ඇමරිකාව , කැනඩාව , ඕස්ටේරලියාව යන රටවල ජන වර්ග රාශියක් ජීවත් වෙති. එසේම වාර්ෂිකව සංක්‍රමණ වීසා මගින් විවිධ ජන කොටස් තම රටට ගෙන්වා ගනිති. මේ අතර රුසියාව , ජපානය වැනි රටවල් ආගමනය පාලනය කර ගනිමින් වෙනත් ජන වර්ග තම රටට ගෙන්වීම සීමා කරති.
ජාන මිශ්‍ර වූ තරමට නිරෝගි පරපුරක් ඇතිවේ. නමුත් වෙනත් ජන වර්ග මුහු වීම වළකාලන රටවල් වල අනාගතයේ ජානමය රෝග වර්ධනය වීමේ අවදානමක් තිබේ. මේ අනුව විවිධ ජන කොටස් තම රටට ගෙන්වා ගැනීම වනාහී බොහෝ දුර දිග බලා ගත් බුද්ධිමත් පියවරකි. දැනටමත් මේ රට වල තරුණ පරම්පරාවෙන් සැලකිය යුතු කොටසක් අන්තර් විවහා නිසා ජානමය වශයෙන් මිශ්‍ර වී සිටිති.
ලෝකයේ කිසි රටක අමිශ්‍ර නුමුහුන් නිර්මල ජාතියක් නැත. වර්තමාන සිංහලයන් ගේ ජාන කේතය සලකා බලන විට එහි ද්‍රවිඩ , බෙංගාල, පෘතුගීසි , ලන්දේසි සහ ඉංග්‍රීසි ජාන තිබේ. ද්‍රවිඩයන් ගේද සිංහලයන් ගේ ජාන, පෘතුගීසි ජාන තිබීම සොයා ගත හැකිය.
ලෝකයේ බලවත් රාජ්‍ය විසින් තම රටවල ජාන සංසදයක් ඇති කිරීම මගින් අනාගතයේ මතු විය හැකි ජානමය රෝගාබාධ නිවාරණයට පියවර ගෙන තිබේ. වර්තමානයේ උතුරු ඇමරිකාවේ නව පරපුර එක් ජාතියකට සීමාවී නැත. මා දන්නා එක් තරුණියකගේ පියා ට්‍රිනිඩෑඩ් ඉන්දියානුවෙකි , මව. ඉතාලිය ඇය ජාතිය යන සංකල්පය අතික්‍රමණය කොට සිටින්නීය. එසේම තවත් තරුණයෙකුගේ පියා අයර්ලන්ත සම්භවයකින් යුක්තය. මව අප්‍රිකානු (ඝනා) ජාතික කාන්තාවකි. මා දන්නා තවත් පුද්ගලයෙකු තම ජාතිය ලෙස කීවේ අයිරීශ් , පෘතුගීසි , මෙක්සිකන් සංකලනයක් ලෙසටය.
මේ අනුව අනාගත ලෝකයේ ජාතිය යන කොටුව බිඳ වැටෙමින් තිබේ. එහෙත් අමිශ්‍ර නුමුහුන් නිර්මල ජාතියක් ගැන සිහින දකින හිට්ලර් පන්නයේ මිනිසුන් ලෝකයේ සෑම තැනකම සිටිති. ඔවුන් මේ ජාන මුසුවට අතිශයින්ම විරුද්ධව තම ගෝත්‍රික අනන්‍යතාව රකිති. අහෙත් අවාසනාවකට මේ නුමුහුන් ප්‍රජාව අනාගතයේ යම් දිනෙක ජානමය රෝගවලට ගොදුරුව ඉතිහාසයට එකතු වෙනු ඇත. අනාගතයේ උරුමය නිරෝගී ශක්ති සම්පන්න ජාන ඇති මිනිසුන්ටය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග

අර බ්‍රිටිෂ් වීඩියෝව දැකලා නැද්ද පිරිසක ගේ ඩී.එන්.ඒ. ටෙස්ට් කර පරම්පරාගත මූලාශ්‍ර හොයන?
BalasPadamසිංහල ජීන්ස් මූලුකවම එන්නේ ඔරිස්සා පැත්තෙන් ලු නේද?
https://en.wikipedia.org/wiki/Genetic_studies_on_Sinhalese
Padamබංගලියන් සහ අප අතර මාර සමානකමක් තියනව නේද ?
Padamජාන මිශ්‍ර විම මගින් ශක්තිමත් ජීවින් බිහිවෙනවා වාගෙම ජානමය රෝග ඇතිවෙන්න බැරිද , මං කොහෙද මන්දා දැක්කා තැලසීමියා අරාබි සම්භවයක් ඇති මිනිස්සුන් ගෙන් අපේ අයට වැලදුනා කියල
BalasPadamපුලුවන්
Padamසිංහල ජාතිය එහෙම එකක් නෙමෙයි ඩෝ.. මේක නිර්මල, අකලංක, නොමුහුන් අති සෙරේස්ඨ ජාතියක්... හරිය... ඔහේ මේ ඩොලර් වලට අපේ ජාතියට අරවා මේවා කියන්න එනවා එහෙම නෙමෙයි හරිය.. යවනවා නිවන්... :)
BalasPadamඅද නිකුත් කල ශිෂ්ෂත්ව විභාගේ කඩ ඉම් (Cut Off Marks) ලකුණු වල දිස්ත්‍රික්ක 3 ක විතර සිංහල මාධ්‍ය ඇත්තෙත් නෑ
Padam.ඒත් සින්හලයනටම ජාතිවාදීන් කියල බනින්නේ.අනේ මන්ද ???
ammataudu
PadamMaathe, Gama Galle da? ;-)
BalasPadamGalle, Unawatuna
PadamUnawatuna - mude nanna niyama thana
Padamපළතුරු වැඩිවුනාම සැලඩ්එක රසයිනෙ.
BalasPadamනැතුව
PadamUlasan ini telah dialihkan keluar oleh pentadbir blog.
BalasPadamආශාව මුදුන්පත් කරගන්න නම් එවා නිකරුනේ අපතේ නොයවා ප්රවේසම්කරගන්න වෙයි.
Padamඅනේද කියන්නෙ
Padamඔය ජීන් පූල් එක පිරිසිදු කරන්න ඉම්පෝර්ට් කරපු වාහන තියෙනවා ඉන්දියාවෙන්.
BalasPadamඉන්දියන් වාහන වල යන්නේ ජීන් පූල් එක අපිරිසිදුවූ අයද?
Padamවාහන අනතුරු නිසා මරණයට පත් වූ අය සහ වාහන වර්ගය අතර සබඳතාව ගැන අපූරු අධ්‍යයනයක් කරන්න පුළුවන්වෙයි පොලිස් ඩේටා වලින්, අර සීට් බෙල්ට්, හෙල්මට් ස්ටඩීස් වගේ.
Padamyes why not
Padamවෛද්‍යවරයෙකු සමග ජාන ගැන තර්ක කිරීමට වඩා දෙමළෙකු සමග නිජභූමිය ගැන වාද කිරීම වාසියකි; එහෙත් නුමුහුන්ව පැවතීමෙන් මිස ජාන මිශ්‍ර වීමෙන් ඔය කියන "අනාගතයේ මතු විය හැකි ජානමය රෝගාබාධ නිවාරණය" කෙසේ වන්නේද යන්න ප්රශ්නයකි.
BalasPadamනුමුහුන් ජාන කිට්ටුවක් ඒ තුල මේ වන විටත් රෝගයක් නැතිනම් අලුතින් ජානමය රෝග ඇති විය හැක්කේ කෙසේද ?
මිශ්‍ර වීම හේතුවෙන් එසේ "අනාගතයේ" මතු විය හැකි රෝගාබාධයක් "නිවාරණය" කළ හැක්කේ කෙසේද ?
මේ මිශ්‍ර වීම හේතුවෙන් අලුත් රෝග ඇති නොවන බවට සහතිකයක් දිය හැකිද ?
/වෛද්‍යවරයෙකු සමග ජාන ගැන තර්ක කිරීමට වඩා දෙමළෙකු සමග නිජභූමිය ගැන වාද කිරීම වාසියකි / වෛද්යවරයනු සහ දෙමළකු කියන විශේෂණ දෙක අයින් කරලා නූතන උපහැරණයක් හදා ගත්තෑකි; “නිජ භූමියකුට ජාන ගැන කියාදුන්නා වගේ“ කියලා.
Padamජාන මුහුන් වීම මගින් ශක්තිමත් ජාන dominant වෙනවා මේක පරිනාමික ක්‍රියවලියක්
Padam//අනාගත ලෝකයේ ජාතිය යන කොටුව බිඳ වැටෙමින් තිබේ// හැබැයි ජාතිය වෙනුවට වෙනත් දෙයක් අදේශ වෙයි.
BalasPadamමම මේ හිතුව විතරයි. ඒක දැනටම වෙලා ඉවරයි. මැච් වලදි චියර් කරන විදියෙන්ම ඒක බලා ගන්න පුලුවන්.
Padamඅනිව, එලියන්ස්ලට එරෙහි ඇනිමේෂන් යුද්ධවලට අකමැති කවුද?
Padamඅපොයි ඔව්....ජාතීන් අතර නෙමේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ. ආගම බූදල් කරගත්ත බොකාසාලගෙන් තමයි මේක බේරගන්න බැරි.
Padamපන්තිය
PadamGene Pool = ජාන කිටුව
BalasPadamකේ.ඒ.ජී. කුලවංශ මහත්මයාට පිං සිද්ද වෙන්ට තවමත් ජාන විද්‍යාව ගැන සෑහෙන තොරතුරු මතකයි.
වර්තමාන ලෝකෙ විශිෂ්ඨම ජාන කිටුව තියෙන්නෙ ඊශ්‍රායල් ජාතිකයින්ට කියල පර්යේෂණයකින් හොයාගත්තයි කියල මේ ළඟකදි කියෙව්ව.ඒත් ඒ එක්කම යුදෙව්වො කියන්නෙ තම ජාතිය ඇතුලතම අවාහ විවාහ කරගැනීමේ චාරිත්‍රය තදින්ම පිලිපදින කොටසක් කියලයි මම අහල තියෙන්නෙ.
///ඒත් ඒ එක්කම යුදෙව්වො කියන්නෙ තම ජාතිය ඇතුලතම අවාහ විවාහ කරගැනීමේ චාරිත්‍රය තදින්ම පිලිපදින කොටසක් කියලයි මම අහල තියෙන්නෙ.///
Padamජාතිය ඇතුලේ කසාද බැඳිල්ලයි හොරාට හොරාට ජාන මික්ස් කර ගන්නවා කියන්නේ එකක්ද බොල, අනේ මන්ද උඹලටත් මේවා කියල දෙන්න උනානේ...
මා දන්නා තරමට යුදෙව් ආගමක් මිස ජාතියක්ම නොවේ.
PadamRace or Religion? Jewish Genes Identified
Padamකුලවංශ සර් මටත් ඉගැන්නුවා
Padamඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව යනු මෑතකදී බටහිර රටවල් වලින් කොලනයිස් කල රටවල්ය. මේ රටවල ඒ ඒ වාසීන් මිස ජාතියක් කියා එහෙමම දෙයක් නැත. ඇමරිකාවේ නම් ඒ රටේ ප්‍රධානව තිබෙන සන්ස්කෘතියට හැඩගැසෙන ඕනෑම කෙනෙක්ට පහසුවෙන් ඒ සමාජයට එක් විය හැක. අයිරිශ්, ජර්මන්, ඇන්ග්ලෝ ආදී සියලු දෙනා එක් වූ ඒ ආකාරයටය. ඉස්ලාමය එක් වීම සාර්ථකදැයි කියන්නට තවම කල් මදිය.
BalasPadamබටහිර ජාතීන්ගේ ජීන් පූල් කලවමට ඇති ආසාව බැලීමට නම් මේ රටවල මුල්වාසීන් සමඟ කොතරම් කලවම් වී ඇතිදැයි බලන්න (දකුනු හා මධ්‍යම ඇමරිකාවේ නම් හොඳ කලවමක් ඇත. ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාවේ නම් නැත ).
දැන් මේ ජීන් පූල් කලවමත් කාලයේ ට්‍රෙන්ඩ් එක වී ඇති නියෝ ලිබරල් මතවාදත් සමඟ ගැලපෙන නිසා ජනප්‍රිය වී ඇතැයි සිතමි.
good observation
Padamජනවාර්ගික පුරස්නෙට හොඳ විසඳුමක් වෙයි මේක...
BalasPadamathha
Padamවෛද්‍ය රුවන් කියන එක ජීවවිද්‍යාත්මකව නම් පිළිගත් කරුණක්. නමුත්, ලෝකේ වැඩිම ආයු අපේක්ෂාවන් ජනකොටස් වලින් එකක් වෙන ජපන් ජාතිකයන් ජානමය වශයෙන් ඉතා කුඩා පරාසයක වෙනස් කම් තිබෙන කොටසක් කියන එකත් සත්‍ය කරුණක්. (ඔවුන්ගේ ජානමය රෝග ගැන නම් මම හරිහැටි දන්නේ නෑ.)
BalasPadamජාන සංසද හදාගන්න ජනකොටස් එනවිට ඔවුන් සමග විවිධ ආකල්ප, සංස්කෘතීන් සහ පුරුදුත් එනවා. ඒවා ජීවත්වෙන රටේ සාමාන්‍ය තත්වයන්ට අනුගත් නොවෙන විට වෙනත් ප්‍රශ්න ඇතිවෙනවා නේද ? මෑත කාලයේ එහෙම අවස්ථා ටිකක් පෙනුන බවයි මම හිතන්නේ.
ඔබ කියා ආකාරයට "ආගමනය පාලනය කර ගනිමින් වෙනත් ජන වර්ග තම රටට ගෙන්වීම සීමා කරන" ජපානය වැනි රටවල් රටවල් සාමකාමී වී තිබෙද්දී, ජාන සංසදයක් ඇති කිරීම මගින් අනාගතයේ මතු විය හැකි ජානමය රෝගාබාධ නිවාරණයට පියවර ගෙන තිබෙන ලෝකයේ බලවත් රාජ්‍ය, උදාහරණ ලෙස ජර්මනිය ඔස්ට්ර්ලියව, ප්‍රංශය, බෙල්ජියම, ඇමරිකාව වැනි රටවල් වල ආගමික ත්‍රස්තවාදී ගැටුම්, මරාගෙන මැරෙන ප්‍රහාර හෝ පොලිසිය සමග කළු ජාතිකයන්ගේ ගැටුම් වැනි සැලකියයුතු මට්ටමේ ගැටළු ටිකකුත් ගෙන්නාගෙන තිබෙනවා නේද ?
මේ දෙක ගැන ඔබේ සංසන්දනය කොහොමද ?
ජීන් පූල් එක හදනකොට අන්තවාදීන් වැඩ දෙනවා
Padamවිවිධ වාර්ගිකයන් අතර මිශ්‍ර විවාහයෙන් ලබන දරුවන් බුද්ධි මට්ටමින් වැඩි බව දක්නට ලැබෙන නිරීක්ෂණයක්
BalasPadam+++++++++++++++
Padamවෙනත් ජාතීන් සමග මිශ්‍ර විවාහ වලට එළඹෙන්න අකමැතිම, පෙරදිග රටවල ජාතීන් කියලයි, මටනම් වැටහෙන්නේ.
BalasPadamyes
PadamGene Pool එකේ Fool gene එකකුත් ඇති
BalasPadam:D :D
Padamබොහෝ විට
Padamමාත් සිහින දකින්නෙ ජාතිය යන සංකල්පය බිදවැටෙන දවසක් දකින්නයි. සියලු ප්‍රශ්නවලට විසදුම ඇත්තෙ එතනයි
BalasPadamඇයි ආගම.. !? ජාතිය තව හොඳයි.. ආගම කියන්නෙ හලාහල විසක්...
Padamආගම කියන්නෙ හලාහල විසක්..// ++++++++++++++++++
Padam