මහානාමයේ ඉගෙනුම ලැබූ ප්‍රියන්ත පදිංචිව සිටියේ හැව්ලොක් ටවුමේ පොලිස් නිවාස වලය. ඔහුගේ පියා පොලිස් නිලධාරියෙකි. කුඩා කාලයේ ප්‍රියන්තගේ මව මිය යන ලදි. ඒ අඩුව පුරවන ලද්දේ පියාගේ සොහොයුරියක විසිනි. ප්‍රියන්ත දඩබ්බරයෙකි. වලි රාජයෙකි. කොල්ලන් සමග පිස්සු කෙලීමේදී ඔහු නැතුවම බැරි චරිතයකි. එසේම හොඳ කතා කාරයෙකි. අප හමු වන්නේ කොලඹ මහජන පුස්තකාලයේ පාඩම් කාමරයේදීය. පාඩම් කිරීමෙන් පසු තේ බීමට යන අප ප්‍රියන්තගේ බයිලා වලට සවන් දෙමින් ලේ පිරිසිදු කර ගන්නෙමු.
වරක් ආනන්දේ කුසල් මෙන්ඩිස් අළුත් ඉතලියානු සපත්තු දෙකක් දාගෙන ආ අතර මම එම සපත්තුවේ ඩිසයින් එක බලනු වස් ඔහුගේ සපත්තුව මඳක් ඔසවා එය නැරඹුවෙමි. එවිට ප්‍රියන්ත කුසල් මෙන්ඩිස්ගේ අනෙක් කකුලද ඉස්සුවේය. මේ නිසා කුසල් මෙන්ඩිස් කපා දමන ලද කෙහෙල් ගසක් සේ වැටුණු අතර අප ඔහුව නැගිට්ටුවෙමු. ඉන්පසු කුසල් ප්‍රියන්තට අම්මා මෝ නැතිව බැණ වැදුනේය.
මේ සමයේ අගමැති ප්‍රේමදාසගේ මෙහෙයවීමෙන් ටවර්හෝල් ගායක ගායිකාවන් මහජන පුස්තකාලයේ දේශන ශාලාවේ සංගීත සාජ්ජයක් පැවැත්වීය. මේ සංගීත වැඩසටහනේ ශරලා බායි , ලක්ෂ්මී බායි වැනි ප්‍රකට චරිත ගීත ගායනා කලහ. වැඩ සටහන අතර තුර පැරණි ටවර් හෝල් ගායකයෙකු වූ තුංගසේන මාස්ටර්ද ගීයක් ගැයීමට පැමිනෙන බව නිවේදකයා කීවේය.
මේ නිවේදනය ඇසූ වෙනත් ප්‍රියන්ත නම් යාළුවෙක් ; මචං තුංගසේන මාස්ටර් ඉන්නේ අපේ ස්කීම් එකේ ( මේ ප්‍රියන්ත මාලිගාවත්ත මහල් නිවාස වල ජීවත් වූ අතර කොලඹ නාලන්දා විද්‍යාලයේ සිසුවෙකි) මෑන්ට තොංගලේ මාස්ටර් කිව්වම නප්පියට තද වෙලා ගඩොල් බාග වලින් ගහවා යැයි කීවේය.
මාලිගාවත්තේ ප්‍රියන්ත මෙය කීවේ වැරදි ප්‍රියන්ත කෙනෙකු ඉදිරියේය. මේ කතාව ඇසූ හැව්ලොක් ටවුමේ පොලිස් නිවාසයේ ප්‍රියන්ත තුංගසේන මාස්ටර් ගීතය ගයා අවසන් වී ස්ටේජ් එකෙන් බසින විට වේදිකාව අසලට ගොස් "තොංගලේ මාස්ටර්" කියා කෑ ගැසුවේය. මෙය ඇසුනු තුංගසේන මාස්ටර් දණ්ඩෙන් පහර ලත් නයෙකු සේ කිපී සෙනග මැද " තොගෙ අම්මට.... වේස කොල්ලා .. කියා හැව්ලොක් ටවුමේ පොලිස් නිවාසයේ ප්‍රියන්තගේ බෙල්ල මිරිකීමට පැන්නේය. එවිට අතේ තිබූ පොත් ද බිම දමා ප්‍රියන්ත පැන දිවේය. හුස්මක් කටක් නොමැතිව දිව ගිය ප්‍රියන්ත නතර වූයේ විහාර මහ දේවි පාක් එකේ තිබූ ප්ලේන් එක අසලය. ඉන්පසු අපි ප්‍රියන්තගේ පොත් ටික අහුලාගෙන ගොස් ඔහුට දුන්නෙමු.
ප්‍රියන්ත දහම් පාසල් ද ආවේය. වරක් උදේ වරුවේ දහම් පාසල කට් කොට පළා යාමට උත්සහ ගත් අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ සිසුවෙකු මෙන්ම තාවකාලික ආචාර්යවරයෙකු ලෙස කටයුතු කල තැනැත්තෙකුගේ අත් අඩංගුවට පත් විය. ප්‍රියන්ත දිගින් දිගටම ඔහු සමග බහින් බස් වෙමින් මිදී යාමට උත්සහ ගත්තේය. මෙම පුද්ගලයා " අහන්ඩ " කියන වචනය කීවේ "හාන්ඩ " කියාය. ළමයි උනාම කියන දේ හාන්ඩ ඕනේ කියා ඔහු ප්‍රියන්තගේ අතින් ඇද්දේය. ප්‍රියන්ත ඔහුට " මම අන්තිම පාර කියන්නේ 1979 අගෝස්තු විසි දෙවෙනිදා උන සිද්ධිය මම කියන්නද ? කියා තාවකාලික ආචාර්යවරයාට තර්ජනය කලේය. එවිට තාවකාලික ආචාර්ය " නෑ ඉතිං ඕවා මෙතෙන්ට අවශ්‍ය නෑනේ " කියා ප්‍රියන්තව අත හැරියේය. කුරුල්ලා මිටෙන් මිදුනාක් මෙන් ප්‍රියන්ත වජිර පාර දිගේ දුව ගොස් ගාළු පාරට අවතීර්ණ විය.
ඉන් සතියකට පසුව මට ප්‍රියන්ත හමු විය. " මචං මොකක්ද අර 1979 අගෝස්තු විසි දෙවෙනිදා උන සිද්ධිය කියලා හාන්ඩකාරයාව උඹ බය කලේ. ඇත්තට මොකක්ද 1979 අගෝස්තු විසි දෙවෙනිදා වෙලා තියෙන්නේ ? කියා මම ඇසුවෙමි.
" මමත් දන්නේ නෑ මචං මෑන්ට 1979 අගෝස්තු විසි දෙවෙනිදා උන සිද්ධිය කියනවා කිව්වම සරෙන්ඩර් වෙනවා කියලා මට යාළුවෙක් කිව්වා . ඒක නිසා තමයි මම එදා එහෙම කියලා මෑන්ව සරෙන්ඩර් කලේ " කියා ප්‍රියන්ත කීවේය. ඉන් පසු අපි කොල්ලන් මුණ ගැසුනු විට "ළමයි උනාම කියන දේ හාන්ඩ ඕනේ " යනුවෙන් එකිනෙකාට කියා ගත්තෙමු.
ප්‍රියන්ත අනුලා එකේ කෙල්ලෙක්ට ට්‍රයි එකක් දුන් අතර සපෝටර් ලෙස රැගෙන ගියේ මාව ය. එය තරමක් දුරට හරි ගිය අතර ඇතැම් දින වල කෙල්ල මහජන පුස්තකාලයට පැමිණ ප්‍රියන්ත සමග කතා බස් කලාය.
ප්‍රියන්තගේ පියා බොක්සිං ක්‍රීඩකයෙකි. ඒ නිසා බොක්සිං උණ ඔහුට තිබුනේය. ඒ කාලයේ මම නාලන්දාවේ ගොජු කරාටේ සංගමයට බැඳී කරාටේ පුහුණු වෙමින් සිටියෙමි. මම කරාටේ කරන බව ප්‍රියන්ත දන්නේය.
දිනක් සැවෝයි එකේ පෙන්වූ බෘස් ලී ගේ වේ ඔෆ් ද ඩ්‍රැගන් චිත්‍රපටය බලා සවස් වරුවක ප්‍රියන්ත මහජන පුස්තකාලයට ආවේ කොල්ලන් සෙට් එක හමු වීමටය. වේ ඔෆ් ද ඩ්‍රැගන් උණුසුම ඉහට ගසා සිටි ප්‍රියන්තට මා සමග කරාටේ ගහ ගැනීමට අවශ්‍ය විය. මම දිගින් දිගටම "පිස්සු කෙලින්ඩ එපා ප්‍රියන්ත" කියා කීවද ඔහු එය ඇසුවේ නැත. " මොකක්ද බං උඹ කරාටේකාරයෙක් නේද කියා ප්‍රියන්ත මා පසු පස ආවේය. අනෙකුත් කොල්ලන් ද මේ ෆන් එක වටවී බලා සිටියහ.
හරි එහෙනම් විනාඩි දහයයි ගහ ගන්නේ කියා මම කරාටේ ඇක්ෂන් එකකට ආවෙමි. මින් කුල්මත් වූ ප්‍රියන්ත බෘස් ලී මෙන් කමිසය ගලවා ඩ්‍රැගන් ඉරියව්වට ආවේය. එකෙහින්ම මා පැත්තකට පැන අත්ලෙන් චටස් කියා ප්‍රියන්තගේ නිරුවත් පිටට කිස් කන පහරක් දුන්නෙමි. පහරේ වේදනාව නිසා ප්‍රියන්ත කරාටේ බරාටේ අමතක කොට පිට අතගා ගනිමින් කමිසය ඇඳ ගත්තේය. ඈත සිට කොල්ලන් ගේ විකාර නරඹමින් සිටි කෙල්ලන් පිරිසක් ලේන්සු වලින් මුව වසාගෙන සිනාසුනහ. ඉන්පසු අපි කොල්ලන් සෙට් එක ප්රියන්තවද රැගෙන කැන්ටිමට ගොස් කැන්ටිමේ මේසයක් බදු ගෙන සිංදු කීවෙමු.
අප අතර සිටි එක කොල්ලෙක් ශේකිං ස්ටීවන්ස් ගේ ගීත ගයන්නෙකි. තවත් එකෙක් දයාරත්න රණතුංග ගේ ගීත ගයන්නෙකි. ප්‍රියන්ත කීවේ බයිලාය. මේ නිසා අපි විවිධ සිංදු කියමින් රාත්‍රී බෝ වන තෙක් කැන්ටිමේ සිටියෙමු.
1984 වසරේ වෙසක් දිනයේදී වෙසක් බලන්නට යමු කියා ප්‍රියන්ත මා කැටුව ගියේය. අපි දෙහිවල, වැල්ලවත්ත , කිරුලපන ප්‍රදේශ වල ඇවිදිමින් වෙසක් බැලුවෙමු. වෙසක් බලමින් සිටින ගමන් ප්‍රියන්ත මාවත් ඇදගෙන කිරුලපන ප්‍රදේශයේ ගරා වැටුණු ගෙයක් සහිත ඉඩමක් අසලට ගොස් එහි සිටි මුරකාරයාට කතා කලේය. මුරකාරයා ආ පසු ප්‍රියන්ත ඔහුට මුදල් වගයක් දුන් අතර මුරකාරයා ඔහුට යමක් ඔතා ගිනිපෙට්ටියක් සමග දුන්නේය. එය අතින් ගත් ප්‍රියන්ත ගරා වැටුණු ගෙය තුලට ගියේය.
ප්‍රියන්ත ගංජා ගහන බව මම දැනගත්තේ එදාය. " ඔයා බොන්නේ නැද්ද ? කියා මුරකාරයා මගෙන් ඇසීය. මම හිස සලා "නැහැ" කියා කීවෙමි. ගරා වැටුණු ගෙය තුලට ගිය ප්‍රියන්ත විනාඩි විස්සකට පසුව ආවේය. " මචං කොල්ලන්ට කියන්ඩ එපා" කියා ඔහු චෙස්ටෝ ටොෆියක් කටේ දමා ගත්තේය. ඉන්පසු අපි තෝසේ කඩයකට ගොස් තෝසේ සහ බෝඞා කා ප්ලේන්ටී එකක් බී නිවාස කරා ගියෙමු.
1985 උසස් පෙළ විභාගය කිට්ටු කරන විට ජවිපෙ තරුණයන් කිහිප දෙනෙක් කොකු ගැසීම සඳහා මහජන පුස්තකාලයට ආවෝය. ප්‍රියන්ත එක් තරුණයෙකු සමග නිතරම කතා කරමින් සිටියේය. මේ වන විට ඔහුගේ කෙල්ල ද ප්‍රියන්ත ගෙන් ඈත් වී සිටි නිසා ඔහු රැඩිකල් තරුණයන් වෙත ආකර්ශණය වූවා විය යුතුය. අගෝස්තු මාසය කිට්ටු වන විට අප සියළු දෙනා පොත් අතර කාලය ගත කල නිසා ප්‍රියන්තව දුටුවේ කලාතුරකිනි. ඔහුද අප සමග විභාගයට සූදානම් වූ නමුත් උනන්දුවෙන් පාඩම් කටයුතු නොකලේය.
1985 උසස් පෙළ විභාගයෙන් පසු මට ප්‍රියන්ත හමු වූයේ වරක් හෝ දෙවරක් පමණි. 1986 වන විට මම විදේශ ගත වූයෙමි. ඉන් පසු ලංකාවට කිහිප විටක් මා ආ නමුදු මට ප්‍රියන්තව මුණ ගැසුනේ නැත.
අද දිනයේ ප්‍රියන්ත කොහේ සිටිනවාද කියා මම නොදනිමි. ඔහු 88-89 භීෂණ කාලයේ ටයර් එකක් මත ජීවිතය අත හැරියා කියා සිතන්නට මම මැළි වෙමි. ප්‍රියන්ත වැඩ කාරයෙකි. ඉගෙනීම එතරම් ප්‍රිය නොකලද ඔහු ස්ට්‍රීට් ස්මාට් හෙවත් සවයිවල් කලාව දන්නෙකි. සමහර විට ඉතාලිය වැනි රටකට ගොස් ඔහු අප්රසිද්ධියේ සිටිනවා විය හැකිය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග

පරණ වයින් ගණන් වගේ තමයි පරණ කතා කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නෑ
BalasPadamඒ කාලෙ අපි කරපු ඒවා
Padamif he is priyantha amunugama, he is still in srilanka and married with a Dr.
BalasPadamI do not think so whent to mahanama ? Came to Wajirarama Dahampasala , father was a police officer
Padamකුසල් මෙන්ඩිස් ගෙ සපත්තු කතාව කියනකොට මට මතක් උනේ කකුලක් ඉස්සුවම සාත්තරද මොනාද කියන ගිරව..
BalasPadamHa ha ha
Padamඔහොම මිනිස්සු නම් ගොඩක් අපේ ජීවිතේදී හම්බුවෙනවා දොස්තර මහත්තයෝ..
BalasPadamඋන් සමහරු අපි තරම් වත් ඉගෙන ගෙන නැහැ.
එත් අපිට වඩා ගව ගානක් ඉස්සරහ මේ වෙනකොට ඉන්නේ..
උන් හොඳ මීටර්
Padamඑල ද බ්‍රා අසාවෙන් කියව්වා
BalasPadamකොහම හරි පොර හොයා ගන්න ට්‍රයි එකක් දෙන්න
ආසයි ඌව බලන්න
Padamකොම්පුටරෙන් ඔලුවට ගහපු සිද්දිය මට කෙමෙන්ට් එකක් විදිහට පැහැදිලි කරපු අනොට ඉස්තුති
BalasPadam+++++
Padamhttp://bitternight.blogspot.com/2017/02/blog-post_26.html
BalasPadamThanks
Padam🤣🤣.. ඈ ඩොක්ට.. ප්‍රියන්ත ගේ තොංගල් මාස්ටර් සීන් එකනම් මරු..
BalasPadamමටත් මතකයි මම අවුරුදු හතර පහ වයසෙ දී තාත්තගේ යහළුවෙක් අපේ ගෙදරදී පත්තරයක් බල බල ඉන්නකොට මම එයාගෙන් අහල "අංකල් ඔයා දන්න මිනිහ වගෙ පත්තරේ බලන්නෙ නේද..??" කියල. කාලයක් ඒ අන්කලුත් අපේ ගෙදර අයත් ඕක මතක් කර කර හිනා උනා..
කොහොම හරි ඔය යාළුවාව හොයාගන්න..👍🏽
නියම වැඩ කරලා තියෙන්නේ
Padamනසරානියෝ කියන්නේ මුන්ට තමා... මම නම් එදත් අදත් ආදරෙයි ඔය වගේ උන්ට...
BalasPadamMe 2
Padamමරු, ඔය ප්‍රියන්තලා ඔහොමමයි , ප්‍රියන්ත හේවගේලා ඔයිටත් අන්තයි . හැක
BalasPadamUlasan ini telah dialihkan keluar oleh pentadbir blog.
Padammmmmmmmmmmmmm
Padamඔය වගේ ඩෑල් තමයි කොහොමහරි රිංගල ඉස්සරහට යන්නෙ.
BalasPadamaniva
Padamමේ වගේ උන් ගැන අදත් ලියවෙන්නේ, උන් රසවත් සහ සුන්දර නිසා...ලෝකයට අවශය විඳින්නෝ මිසක් විඳවන්නෝ නෙමෙයි.
BalasPadam100 % agree Aruna
BalasPadamමොකද්දො හේතුවකට හැමදාම මතක් වෙන්නෙ ඉස්කෝලෙ ඉන්නකම් පිස්සු කෙළින එවුන්ම තමයි
BalasPadam