Rabu, 1 Februari 2017

බහුමාන්ලා

  




එක්දහස් නවසිය අනූ ගනන් වල බහුමාන් නම් සුද්දෙක් මීගමුවේ ළමා අපචාරී සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබීය​. මෙම බහුමාන් පෙනී සිටියේ සමාජ සේවකයෙකු ලෙසටය​. ඔහු දුගී ළමුන්ට උපකාර කරන ලෙසින් ලාංකික ළමුන් බොහෝ ප්‍රමානයක් ලිංගික අපයෝජනයට ලක් කල බව කියවේ. මෙම අපයෝජන සිද්ධිය නිසා මීගමුවේ ජනතාව බහුමාන්ට විරුද්ධව උද්ඝෝෂනය කලහ​. 

සල්ලි තිබූ නිසා වික්ටර් බහුමාන් නම් මෙම සුද්දා ලංකාවේ නීතියෙන් බේරී සිය රට බලා ගියේය​. එහෙත් පසුව හෙලි වූ පරිදි ඔහු විසින් ලංකාවේ  ළමුන් 1500 කට ආසන්න ප්‍රමාණයක් වසර ගනනාවක් පුරා ලිංගිකව අපයෝජනය කොට  තිබුනි .

බහුමාන් සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව රෝහලේ ශල්‍යාගාරයේ හෙදි ඩිනාලි මිස් අපව දැනුවත් කල අතර බහුමාන්ට විරුද්ධව නගරයේ පැවති උද්ඝෝෂණ ගැනද ඇය කීවාය​. මේ උද්ඝෝෂණ හේතුවෙන් සුද්දෙකු දකින විට ඔන්න බහුමාන් කෙනෙක් කියා චකිතයක් මිනිසුන් තුල ඇති වූ බව පෙනෙන්නට තිබුනි. 

මීගමුව රෝහලේ ශල්‍යාගාරයේ නිර්වින්දන වෛද්‍යවරයෙකු ලෙස සේවය කල වෛද්‍ය එච් ජී සුබසිංහගේ ආරාධනය පරිදි වරක් ජර්මන් ජාතිකයන් පිරිසක් ශල්‍යාගාරයට අවශ්‍ය ශල්‍ය ඇඳුම් , ශල්‍ය උපකරණ ආදිය ගෙන ආවෝය​. ඔවුන් ගේ භාණ්ඩ පරිත්‍යාගයෙන් පසු ශල්‍යාගාරයේදී  මෙම විදේශික පිරිසට තේ පැන් සංග්‍රහයක් ද පවත්වන ලදි. 

මීගමුව රෝහලට සුද්දන් පිරිසක් ආ බවට රාවය රෝහල පුරා ගිය අතර වෛද්‍ය ලිලිත් ලියනගේ විසින් විහිළුවට ඔන්න බහුමාන්ලා කට්ටියක් තියටර් එකට ඇවිත් යැයි කීවේය​. මෙම බහුමාන් කතාව රෝහලේ පැතිර ගිය අතර සමහරක් විශ්වාස කලේ ළමා අපයෝජකයන් පිරිසක් විසින් මීගමුව ශ්‍යල්‍යාගාරය වටලා ඇති බවය​. මේ නිසා විවිධ වාට්ටු වලින් පිරිස ශල්‍යාගාරයට ඇවිත් බහුමාන්ලාව නරඹන්නට වූහ​. මේ කිසිවක් ගැන නොදත් ජර්මානු පරිත්‍යාගශීලීන් ශල්‍යාගාරයට එක් රැස් වූ පිරිස දෙස බලා සිනා පෑහ​. එහෙත් පිරිස සැක මුසුව මේ සුද්දන් දෙස බලමින් කෙඳිරූහ​. ආගන්තුකයන් සමහරක්  අත් දිගු කලහ​. එහෙත් බහුමාන් බිය තිබූ පිරිස ඈත් වූහ​. 

රෝහලේ මතු වන කසු කුසුව නිසා සුද්දන්ට අහිතකර යමක් වේය සිතූ වෛද්‍ය එච් ජී සුබසිංහ ඔවුන්ව පිටත් කලේය​. සුද්දන් රෝහලෙන් ගියද බහුමාන් කතාව සුමාන ගනනක් යන තෙක් රෝහලේ තිබුනේය​. යම් ලෙසකින් තෑගි අරන් ආ සුද්දන් ඔවුන්ව බහුමාන්ලා ලෙස සැලකූ බව දැන සිටියේ නම් ඔවුන් සියළු පරිත්‍යාගද ඉල්ලාගෙන ආපසු යන්නට ඉඩ තිබුණි. 



13 ulasan:

  1. මුහුදුබඩ ප්‍රෙද්ශවල පවතින සංචාරක කර්මාන්ත නිසා ළමා අපචාර බහුලයි කියනවා ෙන්ද???

    BalasPadam
    Balasan
    1. මුහුදුබඩ ප්‍රදේශවල සංචාරයකයින් සිටන නිසා එම ප්‍රදේශවල සිදුවන ළමා අපචාර අතර ඔවුන් සම්බන් ද ඒවත් තියෙනවා. විදෙස් සංචාරකයින් අඩු පෙදෙස්වල අපයෝජනයන් සිදු වන්නේ ලාංකිකයින් අතින් පමනයි.
      එලෙසම සිංහල ප්‍රදේශවල සිංහලයින්ද දෙමල ප්‍රදේශවල දෙමළ අයද මුස්ලිම් ප්‍රදේශවල මුස්ලිම් අයද වැදි ප්‍රදේශවල ඔවුන් ද වශයෙන් ද චීනයේදී චීනුන් හා ජපානයේදී ජපනුන් ලෙසින් ද දැක්විය හැකියි.

      Padam
  2. 'ලේසි සල්ලි' හොයන්න සංචාරකයන් හට පමනක් සීමාවූ ලිංගික ශ්‍රමිකයින් විදිහට බාලවයස්කාර දරුවන් යොදවාගැනීම අමුතුවෙන් හංගන්න දෙයක් නෑ නෙ. ෆීල්ඩ් එකේ අය කැමති නම් විස්තර කියයි ඇති පදම්.ඕකෙන් ආර්ථික අතින් ගොඩ ගිය අය වගේම සෞඛ්‍යමය අතින් කෙලෝගත්ත උදවියත් බුරුතු පිටින්... 'මීගමුව' කිව්වම ආයෙ මක්කෙයි..
    ජයවේවා..!!

    BalasPadam
  3. Ulasan ini telah dialihkan keluar oleh pentadbir blog.

    BalasPadam
  4. කාළයක් ලංකාව ප්‍රසිද්ධම වෙලා තිබුනේ ඔය වැඩේට... පස්සෙ ඕක කරපු උන්ගෙම දරුවෝ ඕවයේ ගොඳුරු බවට පත් උනා.. දැන් නම් එහෙම එවා වෙන්නෙම් නැති තරම්..

    හේතුව... ඒ සඳහා ප්‍රසිද්ධ වෙනත් රටවල් බිහි වීම.

    BalasPadam
    Balasan
    1. ඔව් ඉතින් උඹත් ඒකාලේ බොලේ වගේ රතුවට හිටියට රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ කවුරුත් මුකුත් කලේ නැනේ වනවාසල වෙන්න !

      Padam
    2. ඒ සඳහා ප්‍රසිද්ධ වෙනත් රටවල් බිහි වීම.//////////////// Thailand

      Padam
  5. මිනිස් හිත් වල සැකය වැඩෙන්නේ හරියට වල් පැළ වගේ...

    BalasPadam
  6. මේ සිද්ධිය මටත් මතකයි. අපිත් මේ වගේ වැඩ කරපු පොරවල්වලට කිව්වෙ බහුමාන් කියලා

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook