Rabu, 30 November 2016

Patriotism නොහොත් දේශප්‍රේමය

 



දේශප්‍රේමය නිර්වචනයක් නොමැති වචනයකි 
දේශප්‍රේමය උභයාර්ථ වචනයකි
දේශප්‍රේමය මෝඩයාට කැරට් අලයකි 
දේශප්‍රේමය කපටියාට ධන ආකරයකි
දේශප්‍රේමය මෝඩයාට ස්වයං වින්දනයකි 
දේශප්‍රේමය කපටියාට බලයට යා හැකි  ඉණිමඟකි 
දේශප්‍රේමය මෝඩයාගේ දෙනෙත් මෝහනය කරයි
දේශප්‍රේමය  කපටියාව කුල්මත් කරයි 
දේශප්‍රේමය මෝඩයා අන්‍යන්ට අලවන ලේබලයයි 
දේශප්‍රේමය කපටියා අන්‍යන්ට විකුණන වෙළඳ භාණ්ඩයයි 
දේශප්‍රේමය මෝඩයා පාලනය කිරීමට කපටියා යොදන කරපටියයි 

26 ulasan:

  1. **** මෙය සිරි ලංකාවේ දේශ ප්‍රේමය ගැන විග්‍රහයකි.

    මමත් එකගයි.

    BalasPadam
  2. දේශප්‍රේමය රතු කුරහන් සාළුවකි

    BalasPadam
    Balasan
    1. එහෙමත් කාලයක් තිබුනා

      Padam
  3. කපටින් හෝ මෝඩයන් නොවන මිනිස්සු සැමුවෙල් ජොන්සන්ගේ කියමන පිළිගනිති.

    BalasPadam
  4. දේශප්‍රේමය කියන සංකල්පයට හොඳ අරුතක් හිමි කාලයක් තිබුණා, ඒ යටත් විජිත සමයයි!

    BalasPadam
    Balasan
    1. ඇයි භීම සමය කාලෙදි

      Padam
    2. ඇයි පසුගිය "මහින්ද"යුගය

      Padam
  5. දේශප්‍රේමය පාලකයාට ආභරණයකි...

    BalasPadam
  6. ජපානය, ඊශ්‍රායලය වගේ රටක දේශප්‍රේමය විග්‍රහ කරන්න ඕන කොහොමද

    BalasPadam
    Balasan
    1. ජපන්වලින් දේශප්‍රේමයට කියන්නෙ අයිකොකු (愛国)
      愛 = අයි = ලව්
      国 = කොකු = කුනී = රට
      හැබැයි දේශපාලන වේදිකාවලදිනම් කවදාවත් ඇහෙන්නෙම නෑ.
      අවට ගහට කොලට, පරිසරයට සහ රටට ආදරය කරන්න මොන්ටිසෝරියෙදි ඉඳලම ඉගෙන ගන්නවා.
      ඒ නිසා දේශප්‍රේමය ගැන වෙනම කතා කරන්න වේදිකා අවශ්‍ය නෑ.

      Padam
  7. ඉතාමත් තදබල ( සැමුවෙල් ජොන්සන්, ස්කොට්ලන්තය ගැන දැක්වූ අදහස් හා ඇමරිකන් ජනපද ගැන දැක්වූ අදහස් බලන්න ) ජාතිවාදී අදහස් හා දේශප්‍රේමී අදහස් තිබූ සැමුවෙල් ජොන්සන්ගේ ප්‍රකාශයක් ගෙන නම් ඔබට දේශප්‍රේමයේ අඩු පාඩු කිව නොහැකි බව සිතේ.

    පහු ගිය චන්ද කාලයේදී අපේ බොහෝ පණ්ඩිතයෝ සැමුවෙල් ජොන්සන් යනු ඔවුන් වගේම නියෝ ලිබරල් අදහස් ඇත්තෙක් බව සිතා පණ්ඩිත ප්‍රකාශ කල බව නම් මතකය.

    "...Johnson denounced English supporters of American separatists as "traitors to this country", and hoped that the matter would be settled without bloodshed, but he felt confident that it would end with "English superiority and American obedience..."

    "...Johnson, like many of his fellow Englishmen, had a reputation for despising Scotland and its people."

    BalasPadam
    Balasan
    1. if you tell the truth, you don't have to remember anything -Mark Twain
      You will not be punished for your anger; you will be punished by your anger -The Buddha
      Give a man a fish and you feed him for a day. Teach a man fishing and you feed him for a life time - Mao Zedong
      පුද්ගලයා සැලකිල්ලට නොගෙන අදහස්‌වල වටිනාකම ගත්විට මටනම් මේ කියමන් වගේම සැමුවෙල් ජොන්සන්ගේ කියමනත් අගෙයි

      Padam
    2. පුද්ගලයා සැලකිල්ලට නොගෙන අදහස් ගන්නවානම් සැමුවෙල් ජොන්සන්ගෙ නම යොදා ගන්න මොන හේතුවකටද?

      මට අනුවනම් එය ඒ පුද්ගලයාගේ අදහස තමන්ගේ දේශපාලන ඕනෑඑපාකම් අනුව කැමති අර්ථකතන දී විකෘති කිරීමක්.

      මොකද සැමුවෙල් ජොන්සන්නම් කිසිවිටෙකත් දේශප්‍රේමය නරක දෙයක් කියා නෑ. ඔහු කියා ඇත්තේ තක්කඩි වැඩ කරමින් ඒවා දේශප්‍රේමයෙන් වසා ගන්නා අය ගැන. සැමුවෙල් ජොන්සන් කුමන ආකාරයේ අදහස් දේප්‍රේමී අදහස් ලෙස සැලකුවාද යන්න ඔහු ගැන කියුවූ කෙනෙකුට තේරෙනවා ඇති.

      විශේෂයෙන්ම වෙනත් පුද්ගලයන්ගේ අදහස් උපුටා දක්වද්දී පරිස්සම් වෙන්න ඕන. උදාහරනයක් "Give a man a fish and you feed him for a day. Teach a man fishing and you feed him for a life time" ලෙස කියන කියමන Mao Zedong කියපු එකක් නොවේ.

      Padam
    3. සැමුවෙල් ජොන්සන් කියපු එකක් නම් ඒක ඔහුගේ කියමනක්. අදහස හොඳ නම් ක්‍රියාව හොඳ නම් එහි ගෞරවය ඒ ඒ පුද්ගලයාට ලැබිය යුතුය. ජර්මනියට හොඳ අධිවේගී මාර්ග පද්ධතියක් ලැබුනේ හිට්ලර්ගේ සංකල්පයකට අනුව. හිට්ලර් පිළිකුල් කරන ජර්මානුවන් පවා එය අගේ කරනවා. Mao Zedong ගේ කියමනක් හැටියට මා අසා තිබෙන නිසා ඔහුගේ නම සඳහන් කලා. එය මර්වින් සිල්වාගේ කියමනක් උනත් මා එයට ගරු කරනවා. දේශප්‍රේමය නරක දෙයක් නොවන්නේ තමන්වෙතම තබා ගන්නා තුරු පමණක් බව මගේ පිළිගැනීමයි. හරියට ආගම වගේ.

      Padam
    4. හිට්ලර් ගැන මම මුකුත් මෙතන කියන්නේ නෑ කතාව වෙන පැත්තකට යන නිසා.

      මේ කියමන ගැන කියනවනම්, ඔබ හිතන් හිටපු අදහස නම් එහි නෑ.

      සැමුවෙල් ජැක්සන් කියන්නේ තමන්ගෙ අදහස් හන්ගා ගෙන හිටපු කෙනෙකුත් නෙමේ.

      Padam
  8. https://matahithenahatiblogger.blogspot.com/2016/11/blog-post_27.html?showComment=1480580886287#c1274036119069272799

    BalasPadam
  9. දේශප්‍රේමය යනු යමෙක් තම පවුලට වඩා ආදරය කරමින් පවුලට වඩා රටට වඩා ආදරය කරන බව කියන විට එය විශ්වාස කිරීමට තරම් මෝඩ වීමයි.

    BalasPadam
    Balasan
    1. හරියට ඔයා රනිල් හොරා නෙවෙයි කිව්වම එක විස්වාස කරන අයවගේ!

      Padam
  10. සංහිදියාව නිර්වචනයක් නොමැති වචනයකි
    සංහිදියාව උභයාර්ථ වචනයකි
    සංහිදියාව මෝඩයාට කැරට් අලයකි
    සංහිදියාව කපටියාට ධන ආකරයකි
    සංහිදියාව මෝඩයාට ස්වයං වින්දනයකි
    සංහිදියාව කපටියාට බලයට යා හැකි ඉණිමඟකි
    සංහිදියාව මෝඩයාගේ දෙනෙත් මෝහනය කරයි
    සංහිදියාව කපටියාව කුල්මත් කරයි
    සංහිදියාව මෝඩයා අන්‍යන්ට අලවන ලේබලයයි
    සංහිදියාව කපටියා අන්‍යන්ට විකුණන වෙළඳ භාණ්ඩයයි
    සංහිදියාව මෝඩයා පාලනය කිරීමට කපටියා යොදන කරපටියයි

    මෙහි සංහිදියාව වෙනුවට යහපාලනයද යොදාගත හැකිබව කරුණාවෙන් සලකන්න.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook