Isnin, 12 Disember 2016

දෙවියනි ඔබ කොහිද


අහෝ  ලෝකය මැවූ දෙවියනි  ඔබ කොහිද     
කියනු මැන පහදා මා හ​ට 
අයැදූ මුත් ඔබගෙන් කරුණාව  
විනාශ කලේය ඔබ සහමුලින්ම  
සොඩාම් සහ ගොමෝරාව 

අහෝ දෙවියනි කියනු මැන 
ඇයිද උච්ඡේදනය කලේ මිනිසුන්
මහා විනාශකාරී ජලකඳක් මවා
මන්ද නෝවා පමණක් බේරා ගත්තේ 
අනෙකුන් සහමුලින් අතහැර

අහෝ සර්වබලධාරී දෙවියනි 
මන්ද ගෙනාවේ විනාශකාරී 
දස පීඩා ඊජිප්තු දේශය​ට
කියනු මැන නොවී සරොස්

මාගේ දෙවියනි ඔබ නුදුටුවේද​
දුක්ඛිත සිදුවීම් මධ්‍යකාලීන යුරෝපයේ
අඳුරේ ගිලී ගියේය මහද්වීපය
යටපත්වී ගියේය විදු නැණ
අහෝ දෙවියනි එම කාලයේදී
ඔබගේ නාමයෙන්
ගිනි ගසා මැරුවෝය ඔවුන්
කාන්තාවන් සහ මානසික රෝගීන්
සාතන් ගේ ඒජන්තයන් කියා
අහෝ දෙවියනි දන්නේද ඔබ
ඔබගේ නාමයෙන් කල ජනඝාතන
ආසියාවේ අප්‍රිකාවේ හා දකුණු ඇමරිකාවේ
ශිෂ්ටාචාර මිහිපිටින් තුරන් කරමින්
අහෝ දෙවියනි බලනු මැන
ගින්නට දමයි ඔවුන් කැල්වින්ව
එම පාරේම යවයි බ්රූනෝව
සිරගත කරයි ගැලීලියෝව
ඔබගේ ශ්‍රී නාමයෙන්
අහෝ දෙවියනි ඔබ කොහිද
අසන්න මෙය මෙත් සිතින්
එදිරි වූයේය ඔබගේ පුතුන්
දෙන්නට වහලුන්ට නිදහස
එපමනක් නොවේ දෙවියනි
ඔබගේ පුතුන් එදිරි වූහ
යටත් විජිතයන් නිදහස් කිරීමට
අහෝ දෙවියනි දැන සිටියේද ඔබ
මිය ගිය විට හිට්ලර් ජර්මානියේ
පැවැත්වූයෝය ඔබගේ පුතුන් දේව මෙහෙයක්
හිට්ලර් ගේ ආත්මයට සුව පතා
අහෝ දෙවියනි ඔබ කොහිද
අහෝ දෙවියනි ඔබ කොහිද


18 ulasan:

  1. මෙහෙත් එහෙමයි....

    BalasPadam
  2. අහෝ දෙවියනි..!!

    කිමද මැවුවේ රජතුමෙක්,
    හිටපු රජතුමෝ,
    ඉදිරියටත්,
    රජකරවමින්,

    (නමුත්,
    අමතක නොකරමි,
    භාණ්ඩාගාර බිල්පත්..)

    ප.ලි.
    අන්තිම පද පේලි තුණ, #සා_රස තුමා ගේ පසුබට නොවනා වෑයම සදහා ගෞරව දැක්වීම පමණි. 👍🏽

    BalasPadam
    Balasan
    1. සාරසයා භාණ්ඩාගාරේ ගැන ලියන්නේ නැහැ කියල ඉකොනෝමැට්ටට කෝචෝක් කරකර හිටියට, ඉකොනෝ ලිපි පෙළ පටන් ගත්තට පස්සේ පැත්ත පළාතේ දකින්න නැහැ. යන්න ඇති මහිතේ හොරෙන්. පව් ආතල් කුඩු වෙනවනේ කමෙන්ට් දමන්න ගියොත්.

      Padam
    2. සරසට කෙසේවෙතත් රනිල්ගේ මොන වැරදි තිබ්බත් හොරෙක් නෙවෙයි කියල කියපු ටෝය්යන්ගේ නම් ආතල් කුඩුවුනා එකසිය ගානට, පව්.

      Padam
    3. ඇත්තම කියනවනම් මචංලා.. මේ ආණ්ඩුව මගෙ ආතල් කුඩු කළා. දැන් නං ඒකත් ආතල්. නත්තල නිසා තවත් ආතල් 🤓

      Padam
  3. සමිදානන් යනු (spacetime)අවකාශ කාලයට පිටතින් සිටින්නෙක් ඔහුට අවකාශ කාලය වෙනස්කල හැකියි.
    එනම් ඕනෑම අවාසනාවන්ත සිදුවීමක් අවකාශකාලය වෙනස්කිරීම හරහා සිදුනොවීමක් බවට පත්කල හැකියි.
    දෙවි සාධාරණ හේතුවක් මත ටිකකලකට ලෝකය සාතන්ට බාරදී තිබෙනවා.
    කිතුනුවා ලෝකයේ කොටසක් නොවියයුතුයැයි සදහන් වන්නේ මේ සිස්ටම්එක සේවය කරන්නේ සාතන්ට නිසයි.
    ඉහත මහන් සියල්ල එම සාතන්ගේ පාලනයේ ඵල. දෙවිට කැමතිවිට ඒවා වෙනස්කල හැකියි.
    එය මොනතරම් සතුටුදායක පුවතක්ද?

    BalasPadam
    Balasan
    1. දෙවි සාධාරණ හේතුවක් මත ටිකකලකට ලෝකය සාතන්ට බාරදී තිබෙනවා////// OMG

      Padam
    2. https://www.jw.org/si/ බලන්න. ආගම අබින් කිව්වට මේක හෙරෝයින්.

      Padam
    3. ඒ කියන්නෙ දෙවි සමිදාණෝ මේ දවස් වල පොඩි ආතල් එකක් ගන්නවා ලෝකෙ සාතන්ට දීල මිනිස්සු පිස්සු කෙලිනවා බල බල. ඊට පස්සේ හෙමින් සැරේ සීන් එක රිවයින් කරලා එඩිට් කරනවා වැඩේ නොවිච්ච විදියට. දෙව් සමිදාණෝ හොඳයි දෙමළ ෆිල්ම් ඩිරෙක්ට් කරන්න...

      Padam
  4. නත්තලට අලුත් සිතුවිල්ලක්.

    BalasPadam
  5. මිනිස්සුන්ම තමා දෙවියන් කියලා කෙනෙක් හදාගත්තෙ... ඕනෙම මිනිහෙක්ට තමුන් කැමති වෙලාවකට තව කෙනෙක්ට දෙවියෙක් වෙන්නත් සාතන් කෙනෙක් වෙන්නත් පුලුවන්...

    නත්තලට කියාපු නිසදැස්...

    BalasPadam
  6. දෙවියන්ගෙ වැඩත් කරන්න වෙලා තියෙන්නෙ මට...ඒ කම්මැලි මෝඩයා මොනවත් කරන්නෙ නෑ !

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook