Sabtu, 22 Oktober 2016

දොට්ට පිළට යාම

 



වැසිකිලි යාම ජීවිතයේ වැදගත් ක්‍රියාවලියකි. එහෙත් ආහාර ගැනීම ගැන තිබෙන කතිකාවට ඇති උද්‍යෝගය වැසිකිලි යාම සබැඳිව නැත​. වැසිකිලි යාම ගැන කතා කරන්නේ අඩුවෙනි. වැසිකිලි යාම  ජීව ක්‍රියාවලියක් පමණක් නොවේ. ඒහා බැඳුනු ආගමික මෙන්ම සංස්කෘතික ක්‍රියාවලීන් තිබේ. 

බටහිර ජාතිකයෝ වැසිකිලි යාමෙන් පසුව ටොයිලට් පේපර් භාවිතයෙන් පශ්චාත් ප්‍රදේශය පිරිසිදු කර ගනිති. මෙය සමහරක් අපරදිග ජාතීන්ට අනුව පිලිකුල් දනවන ක්‍රියාවකි. ලංකාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ රත්නසිරි වික්‍රමනායක මහතා සුද්දන් යනු පස්ස නොසෝදන ජාතියක් බව කියා වරක් ඔවුනට නිග්‍රහ කලේය​. 

වැසිකිලි යාමෙන් පසු ලංකාව වැනි ආසියාතික රටවල මිනිසුන් වතුර යොදා පසුපස ප්‍රදේශය පිරිසුදු කර ගනිති. එහෙත් මෙය තනිකරම ශුද්ද ක්‍රියාවලියක් නොවන බව පෙනී යයි. වැසිකිලි යාමෙන් පසු වතුර යොදා වම් අතින් පසුපස ප්‍රදේශය පිරිසුදු කර ගන්නා පුද්ගලයන් ගේ නියපොතු වල බොහෝ විට ඊකෝලායි බැක්ටීරියාව තිබේ. මෙම අසූචි බැක්ටීරියාවන් මිනිසුන් අතර සංක්‍රමණය වෙයි. 

සෞඛ්‍යය වෛද්‍ය නිලධාරියෙකු ලෙස සේවය කරන කාලයේදී හෝටල් වල කෑම පිසින අරක්කැමියන් ගේ නියපොතු පරීක්‍ෂා කිරීම මම කලෙමි. මොවුන් බොහෝ දෙනෙකු වැසිකිලි ගොස් යන්තම් අත සෝදාගෙන ඉවීම් කටයුතු කරති. ඔවුන් ගේ නියපොතු කුණු වලින් පිරී තිබේ. මේ නියපොතු ඇතුලේ ඊ-කෝලයි බැක්ටීරියාවන් ඇත​. තවද මෙහෙකරුවන් මෙහෙකාරියන් ඉවුම් පිහුම් කරන ඉහල මධ්‍යම පන්තික නිවෙස් වලද මෙම ගැටළුව දක්නට තිබේ. මෙම මෙහෙකරුවන් මෙහෙකාරියන් වැසිකිලි ගොස් අත් සේදීම හොඳ හැටි නොකරති. එම නිසා නිවැසියන්ට විවිධ උදරාබාධ ඇතිවේ. 

මාස 18 සිට වසර 3 දක්වා ගුද කාලය ළදරුවන්ට වැදගත් වන සමයක් බව සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පැවසීය​. මේ කාලය තුලදී ළදරුවා තමාව බලා කියා ගන්නා පුද්ගලයා සමග කායික මානසික වශයෙන් බැඳෙති. 

බටහිර රටවල දෙමාපියන් වැසිකිලි යාමෙන් පසු ළමයින් ගේ පස්ස පිරිසිදු කරන්නේ ටොයිලට් පේපර් මගිනි . එහෙත් ඉන්දියාව ,  ලංකාව වැනි රටවල අම්මලා තම අතින් ළදරුවන් ගේ කක්කා සෝදති. මේ නිසා මවගේ අත ළදරුවාගේ අධි සංවේදී ගුද කලාපයේ ගෑවේ. මේ අනුව  ලංකාව , ඉන්දියාව වැනි රටවල ළදරුවන් ගුද සමය හෙවත් ( Anal Stage) හිදී බටහිර ළමුන් මව සමග ඇති කර ගන්නා බැඳීමට වඩා වැඩිපුර බන්ධනයක් ඇති වන බවට මතයක් මම මගේ ළමා මනෝ විද්‍යාව සහ උපදේශනය (විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය​) පොත මගින් ප්‍රකාශ කලෙමි. මෙම අදහස දිවංගත මනෝ වෛද්‍ය ඩී.වී.ජේ හරිස්චන්ද්‍ර මහතාගේ අවධානයටද ලක් විය​. වරක් රූපාවාහිනී වැඩසටහනකදී එතුමා මගේ කෘතියේ එන මෙම මතය ගැන කතා කලේය​.

විදේශ රටවල වැසිකිලි වල වතුර නැත . තිබෙන්නේ ටොයිලට් පේපර් ය​. එම නිසා අපහසුවෙන් හෝ ටොයිලට් පේපර් භාවිතා කිරීමට ආසියාතිකයන්ට සිදුවේ. 

සෝවියට් දේශයේ ටොයිලට් පේපර් හිඟයක් තිබුනේය​. මේ නිසා මිනිසුන් බොහෝ විට භාවිතා කලේ පව්දා (ඇත්ත​) පුවත් පතේ කොලය​. සෝවියට් දේශයේ වැසිකිලි වල හතරට ඉරන ලද පව්දා  පුවත් පත් කොල තිබුනේය​. මිනිසුන් සමහර විට ලෙනින් ගේ පින්තූර තිබෙන  පව්දා  පුවත් පත් කොල වලින් කක්කා පිස දැමුවෝය​. ස්ටාලින් ගේ කාලයේ මෙය ප්‍රති විප්ලවවාදී ක්‍රියාවක් ලෙස සලකන ලද බැවින් ලෙනින් , ස්ටාලින් මෙන්ම අවශේෂ පොලිට් බියුරෝ නායකයන් ගේ පින්තූර තිබූ පත්තර කොල කසල ගොඩටවත් විසි නොකිරීමට මිනිසුන් පරෙස්සම් වූහ​. 

 සෝවියට් දේශයේ ජීවත් වූ කාලයේදී පෙනී ගියේ ලාංකිකයන් පමණක් නොව ඉන්දියානුවන් සහ අරාබි ජාතික සිසුන් වැසිකිලි යාමේදී වතුර භාවිතා කරන බවයි. ඒ කාලයේදී ශිෂ්‍ය නේවාසිකාගාර වල හිස් වයින් හෝ ෂැම්පේන් බෝතල් වලට වතුර පුරවාගෙන වැසිකිලි යන ආසියාතික සහ අරාබි සිසුන් දෙස රුසියානුවන් විමතියෙන් යුතුව බැලූහ​. 

ටොයිලට් පේපර් නිරන්තරයෙන්ම භාවිතා කිරීම නිසා සමහර විට ගුද ප්‍රදේශයේ ආසාදන ඇති විය හැකිය​. එම නිසා වැසිකිලි ගොස් වතුර මගින් ගුද ප්‍රදේශය පවිත්‍ර කර ගැනීම සෞඛ්‍යය හිතකරය​. ඒ සඳහා බිඩේ එකක් යොදා ගැනීම වඩාත් යෝග්‍ය වේ. වර්තමානයේ ලංකාවෙ පමණක් නොව බටහිර රටවල ජීවත් වන ලාංකිකයන් ගේ නිවෙස් වල හෑන්ඩ් බිඩේ සවි කොට තිබේ. සමහර ලාංකිකයන් මුලින්ම ටොයිලට් පේපර් මගින් පශ්චාත් ප්‍රදේශය පිරිසිදු කරගෙන පසුව හෑන්ඩ් බිඩේ එකේ වතුර පහර අල්ලති. 

ආහාර ගැනීම මෙන්ම වැසිකිලි යාමද ජීවිතයේ වැදගත් අංගයකි. එය සෞඛ්‍යය ආරක්‍ෂිතව කල යුතුය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

32 ulasan:

  1. කට පිලිබඳ ඇති උනන්දුව පුක පිලිබඳ නැති බව සැබෑය. කටින් පටන් ගන්නාදේ පුකෙන් අවසන් වෙන බව ලෝක සත්‍යයයි. එකම ගමන් මාර්ගයක ඇරඹුම හා අවසානයයි. නමුත් මේ මාර්ගය වන්වේ ට්‍රැෆික් එකක් පමනක්ම බව ලෝක සත්වයා අවබෝධ කල ගත යුතුවේ.

    BalasPadam
    Balasan
    1. මේ මාර්ගය වන්වේ ට්‍රැෆික් එකක්

      Padam
  2. දොස්තර මතත්තයා කක්කි සීන් එකක් ලියලා :P
    සමහර ස්ථාන වලදී ඔය පින්තූරෙ තියන වර්ගයේ bucket එකට වතුර පුරවලා පශ්චාත් ප්‍රදේශෙ හෝදන එකනම් හෙනම ගේමක් වුනා මතකයි ඉස්සර

    BalasPadam
    Balasan
    1. කක්කි සීන් ලියන්නත් එපැයි

      Padam
  3. http://sathsamudura.blogspot.com/2016/10/toilet-unspoken-history.html?m=1

    Also watch that documentary by bbc. Very nice one...thsnks to Dinesh

    BalasPadam
  4. තිත්ත ඇත්ත. ඩොක්ට ටොයිලට් බකට් ගැන කතා කලහම කලකට ඉහත සිද්දියක් මතක් උනා.

    ට්‍රිප් එකක් ගිය වෙලාවක අපේ යාලුවෙකුට තද බද ලෙස ටොයිලට් යන්ට ඕනි උනා.

    කතරගම පැත්තෙ පාර ලඟම තිබ්බ පොල් අතු කඩේක මුදලාලිට ශේප් එකක් දාල යාළුවාව පිළිකන්න පැත්තේ තිබ්බ ටොයිලට් එකකට යැව්වා. ටිකකින් යාළුවා ආව. අපිත් තේ ඒ කඩෙන්ම බීල සල්ලි ගෙවල යන්ට හදනකොට මුදලාලි මහත්තය කලබලෙන් දුවන් ඇවිත් කියපි "මහත්තයෝ. කක්කුස්සියට ගියාටනම් සල්ලි ඕන නෑ. ඒත් පුක හෝදපු කසිප්පු බැරල් කාලට රුපියල් 2000/- දීල යන්න. ඕකෙන් තමයි මහත්තයෝ මම ගැනිවයි දරුවෝ දෙන්නටයි කන්න දෙන්නේ" කියල..

    😂😂😂😂😂😂😂😂

    BalasPadam
    Balasan
    1. යාලුගේ පුක තාම තියනවද

      Padam
    2. අවසාන නිගමනය: යාළුවා පුක නොසෝදා කසිප්පුවලින් වැසිකිළිය සෝදා පැමිණ ඇත!

      Padam
    3. @ අටම - ඔය කතාවම තමයි මමත් අපිත් උගෙන් ඇහුවේ. @&කෝ බොට ගඳක් සුවඳක් දැවිල්ලක් ආවෙ නැද්ද යකෝ තෝ කසිය වලින් #ක හොදනකොට? උගෙ මුණ මේ වගේ 😳(හැබැයි ඔය කාලෙ බුවා කාටත් හොරා ජරාව ගහන්න පටන් අරගෙන තිබ්බ.සික් එකේ කල උගේ වැඩ ගැන පොතක් ලියන්ට පුළුවන්. ඒත් ඕනි නෑ 😜

      @ඇනෝ - මටනං 200% ෂුවර් ඌ නම් බාගෙට #ක හොදන් ආවත් ඇසිඩ් වලින් කවදාවත් කක්කුස්සියක් හෝදන ජාතියේ ඩයල් එකක් නම් නෙමෙයි.

      Padam
    4. යකෝ රුපියල් දෙදාහක් පුක හෝදන්න වියදං කරන්න මිනිහ මාර සල්ලි කාරයෙක් වෙන්න එපැයි. හැක්..

      Padam
    5. @ ප්‍රස tamil නයන්න.

      මිනිහ සල්ලි කාරයෙක්...?? පිස්සුද යකෝ. ආතල් ගන්ට තිබ්බ සල්ලි වලින් තමයි දුන්නේ. ඔය ට්‍රිප් එකම තණමල්විල දි තව ෆුල් සැපක් දුන්න. ඒක මීට එහා ආතල්. ඊට පස්සේ ලෝකාන්තේ ගියා. ඒක ඊට හපන්. 🙈🙉

      Padam
  5. වැදගත් ලිපියක් දොස්තර මහත්තයෝ

    BalasPadam
  6. වැදගත් ලිපියක්.ඉස්තුතියි

    BalasPadam
  7. මං පුක අතින් අල්ලන එක නවත්තල ගෝඩාක් කල් ,ගෙදරදි හෑන්ඩ් බ්‍රී ඩෙි එකෙන් හෝදනවා ස්කොටින්ග් ෆැන් එක ලගට එකක් හයිකරල තියෙන්නෙ , පිටදි නං බොගලස් උනහම නානවා හරි හෝදනවා හරි , හෙම නැත්තං පුක පිහදාන්ඩත් ඔට්ටුයි වාත නොවි ,පොඩි අයට නං ඉස්සෙල්ලම වෙට් ටිෂු පාවිච්චි කලා , කැලේ රීලා කැන්දකොලෙන් පුක පිහදාපු අපිට රෙන්ඩ පුලුවං ඕන තැනක

    BalasPadam
  8. හැමෝම අල්ලන ටොයිලට් පේපර් රෝල ඇල්ලීමෙන් දිලීර රෝග පැතිරීම සිදු විය හැකියි.

    BalasPadam
    Balasan
    1. මාත් ඕක හිතුවා මම කරන්නේ රෝල මුල් හරිය අයින් කරලා මැදින් ගන්නවා

      Padam
  9. කක්කා නොකර ඉන්න හිතෙනවා මේවා කියෙව්වම. රත්නසිරි වික්‍රමනායක දන්නේ නැතිව ඇති සුද්දො රෑට දිවෙන්ම ක්ලීන් කරලා දානවා කියලා.

    BalasPadam
    Balasan
    1. චීයා මාතේ මොනාද ඔය කියන්නේ

      Padam
  10. කක්ක අතින් තලන ජාතීන් හා පුක නොහෝදන ජාතීන්

    BalasPadam
  11. අර උඩ දාල තියෙන පිංතූරෙ දැක්කට පස්සෙනං රෙන එකත් එපා වෙනව.
    රෙන පුකට මොන කැටයංද කියල කිවුවට බලාගෙන ගියාම ඒකත් ලේසි වැඩක් නෙමෙයි.

    BalasPadam
    Balasan
    1. ඕවට වැඩිය වර්චස් ලැටුත් තියනවා

      Padam
  12. මෝටාර්/කාලතුවක්කු බෝම්බයක් කොයි වෙලේ පතිත වෙයිද කියා සිතමින්, එන්ට්‍රෙන්චින්ග් ටූල් එකෙන් කපාගත් වල පොඩ්ඩට වැඩේ කොරලා, පිටේ තියන මල්ලෙන් ගත්ත වතුර බෝතලෙන්, යන්තම් හෝදාගැනීම තරම් සැපක් වෙනත් කොහිද ඇත්තේ අහෝ...........

    BalasPadam
    Balasan
    1. ක්‍රියාන්විතයේ බොග් විස්තර වැදගත් එස් එෆ් එක සතුරා හොයා ගන්නෙත් බොග් වලින්

      Padam
  13. දාලා තියෙන පින්තූරෙ නම් ඉස්තරම්...ආයෙ කියන්න වදන් නෑ....දැක්කමත් අප්පිරියයි..

    එක ලග තිබුනට සිංගප්පූරුවයි මැලේසියාවයි ඔය පුක හෝදන තැනදි ඉන්නෙ දෙපැත්තක. සිංගප්පූරුව ටිෂූ පාවිච්චි කරද්දි මැලේසියාව අපි වගේ වතුර පාවිච්චි කරනවා...මටත් ජීවිතේ එකම එක වතාවක් කොලේකින් පිහ දා ගන්න උනා සිංගා වලදි..ඊට පස්සෙ හිතට දැනෙන්නෙ හරිම අසහනකාරී හැගීමක්.

    BalasPadam
  14. බොහොම ස්තූතියි....

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook