ඇත්තටම වහල්ලු වගේ. එතැන ලොකු ශ්‍රම බෙදීමක් තිබුණා. කට්ටියක් ඇඟ වෙහෙසලා වැඩ කරනවා. ඒ අය හිතනවා අපි ඉන්නේ ඇඟ වෙහෙසන්න. ඒ උරුමය කියලා. ඒ වගේම ඒ අය හිතනවා අර ආකර්ෂණීය පිරිස එහෙම නැත්නම් නායකයෝ තමයි හිතන පිරිස. ඇත්තම කියනවා නම් ජවිපෙ පහළ සාමාජිකයෝ කියන්නේ හිතන එකත් නායකයන්ට බාර දුන්න පිරිසක්. ඒ නිසා ජවිපෙ කියලා හැමදාම මිනිස්සු දැක්කේ අර ආකර්ෂණීය පිරිස කියන දේ. පක්ෂයේ පහළ අයත් පරම සත්‍යය කියලා විශ්වාස කළේ ඒ අය කියන දේ. ඒ අය ආරක්ෂා කරගත්තා. ඒ අයට හොඳ ජීවිත ලබා දුන්නා. ඒ අපි වෙනුවෙන් හිතන්න. අපි වෙනුවෙන් හිතන්න අපි ඔවුන්ව නඩත්තු කළා
මාක්ස්වාදයේ කියනවානේ ආගම අබිං කියලා. හැබැයි පක්ෂයට බැඳුණාම ඒකේ සාමාජිකයනුත් අබිං කෑවා වගේම තමයි. ආගම අත්ඇරියාට මොකද පක්ෂය ආගම වගේ වැලඳ ගන්නවා. එහි නායකවරු දෙවිවරු වෙනවා. මම කිව්වේ හිතන එකත් බාර දුන්න වැඩ කරන පිරිසක් පක්ෂයේ ඉන්නවා කියලා. ඉතින් අර අය හිතන්නේ කොහොමද ඒක තමයි මේ අය කරන්නේ. කාණු කපන්නද, පෝස්ටර් ගහන්නද, ඕනෑ වැඩක් කරනවා. ඉතින් කවුරුහරි පක්ෂය දාලා ගියොත් අර හිතන අය කියනවා අන්න ද්‍රෝහීන්, පාවා දුන්නා කියලා. අර වැඩ කරන අය ඇවිත් ගහනවා. ඒ අය අර හිතන අය වෙනුවෙන් ගහන්නත් බලාගෙන ඉන්නේ. අපි කියන්නේ හිතන අය වැඩ කරන අය කියලා දෙගොල්ලක් ඕනෑ නෑ. වැඩ කරන අයටම හිතන්න පුළුවන්නේ. ඒ අයම හිතපු දෙන්. දැන් අපි කරන්නේ ඒක.
අපි විජේවීරව අමතක කරන්නේ නෑ. ඔහුට දෙන වටිනාකම උපරිමයෙන් දෙනවා. ඒත් ඔහු නායකයා ලෙස පිළිගන්න අපි කැමති නැහැ. ඔහුට වැරදුණු තැනුත් අපි හඳුනාගෙන තියෙනවා. අපි සාමූහිකයක්. වමේ එකතුවක්. ඒ නිසා එක්කෙනෙක් උඩින් තියාගෙන එයා අදහන තැන අපි නෑ "
පුබුදු ජාගොඩ කියන පරිදි ජවිපෙ පහළ සාමාජිකයෝ යනු සිතීම නායකයන්ට බාර දුන් පිරිසකි. නට්සි පක්ෂයේද තිබුනේ මෙවැනි ව්‍යූහයකි. නට්සි පක්ෂයේ සිටි අති බහුතරය වූ පහළ සාමාජික ස්ථරය සිතීම හිට්ලර් , ගොබෙල්ස් ඇතුළු නට්සි අභ්‍යන්තර කවයට භාර දී තිබුන අතර පක්ෂය තුල ස්වාධීන හඞක් හෝ විවේචනයකට ඉඩක් නොතිබුණි. අභ්‍යන්තර කවය යම් සාමාජිකයෙකු සතුරෙකු හෝ ද්‍රෝහීයෙකු ලෙස නම් කලහොත් සකල විද පක්ෂ සාමාජිකයෝ එම පුද්ගලයාව බැහැර කරන අතර ඔහුව හෝ ඇයව ශාරීරිකව සහ මතවාදීව විනාශ කරති. හිට්ලර් ගේ නට්සි පක්ෂයේ ඉපැරණි සාමාජිකයෙකු මෙන්ම පක්ෂයේ SA (Sturmabteilung) අංශයේ ප්‍රධානියා වූ එර්නස්ට් රොම්ව ද්‍රෝහියෙකු ලෙස නම් කොට මරා දමන්නේ මේ ආකාරයෙනි. මෙවැනිම සන්දර්භයක් යටතේ ජවිපෙ වෙනුවෙන් දහඩිය ලේ හෙලූ නන්දන මාරසිංහව ද්‍රෝහියෙකු ලෙස නම් කොට ඝාතනය කරනු ලබයි.
අළුත් ගමනක් යාමට අනුර කුමාර දිසානායක යටතේ ජවිපෙ නව ප්‍රති විවූහගත කිරීමක් කරන්නේ නම් මෙවැනි අන්තවාදී ප්රවනතා බැහැර කල යුතුය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග

ඩොක්ටර් මේ මිනිස්සු මෙච්චර කාලයක් මේ පක්ෂයේ ඇතුලේ තියන දේ නොකියා දැන් එලියට ඇවිල්ල එක එක විකාර කියනවා මේ මිනිසුන්ට බැරිද සුලුපරිමානයෙන් හෝ කිසියම් දෙයක් නිෂ්පාදනය කරලා අන්තර්ජාතිකව අලවි කරලා පෙන්නන්න ඊට පසු ඔවුන්ට කියන්න පුළුවන් "අපිට ඇති සුළු බලයෙන් ඔන්න අපේ නිස්පාධිතයක් ලෝකයට ගෙනියල තියනවා, අපට රට බාර දුන්නොත් මේවගේ දේවල් මහාපරිමානව කරලා අපි ජනතාවගේ ජිවිත දියුණු කරනවා "
BalasPadamදේශපාලන පක්ෂයක අරමුණ වැඩපිලිවෙලක් හදා, එය ජනතාව අතරට ගෙනගොස්, ජනතාවගෙ කැමැත්ත ලබාගෙන රටේ බලය ලබා ගැනීම. එහෙම නැතුව දේශපාලන පක්ෂ බිස්නස් කරන්නෙ නෑ. මෙව්වා බ්ලොග්වල දැම්මට කමක් නෑ, ප්‍රසිද්ධ සභාවල කියල නිකන් කිච වෙන්න එපා.
Padamgon thadiyek me lankika sithuwili kiyana buwaa.
PadamThe best comment I have seen from Robert
Padammmmmmmmmmmmmmm
Padamපුබුදු ජයගොඩ
BalasPadamමා හිතන පරිදි ජයගොඩ කියන නම ජාගොඩ කියන නමින් වෙනස් කර ගත් එකක්. මගේ නම වන ජයසිංහ කියන කොටස සම්බන්ධයෙනුත් ඔය අදහස තිබෙනවා. ජාසිංහ ජයසිංහ ලෙස වෙනස් කර ගත් බවට. එය කලකට ඉහත වූ දෙයක් වෙන්න ඇති.
Padamමා හිතන්නේ ජාගොඩ කියා ගමක් ලංකාවේ කොහේ හරි ඇති. ජාගොඩ ආරච්චි වගේ වාසගම් හැදෙන්නේ ඒ භූමිය මත පදනම්වයි.
ඇතැම් විට මේ පසුපස ජා හෙවත් ජාවා දේශයේ සිට ලංකාවට සිදු වූ සංක්‍රමණයක කතාවක් තිබෙන්නට පුළුවන්. සිංහලයන් කියන්නේ එවැනි සම්මිශ්රිත ජාතියක්. ඒක ආඩම්බරයට කාරණාවක් මිසක් ලජ්ජා විය යුතු දෙයක් නෙමෙයි.
ජයගොඩ කියලා නමක් තිබෙනවා නම් ජයගොඩ කියලා ගමකුත් කොහේ හරි ඇති.
ඒ වගේ ම තමයි ජා කියලා තිබෙන නම්, අර සම්මිශ්‍රණය වීම ගැන බියෙන්, ලජ්ජාවෙන් ජය කියලා වෙනස් කර ගන්න එක විකාරයක්. උදාහරණයක් ලෙස ජාඇල ජයඇල විය යුතු නැහැ.
පුබුදුගේ නම සමග මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනැම කෙනෙකුට තමන්ගේ නම මව්පියන් දුන් හැටියෙන් හෝ තමන් කැමති ආකාරයකට වෙනස් කර ගන්නට අයිතියක් තිබෙනවා. එහෙත්, රුවන් මේ නම විකෘති කර මඩ ගසනවා ය වැනි අදහසක් සමාජ ජාලවල පළ වී තිබුණු නිසායි මෙය ලිව්වේ.
++++++++++++++++++++ Para
Padamඒ්ක අැත්ත ..
BalasPadamyes
Padamපුබුදුලා අදටත් කරන්නේ සිතීම කුමාර් ගුණරත්නම්ට බාරකරලා කඩේ යන එක.එත් කවදාවත් තේරුම් ගන්නේ නෑ කුමාර් තමන් ගැන සිතීමේ අයිතිය රනිල්ටයි මහින්දටයි බාරදීල කියන එක...
BalasPadamUlasan ini telah dialihkan keluar oleh pengarang.
Padamඅපි විජේවීරව අමතක කරන්නේ නෑ. ඔහුට දෙන වටිනාකම උපරිමයෙන් දෙනවා. ඒත් ඔහු නායකයා ලෙස පිළිගන්න අපි කැමති නැහැ. ඔහුට වැරදුණු තැනුත් අපි හඳුනාගෙන තියෙනවා. අපි සාමූහිකයක්. වමේ එකතුවක්. ඒ නිසා එක්කෙනෙක් උඩින් තියාගෙන එයා අදහන තැන අපි නෑ " එහෙම එක්කෙනෙක් අදහන්නේ නැති කට්ටිය ,අවුරුද්දක්ම කොටුවේ ස්ටේෂමේ අට්ටාලයක් ගහගෙන ,විශාල පින්තූරු ගහගෙන හිටියා වගේ මතකයි. මං ඒක හීනෙන්ද දැක්කේ ? VAJIRA YAPA
BalasPadamUlasan ini telah dialihkan keluar oleh pengarang.
Padam