යාපනයට ගිය විට ඉස්සෝ මිළදී ගැනීම මම නිතරම කලෙමි. ඉස්සෝ පමණක් නොව යාපනයේ මිදි , තල් හකුරු අනර්ඝ කෑම විය. උතුරේ ඉස්සෝ රසය , එසේම ප්‍රමාණයෙන් ද විශාලය. එසේම කොලඹට සාපේක්ෂව මිලෙන් ද අඩුය.
ඉස්සෝ මිලදී ගෙන ඒවා යුද හමුදා වෛද්‍ය බළකා නිවස්නයේ බැට්මන් කෙනෙකුට දුන් විට ඔහු ඉස්සෝ හිස් ප්ලාස්ටික් මෙගා බෝතල වලට දමා වතුර පුරවා අධි ශීතකරණයේ තබයි. යළි පලාලි වලින් කොලඹ බලා පියාසර කරන විට අප ගුවන් යානයේ ගෙන යන්නේ මෙම අධි ශීතකරණයට ලක් කරන ලද ඉස්සෝ මෙගා බෝතල් ය. එම ක්‍රමය ඉතා පහසු වූ අතර කිසිදු දුගඳක් නොහමමින් ඉස්සෝ අපි කොලඹ ගෙන ආවෙමු.
හොඳ ඉස්සෝ ගැනීමට ගුරුනගර් වෙත යා යුතුය. ගුරුනගර් වල ඉස්සෝ විකුනන කඩ තිබේ. 2005 වසරේ සාම කාලයේදී උතුරට ගිය විට මම ඉස්සෝ ගැනීම සඳහා ගුරුනගර් වෙත ගියෙමි. මා සමග වෛද්‍ය බළකායේ කපිතාන්වරයෙකුද වූ අතර අපි ඉස්සෝ කඩයට ගොස් අවශ්‍ය ඇණවුම් දුන්නෙමු.
මේ කාලයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් කඩ පවත්වාගෙන ගිය අතර යාබද කඩය එල්.ටී.ටී.ඊ ඉස්සෝ කඩයක් විය. එම නිසා මම මෙම එල්.ටී.ටී.ඊ ඉස්සෝ කඩය නැරඹීම සඳහා කඩය ඇතුලට ගියෙමි. එම කඩය තරමක් විශාලය. ලොකු අයිස් දැමූ පීප්ප වල ඉස්සෝ කකුළුවෝ , ලොකු මාළු තිබුණි. කඩය ඇතුලේ එල්ටීටීඊ සාමාජිකයන් සතර දෙනෙකු සිවිල් ඇඳුමින් සැරසී සිටියහ. ඔවුන් මා දෙස බලා යන්තම් සිනහසුන අතර මම කඩය ඇතුලටම ගොස් පීප්ප වල සිටි ලොකු මාළු පරික්ෂා කොට බැලුවෙමි.
මඳ වේලාවක් යන විට කපිතාන්වරයා කළබලයෙන් මා වෙත පැමින " සර් අපි යමු" යැයි මගේ කනට කර කීවේය. එම නිසා මම ඔහු සමගින් කඩයෙන් එලියට ආවෙමි. අප ඉස්සෝ මිලදී ගෙන යලි පලාලි වෙත පැමිනුනු පසු කපිතාන්වරයා මා ඇමතීය.
" සර් මාර වැඩේනෙ කලේ , අරුන් ගේ කඩේ ඇතුලටම ගියා. ඔතන ශුවර් නෑ . උන් අපේ ආමි වාහනය දැක්කා. පිහි පාරක් දීලා පීප්පෙක එබුව නම් බොඩි එකවත් හොයාගන්න හම්බුවෙන්නේ නෑ. සර්ව දැක්කම පස්සේ තමයි මගේ ඇඟට ලේ ඉනුවේ "
ඔහු කීවේ ඇත්තකි. අපරික්ෂාකාරීව මම තනියම එල්.ටී.ටී.ඊ ඉස්සෝ කඩය තුලට ගිය අතර එල්.ටී.ටී.ඊ සාමාජිකයන් හතර දෙනාට පහසුවෙන් මාව පීප්පයක එබිය හැකිව තිබුනි.
මෙම සිදුවීමෙන් සති කීපයකට පසුව සටන් විරාමය උල්ලංඝනය කරමින් එල්.ටී.ටී.ඊ සාමාජිකයින් යාපනයේදී හමුදා වාහනයකට වෙඩි තබා සාජන්වරයෙකු ඇතුළු සොල්දාදුවන් කීපදෙනෙකු මරා දමනු ලැබීය. එම සිදුවීමේදී තුවාල ලබා මානසිකව ක්ලමථ වික්‍රියාවකට ලක් වූ සොල්දාදුවෙකු මනෝ විද්‍යත්මක ප්‍රතිකාර සඳහා විශේෂඥ ශල්‍ය වෛද්‍ය තිස්ස විජේරත්න මහතා මා වෙත යොමු කරන ලදලදි. නවක සොල්දාදුවෙකු වූ දැඩි කම්පනයට ලක්ව සිටියේය. මෙම සොල්දාදුවා එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ඔවුන් ගමන් ගත් වාහනයට වෙඩි තැබූ අවස්ථාව ගැන කියන විට මට ගුරුනගර් සිද්ධිය මතකයට ආවේය. සමහරක් විට එල්.ටී.ටී.ඊ ඉස්සෝ කඩයේ සිටි කේඩරයන් අපට පහර දීමට සැලසුමක් කරමින් සිටියේද කියා ඇතැම් විට මම සිතමි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග

කපිතාන් වරයා ඔබට එසේ අනතුරු හැඟවුවත්.මා නම් සිතන්නේ කොටි සාමාජිකයන් ඔබට හානියක් කිරීමට නොසිතන්නට ඇති බවයි...ඔවුන් ආහාර ද්‍රව්‍ය සම්බන්දයෙන් මානුෂික ප්‍රතිපත්ති අනුගමනය කල බව කියමි...එක දිනයක කොටි පාලන ප්‍රදේශයේ වූ තල් රා තැබෑරුමකින් රා මිලදී ගැනීම පිණිස යතුරු පැදියකින් ගියෙමි...රා බොමින් සිටි පිරිස විමතියට පත් වූ බව පෙනුනි.රා තැබෑරුම පවත්වාගෙන ගියේ කොටි සාමාජිකයන් බව දැනගෙන සිටියෙමු.අප දුටු විට ඔවුන් කිසිදු කලබලයක් බාහිරයෙන් නොපෙන්වූ අතර සියලු දෙනාටම රා ලබා දෙන පීප්පයෙන් අප රැගෙන ගිය ප්ලාස්ටික් බැරලයට රා පුරවා දුන්නේ සිනහමුසු මුහුණෙනි....
BalasPadamකන බොන මිනිස්සුන් ගේ ෆිට් එක!
Padamඅන්නේකයි.
කොටි ත්රස්තවාදීන්ගේ වැරදුනා මානවහිතවාදීන්ගේ මනුස්සකම් මෙතනින් බලාගන්න!
Padamමා කීවේ රා තැබෑරුමේ ලැබූ අත්දැකීමක්. කොටිසංවිධානයේ අපරාධ එයින් සාධාරණී කරන්නේ නැහැ....2002 සාම ගිවිසුම පැවති කාලයේ දකුණේ ජනතාව කොටි පාලන ප්‍රදේශ හරහා යාපනයට යන අතරමඟ කොටි සංවිධානය විසින් පවත්වාගෙන ගිය ආපන ශාලා වලින් කෑවේ බීවේ නැතිද? සිංහල ඉඳි ආප්ප වලට වඩා කොටි ඉඳි ආප්ප ලොකුයි කියා කියනවා මට නම් ඇසී තිබේ.අවශ්‍ය නම් එදා සිංහල ජනයා ගත් ආහාර වලට වස මිශ්‍ර කරන්න කොටි සාමාජිකයන්ට ඉඩ තිබුනේ නැතිද?....
Padamඉදිඅප්පේ සයිස් එකට, රා ටිකට ත්‍රස්තවාදීන්ව සුද්දකරන දකුණේ කට්ටිය නිසා තමයි හලෝ අපිට මේ වගේ වෙලා තියෙන්න. කොටි දකුණේ මිනිස්සු මරන්න බෝම්බ ලොරි ගණන් එවද්දී, දකුණේ මිනිස්සුන්ගේ බදු වලින් උන්ටයි උන්ගේ යටතේ (උන්ට සපෝර්ට් කල හා නොකළ) හිටපු දෙමල මිනිස්සුටයි කෑමයි බෙහෙතුයි ලොරි ගණන් යවපු දකුණේ මිනිස්සු කොච්චර මානව හිතවදීද කියල කව්රුත් කමන්කරන්නේ නැත්තේ ඇයි?
Padamඔවුන් ආහාර ද්‍රව්‍ය සම්බන්දයෙන් මානුෂික ප්‍රතිපත්ති අනුගමනය කල බව කියමි ////////////// ඒ සාම කාලෙ නිසාද ?
Padam@ AnonymousNovember 30, 2016 at 1:54 AM
Padam//අවශ්‍ය නම් එදා සිංහල ජනයා ගත් ආහාර වලට වස මිශ්‍ර කරන්න කොටි සාමාජිකයන්ට ඉඩ තිබුනේ නැතිද?....//
කිසිසේත් කරන්නේ නැත. එහෙම කලානම්, ජාත්‍යන්තර වශයෙන් ඔවුන් මහත් අපකීර්තියකට ලක්වී, එතෙක් කල් තිබුණු ඔවුන්ගේ ඊනියා ප්‍රතිරූපය බිඳවැටෙන අතර, අපේ ආණ්ඩුවට, ලෝකයේ බොහොමයක් රටවලින් විවිධ යුද්ධාධාර විශාල වශයෙන් ලැබෙනවා.
@ AnonymousNovember 30, 2016 at 11:05 AM
//දෙමල මිනිස්සුටයි කෑමයි බෙහෙතුයි ලොරි ගණන් යවපු දකුණේ මිනිස්සු කොච්චර මානව හිතවදීද කියල කව්රුත් කමන්කරන්නේ නැත්තේ ඇයි?//
ඒවා යැව්වේ දකුණේ මිනිස්සු නෙවෙයි. රාජ්‍ය ප්‍රතිපත්ති තීරණ අනුව එවකට පැවති රජය විසින් සහ විවිධ රාජ්‍ය නොවන සංවිධාන විසින්. සාමාන්‍ය ජනතාවට යැවූ මානුෂික ආධාර, කොටින් විසින් පැහැරගත්තා. ඒ තමයි උන් උන්ගේම මිනිස්සුන්ට සලකන ආකාරය.
@ විචාරක Wicharaka
Padam".. දකුණේ මිනිස්සුන්ගේ බදු වලින්.."
බැරල් එකකට දමා, කොන්ක්‍රීට් පුරවා මුහුදට දැමීම පැරණි මිනීමරු ක්‍රමයක් කියා අසා තියෙනවා.
BalasPadamමෑත කාලයේ දී අපේ අය කර තියෙන්නේ බඩ කපා මුහුදට දැමීමමයි. එවිටත් සිරුර උඩට එන්නේ නෑ. එක්නැලිගොඩට හිමි වූයේ ඒ ඉරණම ලු නේද?
/බැරල් එකකට දමා, කොන්ක්‍රීට් පුරවා මුහුදට දැමීම පැරණි මිනීමරු ක්‍රමයක් කියා අසා තියෙනවා./
Padamනමසිය විසි තිස් ගණං වල චිකාගෝවෙ Al Capone මාෆියා කල්ලිය ඝාතනය කල විරුද්ධවාදීන්ගෙ සිරුරු ආයේ හොයාගන්ට බැරිවෙන්ට බැරල් එකක් දාල කොන්ක්‍රීට් පුරවල මිචිගන් විලේ ගිල්ලුවලු.
wow
Padamඉස්සෝ කල් තියාගන්න ක්‍රමය නියමයි ...
BalasPadamමම නම් හිතන්නේ කපිතාන් ගේ අනතුරු ඇගවීම හරි
මාත් හිතනවා
Padamහමුදාවට ආයුදයි කොටින්ට සිමෙන්තියි අරන් නැව් වල ගිය කාලේ ඔය ඉස්සෝ කල්තියා ගන්න ක්‍රමේ දැනන් හිටියේ නෑනේ. එත් අපි වේලපු ඉස්සෝයි මිදියි කොළඹ අරන් ආවා. පිපිඩි ටවුමට යද්දි අපිට නෙවි එකෙන් ගාඩ් එකට සෙබලෙක් එවනවා. එයත් එක්ක යන එක තමයි ඔක්කෝටම වැඩිය බය. මොකද පිස්ටල් කල්ලියෙන් සෙබලාට වෙඩි තිබොත් නිකං ළග ඉදල මැරුම් කනවා නේ.
BalasPadamඔය ඉස්සෝ කල්තියා ගන්න ක්‍රමේ දැනන් හිටියේ නෑනේ.////// ඔවා අපි හොයා ගත්ත මෙතඩ්
Padamමටත් හිතුනේ කීයටවත් ඔවුන් එහෙම දෙයක් කරන එකක් නම් නෑ කියල.. මට ජිවිතේට කොටි සාමාජිකයෙක් හමුවෙලා නම් නෑ.. හැබැයි ඉතින් මනුස්සකම කියන එක එච්චරටම පහත් වෙන්න බෑ නේද..තමන්ගේ මතය මොකක් වුනත්..
BalasPadamකොටි ත්රස්තවාදීන්ගේ වැරදුනා මානවහිතවාදීන්ගේ මනුස්සකම් මෙතනින් බලාගන්න!
Padamඇනෝ, මමත් ලංකාවේ ඔය ඔක්කොම අහපු දැකපු කෙනෙක් තමයි. මම අදහස් කලේ මේ ඩොක්ටර් කියපු වගේ තැනකදී එහෙම දෙයක් කරන්න තරම් තත්වයක් ගැන මට හිතෙන්නේ නෑ කියන එක. ත්‍රස්තවාදී මානවහිතවාදී වෙනස මටත් තේරෙනවා.. හෙහ් හෙහ්..
Padamමම වරක් කොටි වගයකට බෙහෙත් කලා මුලන්ගාවිල් වලදී
Padam"..මම වරක් කොටි වගයකට බෙහෙත් කලා මුලන්ගාවිල් වලදී.."
Padamඑය ඔබ දුන් හිපොක්‍රොටිස් දිව්රුම අනුව එය සිදුල්කල යුතුයි. නමුත් කොටින්ට අවශ්‍ය වුවහොත් ඔබව මර නොදමන්න තරම් එය හේතුවක් නොවේ.
කොහෙ උනත් හොඳ මිනිස්සු නැතිව නෙමෙයි. මම හිතන්නෙත් නැහැ එයාල ඩොක්ටට කරදරයක් කරන්ට හැදුව කියල. මොකද උන්ට හිතෙන්නත් ඇති ආමි එකෙන් දැන දැනම අපේම කඩේට එනවනම් නිකං ඉල්ලං කන්ට ඕනි නෑ කියල.
BalasPadamමේ ඊයේ පෙරේද ලංකාවට ගිහිං අම්ම තාත්ත බලල එන්ට යන්නන ඉන්න මම එක්ක වැඩ කරන දෙමල යාළුවෙක් ඇහුව " ටිලාන් මම ප්‍රබා කරන්ගේ රිමෙම්බරන්ස් එකට ගියොත් ලංකාවෙදි මට ප්‍රශ්නයක් වෙයිද" කියල. මම ඒත් ඌට කිව්වේ ඇයි යකෝ උබලගේ මැරිච්ච මිනිස්සු සමරන්න ලංකාවෙන් අවසර ගන්න ඕනෙද කියල. මොකද එයාලගේ දෙමාපියන් ඇර සියලුම දෙනා 1995 දි ගාතනය කරල.
ඒක හරි ආමි එකෙන් දන්නවා උන්ගේ කඩේ එහම කරදරයක් කරොත් සුළු වෙලාවකින් කඩේ තිබ්බ තැනක් හොයා ගන්න බැරි වෙයි
Padamසංකීර්ණ අවස්ථාවක්
Padamකව පොඩ්ඩෙන් ඉස්සෙක් වෙලා තමයි නවතින්නෙ.
BalasPadamha ha ha
Padamඉස්සෝ කඩේට තව කීපවිටක් ගියානම්, ඔබ දෙදෙනාව පැහැරගෙන යනවා, ඔවුන්ගේ කඳවුරුවල වෛද්‍ය සේවය සඳහා. ඔබ නූලෙන් බේරිලා තියෙන්නේ. ඔවුන් ඒ සඳහා සැලසුම් කරලා තියෙන්න ඇති. නමුත් ක්‍රියාවට නංවන්න අවස්ථාවක් ලැබෙන්න නැතුව ඇති.
BalasPadamඒ කාලේ ගුවන් නාවික හමුදාව ආමි එකත් එක්ක පොඩි ඔරෝපුවක් තිබුනා නේද
Padamයාපනේ වතුර ටැංකියක ගහලා තිබුනලු
"ගුවන් නෙවි එකයි " කියලා ආමි එක යටින් ගැහව්වලු
"අපි නැත්නම් #කයි " කියලා
අපි පලාලි යනකොට ගුවන් පයිලට්ලා හොඳට සැලකුවා
Padamදැන් නම් ගුරුනගර් වෙන දේකට ප්‍රසිද්ධ...
BalasPadamඒ මොකටද
PadamKG වලට නේද?
PadamOMG
Padamකොච්චර හොඳ මිනිස්සු කියල කිව්වත් උඩින් ඕඩර් එකක් ආව නම් ඩොක්ට හොයන්න වෙනම මිශන් කරන්න වෙන්නෙ... ගස්ලබ්බා පුරුද්දක් විදිහට ආයුධ දරන අයව (පිහියක් හෝ.) සත පහකට විශ්වාස කරනෙ නම් නෑ.
BalasPadamජයවේවා..!!
athha GUS
Padam