Sabtu, 26 November 2016

ඉස්කෝල වලි

  


1973 එක වසරේදී කපිල ජාසිංහත් අනුර කුමාරසිරිත් මා සමග උරණව ගෝරියට ආහ​. ටිකිරි නමුත් මොවුන් පහර දීමට පැමිනෙන ලීලාව දුටු මා වහාම අනුර කුමාරසිරිව තල්ලු කලෙමි. ඔහු සීසෝව අසලදී ඇද වැටුනේය​. කපිල ජාසිංහ ශරීර ප්‍රමාණයෙන් කුඩා අයෙකි. එම නිසා මම ඔහුට පා පහරක් දී පන්තියට දුව ගියෙමි. පන්තියේ අබේකෝන් ටීච සිටියාය​. මම අඞමින් කපිල ජාසිංහත් අනුර කුමාරසිරිත් මට සෙල්ලම් පිට්ටනියේදී පහර දුන් බව කීවෙමි. අබේකෝන් ටීච මොවුන් දෙදෙනා ගෙන්වා එක් අයෙකුගේ අත්ලට අඩි රූල් පාර බැගින් දුන්නේය​. මම කඳුළු අතරින් ඔවුන් දෙස බලමින් සිනාසුනෙමි. අනුර කුමාරසිරි වර්තමානයේ ඩුබායි හි විධායක රැකියාවක් කරයි. ඔහු මගේ  හොඳ යාළුවෙකි.  කපිල ජාසිංහ ගැන තොරතුරක් නැත 

දෙක වසරේදී මම දහම් සමග ගහ ගත්තෙමි. පන්තියට අබේකෝන් ටීච පැමිනීමත් සමගම අප දෙපසට වූයෙමු. තුන වසරේදී ඉතා නෝන්ජල් සිසුවෙකු වූ සමන්ට අරියාදුවක් කිරීමට ගොස් ඔහු මගේ අතට පැන්සලෙන් ඇන්නේය​.  අබේකෝන් ටීච බියවී මගේ අතේ තුවාලයට ප්‍රථමාධාර දී සමන්ට පසු දින අම්මා සමග පාසලට එන ලෙස කීවාය​. 

මා හතර වසරේ ඉගෙනුම ලබන කාලයේදී මගේ වැඩිමහළු සොහොයුරන් ආනන්ද විද්‍යාලයේ කරාටේ සංගමයට බැඳී මාස්ටර් වෙල්ගමගේ මග පෙන්වීම මත කරාටේ පුහුණු වූහ​. මම ඔවුන් ගේ පුහුණුවීම් බලාගෙන පන්තියේ කොල්ලන් සමහරකට කරාටේ පහරවල් දුන්නෙමි. මේ නිසා මුලු පන්තියම පාහේ මට බිය වූහ​.  එහෙත් මනෝජ් නීලාංග අපගේ කලාපයේ අසහාය ප්‍රහාරකයා විය​. එම නිසා මනෝජ් නීලාංග සමග මම ශේප් එකේ සිටියෙමි. 

හය වසරේදී මට නමක් පට බැන්ද වයි බී දිසානායකට මම පහර දුන්නෙමි. පසු දින ඔහු ගෙදරින් ලිපියක් ලියාගෙන විත් අපගේ පන්තිභාර ගුරුවරිය වූ හිල්ඩා ගුනවර්ධන ටීචට දුන්නාය​. එහි තිබුනේ මමත් සීවලී පෙරේරාත් ඔහුට අරියාදු කරන බවය​. මේ නිසා ගුනවර්ධන ටීච අපට තරයේ අවවාද කලාය​. වයි බී දිසානායක වර්තමානයේ එක්සත් රාජධානියේ  ජීවත් වෙයි. අප දැන් මිතුරන් වෙමු. මට  පට බැන්ද නම වයි බී දිසානායකට දැන් අමතකය​. 

නවය වසරේදී මාරිස්ටෙලා විද්‍යාලයේ සිට බුද්ධි කීරිතිසේන ( වර්තමානයේ යෙදුම අනුව බූඩි ) නාලන්දේ අපගේ පන්තියට අළුතින් ආවේය​. බුද්ධි කීරිතිසේන ශරීර ප්‍රමාණයෙන් උස මහත වූවද වරක් මම ඔහු සමග ගෝරියක් දාගත්තෙමි. එහෙත් සාමාන්‍ය පෙළ විභාගය කිරීමටත් පෙර ඔහු නාලන්දාවෙන් අස්ව ගියේය​. බුද්ධි කීරිතිසේන හෙවත් බූඩි තම නාලන් දා ඉතිහාසය ගැන කතා කරන්නට  කැමති නැත​. ඒ මන්ද යත් ඔහු සිංහල සිනමාවට අවතීර්ණ වූයේ කෙලින්ම ඇමරිකාවේ සිට යන කල්පිතය බිඳෙන නිසාදෝ විය හැකිය​. එහෙත් 2008 වසරේදී මම බූඩිව  දුරකථනයෙන් ඇමතුවෙමි. 

දහය වසරේදී අපගේ පන්තියට අලුතින් සිසුවෙකු ආවේය​. වරක් සකලසූරිය මෙම සිසුවාගේ හිසට තට්ටුවක් දැමීය​. මෙම තට්ටුව දැමුයේ මා බව සිතූ ඔහු මට වැරයේ පහරක් දුන්නේය​. මම ඔහුව බිම පෙරලාගෙන පහර දුන්නෙමි.  මේ අවස්ථාවේදී  පන්තියට පැමිණි වැලිකල ටීච අප දෙදෙනා ඈත් කර දැමුවාය​. මේ සිදුවීමෙන් පසු ඔහුව වෙනත් පන්තියකට දමන ලදි. වැලිකල ටීච මෑතකදී මිය ගිය බව මට දැනගන්නට ලැබුනි. 

දහය වසරේදී මම පාසලේ කරාටේ සංගමයට බැඳී කරාටේ පුහුණු වූයෙමි. සෙන්සේ අජිත් ජයකොඩි අපගේ ගුරුවරයා විය​. කරාටේ පුහුණුව සමගම සංයමයද ලැබූ නිසා මම ගෝරි වලට නොගියෙමි. එහෙත් ඉහල පන්තියක සිටි ශිෂ්‍ය නායකයෙකු අනිසි ලෙස බලය උපයෝගී කරගනිමින් අපගේ පන්තියේ ළමුන් පෙළන විට මම එම අසාධාරනයට එරෙහිව කතා කලෙමි. මේ අවස්ථාවේදී ඔහු මට පහර දීමට ආවේය​. එහිදී මම ඔහුට පන්තියෙන් එලියේදී විද්‍යාගාරය අසල පාළු ස්ථානයක හැකිනම් මා සමග ගහ ගැනීමට එන ලෙස කීවෙමි. 

පහල පන්තියක සිසුවෙකු ගෙන් මෙලෙස අභියෝගයක් එල්ල වීම නිසා ඔහු කැලඹී ගියේය​. එහෙත් අභියෝගය හමුවේ පළා නොගොස් ඔහු විවේක කාලයෙන් පසුව එම ස්ථානයට එන බව කීවේය​. මම අමරසිංහ හෙවත් මැස්සා සමග එම ස්ථානයට  ගියෙමි. 

ඔහු පැමින සිටියේ මිතුරන් කණ්ඩායමක් සමගය . ඔවුන් අතර සිටි මානවඩු මාව දන්නේය​. මම මානවඩුට සිද්ධිය පැහැදිලි කලෙමි. යම් ලෙසකින් මෙම ද්වන්ධ සටනින් පසු ශිෂ්‍ය නායකයෙකුට පහර දුන්නා කියා මට චෝදනාවක් මොහුට කිරීමට ඉඩ නොදෙන ලෙස මම මානවඩු ගෙන් ඉල්ලා සිටියෙමි. මානවඩු ඊට එකඟ විය​. 

සටන ඇරඹි අතර අප දෙදෙනා විනාඩි තිහක් පමණ ගහ ගත්තෙමු. එහෙත් කිසිවෙකුටත් ජයක් අත් නොවීය​. එහෙත් පහළ පන්තියක සිසුවෙකු සමග සටන් කර ජයක් ලබා ගැනීමට නොහැකි වීම නිසා ඔහුගේ අභිමානයට මහත් හානියක් සිදු විය​. ඉන් පසුව ඔහු අපගේ පන්ති පැත්තකටවත් නාවේය​. මෙම ද්වන්ධ සටනින් පසු මම යලිත් පාසලෙන් අස් වන තෙක් කිසිවෙකු සමග ගහ ගත්තේ නැත​.

පාසලේදී ගුටි ගහ ගැනීම හොඳ නැත​. එහෙත් මෙම අත්දැකීමද ජීවිතයට වටී. එය කෙනි රොජර්ස් කීවාක් මෙන් Sometimes you gotta fight When you're a man


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

39 ulasan:

  1. ඉස්කෝල තියෙන තාක් වලිත් තියේවී....

    BalasPadam
    Balasan
    1. මාත මචෝ අපි ඉස්කෝලෙ ගියේ අනූ ගණන්වල අග ඉඳන් දෙදාස් ගනන් වල මුල දක්වා කාලෙ. හිටියෙ ප්‍රසිද්ධ බෝයි ස්කූල් එකක, වලි නම් තිබ්බ නැතිවෙන්න, සමහර එවුන් හොස්පිටල් හිහින් ඔපරේශන් කරන්නත් වුණා. පොලිසියත් මැදිහත් වුණා සමහර ලොකු වලි ශේප් කරන්න. මම නම් සීරියස් ලොකු වලිවලට සෙට් වුණේ අඩුවෙන්, හැබැයි සතියකට සැරයක් වත් මොකෙක් හරි එක්ක නෙලාගෙන පොඩි තුවාලයක් දෙකක් එක්ක තමයි ගෙදර ආවෙ මචෝ. මතක් වෙනකොටත් දැන් නම් පට්ට ආතල්. දැනුත් කොල්ලො වලි දාගෙන හොස්පිටලයිස් වෙන සීන් ඕනෙ තරම් තියෙනව. අපේ කසින් කෙනෙක්ගෙ පුතෙක් ළඟදි දාගත් වලියක් නිසා හොස්පිටල් ගිහින් ඕතොපෙඩික් තෙරපි කරනව නහයෙ ඇද ඇරගන්න.

      Padam
  2. /සටන ඇරඹි අතර අප දෙදෙනා විනාඩි තිහක් පමණ ගහ ගත්තෙමු./

    දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ...විනාඩි තිහක් තිස්සෙ මොනවද බොලේ ගහගත්තෙ? අපේ ඉස්කෝල වලිනම් විනාඩි දෙකයි තුනයි. උපරිම විනාඩි පහයි....:)

    BalasPadam
    Balasan
    1. වලිය නැගලා ගියා

      Padam
    2. සිංහල හෝ ඉන්දියන් ෆිල්ම් එකකට ගන්න තිබුනා !

      Padam
    3. විනාඩි තිහක්😂😂😂😂😂
      ගිනස් පොතට දාන්න ඕන

      Padam
  3. විනාඩි තිහක් දෙන්නා දෙන්න ට බය හංදා උලුක් කර කර ඉද ලද

    BalasPadam
  4. වලි වලින් තොර පාසල් කාලය හරියට අඩුමකුඩුම නැති මාලුවක් වගේ මචං..........

    BalasPadam
  5. මේ තියෙන්නේ ඔය සම්බන්ධ මගේ අත්දැකීම්...

    http://kurundha.blogspot.com/2013/12/blog-post.html

    BalasPadam
    Balasan
    1. සටනට යාමට පෙර සතුරා පිළිබඳව හොඳින් දැනුවත් වන්න" //// 100 % true

      Padam
  6. මා නම් මල්ලිලා සමග මිස පාසලේ දී නම් ගහගෙන නැත!

    BalasPadam
    Balasan
    1. අය්යෝ ලැජ්ජයිනෙ සහෝ. ඉස්කෝලෙ කාලෙ පොඩි හරි වලියක් දාගත්තෙ නැත්නම් කොල්ලෙක්ගෙන් ඇති වැඩේ මොකක්ද? බාලක පාසැල් වල නම් ඔය මෙලෝ රහක් නැති නෝන්ජල් ටයිප් ඉතාමත්ම ටික දෙනෙක් ඇරෙන්න සාමාන්‍යයෙන් හැම කොල්ලෙක්ම ඉස්කෝලෙ කාලෙ අඩු වැඩි වශයෙන් වලි දාගන්නවමයි. ස්මහර උන් නම් වලි කැප්ටන්ලා, උනුත් පට්ට චාටර්. මම නම් මට ගහගන්න පුලුවන් තරමෙ උන් එක්ක ඉඳල හිටල පොඩි පොඩි සීන් වලට වලි දාගෙන ආතල් එකක් ගත්ත, සමහර වෙලාවට අම්බානට කෑව, සමහර විට දිනුම්. ඔන්න ඒ ලෙවෙල් වෙද්දි තමයි පොඩ්ඩක් වලි වලින් ඈත්වෙලා ශේප් වෙන්න පටන් ගත්තෙ. සාමාන්‍යයෙන් ජනප්‍රිය පිරිමි පාල්සැල් වල වලි කියන්නෙ බොහෝම නෝමල් සුලබ දෙයක්. ඔන්න මිශ්‍ර පාසැල්වල හෙම වලි අඩුයි.

      ඇත්තටම රුවන් මම දන්න විදිහට සාමාන්‍යයෙන් නිරෝගී පිරිමි ලමයි පොඩි කාලෙදි වලි දාගන්නව නේද? පරිණාමීය වශයෙන් උචිතෝන්නතිය (Survival of the fittest) සඳහා?

      Padam
    2. සාමාන්‍යයෙන් නිරෝගී පිරිමි ලමයි පොඩි කාලෙදි වලි දාගන්නව නේද? මම ඔය අදහසට පක්‍ෂයි

      Padam
    3. මට පන්තියේ අනිත් කොල්ලන් එක්ක කිසිම මත ගැටුමක් තිබුණේ නෑ. මං උංව බූලී කරන්න ගියෙත් නෑ. පන්තියේ හිටපු තගාලා දෙන්නා එකෙක් මගේ ෆිට් එකක්, අනිකාත් මා එක්ක වලියක් තිබුණේ නෑ. සමහර විට උං දෙන්නා මං පන්තියේ ඇකඩමිකලි ඉස්සරහින්ම සිටි හින්දා මට පොඩි රෙස්පෙක්ට් එකක් තියෙන්න ඇති කියා හිතෙනවා.

      ගෙදරදී නම් වයස අවුරුදු දෙක හමාරකින් වෙනස් අපි තුන් දෙනා අතර වලි ඇති වුණා.

      Padam
  7. අම්මට හුඩ් ....
    මම හිතාගෙන හිටියේ මමයි අපේ ගැන්න්සියි තමයි මේ තාක් කාලයකට බිහිඋන නරකම සෙට් ඒක කියලා ...ඒ තරම් වලි..
    මම ආසම වලිය ..අපේ සෙට් එකේ ලොක්කා හරිම හොද පොරක් කාටවත් සද්දෙට්වත් කතා කරන්නේ නැහැ ..ඒ උනාට ගැන්න්සේයේ හැම එක්කෙක්ම ඌ ට පදිරි ..."වස්සා "
    වස්සා වෙන ඉස්කෝලෙකට ගියා මාසෙකට එහෙදි උට රැග් කරලා ..මු ඒ වෙලාවේ කිව්වනම් අපි එහෙට ගිහින් ගහලා එනවා මුගේ හොද කමට කටක් ඇරියේ නැහැ එත් වැඩේ අපිට ආරන්චි උනා ..ඒ ඉස්කෝලේ එවුන් පන්ති එන්නේ අපේ ටවුමට ..බස් වලින් බස්සලා ගැහ්හ්ව්වා වැඩේ නතර උනේ පොලිසියෙන් ..

    BalasPadam
  8. මමත් කවදාවත් ගහ ගත්ත සීන් එකක් නම් මතක නෑ.. හැබැයි මට මරුමුස් යාලුවෙක් හිටියා. ඌත් එක්ක ඉස්කෝලේ ඇරිලා එනකොට ඌ මග දිගට මට වද දිදී එනවා. ඌත් එක්ක එක සැරයක් නිකන් ජොලියට වගේ පාරේදී පැටලුනා මතකයි. වෙන නම් වලි මතක් වෙන්නේ නෑ..

    හැබැයි පොඩි කාලේ මගේ බෝතලේ පටිය කැඩුව යාලුවෙකුගේ ගෙදරට ගිහින් උගේ අම්මට ඒ ගැන කියපු සීන් එකක් මතක් වෙනවා. මට ඒ ගැන දැන් හරි දුකයි. එදා ඒ යාලුවාගේ අම්ම කිව්වා මෙයාගේ තාත්තට ඇහුනොත් හොඳටම ගහයි කියල.. මට ඒ වෙලාවේ හිතුනා ඌට හොඳ වැඩේ කියල. හැබැයි දැන් ඒ සිද්දිය මතක් වෙද්දී හරි අපස්ට් වගේ.. යාලුවාගේ නමත් සමන්..

    BalasPadam
    Balasan
    1. මචන් උඹ ඉගෙන ගත්තේ මිශ්‍ර පාසැලකද? පන්තියේ ගර්ස්ල වැඩි ඇති? අපිට කොයින්ද එහෙම වාසනාවක්? අපි ඉතින් බෝයි ඉස්කූල්වල හැමදාම වලි බල බල ඉඳල හිටල මොකෙක්ට හරි නෙලල නැත්නම් මොකෙක් හරි නසරාණි ගෝතයෙක්ගෙන් අම්බානට කාල හොඳ සොමියක් ගත්ත මචන්. මිශ්‍ර පාසැල් වල ස්කූල් ලයිෆ් එක ගැනත් පෝස්ට් එකක් දාපන්, ආසයි විස්තර දැනගන්න.

      Padam
  9. ගහගැනිලි නං අනන්තයි අප්‍රමාණයි.

    BalasPadam
    Balasan
    1. සුවර් ඇන්ඩ් සොට් !

      ++++++++++++++++++++

      Padam
  10. හොඳ මතකයක් රුවන්ට තියනවනේ.
    මානවඩු තාරකද?

    BalasPadam
    Balasan
    1. මානවඩුත් හොඳ වලි කාරයෙක් වාසගම මතක නෑ

      Padam
  11. හැක් විනාඩි 30ක් ?????????????????

    BalasPadam
  12. කෙලින්ම ඇමරිකාවෙන් ආපු එකෙත් අවුලක් තියෙනවා...
    ඒ නිසා තමයි මාතා වගේ ෆිල්ම් එකක් බූඩි අතෙන් හැදෙන්නේ..
    පැකට් එකෙන් කඩපු ගමන් වගේ අලුත් නිල ඇඳුම් ඇඳගෙන වීර පුතුන ත්‍රස්තවාදීන්ව මරන හැටි පෙන්වන්නේ

    BalasPadam
    Balasan
    1. බූඩි කෙලින්ම ඇමරිකාවෙන් ආවේ නෑ , මාරිස්්ටලා නාලන්ද ගිහිල්ලා තමයි ආවෙ

      Padam
  13. නියමයි ඩොක්ට. මමනං ඉස්කෝලේ ජීවිතේදී නං වලි වලට ගියේ නැහැ. ඒත් දැනට පාර්ලිමේන්තුවේ සිටින කෙනෙක්ගෙන් සුපිරි ගේමක් ඉල්ලල එතුමා නකුට සාක්කුවේ දාගෙන ගියා. දැනුවත්ව නම් එතුමා පාසලේ පවිත්‍රතා කල පුද්ගලයාගෙන් ඇර සියළුම දෙනාගෙන් ගුටි කා තියෙනව. අනික මම කොච්චර කටිං ගේම ඉල්ලුවත් කවුරුවත් ඇත පය උස්සන්නවත් වලියට නොඒමට හේතුව තමයි මගේ නෙල්සන් මැන්ඩෙලා තියරියේ මිතුරම් සමග ආශ්‍රය. ආගම කුලය උගත් කම වත් පොහොසත් කම මට අදාළ උනේ නැත.

    මගේ අත්දැකීමක් පහල ලින්කුවෙන් කියවා බලන්ට. ස්තුතියි. 👊🏽

    http://tikkatalks.blogspot.co.uk/2012/05/gce-ol.html?m=1

    BalasPadam
  14. හප්පෝ..........ගුටි ගහගත්තට වැඩිය ගුටි කාලා තියනවා. හැබැයි අය අතරින් වැඩි දෙනෙක් පසුකාලයේදී හොඳම මිතුරන් වීමත් විශාල සතුටක්.

    ලොකුම වැරද්දක් වෙන්න ගිහින් නූලෙන් බේරුණා. මමත් සහෝදර හමුදා නිලධාරියකුත් අතර ගහගන්න තරම් වාදයක් ගිහින් දෙන්නම එකවර පිස්තෝල ඇදගත්තා. ජ්‍යොෂ්ඨ නිලධාරියෙක් දැක්කානම් දෙන්නම ගෙදර.

    BalasPadam
    Balasan
    1. විචා ඉස්කෝලෙ කාලෙ වගේම පස්සෙ හමුදා පුහුණු කාලෙ (නැත්නම් හමුදා සේවා කාලෙ?) ගැනත් ලියල තියෙන්නෙ. එළ එළ. අපිත් ඒ කාලෙ ඉඳල හිටල සතියකට සැරයක් විතර වලි දාගත්තු පොරවල් ඉස්කෝලෙදි. හැබැයි ආමි එකේ (ෆෝසස් ඔක්කොගෙම) නම් ඉතින් වලියක් හරිම භයානකයි නේද? ඇයි ඉතින් සන්නද්ධ ඩයල් නෙව.

      1980 ගණන් වල ප්ලැටූන් ෆිල්ම් එකේ ආමි සෙක්ශන්ස් (ප්ලැටූන් එකක ) අතර තිබ්බ කල්ලිවාදී සීතල යුද්ධය නිසා සිදුවන ඛේදවාචය මැනැවින් නිරූපණය කර තිබුණා. (අපරිණත නවක ලුතිනන් වුල්ෆ් ගේ දුබල නායකත්වය නිසා බෙදුනු ප්ලැටූනයේ ගංජා බොන කල්ලියේ නායක සාජන් ගෝඩන් එළයස් ගේ දුක්බර අවසානය සහ ස්ටාෆ් සාජන් රොබර්ට් බාන්ස්ගේ කුජීත හැසිරීම්). ඒවගේම් මෑතකදි ආපු බ්ලැක් හොව්ක් ඩවුන් එකෙත් පළපුරුදු සාජන්ලා දරුණු යුදගැටුමක් මැද පවා මතගැටුම් ඇතිකරගන්නවා පෙන්නනවා. ලංකාවෙ හමුදාවෙත් මෙවැනි බෙදීම් සුලභ බව අසා තිබෙනවා. ඔබට හැකිනම් නම් ගම් නැතුව හරි මේ පිළිබඳව පොස්ටුවක් දැම්මොත් හොඳයි නේද? (ඇනෝ වහපු නිසා දැන් ඉස්සර වගේ ඉඳ හිට කමෙන්ට් දාන්නෙ නැහැ, බලනවා විතරයි. හික්ස්)

      Padam
    2. දෙන්නම එකවර පිස්තෝල ඇදගත්තා//// ඒවා නම් කේස්

      Padam
    3. පුෂ්කින්ගේ කතා වගේ 😊😊

      Padam
    4. පුෂ්කින්ගේ කතා වගේ 😊😊

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook