Khamis, 24 November 2016

මගේ වීදි නාට්‍යය

  

වීදි නාට්‍යයේ රඟමින් සෞඛ්‍ය ප්‍රවර්ධන පණිවිඩයක් ප්‍රජාවට දෙන හලාවත රෝහලේ කම්කරුවන් සහ ඇටෙන්ඩන්වරු


වීදි නාට්‍ය යනු මුදල් ගෙවන නිශ්චිත පේ‍්‍රක්‍ෂක පිරිසක් නොමැතිව එළිමහන් පොදු ස්ථානවල රඟ දක්වනු ලබන වේදිකා රංගනයන් බව ගාමිණී කේ.හත්තොටුවේගම මහතා කියයි. වීදි නාට්‍ය මගින් ඉතා ප්‍රබල පණිවිඩයක් සමාජයට දිය හැකිය​. 

පුත්තලම් දිස්ත්‍රික්කයේ මානසික සෞඛ්‍යය අංශයේ සේවය කල කාලයේදී මම  වීදි නාට්‍යක් සංවිධානය කලෙමි. මෙම වීදි නාට්‍ය මගින් මත්ද්‍රව්‍ය නිවාරණය පිලිබඳ පණිවිඩයක් ප්‍රජාවට දීමට අපි අදහස් කලෙමු. මෙම වීදි නාට්‍යය සඳහා වෘත්තිමය නළු නිලියන් කිහිප දෙනෙකුට මා කතා කල අතර ඔවුන් රුපියල් පනස් දහසකට ආසන්න මුදලක් ඉල්ලා සිටියෝය​. මේ නිසා මගේ වෑයම උපන් ගෙයිම මිය ගියේය​. 

කෙසේ නමුත් වීදි නාට්‍යයක් කල යුතු බවට මගේ සිත කීවෙන් හලාවත රෝහලේ කම්කරුවන් , ඇටෙන්ඩන්වරු හමුවී ඔවුන් අතරින් වෙසක් නාට්‍ය, නත්තල් නාට්‍ය වල රඟපා අත්දැකීම් තිබෙන පුද්ගලයන් ගැන සොයා බැලුවෙමි. හලාවත රෝහලේ සුමනදාස නම් ඇටෙන්ඩන්වරයා මේ සඳහා ඉදිරිපත් වූ අතර තවත් රඟපෑමේ දක්‍ෂතා තිබෙන කිහිප දෙනෙකු මෙම කටයුත්ත සඳහා කැමත්ත දුන්හ​. 

ආධුනික නළු නිලි සුළු පිරිසකගෙන් අපි නාට්‍ය පුහුණුව ඇරඹුවෙමු. එහි කතාව මෙසේය​. මත් භාවිතයට හුරු වූ පියෙකු ගෙන් පවුලට   හානි  සිදුවන අතර ඔහු සමාජයේ සමච්චලයටද ලක්වේ. අවසානයේදී දරුවාගේ මැදිහත්වීමෙන් ඔහු පුනරුත්ථාපයට පත්වේ.  මෙම වීදි නාට්‍යට සංගීතය දුන්නේ බටනලා වාදකයෙකු වූ නවගත්තේගම රෝහලේ සේවකයෙකි. 

නාට්‍ය හොඳින් පුහුණු වීමෙන් පසු ප්‍රථම දර්ශනය පුත්තලම් දිස්ත්‍රික් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාදම්පේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාල භූමියේදී පවත්වන ලදි. මෙම මෙම වීදි නාට්‍යට ප්‍රථම දිනයේදීම ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණි. ඉන්පසු පුත්තලම ,හලාවත ,මහ වැව, මාරවිල , වෙන්නප්පුව  යන ප්‍රදේශ වල ජනතාව ගැවසෙන ස්ථාන වලදී මෙම වීදි නාට්‍යය රඟ දක්වන ලදි. එසේම රෝහල් බලධාරීන් ද තම තමන් ගේ රෝහල් වල වීදි නාට්‍යය රඟ දැක්වීමට ආරාධනා කළහ​. 

2009 වසරේදී මෙම වීදි නාට්‍යය සෞඛ්‍ය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා යන මහතුන් සහභාගි වූ උත්සව සභාවකදී පෙන්වන ලදි. එහිදී මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා මෙම වීදි නාට්‍යයේ රඟපෑ පුද්ගලයන් වෘත්තීය නළුවන් ද කියා මගෙන් ඇසීය​. එවිට මා කීවේ මේ පුද්ගලයන් හලාවත රෝහලේ කම්කරුවන් සහ ඇටෙන්ඩන්වරු බවය​. එසේම රුපියල් පනස් දහසක් මිල කරන ලද වීදි නාට්‍යය රුපියල් නවසීයක (නාට්‍යය සඳහා මිලට ගත් අඩුම කුඩුම) වියදමින් මම සපුරා ගත් බවය​. 

මා විදේශ ගත වීමෙන් පසු වීදි නාට්‍ය කණ්ඩායමට කුමක් සිදු වූයේද කියා මම නොදනිමි. මගේ අපේක්‍ෂාව වූයේ මෙම වීදි නාට්‍ය කණ්ඩායම  දිගින් දිගටම සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් වලට යොදා ගනු ඇතැයි යන්නය​. එහෙත් මම විදේශ ගත වීමට ප්‍රථම මෙම වීදි නාට්‍යයට දායක වූ නළු නිලියන් ගේ පුද්ගලික ලිපි ගොනුවට මත් ද්‍රව්‍ය නිවාරණයට ඔවුන් ගෙන් සිදුවූ දායකත්වය අගයමින් ප්‍රසාද ලිපියක් පුත්තලම් දිස්ත්‍රික් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකතුමා මගින් දැමුවෙමි.  


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

26 ulasan:

  1. මරුනේ!

    හැබැයි ඒ වගේ වැඩ දිගටම පවතින්න නම් අදාල උණ රෝගය ඇති පුද්ගලයෙකු (ඉංග්ලිෂ් භාෂාවෙන් Champion කියා කියවෙන) සිටිය යුතුයි.

    BalasPadam
    Balasan
    1. උණ රෝගය ඇති පුද්ගලයෙකු සිටිය යුතුයි.///// athha

      Padam
  2. ඔය කෝම කිව්වත් බව්වා පාරක් දාන එකේ ශැප දන්නෙ අපි තමා....

    BalasPadam
  3. විදි නාට්‍ය වලින් ඇවිත් වේදිකාවට ගොඩවැදිලා රිදී තිරෙත් ජයගත්තු ඒ කාලේ බොහෝ නළුවන් නිලියන් ගේ මුල්ම රස්සාවල් ඔය වාගේ තමයි.

    ඩොක්ටර් ඉවාන්නුත් චරිතයක් රගපෑවේ නැද්ද?

    BalasPadam
    Balasan
    1. මම කුඩා කාලයේ වේදිකා නාට්‍ය වල රඟපාලා තියනවා

      Padam
  4. කේජී කෑල්ලක් ඇදලා, පොඩි හෑන්ස් පාරක් දාලා සැපේ ඉන්න ඕනි. අනික හැන්දෑවට අතපය වෙවුලනවට ඔය අරක්කු ඩිංගක් බිව්වට මොකවත් වෙන්නේ නෑ.

    BalasPadam
  5. කලාවෙන් ගොඩක් දේ කරන්න පුලුවන්. අද වීදි නාට්‍ය වැඩියෙන් භාවිතා වෙන්නේ වාමාංශික දේශපාලන කටයුතුවලට.

    BalasPadam
    Balasan
    1. මට මතකයි ඩෙංගු මර්දන වැඩසටහන්වලදී දැනුවත්කිරීම් ආදියට වීදි නාට්‍ය මේ මෑතකදී පවා යොදාගත්තා. ඔය ආකල්පය එන්න ඇත්තේ ගොඩක් වාමාංශික ව්‍යාපාර ඔවුන්ගේ සංකල්ප ප්‍රචාරණයට යොදාගත්තේ වීදිනාට්‍ය නිසා වෙන්න ඇති.

      Padam
  6. කලාව සමාජය වෙනුවෙන් යොදාගන්නවා කියන්නේ මේ වගේ අවස්ථා ගැන වෙන්න ඇති

    BalasPadam
  7. සර් අරක්කු/ බියර් බොන්නේ නැද්ද? ඒ තියා සියෙට්‌ එකක්? උදේ ඉදලා මහන්සි වෙලා වැඩ කරලා, හැන්දෑවට වැඩ ඇරිලා ඇවිල්ලා හොදට නාකියාගෙන ඈ..... කූල් කරපු බියර් එකක් එහෙමත් නැත්තං අයිස් කැටයක් දාපු අරක්කු ඩිංගක් තොල ගාන ගමන් ගෝල්ලිප් එකක් බොන ආතල් එක සර් දන්නේ නැද්ද? වැඩක් නෑනේ සිංහල සර් සර්ලා වගේ විනෝදයක් නැති ජිවිත? මොකටද ඉතිං?

    BalasPadam
    Balasan
    1. ඩොක්ටර් මේ ඇනෝ කාලකන්නියා කාලයක් අතුරුදන් වෙලා ඉඳලා ආයෙත් ඇවිත් ඉන්න අපතයෙක්. මූ දිගටම ඇවිත් මෙහෙම අපහාස කොමෙන්ට් දැයි. එදා ඉඳලා මූ කරන්නේ ඒ වදෙමයි. ඒ නිසා මුගේ මේ ජරා කොමෙන්ට් එකත්, මේ දැනුම්දීම කල මගේ කොමෙන්ට් එකත් දෙකම කපන්න. ඊට පස්සේ ලිපියට අදාළ කොමෙන්ට් ඉතුරු වෙයි.

      Padam
    2. # AnonymousNovember 25, 2016 at 11:13 AM

      තමන් කැමති අදහස් සහිත කොමෙන්ටු පමණක් අනික් අයත් දායි, අකමැති දේවල් නොදා ඉදියි කියලා බලාපොරොත්තු වෙන්න එපා මිත්‍රයා.

      Padam
    3. පුතේ මම ඔවා ඔක්කොම කරලා තියනවා, ඒ නිසා ඒවා මැජික් නෙවෙයි ඒ වගේම ඕවා නිසා මිය ගිය මිනිසුන් , කැඩී ගිය පවුල් , අසරණ වූ ලමයි මම දුටුවා. ඔය කියන සොමිය යට මහා හිස් බවක් වේදනාවන් තියනවා

      Padam
  8. හෙහ් හෙහ්, බලනකොට තමුන්නාන්සේත් නොකරපු දෙයක් නෑ වගේ.

    අද වීදි නාට්‍ය පෙන්වන්නේ මුළු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේම වෘත්තීය සමිති එකතුවීමෙන් :D

    BalasPadam
    Balasan
    1. අද (වීදි) නාට්‍ය පෙන්වන්නේ මුළු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේම වෘත්තීය සමිති එකතුවීමෙන් ////// ha ha ha ela kathava

      Padam
  9. ෂා... ඇත්තටම නියමයි ... අපේ රෝහලෙත් මෙහෙම නාට්‍ය කරනවා එක එක රෝග ගැන දින සැමරුම් වලට. ඒවට රඟපාන්නේ රෝහලේම කාර්‍යය මණ්ඩලය. ඔබ කියනවා වගේ දක්ෂකම් බොහෝ ඇති අය වෛද්‍ය හෙද සාත්තු සේවකයන් අතර සිටිනවා.

    BalasPadam
    Balasan
    1. දක්ෂකම් බොහෝ ඇති අය වෛද්‍ය හෙද සාත්තු සේවකයන් අතර සිටිනවා./// YES

      Padam
  10. I had been a founder member of The Open Art Circle:the second way side theatre group in Sri Lanka,a brain child of Prakrama Niriella.H.A.Perera, Deepani Silva ,Nimal Chandrasiri (who played prominent roles at Mr.Haththotuwegama's Group too simultaneously ) Vasantha Vittachci etc. were with me then.Once we both groups performed at Gongithota together and my meeting with Haththotuwegama sir there initiated a friendship between us and later he became one of my lecturers of English at Peradeniya Uni.Prakrama had a great desire to start a mobile theatre group which became a reality with his Jana Karaliya the first profesional mobile theatre group in Sri Lanka.It's pity Haththotuwegama sir is no more.They were the ones who indroduced this form of radical theatre to our country.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook