Selasa, 8 November 2016

පණ්ඩිත් අමරදේව ගීතවත් කල චිත්‍රසේන ගේ කරදිය මුද්‍රා නාට්‍යය රුසියාවේදී අසාර්ථක වූයේ මන්ද ?




පණ්ඩිත් අමරදේව ගීතවත් කල චිත්‍රසේන ගේ කරදිය මුද්‍රා නාට්‍යය රුසියාවේ බල්ශෝයි රඟහලේ පෙන්වන ලද අතර මුද්‍රා නාට්‍යය ආරභයේදීම හෝයියා හෝයියා-හෝයියා හෝයියා////  හෝ.........  හෝයියා හෝයියා-හෝයියා හෝයියා////  හෝයියා හෝයියා-හෝයියා හෝයියා .... යනාදී වශයෙන් ගායන ඇරඹීමත් සමගම රුසියානු නරඹන්නන් අත්ලෙන් කට වසාගෙන සිනාසුනහ​. සමහරු නැගිට  ගියහ.​

පසුව පෙනී ගියේ මෙම හෝයියා හෝයියා-හෝයියා හෝයියා//// යන්න රුසියානු කුණුහරපයක් බවයි. 


එම ගීතය මෙසේය 


නාට්‍යය - කරදිය (මුද්‍රා නාට්‍යය) (චිත්‍රසේන) 
ගායනය - පණ්ඩිත් අමරදේව ඇතුලු පිරිස
 

හෝයියා හෝයියා-හෝයියා 
හෝයියා//// 
හෝ......... 
හෝයියා හෝයියා-හෝයියා හෝයියා//// 
හෝයියා හෝයියා-හෝයියා හෝයියා//// 
හේලෙ හෙලෙයි හෙලෙයි හෙලෙයි හෙලෙයියා.. 
හෝයියා හෝයියා-හෝයියා හෝයියා// 

මහ මුහුදේ.. ඈත ඉඳන්// 
වෙරළ බලා දවස පුරා.. දවස පු
රා 
වෙරළ බලා දවස පුරා.. 
රැළි පිට රැළි පෙරළි පෙරළි ඇදෙනවා 
හේලෙ හෙලෙයි හෙලෙයි හෙලෙයි හෙලෙයියා.. 

හෝයියා හෝයියා-හෝයියා හෝයියා//// 

ජීවිතයත් මුහුද වගේ... 
නිමක් නැතේ කොනක් නැතේ 
යනවා ආපහු එනවා... 
යනවා ආපහු එනවා 
කරදර දුක් ගැහැට මැදින් 
කඳුළු මැදින් සුසුම් මැදින් 
සෑමදාම එක වාගේ ඇදෙනවා 

හෝයියා හෝයියා-හෝයියා හෝයියා//// 

රෑ යාමේ.. ඝන අඳුරේ.. 
හෙණ හඬ විදුලිය අතරේ 
වැහි නොබලා.. පිනි නොබලා.. 
කුණාටු දිය වැල් නොබලා.. 
හීතල හිම සුලං මැදින් 
මරුට හොරෙන් සෙමෙන් සෙමෙන් 
ඈත එපිට දියඹ බලා ඇදෙනවා.
.. 

හෝයියා හෝයියා-හෝයියා 
හෝයියා//// 
හේලෙ හෙලෙයි හෙලෙයි හෙලෙයි හෙලෙයියා.. 





11 ulasan:

  1. හොයියා හෝයියා ගැන අජිත් ධර්මකීර්ති, හරි සහ මම ජූලි මාසයේ දී කතාබහ කළා.

    මෙන්න ඒ කතාව.
    http://rasikalogy.blogspot.com/2016/07/me-is-good-boy.html?showComment=1469204883142#c2827365909412273863


    BalasPadam
  2. මොකක්ද මේ හොයියා කියන වචනේ රුසියන් තේරුම. කුණුහරුප පෝස්ට් එකත් බැලුවා. හොයාගන්න ෆුල් ට්‍රයි දැම්මා තවම සෙට් උනේ නෑ.

    BalasPadam
  3. හොයියා කියන්නේ අංගජාතෙට කියන සුද්ද සිංහල වචනේ

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook