Isnin, 3 Oktober 2016

ජීන් පූල්

 


ඇමරිකාව  , කැනඩාව , ඕස්ටෙ‍්‍රලියාව යන රටවල ජන වර්ග රාශියක් ජීවත් වෙති. එසේම වාර්‍ෂිකව සංක්‍රමණ වීසා මගින් විවිධ ජන කොටස් තම රටට ගෙන්වා ගනිති. මේ අතර  රුසියාව , ජපානය වැනි රටවල්  ආගමනය පාලනය කර ගනිමින් වෙනත් ජන වර්ග තම රටට ගෙන්වීම සීමා කරති. 

ජාන මිශ්‍ර  වූ තරමට නිරෝගි  පරපුරක් ඇතිවේ. නමුත් වෙනත් ජන වර්ග මුහු වීම වළකාලන රටවල් වල අනාගතයේ ජානමය රෝග වර්ධනය වීමේ අවදානමක් තිබේ.  මේ අනුව විවිධ ජන කොටස් තම රටට ගෙන්වා ගැනීම වනාහී බොහෝ දුර දිග බලා ගත් බුද්ධිමත් පියවරකි. දැනටමත් මේ රට වල තරුණ පරම්පරාවෙන් සැලකිය යුතු කොටසක් අන්තර් විවහා නිසා ජානමය වශයෙන් මිශ්‍ර වී සිටිති.  

ලෝකයේ කිසි රටක අමිශ්‍ර නුමුහුන් නිර්මල ජාතියක් නැත​. වර්තමාන සිංහලයන් ගේ ජාන කේතය සලකා බලන විට එහි ද්‍රවිඩ , බෙංගාල​, පෘතුගීසි , ලන්දේසි සහ ඉංග්‍රීසි ජාන තිබේ. ද්‍රවිඩයන් ගේද සිංහලයන් ගේ ජාන, පෘතුගීසි ජාන තිබීම සොයා ගත හැකිය​. 

ලෝකයේ බලවත් රාජ්‍ය විසින් තම රටවල ජාන සංසදයක් ඇති කිරීම මගින් අනාගතයේ මතු විය හැකි ජානමය රෝගාබාධ නිවාරණයට පියවර ගෙන තිබේ. වර්තමානයේ උතුරු ඇමරිකාවේ නව පරපුර එක් ජාතියකට සීමාවී නැත​. මා දන්නා එක් තරුණියකගේ පියා ට්‍රිනිඩෑඩ් ඉන්දියානුවෙකි , මව. ඉතාලිය ඇය ජාතිය යන සංකල්පය අතික්‍රමණය කොට සිටින්නීය​. එසේම තවත් තරුණයෙකුගේ පියා අයර්ලන්ත සම්භවයකින් යුක්තය​. මව අප්‍රිකානු (ඝනා) ජාතික කාන්තාවකි. මා දන්නා තවත් පුද්ගලයෙකු තම ජාතිය ලෙස කීවේ අයිරීශ් , පෘතුගීසි , මෙක්සිකන් සංකලනයක් ලෙසටය​. 

මේ අනුව අනාගත ලෝකයේ ජාතිය යන කොටුව බිඳ වැටෙමින් තිබේ. එහෙත් අමිශ්‍ර නුමුහුන් නිර්මල ජාතියක් ගැන සිහින දකින හිට්ලර් පන්නයේ මිනිසුන් ලෝකයේ සෑම තැනකම සිටිති. ඔවුන් මේ ජාන මුසුවට අතිශයින්ම විරුද්ධව තම ගෝත්‍රික අනන්‍යතාව රකිති. අහෙත් අවාසනාවකට මේ  නුමුහුන් ප්‍රජාව අනාගතයේ යම් දිනෙක ජානමය රෝගවලට ගොදුරුව ඉතිහාසයට එකතු වෙනු ඇත​. අනාගතයේ උරුමය නිරෝගී ශක්ති සම්පන්න ජාන ඇති මිනිසුන්ටය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 


49 ulasan:

  1. අර බ්‍රිටිෂ් වීඩියෝව දැකලා නැද්ද පිරිසක ගේ ඩී.එන්.ඒ. ටෙස්ට් කර පරම්පරාගත මූලාශ්‍ර හොයන?

    සිංහල ජීන්ස් මූලුකවම එන්නේ ඔරිස්සා පැත්තෙන් ලු නේද?

    BalasPadam
    Balasan
    1. https://en.wikipedia.org/wiki/Genetic_studies_on_Sinhalese

      Padam
    2. බංගලියන් සහ අප අතර මාර සමානකමක් තියනව නේද ?

      Padam
  2. ජාන මිශ්‍ර විම මගින් ශක්තිමත් ජීවින් බිහිවෙනවා වාගෙම ජානමය රෝග ඇතිවෙන්න බැරිද , මං කොහෙද මන්දා දැක්කා තැලසීමියා අරාබි සම්භවයක් ඇති මිනිස්සුන් ගෙන් අපේ අයට වැලදුනා කියල

    BalasPadam
  3. සිංහල ජාතිය එහෙම එකක් නෙමෙයි ඩෝ.. මේක නිර්මල, අකලංක, නොමුහුන් අති සෙරේස්ඨ ජාතියක්... හරිය... ඔහේ මේ ඩොලර් වලට අපේ ජාතියට අරවා මේවා කියන්න එනවා එහෙම නෙමෙයි හරිය.. යවනවා නිවන්... :)

    BalasPadam
    Balasan
    1. අද නිකුත් කල ශිෂ්ෂත්ව විභාගේ කඩ ඉම් (Cut Off Marks) ලකුණු වල දිස්ත්‍රික්ක 3 ක විතර සිංහල මාධ්‍ය ඇත්තෙත් නෑ
      .ඒත් සින්හලයනටම ජාතිවාදීන් කියල බනින්නේ.අනේ මන්ද ???

      Padam
  4. Maathe, Gama Galle da? ;-)

    BalasPadam
  5. පළතුරු වැඩිවුනාම සැලඩ්එක රසයිනෙ.

    BalasPadam
  6. Ulasan ini telah dialihkan keluar oleh pentadbir blog.

    BalasPadam
    Balasan
    1. ආශාව මුදුන්පත් කරගන්න නම් එවා නිකරුනේ අපතේ නොයවා ප්‍රවේසම්කරගන්න වෙයි.

      Padam
    2. අනේද කියන්නෙ

      Padam
  7. ඔය ජීන් පූල් එක පිරිසිදු කරන්න ඉම්පෝර්ට් කරපු වාහන තියෙනවා ඉන්දියාවෙන්.

    BalasPadam
    Balasan
    1. ඉන්දියන් වාහන වල යන්නේ ජීන් පූල් එක අපිරිසිදුවූ අයද?

      Padam
    2. වාහන අනතුරු නිසා මරණයට පත් වූ අය සහ වාහන වර්ගය අතර සබඳතාව ගැන අපූරු අධ්‍යයනයක් කරන්න පුළුවන්වෙයි පොලිස් ඩේටා වලින්, අර සීට් බෙල්ට්, හෙල්මට් ස්ටඩීස් වගේ.

      Padam
  8. වෛද්‍යවරයෙකු සමග ජාන ගැන තර්ක කිරීමට වඩා දෙමළෙකු සමග නිජභූමිය ගැන වාද කිරීම වාසියකි; එහෙත් නුමුහුන්ව පැවතීමෙන් මිස ජාන මිශ්‍ර වීමෙන් ඔය කියන "අනාගතයේ මතු විය හැකි ජානමය රෝගාබාධ නිවාරණය" කෙසේ වන්නේද යන්න ප්‍රශ්නයකි.

    නුමුහුන් ජාන කිට්ටුවක් ඒ තුල මේ වන විටත් රෝගයක් නැතිනම් අලුතින් ජානමය රෝග ඇති විය හැක්කේ කෙසේද ?
    මිශ්‍ර වීම හේතුවෙන් එසේ "අනාගතයේ" මතු විය හැකි රෝගාබාධයක් "නිවාරණය" කළ හැක්කේ කෙසේද ?
    මේ මිශ්‍ර වීම හේතුවෙන් අලුත් රෝග ඇති නොවන බවට සහතිකයක් දිය හැකිද ?

    BalasPadam
    Balasan
    1. /වෛද්‍යවරයෙකු සමග ජාන ගැන තර්ක කිරීමට වඩා දෙමළෙකු සමග නිජභූමිය ගැන වාද කිරීම වාසියකි / වෛද්‍යවරයනු සහ දෙමළකු කියන විශේෂණ දෙක අයින් කරලා නූතන උපහැරණයක් හදා ගත්තෑකි; “නිජ භූමියකුට ජාන ගැන කියාදුන්නා වගේ“ කියලා.

      Padam
    2. ජාන මුහුන් වීම මගින් ශක්තිමත් ජාන dominant වෙනවා මේක පරිනාමික ක්‍රියවලියක්

      Padam
  9. //අනාගත ලෝකයේ ජාතිය යන කොටුව බිඳ වැටෙමින් තිබේ// හැබැයි ජාතිය වෙනුවට වෙනත් දෙයක් අදේශ වෙයි.

    BalasPadam
    Balasan
    1. මම මේ හිතුව විතරයි. ඒක දැනටම වෙලා ඉවරයි. මැච් වලදි චියර් කරන විදියෙන්ම ඒක බලා ගන්න පුලුවන්.

      Padam
    2. අනිව, එලියන්ස්ලට එරෙහි ඇනිමේෂන් යුද්ධවලට අකමැති කවුද?

      Padam
    3. අපොයි ඔව්....ජාතීන් අතර නෙමේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ. ආගම බූදල් කරගත්ත බොකාසාලගෙන් තමයි මේක බේරගන්න බැරි.

      Padam
  10. Gene Pool = ජාන කිටුව

    කේ.ඒ.ජී. කුලවංශ මහත්මයාට පිං සිද්ද වෙන්ට තවමත් ජාන විද්‍යාව ගැන සෑහෙන තොරතුරු මතකයි.

    වර්තමාන ලෝකෙ විශිෂ්ඨම ජාන කිටුව තියෙන්නෙ ඊශ්‍රායල් ජාතිකයින්ට කියල පර්යේෂණයකින් හොයාගත්තයි කියල මේ ළඟකදි කියෙව්ව.ඒත් ඒ එක්කම යුදෙව්වො කියන්නෙ තම ජාතිය ඇතුලතම අවාහ විවාහ කරගැනීමේ චාරිත්‍රය තදින්ම පිලිපදින කොටසක් කියලයි මම අහල තියෙන්නෙ.

    BalasPadam
    Balasan
    1. ///ඒත් ඒ එක්කම යුදෙව්වො කියන්නෙ තම ජාතිය ඇතුලතම අවාහ විවාහ කරගැනීමේ චාරිත්‍රය තදින්ම පිලිපදින කොටසක් කියලයි මම අහල තියෙන්නෙ.///
      ජාතිය ඇතුලේ කසාද බැඳිල්ලයි හොරාට හොරාට ජාන මික්ස් කර ගන්නවා කියන්නේ එකක්ද බොල, අනේ මන්ද උඹලටත් මේවා කියල දෙන්න උනානේ...

      Padam
    2. මා දන්නා තරමට යුදෙව් ආගමක් මිස ජාතියක්ම නොවේ.

      Padam
    3. කුලවංශ සර් මටත් ඉගැන්නුවා

      Padam
  11. ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව යනු මෑතකදී බටහිර රටවල් වලින් කොලනයිස් කල රටවල්ය. මේ රටවල ඒ ඒ වාසීන් මිස ජාතියක් කියා එහෙමම දෙයක් නැත. ඇමරිකාවේ නම් ඒ රටේ ප්‍රධානව තිබෙන සන්ස්කෘතියට හැඩගැසෙන ඕනෑම කෙනෙක්ට පහසුවෙන් ඒ සමාජයට එක් විය හැක. අයිරිශ්, ජර්මන්, ඇන්ග්ලෝ ආදී සියලු දෙනා එක් වූ ඒ ආකාරයටය. ඉස්ලාමය එක් වීම සාර්ථකදැයි කියන්නට තවම කල් මදිය.

    බටහිර ජාතීන්ගේ ජීන් පූල් කලවමට ඇති ආසාව බැලීමට නම් මේ රටවල මුල්වාසීන් සමඟ කොතරම් කලවම් වී ඇතිදැයි බලන්න (දකුනු හා මධ්‍යම ඇමරිකාවේ නම් හොඳ කලවමක් ඇත. ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාවේ නම් නැත ).

    දැන් මේ ජීන් පූල් කලවමත් කාලයේ ට්‍රෙන්ඩ් එක වී ඇති නියෝ ලිබරල් මතවාදත් සමඟ ගැලපෙන නිසා ජනප්‍රිය වී ඇතැයි සිතමි.

    BalasPadam
  12. ජනවාර්ගික පුරස්නෙට හොඳ විසඳුමක් වෙයි මේක...

    BalasPadam
  13. වෛද්‍ය රුවන් කියන එක ජීවවිද්‍යාත්මකව නම් පිළිගත් කරුණක්. නමුත්, ලෝකේ වැඩිම ආයු අපේක්ෂාවන් ජනකොටස් වලින් එකක් වෙන ජපන් ජාතිකයන් ජානමය වශයෙන් ඉතා කුඩා පරාසයක වෙනස් කම් තිබෙන කොටසක් කියන එකත් සත්‍ය කරුණක්. (ඔවුන්ගේ ජානමය රෝග ගැන නම් මම හරිහැටි දන්නේ නෑ.)

    ජාන සංසද හදාගන්න ජනකොටස් එනවිට ඔවුන් සමග විවිධ ආකල්ප, සංස්කෘතීන් සහ පුරුදුත් එනවා. ඒවා ජීවත්වෙන රටේ සාමාන්‍ය තත්වයන්ට අනුගත් නොවෙන විට වෙනත් ප්‍රශ්න ඇතිවෙනවා නේද ? මෑත කාලයේ එහෙම අවස්ථා ටිකක් පෙනුන බවයි මම හිතන්නේ.

    ඔබ කියා ආකාරයට "ආගමනය පාලනය කර ගනිමින් වෙනත් ජන වර්ග තම රටට ගෙන්වීම සීමා කරන" ජපානය වැනි රටවල් රටවල් සාමකාමී වී තිබෙද්දී, ජාන සංසදයක් ඇති කිරීම මගින් අනාගතයේ මතු විය හැකි ජානමය රෝගාබාධ නිවාරණයට පියවර ගෙන තිබෙන ලෝකයේ බලවත් රාජ්‍ය, උදාහරණ ලෙස ජර්මනිය ඔස්ට්‍ර්ලියව, ප්‍රංශය, බෙල්ජියම, ඇමරිකාව වැනි රටවල් වල ආගමික ත්‍රස්තවාදී ගැටුම්, මරාගෙන මැරෙන ප්‍රහාර හෝ පොලිසිය සමග කළු ජාතිකයන්ගේ ගැටුම් වැනි සැලකියයුතු මට්ටමේ ගැටළු ටිකකුත් ගෙන්නාගෙන තිබෙනවා නේද ?

    මේ දෙක ගැන ඔබේ සංසන්දනය කොහොමද ?

    BalasPadam
    Balasan
    1. ජීන් පූල් එක හදනකොට අන්තවාදීන් වැඩ දෙනවා

      Padam
  14. විවිධ වාර්ගිකයන් අතර මිශ්‍ර විවාහයෙන් ලබන දරුවන් බුද්ධි මට්ටමින් වැඩි බව දක්නට ලැබෙන නිරීක්ෂණයක්

    BalasPadam
  15. වෙනත් ජාතීන් සමග මිශ්‍ර විවාහ වලට එළඹෙන්න අකමැතිම, පෙරදිග රටවල ජාතීන් කියලයි, මටනම් වැටහෙන්නේ.

    BalasPadam
  16. Gene Pool එකේ Fool gene එකකුත් ඇති

    BalasPadam
  17. මාත් සිහින දකින්නෙ ජාතිය යන සංකල්පය බිදවැටෙන දවසක් දකින්නයි. සියලු ප්‍රශ්නවලට විසදුම ඇත්තෙ එතනයි

    BalasPadam
    Balasan
    1. ඇයි ආගම.. !? ජාතිය තව හොඳයි.. ආගම කියන්නෙ හලාහල විසක්...

      Padam
    2. ආගම කියන්නෙ හලාහල විසක්..// ++++++++++++++++++

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook