Jumaat, 7 Oktober 2016

ඒඩ්ස් සම්බන්ධව වෛද්‍යවරුන් ගේ හෙදියන් ගේ ආකල්ප





1993 දී අපට අධිකරණ වෛද්‍ය පුහුණුවක් තිබුණා කොලඹ ෆ්‍රැන්සිස් පාරේ මෘතශරීරාගාරේ. එහිදී අපට මිනී කැපීමටත් සිදු වුණා. වරක් පුද්ගලික බස් රථයක ගැටී මිය ගිය තරුණියකගේ මළ සිරුරක් ගෙනාවා. මමත් තව වෛද්‍යවරු දෙදෙනෙකුත් එම මිනිය කපමින් සිටින විට එක් ජේෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරිනියක් පැමින සරදමට මෙන් "පරිස්සමෙන් මිනිය කපන්න මේ තරුණිය ගාමන්ට් කෙල්ලෙක් ඒඩ්ස් තියනවාද දන්නේ නෑ " කියලා කිව්වා. ඇය ද්‍රවිඩ කාන්තාවක්. ඒවගේම ඒ කාලයේ ළමයෙකු ලැබීමටත් සිටියා. මේ වචන ඇය කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඇයගේ ජාතිය මෙතනට අදාල නෑ. නමුත් ඇය දිස්ත්‍රික් කෝටාව මත පිටිසර ප්‍රදේශයකින් වෛද්‍ය විදුහලට ආ තැනැත්තියකුත් නොවේ. ඇය කතා කල ඉංග්‍රීසි අනුව ඇය කොලඹ ප්‍රදේශයේ උසස් පාසලක ඉගෙනුම ලැබූ අයෙකු බව මට තේරුණා. නමුත් මට අද වන තෙක් නොතේරෙන්නේ මළ මිනියකට එවැනි අපහාසාත්මක සරදම් විහිළුවක් පොශ් සමාජයකින් ආ තරුණ වෛද්‍යවරියකට කල හැකිද යන්න​. එසේම ඒ කාලේ ඒඩ්ස් ගැන වෛද්‍යවරුන් අතර තිබූ අවිචාරක හැඟීමද මේ කතාවෙන් හෙලි වෙනවා. 

තවත් වරක් 1998 දී පමණ මම මීගමුව රෝහලේදී තරුණ කාන්තාවක් සිසේරියන් සැත්කමකට ලක් කරන්න සූදානම් වූවා. ඒ වෙන කොට ඇයව සිහි නැති කරලයි තිබුනේ. මම සැත්කමට පෙර ග්ලවුස් දාන විට තරුණ හෙදියක් මට කිව්වා ඩොක්ටර් ඩබල් ගල්වුස් දාන්න මෙයා ගාමන්ට් කෙල්ලෙක් ඒඩ්ස් තියනවාද දන්නේ නෑ කියලා. ඒකත් කියන්නේ විහිළුවට වගේ. මේ හෙදිය කිරිමැටියාන ප්‍රදේශයෙන් පැමිනි තැනැත්තියක්. ඇයගේ පියා වඩුවෙක්. ඒත් එම කතාවෙන් පසුව මට හිතුනා කාන්තාවකට  තවත් කාන්තාවක් ගැන මෙසේ සහාසික ප්‍රකාශයක් කල හැකිද කියා. එසේම ඒඩ්ස් ගැන පන්ති බේධයකින් තොරව වෛද්‍යවරු / හෙදියන් අතර අනිසි බයක් මෙන්ම ප්රාග්විනිශ්චයන් තිබෙනවා නේද කියා
 

එදා මෙදා අතර තුර ඒඩ්ස් සම්බන්ධව වෛද්‍යවරුන් ගේ හෙදියන් ගේ ආකල්ප වෙනස් වී ඇතැයි මා සිතනවා.

 වෛද්‍ය රුවන් එම් ජයතුංග 

24 ulasan:

  1. අපේ සමාජයේ නියම තත්වය හෙළිවන උදාහරණ තමා, අර කුලියාපිටියේ දරුවාට ඒඩ්ස් කියා, පාලත් අධ්‍යාපන ඇමති සන්ධ්‍යා, (අනේ එයා නමට ගැලපෙන්න චීත්තයක් ඇන්දා නම් කොච්චර හොඳද?) ඒ ගම්පලාතේ මිනිස්සු, හැසිරුණ ආකාරය. ක්‍ෂයරෝගීන් සඳහා වාට්ටුවක් හදන්න එපා කියා උද්ඝෝෂණ කරන 'මිනිසුන්' ගේ සිද්ධිය.

    අපි හිතනවාට වඩා අපේ සමාජය තුළ සෑහෙන්න දුර්මත පැතිරී තිබෙනවා. වත්මන් පරපුර ඒ දුර්මත වලින් මිදී ඇතැයි අපි සිතුවත්, විභාග වලට පෙර, දේවාල ගානේ ගොස් පූජා පවත්වන විශ්ව විද්‍යාල සිසුන් සෑහෙන පිරිසක්, තවම ඉන්නවා.

    BalasPadam
  2. "එච්අයිවී සම්බන්ධ දැනුම හා ආකල්ප අධ්‍යාපන මට්ටම සමඟ විශාල ලෙස වෙනස් වුවද, කොළඹ වැනි නාගරික දිස්ත්‍රික්ක වල හා උසස්පෙළ සමත් කොටස් අතර වුවද දැනුමේ හා ආකල්ප වල විශාල හිස්තැන් තිබේ."

    http://economatta.blogspot.com/2016/02/blog-post_20.html

    BalasPadam
  3. මෙම සිදුවීම ලංකා සමාජය අලුත් දැනුම ගැන අප්ඩේට් නොවීමේ එක් පැතිකඩක් පමණි. අපේ රට ආර්ථික, සමාජීය, දේශපාලනික වශයෙන් දියුණු කිරීමට නම් දැනුම අප්ඩේට් කල යුතුමය. මෙයට අදාළ නොවුවද එක් උදාහරණයක් දැක්වීමට කැමැත්තෙමි. පසුගිය රජයේ ප්‍රබල ලේකම්වරයෙකු වූ පී.බී. ජයසුන්දර මහතා සිය දැනුම නිරන්තරයෙන් අප්ඩේට් කරගත් අයෙකි. ඔහු විසින් සිදුකල සේවා සාර්ථකත්වයට ප්‍රබල හේතුවක් වූයේ එයයි. ඔහු යටතේ සිටි නිලධාරීන් පවා ඔහු සමග රැස්වීමකට යනවිට විෂයට අදාළ සියලු කරුණු ගැන දැනුවත් වී යන්නේ නැතිනම් හොඳහැටි බැණුම් ඇසීමට සිදුවන බැවිනි.

    BalasPadam
    Balasan
    1. ලංකා සමාජය අලුත් දැනුම ගැන අප්ඩේට් නොවීමේ එක් පැතිකඩක් පමණි +++++

      Padam
  4. අම්මට සිරි ලංකාව උගතුන් බිහි කලාට බුද්ධිමතුන් බිහිකරන්නේ නෑ නේ හිටන්....

    BalasPadam
    Balasan
    1. බිහි කරන්නෙත් ඉතා කුහක උගතුන්

      Padam
  5. ඇත්ත. ඉන්නේ පොතේ තියෙන දේ කරන කියන උගත්තු යැයි කියාගන්නා ඔලුව උදුම්වාගත් නූගතුන් පිරිසක්.

    BalasPadam
  6. ලංකාවේ, ගෑණුන්ට වැඩියෙන්ම අපහාස කරන්නෙ ගෑණුම තමා... හුඟක් ගෑණු කට ඇරියම එයා පත්තිනි අම්මා, අනික් ගෑණු ඔක්කොම වේසියො.. හැබැයි ඒ කියන එකීගෙ කුණු වහගන්න තමා කලින්ම වටේම ඉන්න අනිත් ගෑණුන්ට අපහාස කරන්නේ..

    BalasPadam
    Balasan
    1. ලංකාවේ, ගෑණුන්ට වැඩියෙන්ම අපහාස කරන්නෙ ගෑණුම තමා

      Padam
  7. ආකල්ප වෙනස්වෙලා කියල හිතනවා කොහොමද දන්නැ

    BalasPadam
  8. ඩොක්ටර්,

    මට AIDS ගැනනම් යමක් කියන්න තියනවා. ඔබට මතකද මුල් කාලයේ AIDS රෝගීන් ඉතා ඉක්මනින් මැරුණා, ඉට හේතුව දැන් ඔබලා කියන විදියට පාවිච්චිකළ ඔවුෂධ යක් වන AZT මගින් සිදුකර ඇත්තේ ලෙඩාගේ DNA සයිල විනාශ කිරීමෙන් මරණය වේගවත් කිරීමයි

    ලජ්ජනතුව මේක ඔබලාගේ ලොකුතැන් වලින් පිළිගන්නේ https://www.ncbi.nlm.nih.gov/pubmed/10220905

    "Lifetime prescriptions of inevitably toxic anti-HIV drugs, such as the DNA chain-terminator AZT, are another common denominator of AIDS patients. "

    AIDS සදහා මුල් ප්ර්යේසන කල Professor Peter Duesberg ගේ පර්යේෂණ වලින් ඉවත්කරන්නේ ඔහු කිව්වා AIDS ලිංගිකව බෝ නොවන බවත් AIDS මහින් මිනිසුන් මිය යන බවට ඔප්පුකර නැති බවත් https://www.youtube.com/watch?v=pB8g0b-FkW0

    https://www.youtube.com/watch?v=PRkX13hiwkM

    මේකේ තියන ලස්සනම වැඩේ කියන්නේ AIDS ආස්සදිතයකු සොයාගැනීමට කරන පර්යේෂණ ක්‍රමය සොයාගත් නොබෙල් තෑගී ලැබී Dr Kary Mulis විසින්ම කියනවා AIDS කියන්නේ අමුම වංචාවක් බව.

    ඔබල තවම මේ බොරුව ලෝකේ පතුරවනවා.

    BalasPadam
    Balasan
    1. ඩී එන් ඒ වලට මොනව උනාද හොයන්න බැරි සින්හල බෙහෙතක් හොයාගත්තනම් ඔයා උඩින්ම පිලිගන්නව නේද​? එතකල් ඒඩ්ස් ලෙඩක් නෙවෙයි.

      Padam
    2. //ඩී එන් ඒ වලට මොනව උනාද හොයන්න බැරි සින්හල බෙහෙතක් හොයාගත්තනම්//

      ඉස්සල්ල මේ විෂය ගැන පර්යේෂණය කල මුලික විද්වතුන්නේ කරුණු වලට සවන්දෙන්න මෙතන පැහැදිලිවම ඔවුන් පෙන්වාදෙනවා AIDS ලෙස ලෙඩක් නැතිබව සිදුවී ඇත්තේ පුද්ගලයෙක් AIDS ඇද්ද කියල බලන්න පර්යේෂණයකට ලක්වෙනවා මෙහිදී අදාළ පර්යේෂනයෙදී HIV වයිරසය තිබෙනවාද කියලවත් බලන්නේ නෑ ඉන්පසු එයින් බලන්නේ කිසියම් ප්‍රතිදේහ කොටසක් ශරීරයේ ඇද්දැයි බලා ඔහුට හෝ ඇයට AIDS ඇතිබව නිගමනය කිරීමයි ඉන්පසු අදාළ පුද්ගලයා අනිවර්යෙන් AZT නමැති DNA විනාශ කරන බෙහෙත ලබාදෙනවා සිදුවන්නේ මරණයයි.

      මෙය නැති ලෙඩකට බෙහෙත් දීම නමැති ක්‍රමයක් නිසයි Dr Kary Mulis නමැති නොබෙල් සම්මානය හිමි polymerase chain reaction technique නමැති PCR සොයාගත් විද්වතා කියන්නේ AIDS නැතිකළ හැක්කේ මිට ලැබෙන මුල්‍ය ආධාර නැවතූ විට බව.

      Padam
    3. මේ ගැන කියන්න දන්නේ නැත ; නොදන්නා විශයන් කතා නොකරමි

      Padam
    4. මොනවා කියන්නද හා හා

      Padam
  9. පුද්ගලයෙකුට ශරීරගත වී ඇතිද කියන පරීක්ෂාවේ ප්‍රතිපල රහසිගත විය යුතු වුනත්, එවැනි තොරතුරු සදාචාර විරෝදී ලෙස භාහිර සමාජයට යවන්නෙත් උගත් වෛද්‍යවරු, හෙදියන් සහ රෝහල් කාර්යමණ්ඩල සාමාජිකයන් විසින්ම නේද ? එයවත් නවත්ත ගන්න බැරිව කොහොමද ඔවුන් රටේ එඩ්ස් පැතිරීම නවත්තන්නේ ?

    BalasPadam
    Balasan
    1. ඔව් රහස්‍ය්භාවය රැකීම දුර්වලයි

      Padam
  10. ඒඩ්ස් රෝගය ඇමරිකාවේ පැතිර ගිය මුල් කාලයේද මේ වගේ තත්ත්වයක් තිබූ බව And the Band Played ON වැනි පොත්වලින් පැහැදිලි වේ

    BalasPadam
  11. එක් ප්‍රවීන මනෝ විද්‍යා වෛද්‍ය වරයෙක් තමන්ගේ දේශපාලන දර්ශනයට විරුද්ධ මත දරන දේශපාලකයට ආමන්ත්‍රණය කරන්නේ ඔහුගේ කුලය උපයෝගී කර ගනිමින්. මෙහිදී වන්නේ ඒ දේශපාලකයා මතු කරන තරකයන්ට පිළිතුරු දීමට නොහැකිව . ඔහු පිළිබඳව ඊරිශයෙන් කුහකත්වයෙන් .

    එනමුත් මෙම වෛද්‍යවරයා එසේ ක්‍රියා කරන්නන් හෙලා දකිමින් බ්ලොග් ලියයි.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook