Selasa, 14 Februari 2017

බෝඩිමේ කොල්ලෝ





නාලන්දේ මට එපාකරපුම කොල්ලෝ වූයේ බෝඩිමේ කොල්ලෝය​. උන්ට වචනයක් වත් කියන්නට බැරිය​. එවිට බෝඩිමේ කොල්ලෝ රොත්තම ඇරගන්නට එති. හය වසර වලදී බෝඩිමේ කොල්ලෝ අපේ පන්ති වල සිටි බව මතකය​. මේ අතරින් වජිර ද සිල්වා , නම්බුහේවා , ආදීන් මතකය​. 

බෝඩිමේ කොල්ලන්ට උදේට දුන්නේ පරිප්පු සහ පාන් ය​. සමහර විට මොවුන් අප ඉන්ටවල් එකට ගේන කෑම එකටද හොටවල් දැමීමට බලති. හවස් වරුවේ බෝඩිමේ කොල්ලෝ පේලි සැදී පාඩම් කිරීමට යති. සමහර විට ඔවුන් ග්‍රවුන්ඩ් එක බදු අරගෙන ක්‍රිකට් ගසති. එවිට අපි මොවුන් ගේ හත්මුතු පරම්පරාවට බණිමින් කැම්බල් පිටියට ගාටන්නෙමු. 

හොස්ටල් එක බලා ගත්තේ විජේපාල සර් , පොඩි විතාණ සර් සහ වික්‍රම සෙනෙවිරත්න සර් යන ගුරුවරු වූහ​. විජේපාල සර් පුස්ථකාලයද බලා ගත්තේය​. එසේම සමහර විට විදුහල් ඝන්ඨාරයද ගැසුවේය​. මම විජේපාල සර් සමග ශේප් ය​. නිදහස් කාල පරිච්චේද  වලදී මම පුස්ථකාලයට ගොස් පොත් කියවූයෙමි. 

පොඩි විතාණ සර් ඉගැන්වූයේ ගණිතය විෂයයි. ඒ කාලයේ ඔහු තනිකඩයෙකි. 1978 වසරේ අපගේ 6 ඩී පන්තියට ගණිතය ඉගැවීමට පොඩි විතාණ සර් ආවේය​. වරක් ඔහු උගන්වන විට යුවතියන් දෙදෙනෙකු ඔහු හමුවීම සඳහා ආ අතර පොඩි විතාණ සර් පන්තිය අතර මැද නවතා ඔවුන් සමග කතා කරමින් සිටියේය​. කොල්ලෝ සිනාසෙමින් සර්ට කවට කතා කීවෝය​.  මේ යුවතියන් ගිය පසු  පොඩි විතාණ සර් පන්තියේ වැඩියෙන්ම කෑ ගැසූ කාවින්දට තමුසෙගේ හික්මීම නෑ කීවේය​. එවිට නිස්සංක හෙවත් ඉස්සා කාවින්දගේ කනට කර උඹේ කලිසම අස්සේ හික් මීයා  ඉන්නවද කියා බලපන් කීවේය​. (නිස්සංක දැන් ඉන්නේ Denmark වලය ) එය ඇසුණු මට තදින් සිනා ගියේය​. එවිට පොඩි විතාණ සර් වේවැල අතින් ගෙන මා වෙත ආවේය​. මම වහාම ඩෙස්ක් එක යට රිංගුවෙමි.  ඔහු ඩෙස්ක් එක වටා කැරකැවෙමින් ඉඳ යන්නට ගියේය​. ඉන්පසුව මම ඩෙස්ක් එක යටින් ඉවත ආවෙමි.

වරක් හත වසරේදී පන්තියේ කොල බෝල ක්‍රිකට් ගසනවා බලා සිටි බෝඩිමේ කොල්ලෙකු වූ වජිර ද සිල්වා පොඩි විතාණ සර් ගේ අයියා ලෙස අප සැලකූ ලොකු  විතාණ සර් ගෙන් කෑවේය​. 

වජිර ද සිල්වා හොකී ගැසුවේය​. මමද හොකී ගැසූ නිසා වජිර මා සමග මිත්‍රය​. නුමුත් බෝඩිමේ කොල්ලෝ නැති තැන අනෙකුත් ළමුන් ඔවුනට හොස්ටල් පරිප්පුවෝ යැයි කීවෝය​. 

වරක් මමත් මංගල දිසානායකටත් විජේපාල සර්ට පණිවිඩයක් දෙන්නට කියා සරණපාල හාමුදුරුවන් කී හෙයින් අප දෙදෙනා විජේපාල සර් සොයා හොස්ටල් එකට ගියෙමු. උදය කුමාර සෙනරත් යාපාද ආවේය. ඔහු දඞුමොණරය චිත්‍රපටයේ මාලනී ෆොන්සේකාගේ පුතා ලෙස රඟපෑවේය​. හොස්ටල් එකේ ශාලාවක පිඟන් පෙළට තබා බත් මාළු පිණි වසා තිබුනේ ය​. මෙය හොස්ටල් කොල්ලන් ගේ දවල් ආහාරයයි. තම්බපු බිත්තරයක්  උස්සමුද කියා උදය කුමාර සෙනරත් යාපා  ඇසූ නමුදු ඉතා හොඳ කීකරු ළමයෙකු වූ මංගල දිසානායක බියෙන් අපොයි එපා කීවේය​. ඒ නිසා අපි හොස්ටල් කොල්ලන් ගේ බිත්තර වලට අතවත් තිබ්බේ නැත​. 

වික්‍රම සෙනෙවිරත්න සර් ද හොස්ටල් එක බලා ගත්තේය​. වරක් ඔහුගේ ප්‍රශ්න පත්‍ර මිටියක් ඔසවාගෙන මම වික්‍රම සෙනෙවිරත්න සර්ගේ හොස්ටල් කාමරයට ගෙන ගොස් දුන්නෙමි. ඔහුගේ කාමරය තිබුනේ දන්ත චිකිත්සාගාරයට උඩ තට්ටුවේ කියා මතකය​. 

වරක් සවස හයට පමණ ස්කවුටිං ඉවර වී කොල්ලෙක් ගල්කිස්සට යාමට 193 බම්බලපිටිය බස් එක එන තෙක් නාලන්දා විද්‍යාලය අසල බස් නැවතුම් පොලේ සිටියේය​. 193 බම්බලපිටිය බස් එකක් ආ අතර කොල්ලා එයට නැගීමට තැත් කලද හොස්ටල් එකේ කොල්ලෝ දෙදෙනෙක් පැමිණ ඔහුව තදින් අල්ලගෙන සිටියේය​. මේ නිසා බාලදක්‍ෂයාට බස් එක මිස් විය. ඔහු හොස්ටල් එකේ කොල්ලෝ දෙදෙනාට දොස් දෙවොල් තබමින් පුංචි බොරැල්ලට ගියේ මේ ස්ථානයේ බස් එකක් එනතුරු යළි සිටීම ගුණදායක නොවන නිසාය​. හොස්ටල් කොල්ලන්ට විද්‍යාල සීමාවෙන් එහාට යාම තහනම් ය​. ඒ නිසා ඔවුන් පුංචි බොරැල්ලට යන බාලදක්‍ෂයා දෙස බලමින් සුසුම් හෙළූහ​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග  

14 ulasan:

  1. පින්තුරේ දැක්කාම හිතුනේ පරන පිච්චර් හොල් එකක්ද කියලා....
    වික‍්‍රම සෙනවිරත්න කියන්නේ හත්පනේ කිරිමාමා නේද?

    BalasPadam
    Balasan
    1. ඉස්සර බෝඩිම මේ වගේ

      Padam
  2. Ruwan, See this article, It has mentioned about you.

    http://sinhala.lankanewsweb.net/interviews/item/7684-2017-02-15-04-22-31

    BalasPadam
  3. මේ පින්තූරය වැරදි එකක් ය කියා පාසලේ ආදී සිසුවෙකු ඔබට ෆේස්බුක් හි දී නිවැරදි ඡායාරූපයක් ලබා දුන්නා නේද?

    BalasPadam
    Balasan
    1. ඔය උඩින් ඔබ යොදා ඇත්තේ ඉන්දියාවේ [Jawaharlal Nehru Technological University
      College of Engineering, Kakinada] හි කාන්තා හොස්ටලයක පින්තුරයකි.

      http://www.jntucek.org/Hostels.htm

      මටත් පිස්සු මේවා මතකයේ තියාගෙන ඉඳලා!!!

      කෙසේ වෙතත් මෙයින් පැහැදිලි වෙන්නේ හොස්ටල් කොල්ලන්ට බය නිසා ඒ පැත්ත පලාතේ නොගිය ඔබට ඒ ගොඩනැගිල්ල ගැන මතක නැති බවයි!

      Padam
  4. මේක කලින් දැම්මා නේද

    BalasPadam
  5. ම. සරණපාල හිමි = මඩිතියවල සරණපාල හිමි

    BalasPadam
  6. සමහර ඉස්කෝලවල නම් හොස්ටල් කොල්ලොන්ට තිබ්බේ අඩු සැළකිල්ලක්..

    BalasPadam
  7. වික්‍රම සෙනෙවිරත්නව මෑතකදි ටීවී වැඩසටහනක දැක්කා. තරුන පෙනුම රැකගෙන ඉන්නවා.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook