දේශප්‍රේමය නිර්වචනයක් නොමැති වචනයකි
දේශප්‍රේමය උභයාර්ථ වචනයකි
දේශප්‍රේමය මෝඩයාට කැරට් අලයකි
දේශප්‍රේමය කපටියාට ධන ආකරයකි
දේශප්‍රේමය මෝඩයාට ස්වයං වින්දනයකි
දේශප්‍රේමය කපටියාට බලයට යා හැකි ඉණිමඟකි
දේශප්‍රේමය මෝඩයාගේ දෙනෙත් මෝහනය කරයි
දේශප්‍රේමය කපටියාව කුල්මත් කරයි
දේශප්‍රේමය මෝඩයා අන්‍යන්ට අලවන ලේබලයයි
දේශප්‍රේමය කපටියා අන්‍යන්ට විකුණන වෙළඳ භාණ්ඩයයි
දේශප්‍රේමය මෝඩයා පාලනය කිරීමට කපටියා යොදන කරපටියයි

**** මෙය සිරි ලංකාවේ දේශ ප්‍රේමය ගැන විග්රහයකි.
BalasPadamමමත් එකගයි.
++++++++++++++++++++++++
Padamදේශප්‍රේමය රතු කුරහන් සාළුවකි
BalasPadamඑහෙමත් කාලයක් තිබුනා
Padamකපටින් හෝ මෝඩයන් නොවන මිනිස්සු සැමුවෙල් ජොන්සන්ගේ කියමන පිළිගනිති.
BalasPadamagree
Padamදේශප්‍රේමය කියන සංකල්පයට හොඳ අරුතක් හිමි කාලයක් තිබුණා, ඒ යටත් විජිත සමයයි!
BalasPadamඇයි භීම සමය කාලෙදි
Padamඇයි පසුගිය "මහින්ද"යුගය
Padamදේශප්‍රේමය පාලකයාට ආභරණයකි...
BalasPadamtrue
Padamජපානය, ඊශ්‍රායලය වගේ රටක දේශප්‍රේමය විග්රහ කරන්න ඕන කොහොමද
BalasPadamජපන්වලින් දේශප්‍රේමයට කියන්නෙ අයිකොකු (愛国)
Padam愛 = අයි = ලව්
国 = කොකු = කුනී = රට
හැබැයි දේශපාලන වේදිකාවලදිනම් කවදාවත් ඇහෙන්නෙම නෑ.
අවට ගහට කොලට, පරිසරයට සහ රටට ආදරය කරන්න මොන්ටිසෝරියෙදි ඉඳලම ඉගෙන ගන්නවා.
ඒ නිසා දේශප්‍රේමය ගැන වෙනම කතා කරන්න වේදිකා අවශ්‍ය නෑ.
++++++++++++++
Padamඉතාමත් තදබල ( සැමුවෙල් ජොන්සන්, ස්කොට්ලන්තය ගැන දැක්වූ අදහස් හා ඇමරිකන් ජනපද ගැන දැක්වූ අදහස් බලන්න ) ජාතිවාදී අදහස් හා දේශප්‍රේමී අදහස් තිබූ සැමුවෙල් ජොන්සන්ගේ ප්‍රකාශයක් ගෙන නම් ඔබට දේශප්‍රේමයේ අඩු පාඩු කිව නොහැකි බව සිතේ.
BalasPadamපහු ගිය චන්ද කාලයේදී අපේ බොහෝ පණ්ඩිතයෝ සැමුවෙල් ජොන්සන් යනු ඔවුන් වගේම නියෝ ලිබරල් අදහස් ඇත්තෙක් බව සිතා පණ්ඩිත ප්‍රකාශ කල බව නම් මතකය.
"...Johnson denounced English supporters of American separatists as "traitors to this country", and hoped that the matter would be settled without bloodshed, but he felt confident that it would end with "English superiority and American obedience..."
"...Johnson, like many of his fellow Englishmen, had a reputation for despising Scotland and its people."
if you tell the truth, you don't have to remember anything -Mark Twain
PadamYou will not be punished for your anger; you will be punished by your anger -The Buddha
Give a man a fish and you feed him for a day. Teach a man fishing and you feed him for a life time - Mao Zedong
පුද්ගලයා සැලකිල්ලට නොගෙන අදහස්වල වටිනාකම ගත්විට මටනම් මේ කියමන් වගේම සැමුවෙල් ජොන්සන්ගේ කියමනත් අගෙයි
goo point
Padamපුද්ගලයා සැලකිල්ලට නොගෙන අදහස් ගන්නවානම් සැමුවෙල් ජොන්සන්ගෙ නම යොදා ගන්න මොන හේතුවකටද?
Padamමට අනුවනම් එය ඒ පුද්ගලයාගේ අදහස තමන්ගේ දේශපාලන ඕනෑඑපාකම් අනුව කැමති අර්ථකතන දී විකෘති කිරීමක්.
මොකද සැමුවෙල් ජොන්සන්නම් කිසිවිටෙකත් දේශප්‍රේමය නරක දෙයක් කියා නෑ. ඔහු කියා ඇත්තේ තක්කඩි වැඩ කරමින් ඒවා දේශප්‍රේමයෙන් වසා ගන්නා අය ගැන. සැමුවෙල් ජොන්සන් කුමන ආකාරයේ අදහස් දේප්‍රේමී අදහස් ලෙස සැලකුවාද යන්න ඔහු ගැන කියුවූ කෙනෙකුට තේරෙනවා ඇති.
විශේෂයෙන්ම වෙනත් පුද්ගලයන්ගේ අදහස් උපුටා දක්වද්දී පරිස්සම් වෙන්න ඕන. උදාහරනයක් "Give a man a fish and you feed him for a day. Teach a man fishing and you feed him for a life time" ලෙස කියන කියමන Mao Zedong කියපු එකක් නොවේ.
සැමුවෙල් ජොන්සන් කියපු එකක් නම් ඒක ඔහුගේ කියමනක්. අදහස හොඳ නම් ක්‍රියාව හොඳ නම් එහි ගෞරවය ඒ ඒ පුද්ගලයාට ලැබිය යුතුය. ජර්මනියට හොඳ අධිවේගී මාර්ග පද්ධතියක් ලැබුනේ හිට්ලර්ගේ සංකල්පයකට අනුව. හිට්ලර් පිළිකුල් කරන ජර්මානුවන් පවා එය අගේ කරනවා. Mao Zedong ගේ කියමනක් හැටියට මා අසා තිබෙන නිසා ඔහුගේ නම සඳහන් කලා. එය මර්වින් සිල්වාගේ කියමනක් උනත් මා එයට ගරු කරනවා. දේශප්‍රේමය නරක දෙයක් නොවන්නේ තමන්වෙතම තබා ගන්නා තුරු පමණක් බව මගේ පිළිගැනීමයි. හරියට ආගම වගේ.
Padamහිට්ලර් ගැන මම මුකුත් මෙතන කියන්නේ නෑ කතාව වෙන පැත්තකට යන නිසා.
Padamමේ කියමන ගැන කියනවනම්, ඔබ හිතන් හිටපු අදහස නම් එහි නෑ.
සැමුවෙල් ජැක්සන් කියන්නේ තමන්ගෙ අදහස් හන්ගා ගෙන හිටපු කෙනෙකුත් නෙමේ.
https://matahithenahatiblogger.blogspot.com/2016/11/blog-post_27.html?showComment=1480580886287#c1274036119069272799
BalasPadamදේශප්‍රේමය යනු යමෙක් තම පවුලට වඩා ආදරය කරමින් පවුලට වඩා රටට වඩා ආදරය කරන බව කියන විට එය විශ්වාස කිරීමට තරම් මෝඩ වීමයි.
BalasPadamහරියට ඔයා රනිල් හොරා නෙවෙයි කිව්වම එක විස්වාස කරන අයවගේ!
Padam++++++++++
Padamසංහිදියාව නිර්වචනයක් නොමැති වචනයකි
BalasPadamසංහිදියාව උභයාර්ථ වචනයකි
සංහිදියාව මෝඩයාට කැරට් අලයකි
සංහිදියාව කපටියාට ධන ආකරයකි
සංහිදියාව මෝඩයාට ස්වයං වින්දනයකි
සංහිදියාව කපටියාට බලයට යා හැකි ඉණිමඟකි
සංහිදියාව මෝඩයාගේ දෙනෙත් මෝහනය කරයි
සංහිදියාව කපටියාව කුල්මත් කරයි
සංහිදියාව මෝඩයා අන්‍යන්ට අලවන ලේබලයයි
සංහිදියාව කපටියා අන්‍යන්ට විකුණන වෙළඳ භාණ්ඩයයි
සංහිදියාව මෝඩයා පාලනය කිරීමට කපටියා යොදන කරපටියයි
මෙහි සංහිදියාව වෙනුවට යහපාලනයද යොදාගත හැකිබව කරුණාවෙන් සලකන්න.
mmmmmmmmmmmmm
Padam