Rabu, 2 November 2016

ප්‍රභාකරන් සාධකය පිලිබඳ මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක්


 

ප්‍රභාකරන් තුල ව්‍යාථවේදී පෞරුෂ සාධක දක්නට ලැබුණි. නමුත් මේ ගැන කතිකාවට බඳුන් වී ඇත්තේ ඉතාම අඩුවෙනි.2004 වසරේ ප්‍රභාකරන් දේශපාලනමය සහ යුදමය වශයෙන් ඉතා බලවත්ව සිටි අවදියේ දී ඔහුගේ පෞරුෂ සාධක හෙළි කරමින් කරමින් ප්‍රභාකරන් සාධකය පිලිබඳ මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක් යන කෘතිය මම එළි දැක්වුයෙමි. එම ගවේෂණාත්මක කෘතිය මගින් ළමා ප්‍රභාකරන් චර්යාත්මක අක්‍රමතාවයකින් (Conduct Disorder) පෙළුණු බවත් පසුකාලීනව වැඩිහිටි දිවියේදී ඔහු තුල සමාජ විරෝධී පෞරුෂ ලක්ෂණ (Antisocial Personality Disorder) තිබෙන බවද ඔහුගේ ජිවිත කතාව සහ චර්යාව මගින් පෙන්වා දුනිමි. මේ මතය ඇතැම් වියතුන්ගේ විවේචනයට ද ලක් විය. නමුත් 2011 වසරේ මම යාපනය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අංශයේ මහාචාර්ය දයා සෝමසුන්දරම් මහතා අමතමින් 2004 වසරේ ප්‍රභාකරන් පිළිබඳව මගේ අධ්‍යනයන් ගැන තතු පැවසුවෙමි. වේලුපිල්ලේ ප්‍රභාකරන් සමාජ විරෝධී පෞරුෂ ලක්ෂණ වලින් යුතු පුද්ගලයෙකු බව මහාචාර්ය දයා සෝමසුන්දරම් ද පිලිගත්තේ ය. 

 ප්‍රභාකරන් සාධකය යනු නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් බරපතලම අර්බුදය විය. ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සහ සමාජ ගමන් මග වෙනස් කිරීමට ප්‍රභාකරන්ට හැකි විය. ඔහුගේ මරණින් පසුවද ප්‍රභාකරන් සාධකයේ තර්ජන අවසන් වී නැත. ප්‍රභාකරන් යනු ශ්‍රී ලංකික මිලිටරිවාදය විසින් ඇති කරන ලද්දක් බව මහාචාර්ය දයා සෝමසුන්දරම් ඔහුගේ Sacred Minds කෘතියෙන් පවසයි. නමුත් මෙය මුළුමනින්ම නිවැරදි ප්‍රකාශයක් නොවන බව මගේ වැටහීමයි. 2006 වසරේ මම ඇමරිකාවේ කැන්සාස් හි වොෂ්බර්න් සරසවියේ යුද ආතතිය පිලිබඳ ආරාධිත දේශනයකට ගියෙමි. එම දේශනයේදී එක් මහාචාර්යවරයෙකු මගෙන් මෙම ප්‍රශ්නය ඇසීය. මගේ අදහස අනුව ප්‍රභාකරන් යනු සාධක රැසකින් ජනනය වූ විනාශකාරී බලවේගයකි. සිංහල සහ ද්‍රවිඩ ජාතිවාද විසින් ප්‍රභාකරන් නමැති ප්‍රපංචය නිර්මාණය කරන ලදී. ඔහු තමන්ගේ ජනතාව පවා අනතුරේ හෙළුවේය. ඔහු ද්‍රවිඩ සමාජයේ අධ්‍යාත්මය විනාශ කළේය. ද්‍රවිඩ ඩයස්පෝරාව විසින් උපයන මිලියන ගණනක මුදල් සහ එකී මුල්‍යමය වාසි නිසා ඇතැමෙකු ප්‍රභාකරන් සාධකයේ පැවති විනාශකාරී පාර්ශවය ගැන කතා නොකල ද යම් දිනක ද්‍රවිඩ ජනතාව විසින් ම ඔහු පිළිබඳව විනිශ්චයක් දෙනු ඇත.


වෛද්‍ය රුවන් එම්. ජයතුංග

24 ulasan:

  1. කතාව ඇත්ත. ඒත් ලිපිය කොට වැඩියි වගේ.

    BalasPadam
  2. //සිංහල සහ ද්‍රවිඩ ජාතිවාද විසින් ප්‍රභාකරන් නමැති ප්‍රපංචය නිර්මාණය කරන ලදී.ඔහු තමන්ගේ ජනතාව පවා අනතුරේ හෙළුවේය//
    මේ දිනවල මා කියවමින් ඉන්නේ නිරෝමි ද සොයිසා විසින් ලියන ලද ''කොටි දියණියකගේ පාපාෙච්චාරණය''(Tamil Tigress) කෘතිය. අැය කොටි සංවිධානයේ ප්‍රථම කාන්තා සෙබළ මුළුවට ශිෂ්‍ය කොටි සංවිධානයෙන් එක් වූ මුල්ම සාමාජිකාවන් දෙදෙනාගෙන් එක් අයෙක්. (අද අැය ඕස්ට්‍රේලියාවේ වෙසෙන විශ්ව විද්‍යාල අාචාර්යවරියක්.)මේ කෘතියේ ප්‍රභාකරන්ගේ අමානුෂික බව සංවිධානය තුළම ප්‍රකාශවන අාකාරය හඳුනාගන්න පුළුවන්. ඒ වගේම සංවිධානයේ අාරම්භක යුගයේම ඔහු 'ලොකු අයියා' ලෙස තමන්ගේ නායකත්වයට තර්ජනයක් විය හැකි දිලීබන් (තිලීපන්) (ඔහු වෙෙද්‍ය ශිෂ්‍යයෙක්) වැනි අය සැලසුම් සහගතව 'ඉවත් කරන' අාකාරය (උපවාසය), සංවිධානයේ සාමාජිකයින් කිසිම වග විභාගයකින් තොරව මරණය හමුවට පැමිණවීම,... අාදියත් දෙමළ ජනතාවගේ ජීවිත අනතුරේ හෙළන අාකාරයත් මේ කෘතියේ තිබෙනවා.එවා නිවැරදි ගරිල්ලා සංවිධානයකින් අපේක්ෂා කළ හැකි ලක්ෂණ නෙවෙයි. අනෙක් අතට මෙරට රජයන් හා අාරක්ෂක අංශ හැසිරුණු වගකීම් විරහිත අාකාරය නිසාම දෙමළ ජනතාව අකමැත්තෙන් වුවත් ප්‍රභාකරන් වෙත යොමුවන්නට පටන්ගත් බවද අපට අමතක කරන්න බැහැ. ඒ වගේම දැනටත් උතුරු නැඟෙනහිර දෙමළ ජනතාවගේ මනස සුවපත් කිරීමට මනෝ වෙෙද්‍යවරුන්ගේ, සමාජ විද්‍යාඥයින්ගේ දායකත්වය ලබාගන්නවාදැයි මා දන්නේ නැහැ. තවමත් ඒ ජනතාව සමග ගනුදෙනුව මිලිටරි යාන්ත්‍රණය හරහා ක්‍රියාත්මක වන්නේ නම් ප්‍රභාකරන්ලා ඉදිරියේදීත් බිහිවීම සිදු නොවෙතැයි කිව හැකිද? (ඔබගේ කෘතිය දැනටත් පොත්හල්වල විකුණන්නට තිබෙනවාද?)

    BalasPadam
    Balasan
    1. නිරෝමි ද සොයිසා විසින් ලියන ලද ''කොටි දියණියකගේ පාපාෙච්චාරණය'බොරුවක් බවත් ඇය කොටි දියණියක නොවූ බවත් සමහරු කියනවා මේ ගැන ඔබගේ අදහස ?

      Padam
    2. එවැන්නක් අැත්තටම මා දැන සිටියේ නැහැ. මා සිතාගෙන සිටියේ අැය කොටි සාමාජිකාවක බවයි. අැගේ සටහන් කොටි සංවිධානය තුළ වූ අමානුෂිකත්වය, ක්‍රෑරත්වය හෙළි කරන නිසා එවැනි අදහසක් 'සමහරු' ඉදිරිපත් කරනවා විය නොහැකිද?

      Padam
  3. වාව්...😳.. කවුද දන්නෙ ඩොක්ට ඔයා මේ වගේ දෙයක් 2004දි ලිව්ව කියල.?. පොත් කියවීමට (මනෝ විද්‍යාව හැර ඒත් ඒකත් හම්බුන දවසකට තමයි ඉතින්) කිසිම කැමැත්තක් නැති උනත් ඔබගේ මෙම පොත කියවීමට බෙහෙවින් ආස කරමි. ලංකාවෙන් (ලංකාවෙන් ගෙන්වාගන්ට කිසිම ක්‍රමයක් නැත) ඇර ebay, amazon වලින් ගන්ට පුලුවන්ද කියල දන්වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. මේකනම් සුද්ද සිංහලෙන්ම කියනවනම් පට්ට (සොරි ඩොක්ට) පොතක් වෙන්ට ඕනි. 👍

    BalasPadam
    Balasan
    1. ebay, amazon වලින් ගන්ට පුලුවන් pl go to sarasavi bookshop online

      Padam
  4. මම නම් එහෙම හිතන්නේ නෑ... දෙමළ ජනතාවට ඔහු දෙවියෙක්.

    අනෙක් කරුණ තමයි... මම නම් හිතන විදියට ප්‍රභාට ඕන උනේ ත්‍රස්තවාදී නායකයෙක් වෙනවට වඩා ඔහුගේ ගම ආශ්‍රිතව තිබුන හොර බඩු බිස්නස් එකේ ලොක්කා වෙන්න. ඒ අතරේ තමයි ඔහුගේ කල්ලියට දේශපාලන වටිනාකමක් ලැබෙන්නේ. කොහොම නමුත් ඔහු ඒ දෙකම ජයගත්තා. ඔහුගේ දරුණුම හතුරන් උන ඝෝඨා මෙන්ම සරත් ෆොන්සේකාත් ප්‍රභාව අගය කරන්නේ ඒකයි.

    BalasPadam
    Balasan
    1. ඔහු ඒ දෙකම ජයගත්තා athha

      Padam
  5. ඉන්දීය සහාය නොලැබෙන්නට ප්‍රභාකරන් යනු තවත් එක් මංපහරන්නෙක් පමණක් වීමට ඉඩ තිබුණි.

    BalasPadam
    Balasan
    1. හරියට හරි. ඒකට අමතරව අමිර්තලිංගම්ගේ කුලියට මරන්නා තනතුරත් බල පෑවා. දකුණේ පක්ෂ උතුරේ දේශපාලනයෙන් ඉවත් කිරීමේ පළමු බිල්ල එවකට යාපන නගරාධිපති වූ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා 1975 දී ඝාතනය අමිර්තලිංගම් ඇතුළු නඩයේ කොන්ත්‍රාත් එකක්. වෙඩි තිබ්බේ ප්‍රභාකරන්.

      Padam
  6. ප්‍රභාට කිසියම් චර්යාත්මක අක්‍රමතාවක් තිබෙන්නට ඇති. නමුත් ඒ අතරම නායකත්ව පෞර්ෂයක් ඔහු තුල නොතිබුණේද? නායකයකුට තිබිය යුතු ගුණාංග කිහිපයක් මානව සම්පත් කළමනාකරයේදී කතා කරනවා. ප්‍රභාට ඒ සියල්ලම තිබුණ බවට සාධක ඕනෑ තරම් තිබෙනවා.
    මට හිතෙන්නේ ඒ සම්බන්ධයෙන් ඔහු ගැන ඉදිරියේදී සාකච්ඡවක් ඇති වනු ඇත.

    BalasPadam
    Balasan
    1. නායකයකුට තිබිය යුතු ගුණාංග බොහොමයක් ඔහුට තිබ්බා. හොඳ ඕර්ගනයිසර් කෙනෙක්

      Padam
  7. පෞරුෂය වැඩිවෙලා, ඔලුව ඉදිමිලා, රජීව් ගාන්ධි ඝාතනය කරලා කෙලව ගත්තනෙ.

    BalasPadam
  8. //යම් දිනක ද්‍රවිඩ ජනතාව විසින් ම ඔහු පිළිබඳව විනිශ්චයක් දෙනු ඇත//

    තවමත් ප්‍රභාකරන් ෆැන්ටසියේ ඉන්න ද්‍රවිඩ ජනතාවගේ සිහින ලෝක කඩාවැටුණම, බුද්ධිය මුහුකුරා ගියාම, ඒ දේ සිදුවනු ඇති.

    BalasPadam
    Balasan
    1. දුටුගැමුණු අපේ උන්ට එපා වෙලා තියෙනවාද...?

      Padam
    2. මා සමග කතා කල සමහර ද්‍රවිඩ ජනතාව කිව්වා

      Padam
  9. මගේ යාලුවෙක් ප්‍රභාකරන්ගේ බෝම්බෙකට අහුවෙලා මළා.

    (ගොඩක් අයට යාලුවා මතකයි,ඒත් මැරුණ විදිය මතක නෑ)

    BalasPadam
  10. චර්යාත්මක අක්‍රමතාව කියන්නෙ කුමක්දැයි මට පැහැදිලි නෑ. කුඩා කාලයේ අසාමාන්‍ය හැසිරීමක් වගෙ දෙයක්ද
    කොහොමත් නායකත්ව ලක්ෂන නම් තිබුනා. නායකත්වය කියන්නෙ තවත් එක්තරා වීරප්පන් කෙනෙක්. ඉන්දීය සාධකය ඇතුලු විවිධ හේතු නිසා ගූඩ චරිතයක් බවට පත් කලා.
    නමුත් එසේ ගොඩනැගුන ප්‍රභාකරන් චරිතය නම් අද්වීතීය එකක්.ලොව හෙල්ලූ මහා පුරුෂයන් ගෙන් මේ පුද්ගලයා වෙන් කර දක්වන්නට බැහැ. ඔහුගේ චරිතය ගොඩනැගූ බලවේග දිගටම ඔහු සමග සිටියානම් ලංකා ඉතිහාසයේ මතු නොව ලෝක ඉතිහාසයේත් නම කියවෙන්නෙක් වීමට ඉඩ තිබුනා.
    රාජ්‍යයක සියලු අංග ඇතුලත් ව්‍යාජ රාජ්‍යයක් ගොඩනගා පාලනය කිරීම සුලු පටු දෙයක් නොවෙයි.

    BalasPadam
    Balasan
    1. චර්යාත්මක අක්‍රමතාව කියන්නෙ conduct disorder https://en.wikipedia.org/wiki/Conduct_disorder

      Padam
    2. ඔබ මේ ලියලා තියන වචන ටික දකින කෙනෙකුට තවත් ප්‍රභාකරන් කෙනෙක් වෙන්න හිතෙයි ද දන්නේ නැ කියලා මට හිතුනා.. මධ්‍යසථ මතධාරියා..

      රුවන්.. අපි අතරම අලු යට සැඟවුනු ගිනි පුපුරු වගේ තවත් ප්‍රභාකරන්ලා ඉන්නවා.. අර විචාරක ලියලා තිබ්බ ගිනි පිබින බටෙන් හුලන් ටිකක් වැදුනම ඒ අලු යට සැඟවුන ගිනි පුපුරු උඩට මතු වෙලා දැල්වෙන්න වැඩි අමාරුවක් නැ කියලයි මට හිතෙන්නේ..

      Padam
    3. අලු යට සැඟවුනු ගිනි පුපුරු වගේ තවත් ප්‍රභාකරන්ලා ඉන්නවා.///////////// +++++++++++++++++

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook