Ahad, 23 Oktober 2016

ඉස්සෝ බුවා


හලාවත රෝහලට අළුතින් වෛද්‍යවරයෙකු පැමිනි විට ඉස්සෝ කිලෝ එකක් රැගෙන එම වෛද්‍යවරයා හෝ වෛද්‍යවරිය හමු වීමට යන අරුම පුදුම පුද්ගලයෙකු සිටියේය​. ඔහු රෝහලේ සේවකයෙකුද නොවීය​. පිටින් එන පුද්ගලයෙකි. 

මෙම අරුම පුදුම පුද්ගලයා අළුත් වෛද්‍යවරයා හමුවී "සර් මම තමයි අහවලා සර් මේ ඉස්පිරිතාලෙට ආව එක බොහොම හොඳයි. මම සර්ට හලාවත වැල්ලෙන් ඉස්සෝ වගයක් ගෙනාවා " කියා ඉස්සන් පර්සලය අතට දෙයි. මෙම කාරුණික සංග්‍රහය හමුවේ නිරුත්තර වන වෛද්‍යවරයා බොහෝ විට ඔහුගේ තුටු පඬුර පිලි ගනියි. ඉන්පසුව " සර්ට ඕනම දෙයක් කියන්න මෙන්න මගේ සෙල් නොම්බරේ " කියා දුරකථන අංකයක්ද දෙයි. 

මේ අරුම පුදුම පුද්ගලයා ගැන මම මඳක් විමසිලිමත් වූයෙමි. මම හලාවත රෝහලට ගිය මුල් දින වලදී ඔහු මා සොයාගෙන ආවත් මම ඔහුව මඟ හැර සිටියෙමි. පසුව පෙනී ගියේ මොහු ඉස්සෝ කිලෝ එකක් දී වෛද්‍යවරුන් මිත්‍ර කරගෙන තම ප්‍රදේශයේ සැත්කම් හා ප්‍රතිකාර සඳහා එන රෝගීන් ගෙන් මුදල් ලබා ගෙන  ඔවුන්ව ඒ අදාල වෛද්‍යවරු වෙත ගෙනැවිත් "සර් මේ මගේ ගෙවල් ලඟ යාලුවෙක්  මේ මාසේ විසි හය වෙනිදා මෙයාගේ ඔපරේෂන් එකක් තියනවා සර් පොඩ්ඩක් බලන්න"  කියයි. 

වරක් මට සීසර් ශල්‍යකර්මයක් සඳහා නිර්වින්දනය ලබා දෙන ලෙස නාරි හා ප්‍රසව ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී  මට දැණුම් දුන්නේය​. රෝගියා ශල්‍යාගාරයට ගෙන යන ලෙසට ඔහුට පවසා මමද ශල්‍යාගාරයට යාමට සූදානම් වූයෙමි. ඒ අතරවාරයේ කිසිදු ආරාධනාවකින් තොරව මේ පුද්ගලයා තවත් පිරිමියෙකු සමග නිර්වින්දන වෛද්‍ය නිල නිවාසය වෙත ආවේය​. 

" සර් මෙයාගේ පවුල සීසර් කරනවා , ලෙඩාව සිහි නැතිකරවන්න සර්ව ගෙනියන්න ආවේ " කියා ඔහු කීවේය​. 

මට විමතිය සමග ව්‍යාකූලතාවක් ද මතු විය​. 

" ඉතින් ඒක මට තියටර් එකෙන් නේ දැණුම් දෙන්න ඕනේ ඔයා නෙවෙයි නේ , මොකද ඔයා රෝහලේ වැඩ කරන කෙනෙක් නෙවෙයි නේ " මම කීවෙමි. 

මගේ පිලිතුරින් මඳක් පසුබා ගිය ඔහු අමුත්තා කැටුව බැහැරට ගියේය​. 

මට ඔහුගේ කට්ටකම වැටහුණි. බිරිය සීසර් කරන්නට යන බවත් ඒ සඳහා නිර්වින්දන වෛද්‍යවරයෙකු නැති නිසා තමන් නිර්වින්දන වෛද්‍ය නිල නිවසෙන් වෛද්‍යවරයෙකු ගෙන එන බවත් සැමියාට කියා ඔහුගෙන් ගානක් කඩාගෙන මා ඉදිරියේ රඟපෑමක නිරත වීමට ඔහුට අවශ්‍යව තිබුණි. එහෙත් මගේ අනපේක්‍ෂිත උත්තරය නිසා ඔහුගේ පැලෑන අඩාල විය​. යම් ලෙසකින් රෝහලට ආ මුල් දවස් වල මොහුගේ  ඉස්සෝ කිලෝ එකට මා යට වුයේ නම් මට සිදුවන්නේ ඉස්සෝ වමාරන්නටය​.  


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

40 ulasan:

  1. අනේ ඒවුනාට අර බ්ලොග් ඔස්තාඩ් කියල හිතන් ඉන්න එකාගේ කුඩුකාල සමහරක් කොමෙන්ට් මක මක යනවලු

    BalasPadam
    Balasan
    1. සමහරක් කොමෙන්ට් මක මක යන හේතුව මේකයි. මගේ බ්ලොග් එකේ අනුන්ට මඩ ගහන එක මම අනුමත නොකරන නිසා

      Padam
  2. සමහර සින්හල බ්ලොග් ලියන කස්ටිය ගේ පස්ස පැත්තේ ඉස්සෝ වාසය කොරති... ඉස්සා පැන්නාම කටුව ඇතුලේ ඇනී බ්ලොග් ලියන්නා සුද්ද සින්හලෙන් ප්‍රතිචාර දක්වති!

    BalasPadam
    Balasan
    1. සාරස, කුනුහරුප දොඩන්නෙ නැතුව, ඔය දත් ගලවනකොට ඔය වගෙ අත්දැකීම් එහෙම ඇතිනෙ . ඒව ලිව්වනම් මොකද.
      ඒත් ඉතින් සාරසට තියෙන්න් අත් දැකිම් වලට වඩා කකුල්දැකීම්නෙ නේද

      Padam
    2. පුස්සෙක් හා අන්දරේ කෙනෙකු බව තමන්ම කියාගන්නා සරසගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?

      Padam
    3. // AnonymousOctober 23, 2016 at 11:43 PM //

      // AnonymousOctober 24, 2016 at 12:15 AM //

      ඔබ දෙපලට ඉස්තූතියි....

      ප.ලි: ඉස්සා පැන්නා නේද?

      Padam
  3. ඉස්සෝ වලට කැමති මම වගේ කෙනෙක් හිටියා නම් හරි වැඩේ. ආසාවෙන් හිටියේ 'ටොයිලට් පේපර්' එකට උත්තර දෙන්න. ඔයා අලුත් එකක් පබ්ලිෂ් කරලනේ.:(

    BalasPadam
  4. මිනී කාක්කෝ ඉතරක් නෙමෙයි එතකොට හිටන්...

    BalasPadam
    Balasan
    1. ඉස්සො කාක්කොත් ඉන්නවා

      Padam
  5. පත්තරේටත් එන යන ඔයවගේ ඩයල් ඉන්නවානේ

    BalasPadam
  6. දේශපාලඥයින් ලඟට මිනිස්සු කැන්දන් යන, කෙල්ලන්ට චිත්‍රපටි රඟපාන්න චාන්ස් අරන්දෙන හුඟක් අය කරන්නේ මේකම තමයි.

    BalasPadam
    Balasan
    1. මේක නැගලා යන ගේමක් වගෙ

      Padam
  7. හැම ක්ශේත්‍රයකටම අයිති මේ වගේ කාක්කෝ ඉන්නවා බලාගෙන යන කොට
    මේ අපි නිකමටවත් නොහිතපු පැත්තක්

    ඇත්තටම මේ වගේ කූට බුද්ධියක් මිනිස්සුන්ට පහල වෙන්නේ කොහොමද? වෛද්‍ය තුමනි ඒ ගැන යම් විග්‍රහයක් කලොත් හොඳ නැතිද?

    BalasPadam
    Balasan
    1. මේ වගේ කූට බුද්ධියක් මිනිස්සුන්ට පහල වෙන්නේ කොහොමද?///// මේ සටකපටකම , දරිද්‍රතාව , කාගෙන් හෝ ගානක් කඩා ගැනීම සඳහා කරන උප්පරවැට්ටි

      Padam
  8. ඒ විතරක්ද? වසරකට වරක් ලොකු තෑගි පාර්සල අරන් වෛද්‍යවරු හමුවෙන්න යන ෆාමසි හිමිකරුවන්, රසායනාගාර හිමිකරුවන් එහෙමත් අපි දැකලා තියෙනවා.

    ජයවේවා!!!

    BalasPadam
    Balasan
    1. ඇයි ගෙවල් paint කරනවා.කාරයේ රෝද මාරු කරනවා etc..

      Padam
  9. හැක්... ඒකත් මාර බිස්නස් එකක් තමයි බලාගෙන ගියාම

    BalasPadam
  10. දැන්නම් ඉස්සෝ, පොකිරිස්සෝ දීලා ඔය වැඩ කරගන්න බැරුව ඇති.

    BalasPadam
    Balasan
    1. තෝරු මෝරු පවා අල්ලන්නේ පොඩි පොඩි බේට් පාවිච්චියෙන් නේද? හාල්මැස්සන්ට කියන්නේත් වයිට් බේට් ෆිෂ් කියලනේ.

      Padam
  11. කිසිම වෘත්තිකයෙක් කිසිම තෑග්ගක් ලබා නොගෙන ඉන්න ඕන කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න නම්.

    ට්‍රේනි කෙනෙක් විදිහට බැඳෙන්න මගේ මුල්ම සම්මුක පරීක්ෂණය කරපු ප්‍රසන්න ගුණවර්ධන මහතා (හිටපු මේයර් සහ හිටපු යූ.ඩී.ඒ අධ්‍යක්ශ ජනරාල්) කිව්ව දෙයක් තමා "පුතා ඔයාව ට්‍රේනි කෙනෙක් විදිහට තෝරගනන් වෘත්තියේ අයට ගොඩක් නරක ගනු දෙනු කරන්න පුලුවන්. ඒක නිසා කිසිම දාක ඒවා නොකර ඉන්න නම් කිසිම කෙනෙක්ගෙන කිසිම දෙයක් නොගෙන ඉන්න" කියන එක.

    මම දේව වචනයක් වගේ ඒක අදහනවා!

    BalasPadam
  12. අම්මපා එහෙමත් මිනිස්සු. එක අතකට ඉතින් පුදුම වෙන්න දේකුත් නෑ. අනිත් මිනිස්සුන්ගේ දුකක් වේදනාවත් ආදායමක් කර ගන්න මිනිස්සු ඕන තරම් ඉන්න එකේ.

    BalasPadam
  13. බුවා දෙන්නේ අල්ලස්.හරියට "හිරු කිව්වොත් සල්ලි" වගේ.

    BalasPadam
    Balasan
    1. ඉස්සො වලින් දෙන්නේ

      Padam
  14. රෝහල් ආශ්‍රිතව මෙවැනි කාක්කන් අදත් නැත්තේ නැහැ. අදනම් වෛද්‍යවරුන්ට වඩා ඔවුන්ට අහුවෙන්නේ අසරණ රෝගීන්.

    BalasPadam
    Balasan
    1. උන් ගාන කපන්නේ අපිටත් දෙන්න කියලා , ලෙඩ්ඩු හිතන්නේ අපිත් ජරාව කනව කියල

      Padam
  15. ඉස්සෝ කාරයෝ, ෆාමසි කාරයෝ සහ කාක්කන්ගෙන් රෝහල් වල පිරිලා....එහෙත් බොහෝ දොස්තරවරුන්හට ඔබ මෙන් එය ලියන්න වෙලාවක් නැහැ. PP වලින් ඔවුගේ මනුසත් බව යටවෙලා..

    BalasPadam
  16. බලාගෙන ගියාම ඉස්සොත් අල්ලස් දෙනවා!!!!!! Great writing doc. Enjoyed the story!

    BalasPadam
  17. I think I can figure out the man, Anyway u managed to escape from this cunning man

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook