Sabtu, 5 November 2016

ඉන්දුමතී අධිකාරී ගුරුතුමියගෙන් ආයාචනයක්



මා දයාබර සිසු දරු දැරියනි ,ළබැඳි හිතවතුනි හිතවතියනි ,කිසිම ආගමකට ,ජාතියකට අවමන් කරන කුරිරු අදහස් වපුරන ,පෝස්ටු මා වෙත නොඑවන ලෙස නැවතද කරුණාවෙන් ඉල්ලමි .මගේ සිසුන් එවැනි අදහස් දරනවිට මා මගේ සේවය හරියාකාරව ඉටු කර නැත යන තැවිල්ලෙන් මම බලවත් සේ පීඩාවට පත් වෙමි .රටක් විදියට මේ අදහස් වෙනස් කර ගැනීමට අපි දැනටමත් ප්‍රමාදයි .ලේ ගඳ වින්දා ඇති .අපි වෙනස් වෙමු . හැමට සුබ සෙත පතමි !  

25 ulasan:

  1. යන්නං වාලේ ඉස්කෝලෙ ගිය පළියට ජඩ ගති මැකෙනවා ද ටීචර්?

    BalasPadam
    Balasan
    1. මහා ලොකුවට විශ්වවිද්‍යාලෙට ගිහිල්ලත් කාලකන්ණි ගති අරගත්තෙ නැති උබ වගේ සක්කිලි මේ වගේ වැදගත් පොස්ට් ලියන අයගෙ ලිපි වලට දමන කොමෙන්ට් දැකල උබලට උගන්නපු ගුරුවරු ගැන මට හිනා. උබට තියෙන්නෙ මහා අමුතු පිස්සුවක්. ගිහිල්ල කවුන්සලින් ගනිං. සොරි ඩොක්ට 🙏. මු වල් පාහරයෙක්.

      Padam
    2. @Tilan Ubata mokak hari manasika rogayak thiyanawada. Uba Galle neda. Mahinde ekek neda.

      Padam
    3. ගණන් ගන්න එපා ඇනෝ, Tilan Athur ට තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් තියනවා. රසික කියන දේ එයාට තේරෙන්නේ නැත්තේ ඒකයි. ඒ වගේම එයාගේ භාෂාවත් අපූරුයි.

      Padam
    4. අම්මප තිලාන්, මසුරන් වටින කතාව. කණට මීපැණි වත්කලා වාගෙ.

      Padam
    5. මගේ ඒ ප්‍රතිචාර කියවා ඉන්දුමතී අධිකාරී ටීචර් මෙසේ පවසා තිබුණි.

      Indumathi Adikari සහතික ඇත්ත පුතේ !

      මේ තිලාන් නමැති පුද්ගලයා ගේ ප්‍රශ්නය කුමක් ද?

      කෙසේ වෙතත්, මා ලියූ "යන්නං වාලේ ඉස්කෝලෙ ගිය පළියට ජඩ ගති මැකෙනවා ද ටීචර්?" යන්නෙන් අදහස් කෙරුණේ කුමක් ද යන්නට ජීවමාන උදාහරණයක් ද දැන් ඇත!

      Padam
    6. ඇත්තටම මගේ කමෙන්ටුවට මේ තිලාන් ආතුර නමැත්තා යොදා ඇති ප්‍රතිවාරයෙන් පාසල්වල ඉන්දුමතී ටීචර් වැනි කොතරම් හොඳ ගුරුවරුන් සිටිය ද ඉන් සමහරුණට කිසිදු ප්‍රයෝජනයක් නැති බව හොඳන් පෙනේ!

      එහි වරද ගුරුවරුන් ගේ නොවේ!

      Padam
    7. රසිකගේ කමෙන්ට් එකට ටිලාන්ගේ රිප්ලයි එක හරි විකාරයි. තරහ වෙන්න එපා. මේ අනවශ්‍ය සබ්ජෙක්ට් එකක්. මේක ප්‍රොෆයිල් වලින් කෙරුවත්, ඇනෝ කරත්...වැඩේ එච්චර හොඳ නැහැ. මොකද මේ හරිම නිස්කලංකේ මිනිස්සු ලියන සහ කියවන කාලයක්. මේක ආපහු වෙන දිසාවල්වලට ගියොත්, මේ ආතල් එක නැතිවෙයි.

      Padam
    8. දැන් වැඩේ කියන්නෙ මේ කොමෙන්ට් එක ඇනෝ කෙනෙක් ඇවිල්ල වෙන ප්‍රොෆයිල්කාරයෙකුට දැම්මනම් වේලෙන්නත් කලින් මකල.... අපේ දොස්තර ගොයියා මේක තාම තියන් ඉන්නවා...

      Padam
    9. මං හිතන්නේ ඒ තිලාන් ආතුර ගේ ප්‍රතිචාරය ඉතා වැදගත්. එය දිහටම මෙතැන තියෙන්න අවශ්‍යයි.

      මොකද ඒකෙන්, ඒ ටීචර් කියා ඇති කාරණයේ පොදු අරුත සහ ඊටත් වඩා මා කියා ඇති දේ හොඳින් ඔප්පු වෙනවා!

      Padam
    10. රුවන්,

      ඉහත තිලාන් ආතර් මහතා පැවසූ අදහස් එහෙම පිටින්ම පිළි නොගත්තත් ඔහු මතුකළ මූලික අදහස නිවැරැදිය. ඇත්තටම පාසැල් තුලින් මිනිසුන් හික්මවීමේ සීමාවක් පවතී. මිනිසුන් කෙළින්ම මිනීමරුවන්, අපරාධකරුවන්, පල් හොරුන්, දූෂිතයන් වීම වැළකිය හැකි නමුත් වැඩිහිටියන් පවා විවිධාකාර හේතු මත වෙනස්වීමේ ඉඩකඩක් පවතී. බොහෝ දෙනෙකු "දියුණු" යැයි පම්පෝරි ගසනා යුරෝපා, ඇමෙරිකානු, ඔස්ට්‍රේලියා, කැනඩා ආදී රටවල පවා කුහක අත්මාර්ථකාමී මිනිසුන්ට අපහාස කරන සිද්ධි බහුලය. ((උදාහරන ලෙස වත්මන් ඇමරිකන් ජනපතිවරණයේ ප්‍රචාරක ක්‍රියා දෙස බලන්න)

      දක්ෂ ගුරුවරුන්ට පාසැල් තුළින් ම්ලේච්ඡත්වය පාලනය කළහැකිවුවත් මිනිස් සන්තානය සම්පූර්ණයෙන්ම වෙනස් කල නොහැකියි. උදාහරණ ලෙස ඉහත මුල් කමෙන්ටුව දැමූ පුද්ගලයා ගත හැකියි. ඔහුගේ සැබෑ චරිතය බ්ලොග් කරුවන්ටත් බහුතර පාඨකයන්ටත් තවදුරටත් රහසක් නෙවෙයි. අනුන්ට ජඩයින් කියමින් මඩ ගහන ඔහුට තම ඇසේ ඇති පොල් පරාල නොපෙනීම මවිතය දනවන කරුණක්. ඉතින් තිලාන් ගේ මූලික අදහස සමග එකඟ වන නමුත් ඔහු භාවිත කල වචන සහ එය පැවසූ ආකාරයට එකඟ නොවෙමි.

      Padam
  2. මා විසින් ගොඩක් බුද්ධිමත් උසස් මට්ටමේ පුද්ගලයින් සිතා සිටි පුද්ගලයින් දමන සමහර ෆේස්බුක් පොස්ට් දැක්කම මා ඔවුන් පිලිබඳ සිතා සිටිය විදිහ වැරදි යයි මට වැටහේ,

    ඔවුන්ගේ කමෙන්ට්ස් දැක්කම හිතෙන්නේ ඔවුන්ගේ බුද්ධි මට්ටම ඉතා පහල මට්ටමක ඇතයි කියාය. ඔවුන් නාමික බෞද්ධ අන්තවාදීන් ය. ඉස්ලාම අන්තවාදීන් බෞද්ධ අන්තවාදීන් අතර කිසිඳු වෙනසක් නැත්තේය

    BalasPadam
    Balasan
    1. ජාතිවාදය ආගම්වාදය මිනිසුන් ගේ ජාන වලට පවා ගොස් තිබේ

      Padam
  3. ඉන්දුමතී ටීචර් විසින් පලකරන ලද පොස්ට් එක පිලිබඳ මා ඉතා සතුටුවෙමි. ඇය මාගේ සිතේ වීරවරියක් බවට පත්වුවාය .

    BalasPadam
    Balasan
    1. ඉන්දුමතී ටීචර් මාගේ සිතේ වීරවරියකි

      Padam
  4. තමුන්ගේ ෆේස්බුක් පිටුවේ සිටින අයගෙන් බහුතර සාමාජික සංක්‍යාවක් තම සිසුන් වෙද්දීම, හුදෙක් කුණු දේශපාලනඥයන් කිහිපදෙනෙක් වෙනුවෙන් සිසුන්ට පෙනෙන්නට මෙවැනි දුෂ්ට අදහස් තම ෆේස්බුක් පිටුවේ පළකරනා සමහර ජේෂ්ඨමහාචාර්ය මහාචාර්යතුමන්ලාට ද පාඩමක් කියාදෙන ගුරුතුමියට මගේ ගවුරවය දෙමි. එතුමිය මා දන්නා කෙනකු නොවේ. එහෙත්, සැබෑ ගුරුවරුන් යනු කවුදැයි නැවත අපට පහදා දෙන එතුමිය අපේ ගුරුතනතුරෙහි තබා ගරු කරනු කැමැත්තෙමි.

    මෑතදී අපෙන් වියෝවුන, ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් වරක් කී ලෙසම, මේ සැබෑ ගුරුවරුන්ගේ ගුණ හැරෙන්නට වෙන කුමක් අප ගයමුද ?

    BalasPadam
    Balasan
    1. මේ සැබෑ ගුරුවරුන්ගේ ගුණ හැරෙන්නට වෙන කුමක් අප ගයමුද ?//////////// 100 % agree

      Padam
  5. රුවන් ඔබට පුලුවන්ද මේ ගුරුතුමියට කියලා දෙන්න මුහුණු පොතෙන් කෙනෙක්ව unfriend, unfollow , hide post කරන හැටි වගේම තාවකලිකව ගිණුම අත්හිටවන සහ email ගිණුම් block කරන හැටිත්. එයින්  ඇයට කියලා දෙන්න ඔබට  පුලුවන්  වේවි  පාලනය කල හැක්කේ හෝ සීමා පැනවිය හැක්කේ තමන්ටම මිස අනිත් අයට නොවන බව කියන පාඩම ඇය තවම ඉගෙන ගෙන නැති..

    ඒ වගේම මිනිසුන් කවුද තමන් කවුද යන්න හරි හැටි අඳුර ගන්න තුරු තමන්ගේ පුද්ගලක විස්තර හෝ තමන්ගේ මුහුණු පොතට ඇතුලත් කර ගන්නේ ඇයි කියලා මට නම් නොතේරේ.. එසේ ඇතුලත් කර ගන්නේ තමන් මිස අනිත් අය නොවන නිසා වග කිව යුත්තෙ ද තමන්ම මිස අන් අය නොවේ කියලයි මට නම් හිතෙන්නේ

    BalasPadam
    Balasan
    1. Well said. Hat's off to you dear. That's the bitter truth !

      +++++++++++++++++++++

      Padam
  6. මම ෆේස්බුක් බුවෙක් නොවන නිසාම මේ ගැන නොදණිමි. මිනිසුන්ගේ ස්වාධීන අදහස්, පාදඩ කමින්, අලජ්ජ කමින් හෝ, තගෙන් හෝ මර්ශියෙන් යටපත් කරන්න හදනවා නම්, මේ දියුණු යැයි කියා ගන්නා ලෝකයම ප්‍රෝඩාවකි. ඇය බ්ලොග් ලෝකය තුල මා දකින්නේ මා වැනිම කමෙන්ට්ස්වලට සීමාවු බ්ලොග් කාරිනියක් ලෙසය. ඇයගේ පැසුණු අදහස් පිලිබඳ මමත් ගෞරව කරන්නෙමි. ඇය බ්ලොග් ලිවීම ආරම්භ කලා නම් යම්තාක් දුරට හෝ සංවාද පවත්වා ගත හැකිය. ගුරුතුමියනි..නිවැරදි වේදිකාව තෝර ගන්න.

    BalasPadam
    Balasan
    1. මට වයස 18 දි තාවකාලිකව ලැබුනු රැකියාවක් කල තැනින් මට ආපු ප්‍රශ්නෙකට අරුන මම තාත්තව එක්කන් ගියා.. එදා ඒ ආයතනයේ මගේ උසස් නිලධාරිනිය මට කියලා දුන්නා දැන් මම වැඩිහිටියෙක් මිසක් වෙන අයගේ හෙවනැල්ලෙන් තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනිමේ නොගැලපීම... ඇය මගේ තාත්තා එක්ක කතා කිරිම එකහෙලාම ප්‍රතික්ශේප කල නිසා පැන නැඟිලා තිබුනු ගැටලුව මටම විසඳගන්න සිදු උනා..

      බොහොම පොඩි කාලයයි මම එතන වැඩට ගියේ.. එත් ඇය මට ගොඩක් හොඳින් කියලා දුන්නා තමන්ගේ ප්‍රශ්න තමන්ටම හසුරුවා ගැනීමේ හැකියාව කියන්නෙත් අපි ඉගෙන ගත යුතු දෙයක් කියන එක...

      ගුරුවරයෙක් කියන්නේ අරුන මඟ පෙන්වන්නෙක්..සමහර කමෙන්ට් කියවද්දි හිනා යනවා..

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook