Rabu, 19 Oktober 2016

ක්ලින්ටන්ට කැනියුලා දැමීම​

 


2004 ආසියානු සුනාමියෙන් පසු ඇමරිකානු ජනාධිපතිවරෙයෙකු වූ බිල් ක්ලින්ටන් සුනාමි ව්‍යසනයෙන් හානියට පත් වූ ප්‍රදේශ නිරීක්‍ෂනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ආවේය​. ජනාධිපති ක්ලින්ටන් ගේ චාරිකා සඳහා ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටරයක් ලබා දී තිබූ අතර යුද හමුදාවේ වෛද්‍ය බළකායේ වෛද්‍යවරයෙක් සහ හෙද කණ්ඩායමක් ක්ලින්ටන් සමග යවනු ලැබීය​. මෙම කණ්ඩායමට මා වැඩ කල වාට්ටුවේ හෙද නිලධාරියෙකුද තෝරාගනු ලැබීය​. 

සාජන්වරයෙකු වූ ඔහු එයා බෝන් පදක්කමක්ද ලබා තිබුනේය​. මෙම එයා බෝන් පදක්කම ලැබෙනුයේ නිශ්චිත පැරශූට් පිනුම් කිහිපයක් නිවැරදිව කිරීමෙන් පසුවය​. 

ක්ලින්ටන් සමග චාරිකාවට තෝරාගෙන තිබූ මෙම සාජන්වරයා ගමන යාමට පෙර දින මා හමුවට ආවේය​. 

" සර් මාර වැඩේනේ මට ක්ලින්ටන් එක්ක මාතර යන්න වෙලානේ " ඔහු කීවේය​. 

" ඉතිං කොච්චර හොඳද ඇමරිකන් ජනාධිපති කෙනෙක් එක්ක හෙලිකොප්ටරේ යන්න ලැබෙන එක " මම ඔහුට පිළිතුරු දුන්නෙමි. 

"ඒකනම් එහෙම තමයි සර් , ඒත් මොකක් හරි මෙඩිකල් ඉමර්ජන්සියක් උනොත් ?

" මෙඩිකල් ඉමර්ජන්සියක් උනොත් ටීම් එකක් ඉන්නවනේ ඔක්කොම එකතුවෙලා ක්ලින්ටන්ට ප්‍රතිකාර කරන්න " මම සැහැල්ලුවෙන් කීවෙමි. 

" ඒත් සර් හදිසි වෙලාවක කැනියුලා එකක් දාගන්න ගියාම ටෙන්‍ෂන් එකට හරියට වේන් (ශිරාවට) එකට දාගන්න අමාරු වෙනවා සර්. ජයසිකුරු එකේදිත් ඕක උනා" සාජන්වරයා මඳක් චකිතයෙන් කීවේය​. 

මම මොහොතක් කල්පනා කලෙමි. 

අයිසේ ඕක හරි ලේසිනේ. දැන් හෙට හෙලිකොප්ටර් එකට ගියාම ක්ලින්ටන් එයිනේ. එතකොට සර් එක්ස්කියුස් මී කියලා ක්ලින්ටන් ගේ වම් අත අරගෙන කැනියුලා එක දාන්න​. ඒ  එක්කම සේලයින් ඩ්‍රිප් එකකුත් දාන්න​. එතකොට වේන් එක හරි. හදිසියේ මොනවා හරි මෙඩිකල් ඉමජන්සි එකක් උනොත් කිසිම ප්‍රශ්නයක් නෑ කැනියුලා එක තියනවා. එතනින් ඕන බෙහෙතක් දෙන්න පුලුවන්. 

මෙය ඇසූ සාජන්වරයාට සිනහ ගියේය​. 

" කමක් නෑ සර් හෙට බලමු. වෙන දෙයක් වෙච්චාවේ " මෙසේ කියමින් ඔහු යන්නට ගියේය​. 

මෙම සිදුවීමෙන් සති තුනකට පමණ පසුව මට මෙම සාජන්වරයා හමුවූ අතර  ඔහු පැවසූ පරිදි කිසිදු ගැළුවකින් තොරව ක්ලින්ටන් ගේ සුනාමි නිරීක්‍ෂණ චාරිකාව  නිම වී තිබේ. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

23 ulasan:

  1. මං හිතන්නෙ මේ ඉහත පින්තූරය බිල් ක්ලින්ටන් ජනාධිපතිතුමා මෑතකදී ගත් එකක් විය යුතුයි.

    BalasPadam
    Balasan
    1. මේ ක්ලින්ටන් 2004 ත්‍රිකුනාමලේදී

      Padam
  2. ක්ලින්ටන්ට හරියටම කැනියුලා එක දැම්මේ මොනිකා නර්ස් තමයි අර මේසයක් යට ඔබාගෙන :D

    BalasPadam
    Balasan
    1. ඕකෙ අනිත් පැත්ත නේද මචං වුනේ?

      Padam
    2. ඔව් ඩූඩ් මට පැත්ත ටැපලුනානේ බං.

      Padam
    3. උඹල දෙන්නා දැක්කද හරියටම වෙච්ච වැඩේ

      Padam
  3. Hilarious. I want Clinton to read this.

    BalasPadam
  4. හොඳ මතකයක්. ඉංග්‍රීසියෙනුත් ලියල දැම්ම නම් ක්ලින්ටත් බලයි.

    BalasPadam
  5. හපෝ...........මටනම් අප්‍රසන්නම කටුකම දෙයක් තමා මට කැනියුලා එකක් ගහන එක. මේ වෙනකොට විසිපස් වතාවක් විතර ඔය දුක මම විඳලා තියනවා.

    BalasPadam
    Balasan
    1. දානකොට නෙවෙයි කැනියුලා එක ගලවන කොට කොහොමද ?

      Padam
    2. ඔය දෙකටම වැඩිය අමාරුයි දවස් දෙක තුනක් පරණ කැනියුලා එකෙන් බෙහෙත් විදිනකොට

      Padam
  6. කැනියුලා එක කියන්නෙ මොකද්ද කියල කියල දෙන්නකො

    BalasPadam
  7. ක්ලින්ටන් නම් මොනිකට ඔන්න ඔයින් එකක් දැම්මය කියලා ඇමරිකාවේ පඩත්තල කොල්ලො කියනවා මම අහලා තියෙනවා හිටන්...

    BalasPadam
    Balasan
    1. මාත් අහලා තියෙනවා හිටන්

      Padam
  8. හිටපු ජනාධිපතිවරයෙකු වූ කියල දැම්ම නං රැවටෙන්නේ නැහැ.. මේ ළගදි තිබ්බ සිරස ලක්ෂපති එකේදිත් ඔය වගේ ප්‍රශ්නයක් ඇහුවා.. තමන්ගේ ධූරකාලය තුල ලංකාවට පැමිණි රාජ්‍ය නායකයා ගැන අහලා..

    BalasPadam
    Balasan
    1. ඒකාලේ ක්ලින්ටන් හිටපු නේද ?

      Padam
  9. හරි ඉතින් ක්ලින්ටන් කියල පිටසක්වල ජීවියෙක් යැ..
    දවසක් වයසක හෙද මවක් කැනියුලා එකෙන් බෙහෙතක් යවලා නහරෙ දිගේ අතගගා හිටිය ටිකක් වෙලා නහර ඇකිලිලා.. රිදෙයි කියලා.
    ඊට පස්සෙ එක දෙන්න ආපු තොල් රතු කරපු කෙල්ල ඔයාගෙ නහර වේලිලා කියල සේලයින් එකක් සිරින්ජරේට අරන් විද්දා එකසැරේටම.. දිවත් එක්ක හිරිවැටිල ගියා.
    හෙහ් හෙහ්.. ක්ලින්ටන් ලඟට යවන්න තිබුනෙ මේ දෙවනි නර්ස් කෙල්ල.හැඩයි.. හැබැයි විසයි.හෙහ් හෙහ්
    ජයවේවා..!!

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook