Isnin, 27 Februari 2017

මග මරුවෙකුට පාඩමක්




2001 වසරේදී ඉරිදා දිනයක සේවා මුරය අවසන් කොට මම හලාවත රෝහලේ බාහිර රෝගී  අංශයේ වෛද්‍යවරයා සමග සංවාදයේ යෙදී සිටියෙමි. ඒ වන විට රෝගීන් පැමිනීම අඩුවී තිබූ නිසා බාහිර රෝගී අංශය සන්සුන් ලෙස දිස් විය​. 

එහෙත් මේ සන්සුන්භාවය බිඳ දමමින් පුද්ගලික බස් රථයකට යටවූ මැදි වියේ මිනිසෙකු බාහිර රෝගී  අංශයට ගෙන එන ලදි. බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයා හදිසි අණතුරට ලක්වී සිටි රෝගියාට ආපත්ති ප්‍රතිකාර දීමට තැත් කලද ඒ වන විට ඔහු මිය ගොස් තිබුණි. මේ නිසා ඔහුගේ දේහය ස්ට්‍රෙචර් එක බාහිර රෝගී අංශයේ කොනක තබා රෙද්දකින් වසා වසන ලදි. 

ඉන් ස්වල්ප මොහොතකට පසුව පහර කෑමට ලක්වූ අයෙකුද බාහිර රෝගී  අංශයට ගෙන එන ලදි. පසුව සොයා බැලීමේදී මොහු පුද්ගලික බස් රියැදුරා බවත්  රිය අණතුරින් පසුව ප්‍රදේශවාසීන් විසින් ඔහුට පහර දී තිබෙන බවත් හෙළි විය​. ඔහුගේ තුවාල එතරම් දරුණු නොවීය​. එම නිසා ඔහුට බෙහෙත් දමා බාහිර රෝගී අංශයේ පුටුවක වාඩි කොට තබන ලදි. 

එම මොහොතේදී බාහිර රෝගී අංශයට ආ හෙදියක් පුද්ගලික බස් රියැදුරාට බැණ වැදුනාය​. ඇය මේ අණතුර දැක තිබූ අතර පුද්ගලික බස් රියැදුරා ඉතා අපරික්‍ෂාකාරී ලෙස බස් රථය වේගයෙන් ධාවනය කරමින් කහ ඉර මත පාර මාරු වෙමින් සිටි මිනිසාව යටකර දැමූ බව කීවාය​. මෙය ඇසීමෙන් පසුව පුද්ගලික බස් රියැදුරාට ජීවිතයට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට අප තීරණය කලෙමු. හෙදියගේ කළබලය අවසන් වූ විගසම ඔහුව බාහිර රෝගී අංශයේ කොණට රැගෙන ගොස් රෙද්ද ඉවත් කොට ස්ට්‍රෙචර් එකේ ලේ පෙරාගෙන වැතිරී සිටින ඔහුගේ දඩයම ඔහුට පෙන්නුවෙමු. 

හිස දෙපළු වී ලේ වලින් නැහැවී සිටින මෘත ශරීරය දැක ඔහු තැති ගත්තේය​. මින් මතු මෙලෙස අපරික්‍ෂාකාරී ලෙස බස් එලවා මිනිසුන් බල්ලන් බලලුන් මෙන් මරා නොදමන ලෙසට බාහිර රෝගී  අංශයේ වෛද්‍යවරයා ඔහුට තදින් අවවාද කලේය​. 

අප විසින් කරන ලද මේ ක්‍රියාව හරිද  වැරදිද කියා නොදනිමු. මෙය නොයෙකුත් අතට විවාද කල හැකිය​. අවිනීතව මිනිසුන් යට කරමින් පුද්ගලික බස්  පදවන මගමරුවන්ට ජීවිතයක වටිනාකම කියා දීමට එදා අප තැත් කලෙමු. එහෙත් අපගේ ප්‍රයත්නය සාර්ථක වීද කියා නොදනිමු. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

25 ulasan:

  1. සමහරක් මොනවා කලත් හැදෙන්නෑ...
    දවසක් උසාවියකදි දක්ශ නීතීඤ්ඤ සහයකින් රියදුරෙක් නිදහස් වෙන බවක් පෙනෙනකොට මිනිහෙක් කෑ ගැහුවයි කියනවා 'ස්වාමීනී,ඔය යකා මිනී මරුවෙක්.. මේ උගෙ දහවෙනි බිල්ල.ඕකා හිතලම මිනිස්සු යට කරනවා' කියලා.
    සත්‍ය අසත්‍ය බව කොහොමද නම් දන්නෑ.ලයිසන් එකට චිප් එකක් එක්ක ලකුණු ක්‍රමයක් ක්‍රියාත්මක කරා නම් සෑහෙන අනතුරු ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්.
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. චිප් එක ඇත. මැෂින් එක නැත. හැක්..

      Padam
    2. මොවුන් ගේ තියෙන්නේ ජීවිත ගැන නොසැලකිල්ල

      Padam
  2. හිත මිත්‍ර රුවන් ඔබ මානසික වෛද්‍යවරයෙක් ලෙස මට වඩා සිය දහස් ගුණයකින් දැනුමෙන් අනුන පුද්ගලයකි. මට වඩා යම් දෙයක් ඔබට තේරෙනු ඇතැයි මා විශ්වාශ කරමි. නමුත් ඔබලා කල දේ වෛද්‍යවරුන් ලෙස නොකළ යුතු කාර්යකි. හේතුව ඔබ දන්නෙහිය. මා හට එය පහැදිලි කිරීමට අවශ්‍ය නැත. එනමුදු එකල ඔබ මානසික මානසික වෛද්‍යවරයෙක් නොවුණු අතර වයසින් තරුණ වියේ පසුවුණු අයෙක් ලෙස එය නොසලකා හැරියත් ඔබ වර්තමානයේ මානසික වෛද්‍යවරයෙක් ලෙස තවම මෙහි ඇති හරි වැරැද්ද නොතේරීම පුදුම සහගතය.

    බස් ඩ්‍රයිවර් ලත් කිසිම මානුෂික මානුෂික ඇති පුද්ගලයින් නොවෙයි. මෙතන ප්‍රධාන ගැටලුව හරි හමන් අධ්‍යාපනයක් නොලබා තිබීමය. බොහෝ තරුණයින් යම්තම් 18 පිරුණු පසු බස් රථ එලවයි. නමුත් CTB බස් ඩ්‍රයිවර් ලා අතින් සිදුවන අනතුරු අවමයි. එයට හේතුව ඔව්න් ලබා ඇති නිවැරදි පුහුණුව යයි මා සිතමි.

    BalasPadam
    Balasan
    1. "CTB බස් ඩ්‍රයිවර් ලා අතින් සිදුවන අනතුරු අවමයි" ඔව්නේ, ඩිපෝවල කොට උඩ තියන එව්වා හැප්පෙන්නේ කොහොමෙයි,ලංකාවේ දුරගමන් වල යෙදෙන CTB රියදුරෝ කොච්චර ප්‍රවේශම්ද කියන එක දැනගන්න ලෝකේ වටේ ට්‍රැවල් කරල නම් බෑ. අනතුර සිදුවුනේ ප්‍ර‍යිවට් බස් එකකින් නම්, නිවුස් හෙඩ් ලයන් එකේ අනිවාර්යෙය් පෞද්ගලික බසයක් කියා ටයිටලේම ලියනවා, CTB එකක් අනතුරට ලක්වුනා කියල ටයිටලේට දාලා තියනවා කවදාවත් දැකලා තියනවාද, පසුගිය සතියේ CTB ඩ්‍ර‍ිවරයෙක් කුඩා ඉඩක් ඇති හඟුරන්කෙත බස් නැවතුම්පල ඇතුලේ වේගයෙන් වෙට්ටු දාන්න ගිහින් ඉතා වයස සීයා කෙනෙකු පසුපස රෝදයට යටකරලා මරල දැම්මා, ඒ නිවුස් එක පත්තරේ හෝ වෙනත් මාධ්‍යක පළවුනු බවක් මා නම් දැක්කේ නෑ.

      Padam
    2. ඔබ හරි ; අපි කරපු කියපු දේවල් 100% හරි නෑ ;

      Padam
  3. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

    BalasPadam
  4. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

    BalasPadam
    Balasan
    1. වෛද්‍ය බුද්ධික විජේගුනරත්න ; මේ සිදුවීම වූයේ මීට වසර 16 උඩදී. ඒ කාලයේ මම උතුරු ඇමරිකාවේ විශ්ව විද්‍යාල වලට ගොස් මනෝ විද්‍යාව / මනෝ චිකිත්සනය හදාරලා නෑ. මම සැමදාම කියන පරිදි මම පරිපූර්ණ පරමාදර්ශී මිනිසෙකු මෙන්ම පරමාදර්ශී වෛද්‍යවරයෙකු නොවේ. ඒ නිසා මට මගේ අතීත සිදුවීම් බය නැතිව ලියන්න පුලුවන්. ඔබ කරන්නේ මම නිර්භයව කියන ඒ සිදුවීම් මගෙන්ම අල්ලාගෙන මට පහර දීමයි. ඔබ පරමාදර්ශී වෛද්‍යවරයෙක්ද ? ඔබත් ඒ කාලේ පුත්තලම / හලාවත ප්‍රදේශ වල ගැබිනි මව් වරුන් පන්සල් වලට ප්‍රජාශාලා වලට එකතු කරගෙන ඔබගේ පීපී එකට ප්‍රචාරනය ගන්න මාතෘ වන් දනා කියලා ප්‍රෝග්‍රෑම් එකක් කලා නේද ? එවිට එම ප්‍රදේශ වල එම්. ඕ.එච් ලා වෛද්‍ය සන්ධ්‍ය , වෛද්‍ය තුශානි වෛද්‍ය මෙත්තා ඔබ කරන වෛද්‍ය ආචාර ධර්ම කඩ කිරීම ගැන පැමිනිලි කිරීමෙන් පසුව ඔබට ඒ වැඩසටහන නවත්වන්න සිදු වූවා නේද ? ඒ නිසා අනුන්ට චෝදනා කිරීමට පෙර ඔබ පරමාදර්ශීද කියා සිතන්න ?

      Padam
    2. මම සැමදාම කියන පරිදි මම පරිපූර්ණ පරමාදර්ශී මිනිසෙකු මෙන්ම පරමාදර්ශී වෛද්‍යවරයෙකු නොවේ. ඒ නිසා මට මගේ අතීත සිදුවීම් බය නැතිව ලියන්න පුලුවන්. +++++++ ඒක ඇත්ත. අපි හැමෝම සර්ව සම්පුර්න මිනිස්සු නොවෙයි. සම්පුර්නයෙන්ම එකඟයි. අතීත සිදුවීම් නිර්භයව ලියන්න පුළුවන් වීම ගැන ඉතා උසස් දෙයක්.

      රුවන් මමනම් මගේ අදහස ලියුවේ ඔබට පහර දෙන්න හිතාගෙන නොවෙයි. මට හිතට ආව දේ මම කියුව. කොහොම උනත් ඔබ අනෙකුත් වෛද්‍යවරු හා සංසන්ධනය කලවිට ලෝකය විනිවිදව දැකපු තමන්ගේ වුර්තියෙන් ඔබ්බට ගිය හොඳ චරිතයක්. එකයි මම රුවන්ගේ බ්ලොග් අසාවෙන් කියවන්නේ. මාගේ වයිෆ් පවා කියවනවා. ඒවගේම ඔබගේ බ්ලොග් එක නැෂනල් හොස්පිටල් එකේ වෛද්‍යවරු කිහිප දෙනෙක්ම කියවනවා මගේ වයිෆ් ගෙන් දෑන ගෙන.

      Padam
    3. එ් වන විට වෛද්‍ය රුවන් පුත්තලම් දිස්තික් සම්බන්ධිකරන මානසික වෛද‍යවරයායි ////////////// සම්පූර්නයෙන්ම වැරදියි ඒ වන විට මම නිර්වින්දන වෛද්‍යවරයෙකි

      Padam
    4. @ World TravelFebruary 27, 2017 at 11:35 AM මම කිව්වේ ඔබ ගැන නොවේ

      Padam
    5. නිර්වින්දන වෛද්‍යවරයා නං කරපු වැඩේ හරි.

      Padam
  5. හැම කෙනෙක්ම තමන්ගෙ පණට ආදරේනම්, තමන්ගෙ පවුලට ආදරේනම් ගොඩාක් අනතුරු වලින් වැළකෙන්න පුළුවන් කියලයිි මම නම් හිතන්නෙ....පුන පුනා වැරැදි කරන කෙනෙකුටනම් ඔය වගේ දඬුවමුත් සරළ වැඩි යැයි සිතේ

    BalasPadam
    Balasan
    1. මොවුන්ට මිනිස් ජීවිත ගැන තැකීමක් නැත

      Padam
  6. එක මිනිසෙකු තුල සත්තු ගොඩක් ඉන්නවාය කියා කවුදෝ නිවැරදිවම කියා තියනවානේ, ඒ බවට මම වගේම ඔබත් හොද උදාහරණයක්.

    BalasPadam
    Balasan
    1. කෙනෙකුට ඔහුගේ ක්‍රියාවේ ප්‍රතිපල දැක ගැනීමට සැලැස්විම ඔහුගේ අයිතිවාසිකමක් කියයි මම හිතන්නේ, අපි මිනිසුන්ගේ අයිතිවාසිකම් සුරැකීමට බැඳී සිටිනවනේ.

      Padam
    2. මම සැමදාම කියන පරිදි මම පරිපූර්ණ පරමාදර්ශී මිනිසෙකු මෙන්ම පරමාදර්ශී වෛද්‍යවරයෙකු නොවේ.

      Padam
  7. "එහෙත් අපගේ ප්‍රයත්නය සාර්ථක වීද කියා නොදනිමු. "

    අනිවාර්යයෙන්ම අසාර්ථකයි.. අවිශ්වාසනම් ලංකාවේ ප්‍රවෘත්ති අහන්න...

    BalasPadam
  8. ඩොක්ට.

    මම දැකල තියෙනවා 2000 මුල් කාලේ කතරගම කොළඹ උදේ පාන්දර එන බස් වල රියදුරන් රිය පදවනගමන් ගංජා බොනවා. මොකද ඒ වෙලාවට බස් එකේ ඔක්කොම නිදි. CTB උනත් PRIVATE උනත් එච්චරයි.

    ඔය දෙගොල්ලම පාරේ බස් එක දාවනය කරන්නේ හරියට කොම්පියුටර් ගේම් එකක් සෙල්ලම් කරනවා වගේ.. හරියට උබල ඉස්සරහින් එනවනම් මගෙන් බේරිල පලයන් වගේ.

    ඒකටම හරියන ලංකාවේ පොලිසිය. උන් බලාගෙන ඉන්නෙත් මිනිහෙක් වැරද්දක් කරනකන් අස්සෙ හැංගිලා ඉඳල වැරැද්ද කරාට පස්සෙ අත්අඩංගුවට ගන්න.

    එව්වා තමයි ලංකාවේ ගොං තඩියන්ට නොපෙනෙන මානව අයිතිවාසිකම් උල්ලංගනයකිරීම්.

    තුක් නොදකිං එහෙම සිස්ටම් එකක්..

    BalasPadam
    Balasan
    1. සිස්ටම් එක කුජීතයි

      Padam
  9. සාර්ථක නෑ ඩොක්ටර්... සති දෙකක් යන කොට ආයි සල්ලි ඉස්සරහට එනවා

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook