එය 1989 භීෂණ යුගය විය. රට පුරා බැරියර් තිබූ අතර ඒකල ප්‍රදේශයේ ගුවන් හමුදාවේ පිරිසක් බැරියර් එකක් දමා වාහන පරික්ෂා කරමින් සිටියහ. මෙම කණ්ඩායමේ නායකයා ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් කෙනෙකි. රාත්‍රී දහයට පමණ සුදු 404 මෝටර් රථයක් ගුවන් හමුදා බැරියරය හරහා යන්නට ආ අතර ෆ්ලයිට් සාජන්වරයෙක් මෝටර් රථය නැවැත්වීය. මෝටර් රථයේ සිටි පිරිස සංගීත සන්දර්ශනයකට ගොසින් එන ගමන් ය. මෝටර් රථයේ අමරදේව මාස්ටර් ද විය.
ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට්වරයා අමරදේව මාස්ටර්ව වාහනයෙන් බස්සවා ඔහුව මෝටර් රථයේ බොනට්ටුව උඩ නග්ගවා ගීතයක් ගයන ලෙස ඇරයුම් කලේය. කෙසේ නමුත් නිදි මරණ ගුවන් හමුදාවේ පිරිසට විනෝදයක් ලබා දීම සඳහා පණ්ඩිත් අමරදේවයන් කුමරියක පා සලඹ සැලුනා යන ගීතයේ කොටසක් ගායනා කලේය. ඉන් පසුව ගුවන් හමුදා භටයන් ගේ අත්පොලොසන් නාදය මැද පණ්ඩිත් අමරදේවයන් කාර් එකට නැග ගමන ආරම්භ කලේය.
මෙම කතාව දුර දිග ගොස් ගුවන් හමුදාවේ එයා වයිස් මාෂල්වරයෙකුට ආරංචි වූ අතර පණ්ඩිත් අමරදේවයන් කාර් එකේ බොනට්ටුවේ නග්ගවා සිංදු කියවා ඔහුට අපහාස කලා කියා බැරියර් එකේ සිටි කණ්ඩායමට පනිෂ්මන්ට් දීමට එයා වයිස් මාෂල්වරයාට අවශ්‍ය විය. එහෙත් පණ්ඩිත් අමරදේවයන් මේ සිදුවූ සිද්ධිය ගැන සිද්දිය ඉහලට පැමිණිලි කරන්නට ගියේ නැත. එය කොල්ලන් ගේ විනෝද ක්‍රියාවක් බව ඔහු අවබෝධ කරගෙන තිබුනි. පණ්ඩිත් අමරදේවයන් නිරහංකාර නිහතමානී මිනිසෙකු වූ නිසා ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් චාජ් එකේ නොගොස් බේරුනි.

ඒ කාලේ අමරදේව මාස්ටර්ට ගායකයෙකුට තිබුණු පිලිගැනීම ඇරෙන්න මේ තරම් ලොකු ගෞරවයක් තියෙන්න නැතිව ඇති. ඒ කාලේ ජනප්‍රිය ගායකයො උනේ නන්දා මාලනී, ගුණදාස කපුගේ වගේ අයනේ.
BalasPadamවෙන්න ඇති
Padamවරක් අමරදේවයන් ඔමානයට ආවා. ලංකාවට යන දවසේ මස්කට් එයාපෝට් කවුන්ටරයේදි එයාර්ලංකා වගකිව යුතු සේවකයෙක් යම් සිදුවීමක් අරබයා...අප්පේ මෙයාද මේ අමරදේව කියා ඔලොක්කුවක් කරා බොහෝ අය ඉදිරිපිට. අමරදේව හිනාවෙලා නිකං හිටියා. ඒත් ඒ සිදුවීම සංවිධායකවරුන් අත හැරියේ නැහැ. ලංකාවේ පත්තරවලත් ගියා. පසුව ඔහුව එම තනතුරෙන් ඉවත් කලා. මේ සේවකයා මගේත් හිතවතෙක්. ඒත් අපි ඒ සිදුවීම හෙලාදැක්කා.
BalasPadamඑක නම් සාටර්
Padamවී කරල් පැසෙන්න පැසෙන්න, පොළොව දෙසට නැවී පවතී.
BalasPadamඔබ දන්නා මගේ සහෝදරයාත් මමත්, වරක් වැලිඔය ප්‍රදේශයේදී, සුනිල් එදිරිසිංහ මහතා සමග පිළිසඳරක යෙදෙමින් සිටියදී ඉල්ලුවා, හින්දි ගීයක් ගයන්න කියා. අතිදක්ෂ ලෙස ඔහු ජනප්‍රිය හින්දි ගීයක් ගායනා කළා. නමුත් ඔහු කිව්වා, කෙදිනකවත් ප්‍රසිද්ධියේ එලෙස නොගයන බව.
ප්‍රසංග වේදිකාවල, වැරදි උච්ඡාරන සහිතව, ඊනියා හින්දි ගීත වනසන අයෙක් අසා සිටියානම්, ලැජ්ජාවේ පණ යනවා, තමන්ගේ තරම වැටහීමෙන්.
වී කරල් පැසෙන්න පැසෙන්න, පොළොව දෙසට නැවී පවතී. ++++++++++++++++++
Padamඅමරදේව මහත්මයගේ පෞදගලික අත්දැකීම් කීපයක්ම තියෙනවා... ඒවා මෙතන ලියන එක හොඳ නෑ... වෙන දේවල් ගැන නෙවෙයි.... මීවිත හා සම්බන්ද කතා...
BalasPadam1980 ගණන් වල අමරදේව මහතා ආවා ITN එකේ සජීවී වැඩසටහනකට. රෑ 10 විතර වෙනකොට එතුමා සුපිරි තත්වයට ආවා. මතක් කර කර සිංහල, හින්දුස්තාන් රාගධාරී සින්දු කියන්න පටන්ගත්තා. පුදුමාකාර ගායන හැකියාවක්. මමනම් හිතන්නේ එදා මැදිරියටම බඩු සප්ලයි එකක් තිබුණා කියලා. ඉතා රසවත් තැනකට එනකොටම වැඩසටහන ඉවර කළා. නොදකින් කාලකන්නි.
Padamඒවා මෙතන ලියන එක හොඳ නෑ//////////// email me
Padamමගේ යාලුවෙක්, අමරදේව නෙවෙයි, මලා!
PadamUlasan ini telah dialihkan keluar oleh pengarang.
BalasPadam