Sabtu, 11 Februari 2017

කවුද මේ සයිටම් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ සමීර සේනාරත්න





සයිටම් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ සමීර සේනාරත්න   රුසියාවේ වෛද්‍ය අධ්‍යාපනයට ගොස් අසමත් වුණු පුද්ගලයෙකු බව  ජ.වි.පෙ. නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසා තිබේ. එහෙත් අප විසින් කල විමර්ශනයකදී හෙළි වූ පරිදි  සමීර සේනාරත්න වෛද්‍ය අධ්‍යාපනය ලැබීම සඳහා යන්නේ රුසියාවේ රොස්ටොව් වෛද්‍ය පීඨයටය​. වසර කීපයක් එම වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබුවද තෙවන වසරේදී  ඔහුට එම වෛද්‍ය පීඨයෙන් ඉවත් වීමට සිදුවේ. පසුව ඔහු නිශ්නිනොවොගෝරද්  හි වෛද්‍ය පීඨයකට  බැඳී  තිබේ. එහෙත් ඔහු වෛද්‍ය උපාධිය අවසන් කලේද යන්න බවට තොරතුරු තවමත් අප වෙත ලැබී නැත​. 2008 වසර ආසන්න කාලයක ඔහු ශ්‍රී ලංකාවට පැමිනේ. නමුත් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයෙකු ලෙස වැඩ කිරීමට අවශ්‍ය සුදුසුකම් ඔහු සපුරා නැත​. එසේම සීමාවාසික පුහුණුව ලබා කිසිම රජයේ රෝහලක  සේවය කොටද නැති බවද වාර්තා වේ. 

28 ulasan:

  1. ඒ කියන්නේ අනුර හරිද?

    BalasPadam
    Balasan
    1. තවමත් නොදනිමු

      Padam
    2. Let's rephrase, there is no evidence that Sameera Senarathne has completed his medical degree and there is no evidence that he didn't either?

      Padam
  2. දොස්තර ඉගෙනීමටත් වංගු ගහපු හින්දාද දන්නේ නෑ උන්ඩෙත් වංගු ගැහැව්වේ

    BalasPadam
    Balasan
    1. උන්ඩේ වර්තමාන තත්වය මොකක්ද ?

      Padam
  3. CEO is not an academic position (it is an admin job), he doesn't have to be a medical doctor do the job. What's fuss Dr?

    BalasPadam
  4. ඔහු වයිද්ය වරයෙක් නොවේ නම් හෝ ආචාර්ය උපාධිධාරීයඋපාධිධාරීයෙක් ද නොව් නම් call him Mr sameera senarathna.

    BalasPadam
    Balasan
    1. ඔහුට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගන්නා වෛද්‍ය පීඨයකින් MD ඩොක්ටර් ඔෆ් මෙඩිසින් උපාධිය තිබේ නම් ඩොක්ටර් සම්මානය භාවිතා කල හැකිය

      Padam
  5. විධායක අධ්‍යක්‍ෂ දොස්තර කෙනෙක් වෙන්නම ඕනද

    මං දන්නේ නැති නිසා අහන්නේ

    පැහැදිලි කරන්න

    BalasPadam
  6. හපොයි ඩොක්ට. අර කිව්වත් වගේ එහෙනම් බුලට් දෙකම මේ මනුස්සයාගේ වාහනේ වීදුරුව පසාරු කරගෙන ගිහිං ඔළුව වටේ රවුම් දෙකක් කරකැවිල බුලට් ම කාර් එකේ දොර ඇරගෙන එලියට ගිහිං.

    අනෙ අම්මප හීන් බබාගේ අප්පොච්චගේ කථා මීට වඩා ෂෝක් 😂😂😂😂😂😂

    BalasPadam
  7. එහෙනම් නන්දසිරි විජේවීර වගේ පොරක් නේ!

    BalasPadam
    Balasan
    1. දොස්තර තිස්ස කියලනේ එතුමා ප්රසිද්ධ උ‍න‍ේ

      Padam
  8. සයිටම් එකේ ගැටළු අඩු පාඩුකම් තියනවා කියලනම් දැනෙනවා. තවත් බංග්ලාදේශයේ තියන මෙඩිකල් කොලේජ් එකක් වගේද මන්ද. මහා බ්‍රිතාන්‍යයේ බ්ලැක් ලිස්ට් කරලා කියලත් ආරංචියක් ආවා.

    එත් රජයේ වෛද්‍යවරු බහුතරයකගේ තියෙන්නේ හීනමානය සහ කුහකත්වය.

    BalasPadam
    Balasan
    1. හීනමානය සහ කුහකත්වයනැති කල යුතුයි

      Padam
  9. Medical Ordinance එක amend කරන්න ඕන කියල දැන්ද SLMC එකට හිතුනේ සයිතම් issue එක අනුව ඇමතිට වැඩිබලයක් තියෙන බව රටට එල් වුන නිසා ? රුවන් , ලංකාවේ MBBS කියන්නනේ ප්‍රඨම වෛද්‍ය උපාදිය, MD කියන්නනේ පශ්චාත් උපාදිය , රුසියාවේ , ඇමරිකාවේ MD කියන්නේ ප්‍රඨම වෛද්‍ය උපාදිය. දැන් ලංකාවේන් MBBS අරගෙන ඇමරිකාවෙන් MD අරගෙන (දෙකම ප්‍රඨම උපාදි) ලංකාවට ඇවිල්ල පුද්ගලික ක්ලින්ක් එකක් දාගෙන නමට අගින් ගහනවා Dr somebody MBBS, MD කියල , මිනිස්සඑ විතරක් නොවේ සමහර වෛද්‍ය වරුත් මෙයාට රෑවටෙනවා, විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් කියල. දැන් වෛද්‍ය සභාවෙන් ඇහුවම මොකද්ද කියන්නේ ? එයාට " ඒ සඳහා පුහුණුවක් ඇත්නම් ශල්‍ය කර්ම කිරීමට නිතියෙන් බාආවක් නැත " කියල . ඒකිියන්නනේ පුහුනුව පරීක්‍ෂාකිරීමේ බලයක් එකට නෑ . එතකොට ලෙඩ්ඩුද එයාගේ පුහුණුව පරික්‍ෂා කරන්න ඕන ?

    BalasPadam
    Balasan
    1. දැන් ලංකාවේන් MBBS අරගෙන ඇමරිකාවෙන් MDත් ගන්න වෛද්‍ය විද්‍යාල දෙකකට යන්න වෙනවා. MBBS තියන අය ඇමරිකාවේ විභාගයකට ලියලා එහෙ වැඩ කරන්න ලයිසන් එක ගන්න එකයි කරන්නේ

      Padam
  10. ඔහු වෙදකම් කරන්නෙ නෑ... පාළකයෙක් පමණයි...

    දොස්තරලගේ ඉස්ටිකර් එක... දොස්තරලා නොවන හස්බන්ඩ්ලා වයිෆ්ලත් ගහගෙන යනවා..

    දොස්තර ඉස්ටිකර් එක තියන ළමයිත් ඉන්නවා... ඔය කොළඹ ඉස්කෝල ගාවට ගියා නම් බලා ගන්න පුළුවන්...

    BalasPadam
    Balasan
    1. ඔව්! හැම තැනකම බොරුවනේ කරන්නේ. ඉතින් මොකද වෙන්නේ. මේ තවත් බොරුව කරන තැනක්නේ. ඒ නාසා ඕනැ දෙයක් ඔට්ටුයි. ඔන්න තලන්ගේ තර්කෙ.

      Padam
  11. විධායක අධ්‍යක්ෂ වීමයි වෛද්‍ය උපාධියක් නැති එකයි අතර සම්බන්ධෙ මොකක්ද...

    BalasPadam
    Balasan
    1. සබඳතාවක් නැත

      Padam
    2. වෛද්‍ය උපාධියක් ඇතැයි රට මුලා කරන, බොරු දොස්තර කෙනෙක් ලෙස පෙනී සිටින, විධායක අධ්‍යක්ෂවරයෙක් සිටින අපරක්ෂාකාරී හෝ වංචා සහගත ආයතනයක් වෛද්‍ය විද්‍යාව ඉගැන්වීමට පැමිණිම ගැන අදහසක් ගත හැකි වීමය.

      Padam
    3. බොරු දොස්තර කෙනෙක් ලෙස පෙනී සිටියානම් වැරදිය

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook