Khamis, 20 Oktober 2016

රණමඟ ඔස්සේ නන්දිකඩාල් - විස්තීර්ණයක්




මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ රණමඟ ඔස්සේ නන්දිකඩාල් ග්‍රන්ථය තිස් වසරක යුද්ධය පුරා සිදුවූ ඉතිහාසයෙන් සැඟවී ගිය වීර ධීර ක්‍රියා මෙන්ම පාවා දීම් , බියසුළු ක්‍රියා, යුද්දයෙන් ගසාගෙන කෑම , ආත්මාර්ථය මුල් කරගෙන සිදු කල පහත් ක්‍රියා යනාදී සියල්ලක්ම යම් මට්ටමකට හෙළි කරනු ලබයි. එම නිසා මෙම ග්‍රන්ථය ඇස් ඇරවන්නක් ලෙස නම් කලාට වරදක් නැත​. 

මේ මහා යුද්දයේ සිදුවූයේ කුමක්ද කියා දැන ගැනීමට රට වෙනුවෙන් යුදට යාමට තම දරුවන් හමුදාවට  දුන් දෙමාපියන්ටද   යුද්දය වෙනුවෙන් බදු ගෙවූ රටවැසියන්ටද  අයිතියක් තිබේ. එම නිසා කාලාන්තරයක් පුරා ලංකාවේ ජනමාධ්‍ය විසින් යුද්දය ගැන ගොතා කියූ බොරු මෙන්ම  ව්‍යාජ  වීර සළු පොරවාගෙන සිටි උදවියගේ නිරුවතද මේ ග්‍රන්ථය නිසා හෙළි වෙමින් පවතී. 

ඉතා දරුණු මෙන්ම සැහැසි ත්‍රස්තවාදී සංවිධානයක් වූ ප්‍රභාකරන් ගේ එල් ටී ටී ඊ සංවිධානය පරාජය කරනු ලැබුවේ ගම් වලින් පැමිණි දුප්පත් කොල්ලන් විසිනි. මේ සඳහා අතලොස්සක් වූ නිර්භීත සහ යුද කලාවේ නිපුණ වූ නිලධාරීන් පිරිසක් සංග්‍රාමයට නායකත්වය දුන්හ​. මෙය ඊලාම් යුද්දයේ සත්‍ය කතාවයි. අනාගත පරපුර විසින් දැනගත යුත්තේද මෙම සත්‍යයයි. 

එහෙත් මෙම ජයග්‍රහණය ලබා දුන් විරුවන් ලේ දහඩිය වගුරද්දී වන්නියේ කැලෑ වල ඔවුන් ගේ ප්‍රාණයන් නිරුද්ධ වෙද්දී ආත්මාර්ථකාමී  මෙන්ම බියගුළු නරුමයන් කටින් යුද්ද කරමින් මේ විරුවන් ගේ කකුල් වලින් ඇද්දහ​. එසේම නියමිත වේලාවට අතිරේක හමුදා මෙන්ම උණ්ඩ  ලබා නොදුන්හ නැතහොත් ප්‍රමාද කළහ ​. සෙබළුන්ව රවටා ඔවුන්ව මරුවාගේ කටට යවනු ලැබීය​. සමහරක් බියගුළු නිලධාරීන් සොල්දාදුවන් යුද්දයේ තනි කොට තමන් ගේ පණ පමනක් බේරාගනිමින් පළා ගියහ​. ඇතැම් නරුමයන්  විසින් සොල්දාදුවාට යුද හමුදාව වහක් කොට ඔවුන්ට ඇබ්සන්ට් වීමට කටයුතු සැලසූහ​. යුනිෆෝම් ඇඳි හොරුන් සෙබළුන් ගේ රැෂන් වලින් පවා ගසා කෑහ​. නිල ඇඳුම් ඇඳි ඇතැම් අපගාමිකයන් සෙබලියන් ලිංගික වහලියන් මෙන් යොදා ගත්හ. සමහරක් තරුණ භටයන් ලිංගික ක්‍රියා සඳහා බලහත්කාරයෙන් යොදා ගනු ලැබීය​. මේ ඊලාම් යුද්දයේ සඟවාගෙන තබාගත් අශෝභන පාර්ශවයයි. මෙම පහත් ක්‍රියා යම් ප්‍රමාණයකට එළිදරවු කිරීමට මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් යම් උත්සහයක් ගෙන තිබේ. එය වර්ණනීය ක්‍රියාවක් ලෙස මම දකිමි. 

ඊලාම් යුද්දයට මුහුණ දුන් සොල්දාදුවන් ගේ මානසික සෞඛ්‍යය නගා සිටුවමින් ඔවුන්ට උපදේශනයෙන් සහ මනෝ ප්‍රතිකාරයෙන් සහය වීමට හැකිවීම ජීවිතයේ මා ලද එක් භාග්‍යකි. මේ කාලය තුලදී මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් හෙළි කරන ධීර වීර ක්‍රියා මෙන්ම පහත් නරුම ක්‍රියා මම සියැසින් දුටුවෙමි නැතහොත් විශ්වාස කළ හැකි මූලාශ්‍රයන් මගින් ඇසුවෙමි. මේවා අප රට ජනතාව විසින් දැනගත යුතු සත්‍යන් වෙති. 

මගේ අත්දැකීම් අනුව යුද හමුදා වෛද්‍ය බළකායේ සේවය කළ වෛද්‍යවරුන් ගෙන් අති බහුතරය ඉතා කැපවීමෙන් අවංකව සේවය කලහ​. මේ අතර ප්‍රී ඉන්ටන්වරු ලෙස හඳුන්වන ලද විදේශ වෛද්‍ය පීඨ වලින් උපාධි ලත් නවක වෛද්‍යවරු රැසක් ද වූහ​. මොවුන් ද කැපවීමෙන් රාජකාරි කල අතර සමහරක් දිවි පරදුවට තබා ක්‍රියාන්විත ප්‍රදේශ වලටද ගියහ​. එහෙත් ක්‍රියාන්විතයේදී මේ ප්‍රී ඉන්ටන්වරයෙක් මිය ගියේ නම් ඔවුනට කිසිදු දීමනාවක් නොලැබීමේ සම්භාවිතාව ඉහල විය​. එහෙත් අපගේ වෛද්‍ය සේවාවන් විසින් මේ විදේශ උපාධිධාරී ප්‍රී ඉන්ටර්න්වරුන් ගේ සේවාවාවන් යුද කාලයේදීවත් ඉන් පසුවත් අගය කිරීමක් කලේ නැත​. මේ කාලය පුරා ඔවුන්ට බොහෝ විට සලකන ලද්දේ හරිජනයන්ට මෙනි. සමහර විට නිලධාරී නිවස්න වලදී පවා මොවුන්ට වෙනස්කම් කරනු ලැබීය​. 

යුද හමුදා වෛද්‍ය බළකායේ සේවය කළ වෛද්‍යවරුන් ගෙන් අති බහුතරය ඉතා කැපවීමෙන් අවංකව සේවය කල නමුදු මේ කිරි කළයට ගොම දැමූ කසඩයන් කිහිප දෙනෙකු ගැන යම් ප්‍රමානයකට හෙලිදරව්වක් කල යුතුය​. මින්  නිල ඇඳුම් ඇඳි එක් වෛද්‍යවරයෙක් එක්තරා බළකායක අණදෙන නිලධාරියෙකු වූවද ඔහු හමුදාවේ ගොඩනැගිලි උපාංග සොරකම් කිරීමක් සඳහා චාජ් එකේ ගිය අයෙකු වීය​. මොහු බලගතු ඉහල නිලධාරීන් ශේප් එකේ තබා ගත්තේ ඔවුනට කාන්තා සෙබලියන් ලබා දීම මගිනි. එම නිසා සොරකම් චෝදනා ලැබුවද ඔහුට යහතින් සිටීමේ භාග්‍ය ලැබුනි.  

කාන්තා සෙබලියන් අපයෝජනය වීම ගැන වෛද්‍ය බළකායේ කාන්තා නිලධාරිනියක වූ ලුතිනන් කර්නල් වෛද්‍ය තමාරා වික්‍රමසිංහ බලවත් සේ විරෝධය දැක්වූවද ඔහු තම හිතවතුන් මගින් ලුතිනන් කර්නල් වෛද්‍ය තමාරා වික්‍රමසිංහ බල රහිත කොට දැමුවේය​. 

යුද හමුදා රෝහලේ අණදෙන නිලධාරියෙකු ලෙස සේවය කල එක් වෛද්‍යවරයෙක් විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාගේ අධීක්‍ෂනයෙන් ආරම්භ කල යුද ආතති ප්‍රතිකාර සායනය කෙරෙහි දැක්වූයේ ඉරිසියා සහගත ප්‍රතිචාරයකි. මේ නිසා දහසක් සොල්දාදුවන්ට උපදේශනයෙන් මනෝ ප්‍රතිකාරයෙන් උපකාරී වූ මධ්‍යස්ථානය වසා දැමෙන අන්දමට මොහු කටයුතු කලේය​. මේ නිසා පසුකාලීනව යුද ආතතියට ලක් වූ සොල්දාදුවන් 400 කට ආසන්න ප්‍රමාණයක් දිවි නසා ගනු ලැබූ බව වාර්තා විය​. 

මේ පුද්ගලයා ඉතා නිහින මෙන්ම දීන ගතිගුණ වලින් යුක්ත විය​. උසස් නිලධාරීන් ගෙන් ඇමතුමක් එන විට ඔහු අසුනින් නැගිටින්නේය​. ඔහුගේ නමේ මුල් අකුරු කේපී හෙවත් වචනයේ පරිසමාප්තියෙන් කොන්ද පණ නැති අයෙකු බව පෙන්වීය​. තමාගේ ගැලවීම උදෙසා ඕනෑම කෙනෙකු බිල්ලට දීමට හෙතෙම පුරුදුව සිටියේය​. 

ජෙනරාල් ෆොන්සේකා මරාගෙන මැරෙන කොටි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා යුද හමුදා රෝහලේ සිටියදී ඔහුගෙන් ලකුණු දමා ගැනීමට මේ නිලධාරියා ඔහුගේ මුත්‍රා බෝතලය ඔසවාගෙන ගියේය​. මෙය සොල්දාදුවෙකු විසින් කල යුතු කාර්‍යකි.  මේ විකාරය දුටු එක් මේජර්වරයෙක් "මචං අපේ සී.ඕට (USP)  යූඑස්පී එකක් ජෙනරාල් ෆොන්සේකා ගෙන් ලැබෙයි "කීවේය​. යූඑස්පී යනු  උත්තම සේවා පදක්කම. එහෙත් වෛද්‍ය බළකායේ මේජර්වරයා ඉන් අදහස් කලේ උත්තම සේවා පදක්කම නොවේ යූරීන් (මුත්‍රා) සේවා පදක්කම බව කීවේ එතැන සිටි සෑමදෙනාම සිනා ගස්සවමිනි. 

නිහින දීන අයුරින් ක්‍රියා කල,ඉරිසියාව සහ කුහක කමේ ලක්‍ෂණ පෙන්වූ මෙම නිලධාරියා සමග අනුරාධපුර රෝහලේ සීමාවාසික පුහුණුව නිම කල වෛද්‍යවරයෙකු මට පැවසුවේ මොහුගේ මෙකී චර්‍යාවන් සඳහා පවුල් පසුබිම​, ආර්ථික දුෂ්කරතා මෙන්ම කුල පීඩිත සාධකයන් ද ඉවහල් වූ බවයි. මොහු විසින් මේ පෙන්වන ලද්දේ වෛද්‍යවරයෙකු වීමෙන් පසු සහ නිල ඇඳුම ඇඳීමෙන් පසු පන්තිය මාරු කිරීම නිසා හටගත් එරියස් ය​. එහෙත් මේ එරියස් නිසා ඊලාම් යුද්දයේදී යුද කම්පනයට ලක් වූ සොල්දාදුවන්  දහස් ගනනකට උපදේශන සේවාවන් අහිමි විය​. මේවා ජනතාව දැනගත යුතුය​. 

ආබාධිත වූ සොල්දාදුවන් පුනරුත්ථාපනයද යුද සමයේදී නිසි ලෙස ඉටු නොවූ බව මම වගකීමකින් යුතුව කියමි. මේ සඳහා බොහෝ නිලධාරීන් මෙන්ම සෙසු නිලයන් ද සාක්‍ෂි දරති. මෙම ඒකකයේ සිටි එක් උසස් නිලධාරිනියක් උද්දච්චකමේ ප්‍රතිමූර්තියක් වූවාය​. ඇය සැලකුවේ ඇයට කේලාම් සපයන අයට පමණි. එසේම තම සිත් නොගත් සමහර ආබාධිත සොල්දාදුවන්ව පන්න පන්නා පලි ගැනීමට මේ ඉතිරිය පුරුදුව සිටියාය​. මේ හේතුවෙන් බොහෝ නිලධාරීන් කීවේ ආබාධිත වූ සොල්දාදුවන් පුනරුත්ථාපනයට පෙර මේ නිලධාරිනිය  පුනරුත්ථාපනය කල යුතු බවයි. 

ජොනී බට්ටන්ට කකුල් ගිය සොල්දාදුවන් බොහොමයක් ඒ කාලයේ මා වෙත පැමින ඇඞූ කඳුලෙන් කීවේ මැඩම් විසින් ඔවුන් ගේ බස් පාස් එක අවලංගු කල බවය​. එහෙත් මේ දුප්පත් සොල්දාදුවන්ට සාධාරණය ඉටු කිරීමට අපට බලතල නොවීය​. ඒ නිසා මා බොහෝ විට කලේ මේ අසරණයන්ට සතියක නිවාඩුවක් නිර්දේශ කිරීමයි. එයද බොහෝ විට ඇය විසින් කපා දැමුවාය​. 

මේ කාන්තාව අනාරක්‍ෂිත (insecurity) බවින් පෙළුනාය​. ඇයගේ සැමියාගේ මිථ්‍යාචාරයන් නිසා ඇය සෑම අයෙකුව සැක කලාය​. ඇයට අනුව සොල්දාදුවා යනු හොරෙකි වංචාකරුවෙකි. එසේම තමාට වඩා උගත් දක්‍ෂ වෛද්‍යවරු දුටුවේ හමුදාවට ලැබූ සම්පතක් ලෙස නොව තමන්ට වූ තර්ජනයක් ලෙසටය​. මේ නිසා පුනරුත්ථාපනය   පිලිබඳව ආචාර්‍ය උපාධියක් තිබූ වෛද්‍ය සමන්ත වාකීෂ්ඨ වැනි දක්‍ෂයන් පුනරුත්ථාපන  අංශයෙන් පළවා හැරීමට ඇය ක්‍රියා කලාය​. යුද හමුදා පුනරුථාපන අංශයේ බලෙන් හෝ තියාගත යුතුව තිබූ  මේ වෛද්‍යවරයා දැන් සේවය කරන්නේ  ඕස්ටෙ‍්‍රලියාවේය​. 

නිරවුල් මානසිකත්වයක් තිබූ පුද්ගලයෙකුට හමුදා පුනරුථාපන අංශය භාර නොදී පෞරුෂ අක්‍රමතා තිබූ තැනැත්තියකට සොල්දාදුවන් ගේ පුනරුත්ථාපනය භාර දීම නිසා ආබාධිත සොලාදුවන්ට වෛද්‍ය සමන්ත වාකීෂ්ඨ වැනි දක්‍ෂයන් ගේ සේවාව ලබා ගැනීමට තිබූ මං අසුරා දැමීම ජාතික අපරාධයක් ලෙස මම දකිමි. 

මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් හෙලි කරන තවත් සාධයක් නම් බොරු වීරකම් ගැන සඳහන් කරමින් හමුදා මූලස්ථානය නොමග යැවීමයි. කොටි ත්‍රස්තවාදීන් ඉදිරියට එන විට පළා ගොස් බොරු  සයිටේශන් හෙවත් ආහවනයන් ඉදිරිපත් කොට RSP, RWP වැනි  පදක්කම් ලාභීන්ද සත්‍ය වීරයන් අතර අසුන් ගෙන සිටිති. 

මෙහිදී මට එවකට කර්නල්වරයෙකු වූ සරත් ඇඹව කියූ කතාවක් මතක් වේ. කලවංචිකුඩි කඳවුර කොටි ග්‍රහනයෙන් මුදා ගැනීම නිසා ඔහු ලැබූ වීර පදක්කම ප්‍රහාරය ආසන්නයේවත් නොසිටි රේඩියෝ සෙට් වලින් පමණක් යුද්ද  කල කවටයන් කීප දෙනෙකුටද ලබා දීම නිසා ඔහු තම විරු පදක්කම බේරේ වැවට විසි කල බවය​. පදක්කම බේරේ වැවට විසි කල බව සමහරක් විට අතිශයෝක්තියක් විය හැකි නමුදු රේඩියෝ සෙට් වලින් පමණක් යුද්ද  කල කවටයන්ද විරු පදක්කම් ඊලාම් යුද්දයේදී  ලබා ගත් බව  නම් සත්‍යකි. 

ශ්‍රී ලංකා යුද හමුදාවේ  නිත්‍ය සහ ස්වේච්ඡා බළකා අතර ඉතා පහසුවෙන් හඳුනාගත හැකි භේධ තිබේ. සමහර නිත්‍ය නිලධාරීන් තම ඒකකයේ සිටි ස්වේච්ඡා නිලධාරීන් පාගා දමමින් හමුදා නායකත්වයට නිගා දෙන අන්දමට කටයුතු කල අයුරු මෙහිදී මට සිහිපත් වේ.  යුද්දයේදී සතුරාගේ උණ්ඩ ආවේ නිත්‍ය සහ ස්වේච්ඡා ලෙස වෙන් වෙන්ව නොවන බව මොවුන් දැන සිටියේද කියා යන්න ගැටළුවකි. ගෝත්‍රික මානසිකත්වයෙන් ක්‍රියා කල ඇතැම් නිලධාරීන් පරම විර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ කපිතන් සාලිය අලදෙනියද ස්වේච්ඡා  නිලධාරියෙකු වූ බව අමතක කලා විය හැකිය​. මෙවැනි භේද නොසලකමින් ඊලාම් යුද්දයේදී වීරත්වයෙන් සටන් වැදි ස්වේච්ඡා  නිලධාරීන් ගැන ජනරාල් කමල් ගුණරත්න තම කෘතියේ සඳහන් කරයි. 

හමුදාවේ යුද නිපුනයන් මෙන්ම ලොසාලා ලෙස හඳුන්වන ලද  මනප්පුලාද වූහ​. එහෙත් බලය බොහෝ විට තිබුනේ මනප්පුවන් අතය. යුද හමුදාවේ එක්තරා මනප්පු නිලධාරියෙකු කේන්දර බැලීම , බළි ඇරීම වැනි ක්‍රියා සඳහා ප්‍රසිද්ධිය ඉසිලීය​.  හමුදාපති කෙනෙකු හෝ ප්‍රධාන මාණ්ඩලික නිලධාරියෙකු තමාගේ සාක්කුවේ දමා ගැනීමට අවශ්‍ය වූ විට ඔහු කරන්නේ එම නිලධාරියාගේ බිරිඳ වෙත ගොස් " මැඩම් ඉස්සරහට සර්ට පොඩ්ඩක් අපල මාරක තියනවා මේ  ජීවම් කරපු සුරේ දාගන්න කියන්න " කියා තඹ සුරයක් දෙයි. මාරක  වලට බිය වන උසස් නිලධාරියා තඹ සුරය තම ගෙලේ හෝ දිය ලණුවේ එල්වා ගනී. මෙලෙස බය පැකට් විකුනූ මෙම නිලධාරියා තමන්ට සේවා දිගුවක් ලබා ගැනීම සඳහා කල තොවිලයක් ගැන දිවයින පුවත් පතේ පළ වීම  එවකට හමුදාපතිව සිටි ජෙනරාල් සරත් ෆොන්සේකා   මොහුට සේවා දිගුවක්  නොදී  හමුදාවෙන් යවන ලදි.තවද මේ ජෝකර් නිලධාරී තැන එල් ටී ටී ඊ සංවිධානය පරාජය කිරීමට නම් හනුමා කෝවිලක් ඉදි කල යුතු බවද ප්‍රසිද්ධියේ කීවේය​. 

කමල් ගුණරත්න මහතා තම කෘතියෙන් යුද්ද කාලයේදී හමුදාවේදී සිදුවූ ලිංගික හිංසනයන් ගැන ප්‍රමාණවත් තොරතුරු කතා නොකිරීම අඩුවක් ලෙස මම දකිමි. මේ කාලයේදී සමහර නිලධාරීන් සෙබලියන්ට මෙන්මද කාන්තා නිලධාරිනියන්ටද  ලිංගික බලහත්කාරකම් සිදු කල බව නොරහසකි. එක් කාන්තා නිලධාරිනියක් තමාව දූෂණය කිරීමට ආ උසස් නිලධාරියාට විරුද්ධව හමුදා පොලිසියට පැමිණිලි කල නමුදු විභාගයේදී හමුදා අධිකාරය ගත්තේ වින්දිතයාගේ පාර්ශවය නොව උසස් නිලධාරියාගේ පැත්තය​. මේ නිසා ඇය අසරණව හමුදාව හැර ගියාය​. 

ගැහැණුන් පමණක් නොව පිරිමින් ද දූෂණය කිරීම සිදු වූ බව මෙහිදී කිව යුතුය​. සමහර බංකර් වල මෙලෙස කුරුටු ගී ලියා තිබුනේය ; රට බේරා ගැනීමට උතුරට ආ සෙබලා ..ක බේරා ගැනීමට බංකරය වටේ දුවයි. 

කුජීත නිලධාරීන් මෙන්ම සමහර සාජන්ලා කෝප්‍රල්ලා නවක සොල්දාදුවන් ගෙන් බලහත්කාරයෙන් ශරීර උදව් ලබා ගත්තෝය​. මෙලෙස අපයෝජනයට ලක් කරන ලද සොල්දාදුවෙක් මනෝ ප්‍රතිකාරයන් සඳහා මා වෙත යොමු කොට තිබුනි. මෙම ලිංගික අපයෝජනය නිසා ඔහු තද බල ලෙස සමායෝජන අක්‍රමතාවකට (Adjustment Disorder) ලක්වී සිටියේය​.  පසුව ඔහු හමුදාවෙන් පැන ගියේය​. මේ කොටින් ගෙන් රට බේරා ගැනීමට ආ නවක සොල්දාදුවෙකුට නිහින ජේෂ්ඨයන් විසින් දුන් ත්‍යාගයකි. 

කතුවරයා හමුදාවේ මිය ගිය සාමාජිකයන් ගේ පවුල් සහ එල් ටී ටී ඊ සංවිධානයේ මහාවිරු පවුල් සැසඳීමක් කරමින් හමුදාවේ මිය ගිය සාමාජිකයන් ගේ පවුල් වලට නිසි ගරුත්වය මෙන්ම පොදු රැකවරණය නොලැබුනු බව පවසයි. එය සත්‍ය කරුණකි. එල් ටී ටී ඊ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් වූවද තම මිය ගිය සාමාජිකයන් ගේ පවුල් වල සුභ සාදනය බැලුවේය​. එහෙත් හමුදාවේ සිටි සමහර නරුමයන් මිය ගිය සොල්දාදුවන් ගේ බිරින්දෑවරුන්ටද ලිංගික බලපෑම් කල අයුරු යුද වැන්දඹුවන් ගේ උපදේශන කටයුතු වලදී අපට අනාවරණය විය​.  

මේජර් ජනරාල්  ගුණරත්න යුද්දය අස්සේ සුද්දයද දුන් මර්ෂියන් ගැන සඳහන් කරයි. මෙවැනි ප්‍රකට මර්ෂියෙක් උතුරු නැගෙනහිර ද්‍රවිඩ සිවිල් වැසියන් ගේ නිවාස වලින් කොල්ලකා ගත් රූපාවාහිනී කැසට් රෙකෝඩර් තොගයක් සමග යුද හමුදා පොලිසියට අසු වූ විට ඔහු කීවේ එවා නිලධාරී නිවස්නය සඳහා ගෙන යන බවයි. කෙසේ නමුත් මේ සිද්ධිය ඔහු යටපත් කිරීමට සමත් විය​. පසු කාලයක මොහු ජෙනරාල් නන්ද සිල්වා , බ්‍රිගේඩියර් තම්මිට වැනි අවංක නිලධාරීන් නායකත්වය දුන් ජාතික ශිෂ්‍ය භට බළකායේ සුක්කානම අතට ගෙන ශිෂ්‍ය භටයන් ගේ රැෂන් වලින් මෙන්ම බළකායේ බෙහෙත් ෆාමසි වලට විකිනීමෙන් ද මුදල් උපයා ගත්තේය​.  ඇවන්ගාඩ් නඩුවේදී කොමිසම හමුවේ බොරු සාක්‍ෂී දීම නිසා තම නිලයත් යුද හමුදාවත් අපකීර්තියට ලක් කල මෙම පුද්ගලයා වැනි  බොල් පිළිම නිරාවරණය කිරීම සම්බන්ධයෙන්  මේජර් ජනරාල් කමල් ගුණරත්නට  බහුමානය හිමි විය යුතුය​. 

මේ අනුව පෙනී යන්නේ සත්‍ය රණවිරුවන් යුද්ධය කලේ එල් ටී ටී ඊ සංවිධානය සමග පමණක් නොවන බවයි. ඔවුන් කුජීත නිලධාරිවාදය මෙන්ම බියගුල්ලන් , බොරුකාරයන් , කොමිස්කාරයන් ,පාවා දෙන්නන්, මර්ෂිවාදීන් , කාම උන්මත්තකයන් වැනි මූලාවයවන් සමගද සටන් කලහ​. මේ නිසා සත්‍ය සෙබලා පෙරමුණු  ගනනාවකට එරෙහිව සටන් කලේය​.  මේ නිසා ඊලාම් යුද්දය යනු මහා බරපතල සංග්‍රාමයකි. මේ රෝග කාරක මුල කාලයේදීම හඳුනාගෙන නිසි පිලියම් යෙදීමට යුද හමුදා නායකත්වයට හැකියාවක් තිබුනේ නම් වසර තිහක් නොව දශකයකටත් මෙහා කාලයකදී යුද ජයග්‍රහණය ලබා ගැනීමට හැකිව තිබුණි. එයද කතුවරයා විසින් පෙන්වා දෙන්නේය​. 

රණමඟ ඔස්සේ නන්දිකඩාල් යනු පරිපූර්ණ කෘතියක් කියා මම නොකියමි. එම කෘතියේ ධූසර ප්‍රදේශයන් යම් ප්‍රමාණයකට තිබේ. කතුවරයා යුද භූමියේදී දිවි නසාගත් සොල්දාදුවන් බානසුළු අධමයන් ලෙස නම් කිරීම ගැන මම එකඟ නොවෙමි. ඒ මන්ද යත් යුද කම්පනය (Combat Shock ) පශ්චාත් වියසන ක්ලමථ අක්‍රමතාවය (PTSD)  , පශ්චාත් සංග්‍රාමික විශාදය (Post Combat Depression) වැනි හේතු නිසාද සොල්දාදුවන් බංකර වලදී දිවි තොර කර ගැනීමට යොමුවූ බවට සාධක තිබෙන නිසාය​. මෙම සාධකයන් ගැන කතුවරයා දැණුවත් වූයේ නම් මැනවි. 

යම් යම් අඩුපාඩු තිබුනද සමස්ත වශයෙන් ගත්   කල මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ රණමඟ ඔස්සේ නන්දිකඩාල් ග්‍රන්ථය ඊලාම් යුද්ධය පිලිබඳ ලියැවුණු ටෙස්ටමෝනියක් හෙවත් සාක්‍ෂාත්කරයක් කිව හැකිය​. එවැනි ග්‍රන්ථයක් පාඨකයාට ලබා දීම වනාහී  දැවැන්ත ප්‍රයත්නයකි.  


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

119 ulasan:

  1. ඉතා වැදගත් ලිපියකි.
    මේ සමහර කරුණු ඔබ වරින් වර කියා තිබුණා මතකයි. ස්තුතියි.

    BalasPadam
  2. මුළු සිරි ලංකාවම බේරේ වැවක් කියල හිතුන මේ පොස්ට් එක කියෙව්වහම ඩොක්ට. ඇත්තටම ලංකාවේ දුෂණය නොවුන නොවෙන තැනක් ඇත්තටම නැති හැඩයි.

    මෙවන් කුණු ගොඩක් කවදාවත් අයින් කොරන්ට හිතනවානම් ඒක කවදාවත් කොරන්ට බැරි දෙයක්.

    ස්තුතියි.

    BalasPadam
    Balasan
    1. මේවා හෙලි කරලවත් අඩු කරගන්නට බලමු Tilan

      Padam
  3. ඇත්තට ම මෙ ලිපිය කමල් ගේ පොතට විස්තීර්ණයක් (extension) නොව ඌනපූරණයකි (supplement).

    BalasPadam
  4. මං හිතන්නේ කමල් හිතා මතා වහංගු කරපු ගොඩාක් දේ තියෙනවා කියලා.. ඇත්තට මුහුණ දෙන්න හුගක් අය බයයි.. මං තාම බාගයයි කියෙව්වේ..

    BalasPadam
  5. යකෝ හීරේ අරින්ඩ ඕන උන් සැහෙන්ඩ ඉන්නවනේ

    BalasPadam
    Balasan
    1. අටම ඕක සම්පුර්ණ ඇත්ත නොවෙයි. මම හිතන්නේ රුවන් තව දන්නවා කියල. පොතක්ම ලියන්න වෙයි.

      Padam
  6. යුද්ධෙ ගන වගේම සුද්දය ගැනත් සංහාට ගනත් අවසානේ වෙච්ච දේ ගැනත් අහන්න ඕන යුද්ධ කරපු එකෙක්ගෙන්... ඒවා ළෝකයාට හෙලි කලොත් හමුදාවෙන් භාගයක් ගස්..

    BalasPadam
    Balasan
    1. Ulasan ini telah dialihkan keluar oleh pentadbir blog.

      Padam
    2. ඒක නම් එහෙමයි

      Padam
  7. Hey Doc, what can't name these traitors? May be use an ano tag.

    BalasPadam
  8. මම නම් තාම මේ පොත කියෙව්වේ නැත. ඒත් මේ ලිපියෙන් කෙරෙන විවරණය අනුව යුද්ධ කාලයේ රණවිරුවන් සහ යුදබිමේ රාජකාරී කල අය මුහුණදුන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානයට පමණක් නොවන බව වැටහේ.

    BalasPadam
    Balasan
    1. රණවිරුවන් මුහුණදුන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානයට පමණක් නොවේ

      Padam
  9. මම ඔය පොත කියෙව්වේ නෑ... ඒත් මේ ලිපිය කියෙව්වහම පොත ගැනත් ටිකක් හිතා ගත්තෑකි... අරගෙන කියවන්නං

    හොඳ ලිපියක්...

    BalasPadam
  10. බොහොම ස්තුතියි මේ වැදගත් විස්තරයට...
    මේ හැංගිච්ච දේවලුත් පැහැදිළිව දැනගන්න ලැබෙනවානම් හොඳයි නේද...

    BalasPadam
  11. හොඳ ලිපියක්.. යුදධයත් වවන් කෑව, කොටසක්...

    /////ජොනී බට්ටන්ට කකුල් ගිය සොල්දාදුවන් බොහොමයක් ඒ කාලයේ මා වෙත පැමින ඇඞූ කඳුලෙන් කීවේ මැඩම් විසින් ඔවුන් ගේ බස් පාස් එක අවලංගු කල බවය​. /////
    හරිම කෘරයි..

    BalasPadam
  12. මේ යුද්ධයේම දෙමළුන්ටත් කතාවක් තියෙනවා....
    කැන්සර් පේෂන්ට් කෙනෙක් කියනවාට වඩා වැඩි යමක් ඒ පැත්තේ තියෙන්න පුළුවන්....

    BalasPadam
    Balasan
    1. නිකන් හමුදාවල එවුන් ගෑනුන්ට පෝලිම් දැම්මා.. උන්ගේ කන්‍යාභාවය බින්දා...කොටින්ටත් ලින්ගික අතවර කලා.. හමුදාව දෙමල මස් උයලාකෑවෙ වගේ දේවල් එහෙම නේද උඩුවෙගෙදර

      Padam
  13. Ulasan ini telah dialihkan keluar oleh pentadbir blog.

    BalasPadam
  14. හැබෑ යුද්ධය ඉවරයි....... දැන් ඔය එළියට එන සමස්ථය ම වැටෙන්නේ මවන යුද්ධයට විනා හැබෑ යුද්ධයට නොවේ........ හැබෑ යුද්ධය කරපු බොහෝ දෙනා අදවන විට සියල්ලන්ටම අමතක වූ වල් වැදී ගිය ගල්කණු වල නම් ලියැවී පොළව යට නිදන උන් වන්නාහ......... උන්ට ඉතිරි වී ඇත්තේ අර රැස්වීමකට පෙර මූනිච්චාවට නිහඩව ඉන්නා විනාඩිය පමණි...... ඒකත් නැති කරානං උන්ට තවත් නිදහසේ සැතපෙන්නට හැකිය........ කොහොමත් ජයග්‍රහණයට පියවරු දහසක් සිටිතැයි කතාවක් ඇත..... නමුත් ලංකාවේ පමණක් එය දහ පහළොස් දහසක් කීවාටත් කම් නැති තරම්ය........... නමුත් හැබෑ පියවරු අදටත් කකුල් අත් පා නැතිව ප්ලාස්ටික් කෑලි එල්ලා ගනිමින් බඩවියත වෙනුවෙන් ජීවන සටන කරගෙන යති.......... උන්ට පොත් ලියන්නට තියා කියවන්නටවත් වෙලාවක් නැත......... උන් තවමත් සටන් කරති......

    BalasPadam
    Balasan
    1. හැබෑ යුද්ධය කරපු බොහෝ දෙනා අදවන විට සියල්ලන්ටම අමතක වූ වල් වැදී ගිය ගල්කණු වල නම් ලියැවී පොළව යට නිදන උන් වන්නාහ..+++++++++

      Padam
    2. ///උන්ට පොත් ලියන්නට තියා කියවන්නටවත් වෙලාවක් නැත......... උන් තවමත් සටන් කරති...... ////

      ඉතින් කුරුටු ඔබ කොහොමද කියන්නේ "සැබැ යුද්ධය" ඉවරයි කියලා...

      Padam
    3. උන් තවමත් සටන් කරති true

      Padam
  15. මං දන්න එයා ෆෝර්ස් කමාන්ඩර් කෙනෙක් රාහු කාලෙ බැලුවා ඔපරේෂන් සඳහා.
    යුද්දෙට පස්සෙ ෆොන්සේකා කිව්වා තමන් නම් නිසි වෙලාවට අවශ්ය පියවර ගත්තා ඔය කිසිම දෙයක් ගණන් නොගෙන කියලා. ගුණරත්නත් ඒවා විස්වාස කලේ නැද්ද?

    BalasPadam
    Balasan
    1. මම අසා ඇති තරමට ජානක පෙරේරාත් සෑහෙන දුරට මේවා විශ්වාස කලා. දෙවියන් ගැන හෝ දේව පිහිට ගැන කිසියම්ම විශ්වාසයක් නැති අය සෑහෙන අඩුයි.

      Padam
    2. ලොකු ඔපරේශන් එකකට කලින් කතරගම යන එක චාරිත්‍රයක් වෙලා තිබුනා කියලයි ආරංචිය.

      Padam
    3. සම්මතයට මිසක් මේවා පස්සේ වැටිලා ඉන්න එක් මෝඩ කමක්

      Padam
  16. හමුදාවේ තිබෙන දූශිත වැඩ ගැන නම් බොහෝ විට අසන්නට ලැබේ. නමුත් අනිත් රටවල හමුදා වලද (එක්සත් ජනපද හමුදා මේවාට මේකට උදාහරනයකි. ) මේවා බහුලව අසන්නට ලැබීමෙන් හිතෙන්නේ හමුදාව වැනි දැඩි අණ මත ක්‍රියාකරන සංවිධාන තුල මේවා පොදු බවයි.

    නමුත් එසේ කීමෙන් ප්‍රශ්නය යට යන්නේ නැති අතරම මේවා යටපත් කිරීමට වඩා හොඳ ක්‍රම තිබිය යුතුය.

    නමුත් මුට්ටි අල්ලන්නන් මෙන්ම තම පදවිය අයුතු ලෙස භාවිතා කරන්නන් නැති කල නොහැකි වුවත් අඩු කල හැක.

    BalasPadam
    Balasan
    1. මේවා යටපත් කිරීමට වඩා හොඳ ක්‍රම තිබිය යුතුය. +++++++

      Padam
  17. ඔයි පොත නොකියවන්නයි හිතා හිටියේ, දැන් ඉතින් ඒක කියවන්නම වෙනවා.

    BalasPadam
    Balasan
    1. මාත් අරගෙන බලනවා. හැම පැත්තම දැන ගන්න ඕනේ.

      Padam
  18. ලංකාවේ හමුදාවන් (යුද, නාවුක, ගුවන්) හා පොලිසිය කියන්නේත් ලංකාවේම කොටස් නිසා ඒවා තුළ වැඩ සිද්ද වෙන්නේත් ලංකාවේ අනෙකුත් තැන වල වැඩ සිද්ද වෙන ආකාරයටම කියන එක මහා සොයා ගැනීමක් නෙවෙයි. හැබැයි අපේ ජනගහණයෙන් සෑහෙන කොටසක් හිතාන ඉන්නේ මේවා අතිශයින් පිරිසිදු මාර අයතන කියලා. ආමි එකේ නේවි එකේ ඉන්නෙ සාන්තුවරයො කියලා. අර බ්ලොග් ලියන විචාරක අන්කලුත් ඉන්නෙ ඒ මතයෙ මට පෙනෙන විදියට. එහෙම දෙයක් නැහැ. අපි කොච්චර කිව්වත් මේ සංස්කෘතිය තුළ මිනිහෙකුට තමන්ගෙ භාර්යාවගෙන් පමණක් ලිංගිකව තෘප්තිමත් වෙන්න ඉඩ නැහැ. අනෙක් අතට එහෙමය කියලා දික්කසාද වෙන්නත් ඉඩ නැහැ, බටහිර සමාජ වල වගේ. ඉතින් හැමෝම තම තමන්ට පුළුවන් විදිහට විකල්ප හොයා ගන්නවා. හමුදාවෙ පොලීසිය ඉන්නෙත් ලාංකිකයොම විනා අඟහරු ලෝකෙන් ආපු විශෙෂ ජීවීන් පිරිසක් නෙවෙයි බොලල්ලා. උන් ඔහොම තමයි සත්තු වගේ.

    BalasPadam
    Balasan
    1. මුදාවෙ පොලීසිය ඉන්නෙත් ලාංකිකයොම විනා අඟහරු ලෝකෙන් ආපු විශෙෂ ජීවීන් පිරිසක් නෙවෙයි//// agree

      Padam
  19. තවමත් මේ පොත මිලදීගන්න නොහැකිවයි ඉන්නේ. ඒ නිසා යමක් කියන්න අමාරුයි. තමන්ට RSP පදක්කම නිර්දේශ කොට තමන්ට වඩා අඩු සේවයක් කල යට RWP පදක්කම නිර්දේශ කිරීම නිසා මේජර් ජෙනරල් මනෝ පෙරේරා ලිඛිතවදන්වුවා යුද හමුදා මූලස්ථානයට තමන්ර RSP පදක්කම එපා කියා.

    ඔබ මෙතන කියා ඇති සෑමදෙනාගේම නම් දන්නා නමුත් සදාචාරාත්මක කරුණු නිසා ඒවා ගැන කිසිත් නොකියමි.

    BalasPadam
    Balasan
    1. මේ නම්ගම් එලිවෙන්න ඕනෙ. මේ වගේ සදාචාරෙ පිටින් දාලා කොළේ වහලා ගහුවාම වෙන්නේ උන් තව තවත් බලු වැඩ කර කර හොඳ මූණ පෙන්වගෙන ඉන්න එක. තමුන්ගෙ නමින් කියන්න බැරිනම් නිර්නාමිකව හරි මේ වගේ අධමයන්ව එළිකරන්න ඕනෙ.

      Padam
    2. මේකයි ප්‍රශ්නේ ඇනෝ. දැන් මේ වගේ අපරාධ කරපු අය උසාවි ගෙනාවම කියන්නේ රණවිරුවන්ට හිරිහැර කරනවා කියලා. අන්න ඒ ප්‍රශ්නය මුලින්ම නිරාකරණය කරගන්න වෙනවා.

      රණවිරුවා කියන්නේ, යුද අපරාධ කරන්න ලයිසන් තියන කෙනෙක් නෙවෙයි. ත්‍රස්තවාදීන් යුද අපරාධ කළා කියා, එයට පලිගැනීමක් වශයෙන් යුද අපරාධ කරන්නවත්, රණවිරුවකුට කිසිම බලයක් හෝ අයිතිවාසිකමක් නැහැ. එහෙම නොකර උපක්‍රමිකව සටන ජයගන්නා කෙනා තමයි නියම රණවිරුවා.

      අපි තවමත් ජාති, ආගම්, වර්ග, කුල, ගෝත්‍ර, ඔලුවේ තියාගෙන තමයි, ජාතික ප්‍රශ්න දිහා බලන්නේ.

      Padam
    3. @ Ano October 21, 2016 at 3:10 AM
      //තමුන්ගෙ නමින් කියන්න බැරිනම් නිර්නාමිකව හරි මේ වගේ අධමයන්ව එළිකරන්න ඕනෙ//

      +++++++++

      @ විචාරක

      මම ඔබගේ ලිපි බොහොමයක්, විශේෂයෙන්ම කමෙන්ට් කියවල තියනවා. ඔය ඉඳලා හිටලා
      'පුඟුලෙක්ට" තඩි බෑවට. ඔබ හොඳ හමුදා නිළධාරියෙක් බව මම විස්වාස කරනවා.

      මේ ලිපිය කියවන තෙක් මා මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ගැන තිබුනෙ එච්චර හොඳ පැහැදීමක් නෙමෙයි. එසේ වීමට හේතුව, ඔහුගේ ඉගෙනගත් පාසලේ තිබූ ගෞරවාචාර උත්සවයකදී,දුන් පොර ටෝක් එකක් නිසා.

      විචාරක තුමා කියන " සදාචාරාත්මක කරුණු" මට තේරුම් ගන්න පුළුවන්. කන්න දීපු අත හපාකෑම නැත්නම්, උඩබලා කෙල ගසා ගැනීම, හෝ " මහ ගෙදර " ගැන ඇති ගෞරවය එයට හේතු විය හැකියි. නමුත් අපි මෙහෙම හිතමු, අතලොස්සක් වූ මේ නීච නිළධාරීන් කැත කරන්නෙ " මහ ගෙදර" ගෞරවය, අපයෝජනය කරන්නේ , ඔබ, අප ආදරය කරන හමුදාවෙ කොල්ලො, කෙල්ලො.

      an officer and a gentleman යැයි, සිතිය නොහැකි මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා, විශ්‍රාම යාමෙන් පසු , අර්ධ සත්‍යය පැවසීමෙන් හෝ ප්‍රසිද්ධියේ ඔහුගේ යුතුකම ඉෂ්ථකලා යැයි මා සිතනවා. තීරණය ඔබ සතුයි...

      -if you are not a part of the solution you are a part of the problem -

      Padam
    4. මේජර් ජෙනරල් මනෝ පෙරේරා - very educated and a good officer

      Padam
    5. විචාරක.. ඔබේ සිත රිදී ඇති වෙලාවක මේ විදිහේ දෙයක් කියන්න හිතුනු එක ගැන මට සමාවෙන්න. ඔබේ කමෙන්ටුව කියෙව්වාම මට හිතුනු දේ මම ලියන්නෙ.. ඒ වගේම මෙය ඔබ ගැන විතරක් හිතලා ලියන දෙයක් නෙමේ.. පොදු දෙයක්..

      ඔබ මෙහිදි කියනවා "සදාචාරත්මක හේතු" මත මේ අයගේ නම් දන්නවා වුනත් කියන්නෙ නැ කියලා.. මට හිතෙන්නේ සදාචාරයට වඩා එසේ "කෙලින් කතා" කල පසු එන ප්‍රශ්න වලට මුහුණ දිමේ ගැටලුවක් තමයි තියෙන්නේ.. ඒ නිසා මේ වගේ හමුදාවේ විතරක් නෙමේ සමාජයේ එක එක තල වල වැදගත් ගරු කල යුතු කියල සම්මත තැන් වල සිදු වෙන අකටයුතුකම් හැමදාම යට ගහනවා..

      ඒ උනාට ටිකක් බලන්න ගැහැනියකට එහෙමත් නැත්නම් කුමන හෝ අඩු පාඩුවක් සහිත කෙනෙකුට කරන අපහාස... එතකොට අපේ සමාජයේ අයට සදාචාරය මතක් වෙන්නේ නැ.. එහෙම පහත් කරලා කතා කරලා ඒ ජිවිත වල කුනු ඇවිස්සුවා කියලා අපේ සමාජයෙන් ලොකු ගැටලුවක් ඇති වෙන්නේත් නැ..

      (මේ ලඟදි සිදු උන කවිශගේ මරණයත් මට මතක් උනා මේ කමෙන්ට් එක ලියද්දි.. )

      හැබැයි රටටම එළිදරව් විය යුතු නැවත කිසි දිනක නොවිය යුතු දේවල් පිටිපස සිටින්නන් ගැන දැන ගත්තත් ඒ ගැන කෙලින් කතා කරලා එන ගැටලු වලට මුහුණ දිමේ "බය" නිසා ඒ අය "සදාචාරය" නම් මායාව තුල සැඟවි යහතින් ජිවත් වන අතරේ ඔවුන් නිසා පිඩනයට අසාධාරනයට , අගතියට පත් වුන අය "සාදාචාරය" නිසා දුකින් දුකට අගතියෙන් අගතියට යන බවයි මට පේන්නේ..

      ඔබ වැනි අය මෙසේ නම් ගම් දන්නවා නම් හන්ගන්නේ නැතුව කිව්වොත් අඩුම ගානේ ඉදිරියට හරි එවැනි පහත් අයගෙන් පීඩනයට පත් නොවී යන්න මාර්ග ජනතාවට හොයා ගන්න පුලුවන් වේවි..

      ඒ වගේම තමා අනිත් හැම සමාජ ස්ථරයකම විය යුත්තේ... ගරු නම්බු නාම වලට යටින් සිටින සැබැ කලු චරිත එළිපිට පැවසීම තමන් දන්නවා නම් අන් අයගේ යහපත වෙනුවෙන්...

      එහෙම නැතුව දැන් මේ ඔබ කියලා තියනවා වගේ "සදාචාරයට" හරි වෙන මොකක් හරි හරි අස්සේ හන්ගලා තියෙන්න නැතුව......

      Padam
    6. @ D.G.M බස්සා

      ඔබ හරියටම හරි. මෙතෙක් ත්‍රිවිධ හමුදා නිලධාරීන් අතින් ලියවී ඇති පොත් වලින් හෝ අනාගතයේදී ලියවෙයි කියා හිතන පොත් වලින් හෝ සම්පූර්ණ සත්‍යය හෙළිවෙයි කියා හිතන්න අමාරුයි. හමුදාවේ අපි කවුරුත් අඩු/වැඩි වශයෙන්, බලය ඉක්මවා ගිය අවස්ථා තියනවා. දෙවැනි ලුතිතන් තනතුරේ සිටියදී, හමුදාවේ ක්‍රියාකරපු ආකාරයට නෙවෙයි, මේජර් ජෙනරල් නිලයෙදී ක්‍රියා කරන්නේ. එයින් අදහස් කරන්නේ, දෙවැනි ලුතිතන් කාලයේදී කල සියලු අමානුෂික දේවල්, මේජර් ජෙනරල් වුනාම අහෝසිවෙනවා කියන එක නෙවෙයි. වැරදි නොකර ඉන්න තත්වයට පත්වීම යහපත් වෙනසක්. නමුත් මේජර් ජෙනරල් වරයකුට පුළුවන්, තමා යටතේ සිටින සේනාංකය මෙහෙයවා, දෙවැනි ලුතිතන් කාලයේදී කලාට වඩා, ලක්ෂ වාරයක් භයානක අපරාධ කරන්න. කවුරු කොහොම මොනවා කිව්වත් ලිව්වත්, අපේ හිත දන්නවා අපි කළ කී දේවල් හරිද වැරදිද කියා.

      අපරාධ වලට සම්බන්ධ, සියලුම ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට එරෙහිව, විනය ක්‍රියාමාර්ග ගැනීමෙන්, ත්‍රිවිධ හමුදාවේම කීර්තිනාමය රැකෙනවා. නමුත් පාරාජිකා වූ දේශපාලුවන්, එහි අනික් පැත්ත, මිනිසුන්ගේ ඔලුවට පටවන්න හදනවා.


      මම 100% ක් එකඟයි, ප්‍රශ්න කිරීමට යමක් ඇත්නම් අපි සියලුදෙනාවම ගෙන්වා ප්‍රශ්න කිරීම සුදුසුයි කියා.

      * ඉතා වැදගත්. ඔය හමුදා පොත්වල, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති වල මොනවා කියලා තිබුනත්, යුදබිමේදී ඇතිවන තීරණාත්මක, ක්‍ෂණිකව ප්‍රතික්‍රියා කලයුතු, එසේ නොකලොත් රටේ අනාගතය පවා වෙනස්වන අවස්ථා වලදී, මමත් නීති රීති නොසලකා ක්‍රියා කර තිබෙනවා. ඒ තත්වය මෙහෙම වචන වලින් කියන්න බැහැ. යුදබිමේ ඒ අත්දැකීම ලබපු අය විතරයි දන්නේ. ඒ ගැන මම මගේ බිරිඳගේ නාමයෙන්, දරුවන්ගේ නාමයෙන් දිවුරා ප්‍රකාශ කරනවා, එතනදී නීතිය ගැන නොබැලුවත්, අපි රට ගැන බැලුවා කියා. නමුත් එය නීතිය ඉදිරියේ නිදහසට කරුණක් නෙවෙයි.

      @ නිම්නා.

      මේකයි ප්‍රශ්නේ. මෙහෙම හිතන්න. වෛද්‍ය ජයතුංග යුද හමුදාවේ සේවය කරමින් සිටි කාලයේදී, හමුදාව විසින් අත්අඩංගුවට ගත් LTTE සාමාජිකාවක දූෂණය කරනවා මම ඇස් දෙකෙන් දකිනවා. එදා මම ඒ ක්‍රියාව අනුමත කරනවා හොඳ වැඩේ ඕකුන්ට කියා. නමුත් අද මම හිතනවා ඒ ක්‍රියාව වැරදියි කියා. මේ පොතෙත් අන්න ඒ වගේ දේවල් තියනවා. ජෙනරල් කමල් ගුණරත්න එදා දුටු සමහර දේවල් වලක්වන්න ඔහුට හැකියාවක්/ඕනෑකමක්/බලයක්/ තිබුණේ නැහැ. නමුත් ඔහු අද ඒ බව වාර්තා කර තිබෙනවා.

      දැන්, වෛද්‍ය රුවන් ජයතුංගව හෝ ජෙනරල් කමල් ගුණරත්නව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන්වා ප්‍රශ්න කරන්න පටන් ගත්තොත්, සමහර දේශපාලකයන් සහ මාධ්‍ය මොකද කියන්නේ? රටට විශාල සේවයක් කල රණවිරුවන්ට හිරිහැර කරනවා කියලයි කියන්නේ.

      මුලින්ම මේ රටේ මිනිස්සුන්ට පැහැදිලිව කියලා දෙන්න ඕනේ, නිල ඇඳුමක් ඇන්ද පමණින්, සෑම කෙනෙකුම රණවිරුවකු නොවන බව. ඊට පස්සේ තේරුම් කරලා දෙන්න ඕනේ, විනය ක්‍රියාමාර්ග ගන්නේ, ත්‍රිවිධ හමුදාවේම කීර්තිනාමය රැකගැනීම සඳහා බව. එහෙම නොකර, අරහෙන් මෙහෙන් අතපතගාන්න ගියාම තමයි, අනවශ්‍ය ප්‍රශ්න ඇතිවන්නේ.



      Padam
    7. මට ඔබ කියන දෙය තේරෙනව විචාරක.. ඒත් ඔබ කියන මෙන්න මේ දේ කරන්න මේ විදිහට හන්ගගෙන ඉඳලා බැ මම හිතන්නේ.

      //මුලින්ම මේ රටේ මිනිස්සුන්ට පැහැදිලිව කියලා දෙන්න ඕනේ, නිල ඇඳුමක් ඇන්ද පමණින්, සෑම කෙනෙකුම රණවිරුවකු නොවන බව. ඊට පස්සේ තේරුම් කරලා දෙන්න ඕනේ, විනය ක්‍රියාමාර්ග ගන්නේ, ත්‍රිවිධ හමුදාවේම කීර්තිනාමය රැකගැනීම සඳහා බව. එහෙම නොකර, අරහෙන් මෙහෙන් අතපතගාන්න ගියාම තමයි, අනවශ්‍ය ප්‍රශ්න ඇතිවන්නේ. //

      ඒක හරියට ගොඩ ඉඳන් පීනන්න ඉගෙන ගන්න කියනවා වගේ වැඩක්..හන්ගගෙන ඉන්න දේවල් එළියට නොයන තාක් මිනිස්සුන්ට කොහොමද මේ දේ කියලා දෙන්නේ ...

      වැස්සකට පස්සේයි දේදුන්නක් පායන්නේ.. වැස්සට තෙමෙන්න බයේ වැහි වළාකුලු වෙන කොහේට හරි පා කරලා ඇරියොත් මොකද වෙන්නේ...

      Padam
    8. ඔබ හිතනවාට වඩා තත්වය බරපතළයි. නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඔය අතරේ එක පිරිසකට පුළුවන් රටේ මහජනතාවවගේම ත්‍රිවිධ හමුදා සාමාජිකයන්වත් නොමග යවන්න, 'ඔන්න උඹලත් එල්ලුම්ගහට යවන්නයි හදන්නේ' කියලා. ඒ නිසා එක කොනකින් පටන් අරගෙන පිළිවෙලකට වැඩේ කරන්න ඕනේ. කවුරු මොනවා කිව්වත් වැඩේ නොකඩවා දිගටම කරගෙන යන්න ඕනේ. ඒ අතරේ රටතුල ඇතිවියහැකි ප්‍රතිගාමී කුමන්ත්‍රණ පරාජය කරන්න ශක්තිමත් සැලැස්මක් තියෙන්න ඕනේ. එහෙම නැතුව අතපත ගෑම හොඳ නෑ කියලයි මම කියන්නේ.

      ලිපියකින් ලියන්න බැරිතරම් අභ්‍යන්තර කරුණු මෙහි තියනවා.

      Padam
    9. ලිපියකින් ලියන්න බැරි තරන් තත්වය ඔඩුදිවීමට හේතුවත් සැඟවීමනේ.. කොහොම උනත් ඔබ කියන මේ දේට මම කැමතියි...

      //කවුරු මොනවා කිව්වත් වැඩේ නොකඩවා දිගටම කරගෙන යන්න ඕනේ. ඒ අතරේ රටතුල ඇතිවියහැකි ප්‍රතිගාමී කුමන්ත්‍රණ පරාජය කරන්න ශක්තිමත් සැලැස්මක් තියෙන්න ඕනේ. //

      Padam
    10. @ විචාරක

      පැහැදිලි කිරීම ගැන ස්තූතියි. මේක මං හිතුවට වඩා සංකීර්ණ ප්‍රශ්ණයක් බව දැන් පැහැදිලියි.

      Padam
    11. නිම්නා අනිත් එක තමා , ඒ අය අපහස වලට නඩු දැම්මොත් මොකද කරන්නේ. එක්තරා මහාචාර්ය කෙනෙක් දුෂණය කරපු , අපයෝජන කරපු සිසුවියන් ගැන ලියන්න මට පුළුවන් කම තියනවා. නමුත් සාක්කි දෙන්න පුළුවන් එකම කෙනත් පස්සේ පස්ස ගැහුවා. ඕව කිව්වම නම කතා වෙන්නේ ඒ ලමයින්ගේමයි. අර මිනිහා නඩු දැම්මොත් මම ඉවරයි. ඕවගේ ප්‍රශ්න තමා තියෙන්නේ. ලෙහෙසි නැහැ.

      Padam
    12. අපරාධ වලට සම්බන්ධ, සියලුම ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට එරෙහිව, විනය ක්‍රියාමාර්ග ගැනීමෙන්, ත්‍රිවිධ හමුදාවේම කීර්තිනාමය රැකෙනවා. නමුත් පාරාජිකා වූ දේශපාලුවන්, එහි අනික් පැත්ත, මිනිසුන්ගේ ඔලුවට පටවන්න හදනවා.///// well said

      Padam
    13. ඔව් අජිත්. අන්තිමේ එකම තැන රවුමට කැරකෙනවා..ස්තුතියි හැමෝටම මාතෘකාවෙන් පිට පනින්නේ නැතුව කතා කලාට.

      Padam
    14. රුවන් සහ විචාරක,
      මෙය හිතනවාට වඩා ඉතා බරපතල තත්වයක් බවට ඔබ කරණ සඳහන ඉතාම නිවැරදියි. "කොනකින් පටන් අරගෙන පිළිවෙලකට වැඩේ කරන්න ඕනේ" කියන එක ඇත්ත තමයි විචාරක. නමුත් සද්දේ විතරක් තියන වැඩ බැරි ටාසන්ලට දීල වැඩේ අනාගන්නවට වඩා නොකර ඉන්න එක ඇඟට ගුණයි.
      - නිර්නාම

      Padam
  20. ඔව් ඔය පොතේ තියෙනවා සමහර එවැනි විශ්වාස තිබු සමහර නිලධාරීන් ග්‍රහයෝ බලලා කඳවුරට ප්‍රහාර එල්ල වනු ඇතැයි සිතා කඳවුර මගහැර ගිය අවස්ථා ගැන එහෙමත්.තවත් නිලධාරියෙක් තමා විසින් නොකල වැඩයකට තමා විසින්ම පදක්කමක් සඳහා නිර්දේශ තම නම නිර්දේශ කරගැනීමත් එය විජය විමලරත්න්න විසින් එවකට එම නිලධාරියා අයිති බලසේනාධිපතිවරයාව සිටි සරත් ෆොන්සේකා වෙත එම නිර්දේශය යැවූ විට සරත් ෆොන්සේකා නිර්දේශ කර තිබුනේ ඔහුට අලුතින් පදක්කම් දීම නොව තිබෙන පදක්කම්ද ගලවා ගැනීම බවයි.

    BalasPadam
    Balasan
    1. රුවන් සහ මනෝජ් ඉතාම නිවැරදියි. ඇත්තටම මේ පදක්කම ලැබියයුතු මගේ මිතුරකු වන මේ නිලධාරියා ඉතාම ඉහල තනතුරකට පත්වී ඉතා මෑතකදී විශ්‍රාම ගියා. අද උදෑසන ඔහු මා සමග දුරකථන සංවාදයක යෙදී සිටියදී මා මේ පිළිබඳව විමසුවා. ඔහු කළේ මහා හඬින් සිනාසීම පමණයි. මේ නිලධාරියා කවුද යැයි රුවන් මෙන්ම විචාරකද ඉතා හොඳින් දන්නා බව මගේ විශ්වාසයයි. I think that he is one of the most decorated officers ever produced by Sri Lankan Army. නමුත් ඔහු කවදාවත් තමන් ලද Gallantry Medals ගැන කතා කරන්නෙ නෑ.

      ජෙනරල් ගුණරත්නගේ පොත පිළිබඳව සංවාදයක් ඇතිවීම සතුටක්. Lt. Jayathna Frenando ට ගැන ලියා ඇති සටහනෙන් අපේ බමුණු කුලයේ හමුදා නිලධාරීන්ගේ හෙළුව අනාවරණය වෙනවා. Lt. Jayathna Frenando විරෝධාර විභුෂණයට ඉතා සුදුසුයි. තම රෙජිමේන්තුවට අයත් ඒ නිලධාරියා ගැන විචාරක යමක් ලිව්වොත් හොඳයි.
      - නිර්නාම

      Padam
  21. ඇත්තටම පොත ලියූ ලේඛකයාට මේ ලිපිය කියවන්න ලැබුනොත් ඔහු සතුටු වෙයි. පොතක් ගෙන්වාගන්නට උනන්දුවක්වත් නොදැක්වූ මට දැන් කියවන්න හිතෙනවා.

    රුවන්ගේ මේ ලිපිය, පොත කියවූ අයත් කියවිය යුතු ලිපියක් යැයි මට හිතෙනවා.

    BalasPadam
  22. මේ පොත ගැන මා උනන්දුවක් නොදැක්වුවත් හිතවතෙක් විසින් පොත ඊයෙ මා වෙත එවා තිබුණා. ඒ නිසා කියවන්න වෙනවා. කියවා යමක් කියන්නම්.

    BalasPadam
  23. යහ පාලනේ එන්න කලින් යුද්දෙ ඉවර උන එක අපරාදෙ

    BalasPadam
  24. ඒ අතරම අතඩංගුවේ පසුවන නිලධාරීන්ගේ බිරින්දෑ වරුන් හා දරුවන් පීඩනයට පත් කරමින් විවිධ කඩදාසි සඳහා අත්සන් ලබාගැනීමට උත්සාහ කිරීම් අදටත් ක්‍රියාත්මකයි. මේවට එරෙහිව කතා කරල පොදු සමාජයේ ඔප්පු කරන්න බැරි නිසා ඔවුන් පීඩනය දරාගනිමින් කඳුළු වගුරනවා..
    ලොකු කාලයක් යයි මේ තුවාල යටපත් වෙන්න.
    ජයවේවා..!!

    BalasPadam
  25. මේක අධි ඉල්ලුමක් තිබුනු පොතක් කියලා මම නිව්ස් වල දැක්කා.. බුක් එක්සිබිෂන් එකේ දැවන්ත පෝලිමක් තිබුනාලු මේ පොත ගන්න...

    ෆීල්ඩ් මාර්ෂල් තුමත් පොතක් ලියනවා කියලා තියනවා.. ඒකෙ මොනවා තියෙයිද දන්නැ !

    පොත කියෙව්වෙ නැති නිසා මුකුත් කියන්න බෑ.. සමබර විග්‍රහයක් වෙන්න ඇති කියලා හිතෙනවා...විකෘති චර්යාවන් තියන පුද්ගලයන් ඔවැනි තැන්වල ඉහල පු‍ටුවලට පත්වීම අති භයානකයි කියලා තමා හිතුනේ...

    BalasPadam
    Balasan
    1. කෘති චර්යාවන් තියන පුද්ගලයන් ඔවැනි තැන්වල ඉහල පු‍ටුවලට පත්වීම අති භයානකයි

      Padam
  26. මේක ඉරිදා පත්තරේක මුල් පිටුවෙ පල කරන්න ඕනැ ලිපියක්

    BalasPadam
  27. හොඳ සටහනක් . ස්තුතියි රුවන්

    BalasPadam
  28. පොත කියවන්නට ආසාවෙන් උන්නා
    ඔබගේ ලිපිය කියවූ විට කුමක් කල යුතුදැයි අවිනිශ්චිත වූවා.
    මිනිසුන් හා තිරිසනුන් අතර කිසිදු වෙනසක් නැති බව මිසක් මේ කියන්නේ වෙන මොකක්ද?
    ඊයේ පෙරේදා එලි වූ බංකරය තුල සමූහ දූශනයට ලක් වූ කොටි සෙබලිය හා නීත්‍යානුකූල හමුදාවක සිටි අපේ සෙබලියන්ගේ වෙනස කුමක්ද?

    BalasPadam
    Balasan
    1. මටත් හිතුනේ ඒකමයි

      Padam
    2. දැන් දෙමල ගැහැණු දුෂණය වෙලා නැහැයි කියන අය මොකද කියන්නේ. මේ පොත කියෙව්වට පස්සේ.

      Padam
  29. බ්‍රිගේඩියර් දොරෙයිරජාගේ කාලේ ඉඳලා මෙඩිකල් කෝ එකේ ලොක්කන් ගැන දන්නවා. ඔක්කොම එකයි. එකම වෙනස අයිඩෙන්ටි කාඩ් එක විතරයි.
    එක කාලෙක VOG කෙනෙක් හිටියේ හරියට කාන්තා හමුදාවක් වගේ. යුද්දෙට ගිය එකයි හිටියේ ඌටත් කඩිනමින් ගේම් එකක් සැට් කළා. හේතුව, යුද්දෙට බයේ කකුලේ ඇඟිල්ලට වෙඩි තියාගෙන කොළොඹ ඇවිත් මෙඩිකල් ඉල්ලනවා ප්‍රතිකාර ගන්න රට යන්න හමුදාව ගානේ. කට්ට කාපු එකෙක් නිසා මිනිහ දන්නවා මේ මොකාටද එන්නේ කියල. දෙතුන් දෙනෙක්ට දුන්නේ නෑ . ලෙඩක් ඇදල මිනිහ මාරු කළා.
    ඔය KPට කලින් හිටපු ලොක්කා, ආසිරියේ PP කළා. එතන CT එක කරලා (එකෙන් හරියට පෙන්නේ නැහැයි කියල) ආමි හොස්පිටල් එකට ගෙන්නලා අල්ට්‍රාසවුන්ඩ් කරනවා. යකෝ ඔච්චරම සල්ලි ඕනෙමනම් ගූ ටිකක් පුච්චන් කාපල්ලකො. කියල වැඩක් නෑ.
    ජෙනරල් කොබ්බැකඩුව කොළඹට ගෙනල්ල මුලින්ම හෙලිකොප්ටරේ බෑවේ ජයවර්දනපුර රෝහලට. මමත් එතන හිටිය, ඔක්කොම ලැහැස්ති කරලා තිබුනේ. එක පාරටම උස්සල රත්මලානට ගෙනිහින් ඇම්බියුලන්ස් එකේ ජාතික රෝහලට ගේනවා. ඒක නොකර ජයවර්දනපුර තිබ්බ නම් ඒ මනුස්සය බේරගන්නත් තිබුන. කාටද ආඩම්බර. ලොකු දෙයක් ඔය යුද්දේ දින්න එකත් ඔය වගේ පොරවල් එක්ක.

    මේ ටිකක් විතරයි.

    BalasPadam
    Balasan
    1. ඔබ යමක්කමක් දන්න කෙනෙක්

      Padam
    2. ඇනෝ පුලුවන්නම් ලියන්න. මමත් ඕක අහල තියනවා.

      Padam
  30. නන්දිකඩාල් කියවන්න නෙවෙයි හිටියේ. මේ විචාරයෙන් පසු මන් කල්පනා කළා කාගෙන් හරි ඉල්ලගෙන කියවන්න.
    sudukukula.blogspot.com

    BalasPadam
  31. කාගේ කාගේත් කිල්ලෝටවල හුණු ටික ටික හරි තියෙනවා කියලා කියන්නේ කට කහනවට යැ. නියම පොස්ට් එක රුවන්

    BalasPadam
  32. ලිපිය කියෙව්ව රුවන්.. මම යුද්ධ වලට කොහෙත්ම කමැති නැති නිසා පොත නම් ගන්නේ නැ.. ඒත් කොහෙත් තියන හැන්ගුන දේ එළියට එක නම් හොඳ දෙයක්..

    BalasPadam
  33. ඔබ මේ සිදුවීම් ගැන ලියන පොත කියවීමට ආසාවෙන් බලා සිටිමි ...

    BalasPadam
  34. කොහොම හරි හොයාගෙන කිවයුතු පොතක්. මේ අය හොයලා දැන්වත් දඬුවම් කරන්න බැරිද?

    BalasPadam
    Balasan
    1. ඒවා නම් වෙන එකක් නෑ

      Padam
    2. යුද අපරාද කරපු නිලදාරින්ට දඩුවම් නොකරපු නිලදාරින්ට දඩුවම් නොකලපු අපි මේවට දඩුවම් දෙයිද

      Padam
    3. යුද අපරාද කරපු නිලදාරින්ට දඩුවම් නොකරපු නිලදාරින්ට දඩුවම් නොකලපු අපි මේවට දඩුවම් දෙයිද

      Padam
  35. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

    BalasPadam
    Balasan
    1. General Gamini Jayasundara / CLI / Later Director NCC

      Padam
  36. ඔය වීඩිය‍ෝ කැටි රක‍ෝඩර් පන්නපු නිලධාරියා නුවර පැත්ත‍ේ ‍ක‍ෙනෙ‍ක්ද?එහ‍ෙම නමි උන්නැහැ ක‍‍‍ෙඩටි නිලධාරියකු විදිහට හමුදාවට බැදිචිච විදිහ ගැන රසවත් කතාවක් මං අහල තියනවා

    BalasPadam
    Balasan
    1. මේජර් ජෙනරාල් ගාමිණි ජයසුන්දරට නඩු


      බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම හමුවේ බොරු සාක්ෂි ලබාදීම හේතුවෙන් රක්නාලංකා සමාගමේ හිටපු සාමාන්‍යාධිකාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ගාමිණි ජයසුන්දර මහතාට එරෙහිව කුරුදුවත්ත පොලීසිය ඊයේ (14) නඩු පවරා තිබේ.

      ඒ අනුව විත්තිකරුට 2016 වසරේ ජනවාරි මස 24 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා සිතාසි නිකුත් කර ඇත.

      සත්‍ය පවසන බවට දිවුරා පොරොන්දු වී කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දී ඇති බවත් තමන් කොමිසම හමුවේ මෙලෙස අසත්‍ය සාක්ෂි ලබා දුන් බවට ඔහු විසින් පිළිගෙන ඇති බවත් පොලීසිය අධිකරණයට දැනුම් දී තිබේ. http://www.sinhala.asianmirror.lk/local-news/item/17803-gamini-jayasundara

      Padam
  37. ඔය වීඩිය‍ෝ කැටි රක‍ෝඩර් පන්නපු නිලධාරියා නුවර පැත්ත‍ේ ‍ක‍ෙනෙ‍ක්ද?එහ‍ෙම නමි උන්නැහැ ක‍‍‍ෙඩටි නිලධාරියකු විදිහට හමුදාවට බැදිචිච විදිහ ගැන රසවත් කතාවක් මං අහල තියනවා

    BalasPadam
    Balasan
    1. එස් බී ගේ නායකත්ව පුහුණු පාඨමාලාවෙන් මේජර් ජෙනරාල් ගාමිණි ජයසුන්දර එල නෙලා ගනියි
      http://www.slguardian.org/si/archives/3836

      Padam
  38. හමුදාවේ හොඳදේවල් වගේම කුණුකන්දලුත් අඩුවැඩි නැතුව හියෙනවා. කුණුකන්දල් නැත්තේ කොහේද? හමුදාවටත් ඒක පොදුයි. ඔය පොත් ලියන නොලියන ඒවගේම දැන් සදහටම නිදන සමහර අයගෙත් 'කිල්ලෝටවල හුණු' ද ඇත.. ඒවා ගැන දන්නේ හමුදාවේ ඉන්න සහ හිටපු අයයි.

    BalasPadam
  39. ape rate aye toilet pirisiduwa tiya ganna unandu na.:(

    BalasPadam
  40. ඉතාම වැදගත් ලිපියක්. පොතත් කියවල බලමු. බටහිර රටවල් 1975-80 කාලයේ කතාකරපු PTSD වගේ මානසික පැත්ත ගැන අපේ රටවල් වල තවම උනන්දුවක් දක්වන්නෙ නෑ නේද වෛද්‍යතුමා ?

    http://adahasawakashaya.blogspot.com/2016/10/blog-post_71.html

    BalasPadam
    Balasan
    1. ඒ ගැන උනන්දුව අඩුයි

      Padam
  41. මේක ඉතාම හොඳ ඇස් අරවන ලිපියක් - කම්පාවක් ඇතිවුනා අර වැන්දඹූ බිරියන්ට පවා ලිංගික බලපෑම් කරන බව දුටු විට හා ආබාධිත සෙබළුන්ට සලකන ආකාරය විස්තර කර ඇතිවිට.
    හැබැයි මම අහල තියනවා සෙබළියන් හට ලිංගික අතවර කිරීම අද ලෝකයේ ප්‍රබලම හමුදාව වන ඇමරිකානු හමුදාවෙත් විශාල ගැටළුවක් බව -

    BalasPadam
    Balasan
    1. ඇමරිකානු හමුදාව වගේ එකක එහෙම දෙයක් උනොත් ප්‍රයිවට් රෑන්ක් එකේ සෙබලියට උනත් ඉහලටපැමිනිලි කරන්න ක්‍රමයක් තියෙනවා.... නමුත් ලංකාවේ වින්දිතයාට දෙයියන්ගෙම පිහිටයි..

      Padam
    2. ලංකාවේ වින්දිතයාට දෙයියන්ගෙම පිහිටයි.

      Padam
  42. තුන්වැනි ලෝකයේ රටක් විධියට මෙවන් අක්‍රමිකතා සිදුවීම පිලිබඳ පුදුම නොසිතේ, නමුත් තත්වය වැඩි දියුණු කිරීමට සියල්ල කල යුතුය.

    BalasPadam
  43. රැවන්, ඔබගේ ලිපිය අපට බොහෝ දේ අවබෝධ කර දෙනවා. තරමක් ප්රමාදවීලයි මට කියවන්නට අවස්තාවක් ලැබුනේ. ඔබගේමවූ මෙම අත්දැකීම් අපට දැන ගන්නට සැලැස්වීම ගැන ඔබට ඛොහෝම ස්තුතියි. Anonymous ඔබටත් ස්තුතියි.

    BalasPadam
  44. රට බේරාගන්න උතුරටගිය සෙබළා
    පුක බේරාගන්න ඇඳවටේ දුවයි !
    #බංකරයක ලියු සටහන්#

    BalasPadam
  45. මේ කමල් ගුනරත්න කියන්නේ තමන්ගේ සෙබලු දලා පැනලා ගිය කෙනෙක් ඔහුගේ ජිවිතේ බේරගන්න..පලමුවන විශේශ බලාකා නිලදාරියෙක්ගෙන් අසා දැන ගන්න

    BalasPadam
  46. සාහිත්‍යය ගැන උනන්දුවක් දක්වන හමුදා නිලධාරියකු සමග කරන ලද කතාබහකදී ඔහු කියූ අපූරු කවියක් ගැනයි මෙය ලියන්නේ. මෙය අපූරු නූතන ජනකවියක් ලෙසයි මට පෙනෙන්නේ.

    ඔහු කී පරිදි මෙම කවිය හමු වී තිබෙන්නේ හමුදා කඳවුරක බිත්තියේ කුරුටු ගා තිබියදීයි.

    මේ හමුදා කඳවුරේ තිබුණු ජල හිඟයක් නිසා කඳවුරට ජලය සැපයුණේ බව්සර්වලිනි. එහෙයින් ජල පාවිච්චිය සඳහා සීමා පනවා තිබිණි. එහෙත්, නිලධාරි නිවස්නයේ අය වැඩිපුර වතුර ටිකක් ගත් අතර, ඊළඟට සාජන් හා කෝප්‍රල් තනතුරු දැරූ අය ද වැඩිපුර වතුර ටිකක් පාවිච්චි කළ හ. සාමාන්‍ය සෙබළුන්ට මේ නිසා ජලය මදි විය.

    මේ කවි සිතක් ඇති හමුදා සෙබළෙක් සිය හැඟීම් පළ කළ ආකාරයයි.

    උඩ වතුර තරුවලට
    මැද වතුර පටිවලට
    මඩ වතුර පොඩි අපට
    කොටි ගහල මදි තොපට

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook