Khamis, 6 Oktober 2016

උදුල් ප්‍රේමරත්න , ප්‍රභූ ආරක්‍ෂක රථ සහ පතිරූප දේශය

 

උදුල් ප්‍රේමරත්න යනු මගේ සිත් ගත්තෙකු නොවීය​. එයට හේතුව පුද්ගලික නොවූවද ඔහු අන්තරයේ සිටියදී අනෙකුත් විශ්ව විද්‍යාල සිසුන් ගේ ඉගෙනුමට කරන ලද බාදා නිසාවෙනි. එහෙත් ඔහු විසින් රත්නපුර බට්ටිගේ අයිතීන් වෙනුවෙන් මැදිහත් වීම මම අගය කරමි. 

2014 වසරේදී උදුල් ප්‍රේමරත්න මහතා මහ මඟ ගමන් කරමින් සිටියදී  ප්‍රභූ රථ පෙළකට ඉඩ ලබා නොදුන් බව පවසමින් ප්‍රභූ ආරක්‍ෂකයන් විසින් ඔහුට ටී -56 අවියකින්  පහර දීම මම පිළිකුලින් යුතුව හෙලා දැක්කෙමි. 

මටද මේ හා සමාන අත්දැකීමක් තිබේ. එය 2008 වසර විය​. සිකුරාදා දිනයක සවස මම මගේ 12 හැවිරිදි පුතා සමග රාජකීය විද්‍යාලීය පිහිණුම් තටාකයට ගොස් පිහිනා මෙම පිහිණුම් තටාකයට මීටර් 400 පමණ දුරින් තිබෙන මගේ නිවසට පයින්ම ඇවිදිමින් සිටියෙමි. 

අප සිටියේ රීඩ් මාවතේය​. එකෙහින්ම සයිරන් හඞක් මාගේ සවනත වැකුනේය​. ඩිෆෙන්ඩර් ,පරිවාරක රථ ,මෝටර් සයිකල් පිරිවරාගත්  වී.අයි.පී කෙනෙකු එමින් සිටියේය​. පාර අසල සිටි අවිගත් පොලිස් නිලධාරීන් මාවතේ ඇවිදිමින් සිටි සියළු දෙනාටම නවතින ලෙසත් අනෙක් පස හැරී (පාරට පිටුපා) තාප්ප දෙසට මුහුණ හරවාගෙන සිටින ලෙසට නියෝග දුන්නේය​. මා හැර පාරේ සිටි මිනිසුන් මහා මාර්ගයට පිටුපා හැරී ගල් රූප මෙන් නිසලව සිටියහ​. මම නැවතුනු මුත් තාප්ප දෙසට මුහුණ හැරනොවූයෙමි. මගේ පුතා වික්‍ෂිප්තව මා අනුගමනය කලේය​. ගිනි අවියක් ගත් පොලිස් නිලධාරියෙකු මට තාප්පය දෙසට හැරෙන ලෙස අණ කලේය​. එහෙත් මා ඔහු දෙස බලා සිටියා පමනි. 

මම ජීවිත බේරාගන්නා වෛද්‍යවරයෙකු මෙන්ම යුද හමුදාවේ සෙබළුන් ගේ මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කරන්නෙකුද වූයෙමි. එහෙත් ඉදිරියෙන් එන ප්‍රභූවරයා ඉදිරියේ යටත් වැසියෙකු  මෙන් වැඩවසම් අධිපතිවාදය හමුවේ දණ ගැසීමට බල කෙරුනි. මම ඊට අවනත නොවූයේ නම් මම මගේ ජීවිතයද පුතාගේ ජීවිතයද අණතුරේ හෙලන්නෙමි. එහෙත් මම නොසැලී සිටියෙමි. පොලිස්කාරයාගේ උණ්ඩ මාගේ ශරීරය සිදුරු කරගෙන ගියද මම අවමන් සහගත නියෝගය පිලි නොපැද්දෙමි. මම  ඔහුගේ උණ්ඩ අපේක්‍ෂාවෙන් සිටියෙමි. ඒ අතරවාරයේදී ප්‍රභූ ආරක්‍ෂක රිය පෙළ මා ඉදිරියෙන් ගියේය​. මම නොසැලී සිටියෙමි. මිනිස් අභිමානය යනු කුමක්ද කියා නිහඞව මම මගේ පුතාට කියා දුන්නෙමි. ඒ සමගම ලංකාව යනු අපට තව දුරටත් ජීවත් විය හැකි රටක් ද කියා මට සිතුණි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

50 ulasan:

  1. ඒ කාලෙ ඔය විධියට ඉගිලුණේ උන්මන්තක ගෝඨා මිසක් වෙන කවුද ? ඔය කාලෙම වගේ මම යාලුවෙක් එක්ක මිනිහගෙ වෑන් කට්ටෙ පාලිමන්ට් පාරෙ යනකොට, ඔය වගේම සයිරන් ගහගෙන ආවා. පස්සෙ පාරෙ ඉඩ දුන්නෙ නෑ කියල, එස් ටීඑෆ් බල්ලො තර්ජනය කරලා වාහනේ ටයර් එකට වෙඩි තිබ්බා. උන්ට ඉඩ දෙන්න තියා අපිට යන්නවත් ඉඩක් ඒ වෙලාවෙ තිබුණෙ නෑ. ඒත් ඒ බල්ලො හිතන්නෙ අපි උන්ගෙ අතපල්ලෙන් වැටිච්ච වහල්ලු කියල. මටනම් ඔය කාලකණ්නි දේශපාලුවොයි උන්ගෙ බූට් ලෙවන පොලිස් බල්ලොයි පිලිකුල්.

    BalasPadam
    Balasan
    1. හරියටම හරි. එයා තමයි ඔහොම ගියේ. මම ඒ බව ඉතා හොඳින් දන්නවා. දැන් ආපහු අගමැති වෙන්න යන්නේ ඔන්න ඔහොම හැසිරුණ මිනිස්සු.

      Padam
    2. අනේද කියන්නෙ

      Padam
    3. විචරකතුමා ,ඔබතුමා මහා ඉහලින් ඔලුවේ තියාගෙන ඉන්න කලවැදි වෙල් විදනෙත් ඒ කලේ ගියේ ඔහොම තමයි ,වෙනස අද යන්නෙත් එහෙම්මම තමයි .ඔය කතා වලට හිනා යන්නේ අදෝ මුකෙන්

      Padam
  2. Udul battige witharak newei,pagugiya dawas wal polisiye akatayuthu kam nisa pida widapu "Kondaya" wenuwenuth peni hitiya.wathawak Neth FM eke balumgala karana set eka udul wa boru karayek kiyala pennanna try kala eth bari una.
    Kohoma unath dan udul samajayata wadak karana minihek!!

    BalasPadam
  3. ඔබේ සහ දරුවාගේ පිට හරහා පොලු පාරක්වත් නොවැදීම පුදුමය. එහෙත් ඔබ දරුවාගේ ජීවිතය ගැන සිතිය යුතුව තිබුනේය . අවාසි අවස්ථාවලදී පසුබැසීම අවශ්‍ය බව අමතක නොකරන්න. ඔබේ දරුවාටද එය කියා දෙන ලෙස ඉල්ලා සිටීමට කැමතියි.

    BalasPadam
    Balasan
    1. ලංකාව, ලංකාවක් වුනේ ඇයිද කියා පැහැදිලි කරන කොමෙන්ටුවක්. ප්‍රේමලාල් මහතා කොමියුනිස්ට් කාරයෙක්ලූ නේද?

      Padam
    2. අවාසි අවස්ථාවලදී පසුබැසීම අවශ්‍ය බව /// ඇත්ත නමුත් ඒ වෙලාවේ ආත්ම අභිමානය කියන එක ආවා මරණයටත් වැඩිය

      Padam
  4. ප්‍රදීප් දැකල තියෙන්නේ සෙල්ලමේ ටිකයි . ඔය යක්කු ඔහොම ගිහින් කොහේ හරි ගුබ්බැයමකට රිංගුවහම . එතන වටේ තියන ගෙවල් දොරවල් වල . බැල්කනි වලටයි බාත් රුම් වලටයි බලෙං ඇතුල් වෙනවා ආරක්ෂකයෝ . ලොක්ක එතනින් යනකං ඒ ගෙවල් වල ලමයි ගැහි ගහි ඉන්නවා . ගෑනුන්ට හුජ්ජ බර හැදුනත් යන්ඩ විදිහක් නැ අර යකා නාන ගේ අස්සේ ෆැන් ලයිට් එක අස්සෙං තුවක්කුව මෙහෙක් කරගන

    BalasPadam
    Balasan
    1. කවුද ප්‍රදීප් කියන්නේ ?

      Padam
    2. නාන ගේ අස්සේ ෆැන් ලයිට් එක අස්සෙං තුවක්කුව මෙහෙක් කරගන//// ammataudu

      Padam
  5. උදුල් ප්‍රේමරත්න රත්නපුර බට්ටිගේ කේස් එක විතරක් නොව,කොටදෙනියාවේ කොන්ඩයාගේ කේස් එක හා ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්නගේ කේස් එකටත් අති සාර්ථක මැදිහත් වීමක් කලා.වෛද්‍ය රුවන්, ඔබ ඒ ගැනත් දැනුවත්වන්න.ඔබ මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කරන්නෙකුද වන නිසා එය ඔබට ප්‍රයෝජනවත් වේවි.

    BalasPadam
    Balasan
    1. උදුල් ප්‍රේමරත්නයා කැම්පස් ඉන්න කාලේදී ළමයි දහස් ගණනකගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න හැදුවා. සෑහෙන ගණනක් විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් ඉවත්වී උන් පෙන්වන මිරිඟුව දිගේ ගිහින් අනාථ වුණා. අද යන්තම් පෞද්ගලික අංශයේ පහල මට්ටමේ රැකියා කරමින් ජීවිතේ ගැටගහගන්නවා. මේ පරයා හදන්නේ උන්ගේ කරපිටින් පාර්ලිමේන්තුවට යන්නයි. ගියත් ඉතින් අර බූරුවන්ශයා වගේ හැමදාම කෑ ගහ ගහ ඉඳලා මැරිලා යයි. මුන්ට කවදාවත් ආණ්ඩුවක් පිහිටවන්න බැහැ.

      Padam
    2. ඔහු විවි සිසුන් ගේ අධ්‍යාපනය විනාශ කරපු එක ගැන විරෝධයක් තියනවා. නමුත් ඔහුගේ පසුකාලීන සමාජ මැදිහත්වීම් ප්‍රශස්ථයි

      Padam
  6. උදුල් ප්‍රේමරත්න වෙන්ඩ/වෙන්න/වෙන්ට දත් ගලවන්නෙකුව සිටියා නේද?

    BalasPadam
    Balasan
    1. ඔහු දන්ත වෛද්‍ය එකේ හිටියේ පසුව නීතිය හැදෑරුවා

      Padam
  7. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

    BalasPadam
  8. මට මෙහෙම හිතුණා ........ අර ගැබිණි මවක් සරත් ෆොන්සේකාව මරාගෙන මැරෙන්න ආපු වෙලේ ඇගේ ආත්මාඅභිමානේ බලලා ඉදිරි පෙළ ආරක්ෂකයා ඒ ගෑණිට පයින් ගහන් නැතිව හිටියනම් මොකක් වෙයිද.......මට තේරෙන විදියනම් ජාතික ආරක්ෂාව කියන්නෙ අපි හෑල්ලුවට ගන්න ඕන එකක් නෙවෙයි. එත් ඔතනට එන සමහරක් ගේ හැසිරීමනම් පිළිකුල් විය හැකි වුණත්. සම්පුර්ණ කතාවටනම් එකග වෙන්න බෑ.

    BalasPadam
    Balasan
    1. ජාතික ආරක්‍ෂාව සහ සාමාන්‍ය මිනිසුන් ගේ ආත්ම අභිමානය විනාශ කිරීම යනු දෙකක්

      Padam
    2. @ රෝමාන්තික රස්තියාදුකාරයා

      කවදාවත් පයින් නොගහා ඉන්නේ නැහැ. ඔවුන්ට ලබාදෙන විශේෂ පුහුණුව අනුව, තමාගේ ගැබිණි බිරිඳ ආවත් ගහනවා. ඒ පුහුණුව එතරම් සුවිශේශීයි.

      Padam
  9. බලය තියෙන කොට උන් හැසිරුනේ උන්මන්තකයෝ විදියට.හරියට නිකම් වැඩවසම් යුගයේදී රජකාලේ වගේ රදලයෝ එනකොට පාරෙන් අයිනට,කාණුවට බහින්න වුනා වගේ උන් එනකොට අනෙක් මිනිස්සු උන්ට ඉඩ දීලා ඉන්න ඕනේ.

    BalasPadam
    Balasan
    1. වැඩවසම් යුගයේදී රජකාලේ වගේ රදලයෝ එනකොට පාරෙන් අයිනට,කාණුවට බහින්න වුනා attha

      Padam
  10. මෙය කියවන විට මට විලියම් ටෙල් සිහිවිය. ඔබ ඔබගේ පමනක් නොව දරුවාගේ ජීවිතය පවා අවදානමේ හෙලමින් මිනිස් ගෞරවය වෙනුවෙන් පෙනී සිටියේය. රටේ බහුතරයකට මෙවැනි ගටක් නැත. එනිසාම මගේ පෞද්ගලික විශ්වාසය ඔබ වැනි අතලොස්සටද එම ගට නොතිබිය යුතු බවයි.
    සමාජය පොලිස් පීඩනයට හුරුවී ඇත. එකෙක් ඊට එරෙහිවූ විට උගේ දත් ටික ද අහිමිවී අත පයද අහිමිවී බොරුනඩුවකට හිරේ යාමට සිදුවේ.එනිසා සමස්ත සමාජය නින්දෙන් අවදිවනතුරු කලින් අවදිවූ අයද රෙද්දක් ඔලුවෙ ඉදන් පොරවගෙන නිදා ගැනීම සුදුසුය.
    මහින්දල ගෝටල නාමල් ලගෙ රාජ තේජස හා වහල් හිමි මානසිකත්වය රටේ විශාල සමාජ තීරුවකට තවම තේරී නැත. මටද එය තේරුනේ ප්‍රමාද වී බව නිහතමානීව කියමි.

    BalasPadam
    Balasan
    1. //සමස්ත සමාජය නින්දෙන් අවදිවනතුරු කලින් අවදිවූ අයද රෙද්දක් ඔලුවෙ ඉදන් පොරවගෙන නිදා ගැනීම සුදුසුය.//

      එහෙම වුනොත් අඩි හත් දෙනාගේ කැඳ හැලිය වගේ තියේවි බං.එක එකා හරි නැගිට්ත්තොත් දවසක මුළු සමාජයම නැගිටියි.නැතිනම් හැමෝම නිද්‍රශිලිව හිදිවී.

      Padam
    2. මටත් ඒ වෙලාවේ සිහියට ආවේ විලියම් ටෙල් . ඒ අවස්ථාවේ මම කොඳු නාරටිය බිඳ ගත්තා නම් මම පඟර නැට්්ටක් වෙනවා

      Padam
    3. අම්මෝ මෙන්න චන්ඩි, කොළඹට කොටි ගහද්දි ඔයගොල්ලෝ කොහෙද හිටියේ මෙයාලා?

      Padam
    4. මම හිටියේ යුද හමුදා සාමාජිකයන්ට ප්‍රතිකාර කරමින්

      Padam
  11. පෞද්ගලිකව, මිනිසුන්ගේ ගෞරවය ගැන-සමානාත්මතාවය ගැන හිතන කෙනෙක් වුනත් මගේ අදහස ටිකක් වෙනස්.
    2008 වගේ කාලයක නං සයිරන් ගහගෙන එද්දි ඔවුන් නියෝග කරන්න කලින් අපි අයින් වෙන්න දැනගන්න ඕන. මොකද ඝාතන ඉලක්කයක් සාර්ථක කරගන්න ඉඩදෙන්න මම නං කැමති නෑ. ඒ වෙනුවෙන් වන දුෂ්කරතාවය විඳගන්න මම ලැහැස්තියි. අද ගෝඨා ගැන අප්‍රසාදයක් තිබුනට මහින්ද, ගෝඨා, හමුදාවේ ඉහල නිලධාරීන්.... ආදී සියලු දෙනා ‍එල්ටීටීඊ ඉලක්ක වෙලා හිටිය.(සමහරු නං බොරුවටත් ගාඩ්එක දාගෙන හිටිය, මම කතාකරන්නෙ එයාල ගැන නෙවේ ඇත්තටම තර්ජිත මිනිස්සු ගැන)

    හැබැයි මේ වනවිට නං තත්වය වෙනස්. කවුරු කොහොම කිව්වත් දකුණෙදි(උතුරෙදි කොහොමද දන්නෑ) කාටවත් තර්ජනයක් නෑ. හැබැයි සමහරක් නං ගාඩ්එක දාගෙන යනව. (හේතුව, ඡන්ද දායකයාට බයවීමද දන්නෙත් නෑ). එතනදි නං මේ කතාව එක්ක එකඟයි.

    BalasPadam
    Balasan
    1. එහෙම කියලා මිනිසුන්ට කරදරයක් වෙන්න ඔවුන්ට අයිතියක් නෑ.
      මට මතකයි මම මුලින්ම එහෙම ස්කොඩ් එකක් එකක් එක්ක කවුරුහරි කොළඹදි පාරේ හමුවුනාම බය වෙච්ච පාර. කොටින්ම කොයි වෙලේ මගේ ඔළුව හිල් කරන්න වෙඩි තියයිද කියන බය වගේ එකක්. ඒ ගාඩ් එකේ හිටපු නිළදාරින් නිකම් කොයි වෙලේ මිණිහෙක් මරණවද ගාණට හැසිරුනේ. මට මතකයි කලර් ලයිට්ස් වලට නතර කරාම අනිත් අයට පාරේ යන එකත් නතර කරන්න වුනා. කොටින්ම යුද්දේ තිබ්බේ එදා කොළඹ. ඒ පීඩනය මට දවස් ගාණක් යනකම් අමතක කරගන්න බැරි වුනා. ඒ මම ලොකු මනුස්සෙක් විදියට. පොඩි ළමෙක් වගේ කෙනෙකුට ඒක කොහොම දැනෙයිද?
      යුද්ධය නෙමෙයි මොක හින්දාවත් ඒ වගේ දේවල් සාධාරණය කරන්න බෑ රාජ්. ඒ මිනිස්සුන්ට ඔයිට වඩා මානුශික වෙන්න පුළුවන් වෙන්න ඕනෙ. හමුදාව කියන්නේ ලොකු ට්‍රේනින් එකක් ලබන මිනිස්සුනේ. .

      Padam
    2. රාජ් සමග එකඟයි .ඝාතන ප්‍රයත්නයක් සාර්ථක කරගන්නවට වඩා ඒ වෙනුවෙන් දුෂ්කරතාවයක් විදදරාගන්න මාත් කැමැත්තෙන් හිටියෙ. අපි ඒ දවස්වල කොළඹ ආවෙත් බයෙන්. බස් එකට නැග්ගත් අල්ලපු එකා ගැනත් සැකෙන්.
      නමුත් මේ සිද්ධිය යෝෂිත සම්බන්ධව. ඇත්තෙන්ම ඔය කුමාරවරු හැසිරුන විදිය අන්තිමයි.මේ සිදුවීම 2014 දි වුනේ.උදුල් ට අත්විදින්න වූ අත්දැකීම හෙලාදැකිය යුතුයි. කොහොම නමුත් 2008 දි සුවිශේෂ තත්වයක් රටේ තිබුන.

      Padam
    3. Buru Babe
      විදේශයක ජීවත්වන ඔබ නිවාඩුවකට ආවම ඔය විදියෙ අපහසුතාවයන්ට මුහුන දෙන්න ඇති. නමුත් අපි දවස් තුන්සියහැටපස් දවසෙම ගමන් බිමන් ගියෙ ත්‍රස්තවාදීන්ගෙ බෝම්බ ගැන බියෙනුයි. දෙමවුපියො දෙන්නම එක වාහනයක නොගිය අතීතයක් ඒක. අපට තිබුන ලොකුම අභියෝගය ත්‍රස්තවාදයට මුහුන දෙන එක.ඒ නිසා ඒ කාලෙ නම් මේ වගෙ අපහසුතා අපි විදදරාගත්තෙ කැමැත්තෙන්මයි.රටේ බහුතරයක් එහෙමයි

      Padam
    4. රංගි, කරදර කිරීම ගැන නෙවේ කිව්වෙ. විශේෂිත පුද්ගලයන්ට ලැබිය යුතු ප්‍රමුඛතාවය ගැන.

      Padam
    5. එහෙම කියලා මිනිසුන්ට කරදරයක් වෙන්න ඔවුන්ට අයිතියක් නෑ.////// athha

      Padam
    6. නොදන්නා කමටයි අහන්නේ නෝනා, දැන් ඔයා ප්ලේන් එකට නගින්න කලින් කරන security check එකේදී පීඩනයක් එන්නේ නැත්ද?

      Padam
    7. මම නරිටා / පියර්සන් / LA./ Brisbane වැනි ගුවන් තොටවල් වලින් ගුවන් ගතවී තිබේ. අදාල පරීක්‍ෂා වලදී ඔවුන් ඉතා ආචාරශීලීව කටයුතු කලා

      Padam
    8. AnonymousOctober 7, 2016 at 10:01 PM
      "නොදන්නා කමටයි අහන්නේ නෝනා, දැන් ඔයා ප්ලේන් එකට නගින්න කලින් කරන security check එකේදී පීඩනයක් එන්නේ නැත්ද"

      අනේ මහත්තයෝ ඔහෙලා වගේ නෙමෙයිනේ මේ අපි. අපි අනුන්ට කරදරයක් වෙන්න අකමැතිවගේම අපිටත් කරදර වෙනවට කැමති නෑ. මේ කතා කරන්නේ ඉහත සිදුවීමේ වැරදි ගැන නෙමෙයි ඔයිට වඩා පිළිවෙළකට ආරක්ශක ක්‍රියාමාර්ග ගන්න තරම් විනයක් හමුදාවකට ආරක්ශක අංශවලට තියෙන්න ඕනේ. නැතිව සෙකියුරිටි චෙක් වලට අකමැතියි කියලා කීවේ නෑ. ඒවා කරන්න ඕනේ අනෙකාට අපහසුවක් නොවී. කොටින්ම ඔළුවට වෙඩි තියන්න වගේ නැතිව විනයාත්මක පියවරකින්. මම හිතන්නේ එයාපෝට් වල සෙකියුරිටි එහෙම ක්‍රියාත්මක වෙනවා. ලංකාවේත් බොහොම ආරක්ශක අංශවල එහෙමයි. අර උඩින් කොමන්ට් කරලා තියෙන අයත් කියලා තියෙන්නේ ඒ අය මොන බයකින්ද මගී ප්‍රාවාහන සේවා භාවිතා කලේ කියලා. ඒකම තමයි මම කිව්වේ අපි කවුරුත් බයයි එහෙම ජීවත් වෙන්න.
      රුවන්, සමාවෙන්න අනවශ්‍ය මැදිහත්වීමක් වුනා නම්

      Padam
    9. me adahasata nam Raj samaga ekagai.e dawas wala Colombo bus wala monatharam bayenda giye.

      Padam
  12. කොන්ද කෙලින් මිනිස්සු අනෙකෙකුට කොන්ද නොනමනවා වගේම අනෙකාගේ අයිතිවාසිකම් ගැනත් සැළකිළිමත්, එවැනි මිනිසුන් ඉන්නා රටක ජනවාර්ගික යුද්ධයක්වත් ඇතිවෙන්න වත්, සියදිවි හානිකරගන්නා බෝම්බකරුවන් බිහිවීමටවත් ඉඩක් නෑ.

    BalasPadam
    Balasan
    1. අනෙකාගේ අයිතිවාසිකම් ගැනත් සැළකිළිමත්, එවැනි මිනිසුන් ඉන්නා රටක ජනවාර්ගික යුද්ධයක්වත් ඇතිවෙන්න වත්, සියදිවි හානිකරගන්නා බෝම්බකරුවන් බිහිවීමටවත් ඉඩක් නෑ.////// true

      Padam
  13. සාමාන්‍ය ජේවීපී කාරයෝ වැඩට බහින්නේ විනාශයක් කරන්න ලැබුනාම විතරයි, එයාල කියන්නේ සමාජ ප්‍රතිසංස්කරණ වලින් වැඩක් නෑ කියලනේ,එත් උදුල ගේ වෙනස සංතෝෂයට කාරනාවක්.

    BalasPadam
  14. http://www.w3lanka.com/2014/10/blog-post_5.html

    BalasPadam
  15. රාජ් ගේ අදහසට පොඩ්ඩක් විතර මම එකඟයි. ප්‍රභාකරන් මෙච්චර කලක් හිටියේ යුද්ධය ඉවර කරන්න පුළුවන් කියල හිතන අයව ඝාතනය කිරීමෙන්. උදුල් ප්‍රේමරත්නගේ සිද්ධිය විශේෂ වන්නේ එය එවන් අවදානමක් නැති ජීවිතක්ෂයට පත්වුවහොත් රටට පාඩුවක් නොවන කෙනෙක් වන යෝශිත සම්බන්ධයෙන් වෙන සිද්ධියක් නිසයි.

    BalasPadam
    Balasan
    1. එය වන්නේ යුද්දයෙන් පසුව 2014 දී

      Padam
    2. මම කිවේ උදුල් ප්‍රේමරත්නට පහර දීමේ සිද්දිය ; ඒකාලේ ප්‍රභූ ආරක්ශාවට තර්ජන තිබ්බේ නෑ

      Padam
  16. මේ උදුල් විශ්ව විද්‍යාල සිසුන් කි දෙනෙකුගෙ අධයාපනය කඩා කප්පල් කරන්න ඇත්ද?

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook