Isnin, 10 Oktober 2016

ද්විත්ව ප්‍රමිතිය

 



ඇවිදිමි මා හුදකලාව 
මිනිසුන් අතරින් හෙමිහිට 

දකිමි මම කවියන් නන්දිකඩාල්හි 
මිළින වූ ජීවිත ගැන ලියන 
එහෙත් ඔවුන් ගේ පන්හිඳ 
නොලියයි  කැති ගෑවුණු
ලේ හලා ගිය අරණගංවිල 
 නිහඞවූ ජීවිත ගැන   

ලියවෙයි යුද සැමරු ජයගත් රණ විරුවන්ගේ
අමතක කෙරෙයි වේදනාව මිනිසුන්ගේ  යාපා  පටුනේ  

දමිළ කඳුළු ගැන ලියන්නෝ නිහඞය දකුනේ සිහල කඳුල ගැන 
දකුනේ සිහල කඳුල ගැන ලියන්නෝ නිහඞය උතුරේ දමිළ කඳුල ගැන  

යුද්දය විසින් විනාශ කල ජීවිත 
පාට කණ්නාඩි වලින් දකින
සේවායෝජකයාගේ ගෙවීමට අනුව 
මානුෂික කවි කතන්දර ලිපි ලියන 
මානවවාදී කවියනි ලියුම්කරුවනි 
බලව් තොපගේ අශෝභන නිරුවත 
කැඩපත ඉදිරියට ගොස්  හනික 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

24 ulasan:

  1. /* යුද්දය විසින් විනාශ කල ජීවිත
    පාට කණ්නාඩි වලින් දකින
    සේවායෝජකයාගේ ගෙවීමට අනුව
    මානුෂික කවි කතන්දර ලිපි ලියන
    මානවවාදී කවියනි ලියුම්කරුවනි
    බලව් තොපගේ අශෝභන නිරුවත
    කැඩපත ඉදිරියට ගොස් හනික */

    ඒ ආකාරයේ ලිපි ලියන අය නම් සිටිති. කවි ලියන අය හෝ ඒ ආකාරයේ කවි නම් දැක නැත.

    උදහරණයක් දිය හැකිද?

    BalasPadam
    Balasan
    1. Ulasan ini telah dialihkan keluar oleh pentadbir blog.

      Padam
    2. උදාහරණ දිය හැකියි ; මක්ක​්ටයි මිනිස්සු කුපිත කර ගන්නේ

      Padam
    3. රුවන් මං ඇත්තටමයි ඇහැව්වේ.

      මා දැක ඇති පරිදි කවියන් බොහෝ දුරට සංවේදී අයයි. කුලියට ලිපි ලියන අය සිටියාට කුලියට කවි ලියන අය (පෙම් කවි, වස් කවි හෝ සෙත් කවි නොවේ) ඉන්නවා යැයි මා නම් සිතන්නේ නෑ.

      බුන්දියේ, පත්තර කවි පිටුවල ඇති අති හබුතරයක් කවි ඉතා සංවේදී සිත් ඇති අය ලියූ ඒවායි!

      Padam
    4. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

      Padam
  2. //බලව් තොපගේ අශෝභන නිරුවත
    කැඩපත ඉදිරියට ගොස් හනික//

    නිකම්ම නිකම් කැඩපත නෙවෙයි, යුද්ධයෙන් බට කෑ ජනතාවගේ හදවත නමැති කැඩපත ඉදිරියට ගිහින් තමයි බලන්න ඕනේ.

    BalasPadam
  3. රෙද්දේ සංහිදියා
    ************
    ලිව් වාට පොත් තමිලිනි
    ගත් තාට පොත් දුවමිනි
    වැඩක් නෑ පද්මිනි
    නිවෙන් නෑ බං ඒ ගිනි

    උතුරට මුකුත් නැත
    ට්‍රිපක් පමණක් යත
    පොටෝ යහමින් ඇත
    එහෙත් සහ ජීවනේ නම් නැත

    නඩරාජා උතුරු කරේ
    අපෙ රාජලා දකුණු කරේ
    කඩු පොලු ටික අයින් කරේ
    ආයෙත් ගන්නමලු දොරේ

    එහේ ඉන්න තංගම්මා
    මෙහේ ඉන්න අපේ අම්මා
    ගින්දර දිගටම දැම්මා
    ඇවිලේ නැතිවම නිම්මා

    අනේ තොපේ සංහිදියා
    දෙමලා හැමදා කොටියා
    උතුරට මක්කත් නැතියා
    ෆයිටර් ජෙට් එන සැටියා

    යුද්දේ නතුව පාලුයි බං
    සුද්දේ නතිව පාඩුයි බං
    ගින්නට පිඹපං මදි දුම්
    සංහාරය අරඹමු බං

    කලටි පෝල් වැල් බයිලා
    කොමිසොන් නම් වැහි වැහලා
    උතුරු දකුණ එකතු වෙලා
    වනසමු මුන් ගිනි තියලා

    -x-

    - මාතලන් -

    BalasPadam
    Balasan
    1. //උතුරට මුකුත් නැත//
      //දෙමලා හැමදා කොටියා//
      //උතුරට මක්කත් නැතියා//

      මේවාට එකඟවිය නොහැක. පසුගිය දූශිත රාජපක්ශ රෙජීමය සමයේ උතුරු වසන්තය, නව නිවාස ව්‍යාපෘති, පරිපාලන ගොඩනැගිලි, ඉරණමඩු ගුවන්තොට, සංගුපිඩ්ඩි පාලම ඇතුලු විශාල මාර්ග සංවර්ධන ව්‍යාපෘති යාපනය ජල සම්පාදන ව්‍යාපෘති, යාල්දේවි නව දුම්රිය ව්‍යාපෘතිය ඇතුලු සංවර්ධන ක්‍රියා රැසක් සිදුකලා. උතුරේ ජන ජීවිතිය යුද්ධයෙන් පසු සාපේක්ශව විශාල ලෙස දියුණු වූවා. විශාල ලෙස ජනතාවට ට්‍රැක්ටර්, කෘශි උපකරණ / ධීවර ආම්පන්න රජයෙන් ලබාදුන්නා.

      වත්මන් යහපාලන රජයත් මොරගහකන්ද ඇතුළු ව්‍යාපෘති වලින් උතුරේ ජනයාට වාසි ලබාදීමට ක්‍රියාකලා. එමෙන්ම වත්මන් රජය උතුරේ ප්‍රශ්න වලට ඉතාම සංවේදීව ක්ශණික ප්‍රතිචාර දක්වනවා. ඇත්තටම උතුරට වින කටින්නේ මධ්‍යම රජය නොව උතුරේ ජාතිවාදී අන්තවාදී ටීඑන්ඒ වැනි පක්ශ මෙන්ම එජාපයට සම්බන්ධ විජෙයකලා වැනි අන්තවාදී නායකයන්. ඔවුන් කිසිත් නොකර හුදෙක් වර්ගවාදය අවුස්සමින් රජය උතුරට කරන වැඩවලටත් අකුල් හෙලන දුෂ්ට ප්‍රතිපත්තියක් අනුගමන කරන නිසා උතුරේ ජනයා සදා දුකේ.

      Padam
    2. එල කවිය මාතෙ

      Padam
  4. අවස්ථාවාදී කපටි දේශපාලඥයින්ට බලය නම් ලාභය ලැබිය හැකි පහසුම වෙළඳාම ජාතිවාදයයි.

    BalasPadam
    Balasan
    1. උදාහරණය: වීර සංගිලියා

      Padam
    2. වාසුදේව, තිස්ස විතාරණ පවා දැන් නතර වී ඇත්තේ එැඬනි අය සමග එකම වේදිකාවක නේද?

      Padam
    3. ඔබ වීර සන්ගිලියා කියමින් අවමන් කරන්නේ ඔබගේ හිත තුල ඇති කුහක බව නිසා නොවේද? .
      සිංහල හා දෙමළ ජාතිවාදීන් අවුස්සන ලද්දේ යැංකි ඩිකියගේ පරපුරේ එවුන්මය.
      අද දිනත් දෙමළ ජනතාව කුපිත කරමින් අවුසන්නේ දෙමළ ජාතිකයන්මය.
      ලෝකයේ තිබෙන්නේ බිස්නස්ය. එම බිස්නස් දියුණු කර ගැනීමට හැමෝම උත්සහ දරයි.
      වීර සන්ගිලියාල නොමැති නම් පිරිබාහරන්ගේ හොරි කසීමට සිංහල දෙමල මුස්ලිම් හැමෝටම සිදු වන්නේය.

      ලෝකයේ සිටින්නේ වසලයෝ හා වසලයන් නොවන මිනිසුන් වර්ග දෙක පමණි.
      වසලයන් නොවන මිනිසුන් බහුතරයක් නිහඬව සිටිති.
      වසලයෝ හා ඔවුනගේ පරපුර කුලල් කා ගනිති.
      ඉන් මුළු මිනිස් සංහතියම පිරිහී යයි.

      Padam
    4. විමල් වීරවංශගේ දේශපාලනයේ වංචනික බව පැහැදිලි කරුනකි. එහෙත් රුවන් මෙවැනි අපහාසාත්මක වදන් භාවිතකරන මට්ටමට වැටෙනු ඇතැයි නොසිතුවෙමි. සමහරවිට රුවන්ද ප්‍රතග්ජනයකු නිසා විය හැක. මෙයින් මා එක් පාඩමක් ඉගෙනගත්තෙමි. පුද්ගලයන් ගැන අප කරන පූර්ව තක්සේරුව කොතරම් සාවද්‍යද යන්නයි.

      Padam
    5. oba niwaradi madyashtha , deshapalnakiwa rata ayeth gini ganna thathwayakata path wemin thibenawa. ahaka inna podi ewunwa dan kulappu kireemata patan aragena. sionhalayata wada demala ayawa kulappu kireema pahasuyi.

      anika api Sinhala demala wenne mansin witharai. demalu kiyanne apema aya. api okoma ekama kule

      Padam
    6. ජාතිවාදය ඇවිස්සීම 48 සිට සිංහල දෙමළ දේශපාලනඥයන් විසින් කරන ලද්දකි.එහෙත් එය යුද්ධයට තීරනාත්මක නොවීය. මට සිතෙන පරිදි තිස් අවුරුදු යුද්ධය අන්තර්ජාතික ව්‍යාපෘතියකි. ලක්වැසියන් එහි අවාසනාවන්ත ගොදුරු වූවා පමනි. සෙබලුන් 13 දෙනාගේ සිරුරු කොලබට ආ පසු සිංහලයන් ඇවිස්සුනානම් ඉන් පසු සිදුවූ මහ විනාශයන්හිදී ඇවිස්සුනේ නැත්තේ මන්ද. දළදා මාළිගාවට ,ශ්‍රී මහා බෝධියට පහර දීම බස් පිපිරවීම ,ගම්මාන සමූලඝාතනය යන මේ කිසිම කරුනක් අරභයා ජාතිවාදී ගැටුම් ඇති නොවීය. තිස් අවුරුදු යුද්ධයට හේතුව ලංකාවේ උපායශීලී නොවූ විදේශ ප්‍රතිපත්තියයි.යුද්ධය අවසන් කලේද ලෝක තත්වයන් හා විදේශ ප්‍රතිපත්තිය අපට වාසිදායක වූ නිසාය.බන්ඩාරනායක සිංහල රාජ්‍ය භාශාව කල නිසා හෝ අමරසේකරල පොත් ලියූ නිසා හෝ තිස් අවුරුදු යුද්ධයක් ඇතිවූ බව කීමට විචාරබුද්ධියක් ඇති කිසිවෙකුට බැරිය.බන්ඩාරනායකලගේ හා අමරසේකරලගේ වංචනික බව වෙනම කතාවකි.

      වර්තමානයේ ජාතිවාදයක් දකුනේ නැත.ඒකාබද්ධ විපක්ෂයේ සැබෑ අරමුන නඩුහබ විසදාගෙන නාමල්ට හෙටක් ලබාදීමයි.එය කෙලින්ම කීමට බැරි නිසා විමල් හා ගම්මන්පිල පමනක් ජාතිය යන කාරනය ඉස්මතුකරති.එය ක්‍රමයෙන් හීනවන කෙදිරිලිහඩක් පමනි.

      Padam
    7. ජාතිවාදය අවුලුවේ මහජන චන්දයෙන් වියස්තාදායක සභාවට එක මන්ත්‍රීවරයෙක් පත් කරගැනීමට සුද්දා කටයුතු කල නිසයි. එම චන්දයෙන් දිනුවේ දෙමල ජාතිකයෙක්. පැරදුනේ හිවල් ඩිකී ගේ සීයා . සීයා රට ගිනි තියන්න පුරූගාමී උනා.


      මද්‍යස්ථ මා කියවා ඇති පරිදි. උතුරේ ඇතැම් ජාතික නායකත්වයෙන් සලකන දේශපාලකයින් ආයුධ සන්නද්ධ අරගලයට දෙමල තරුණයින් උසි ගැන්ව ඇත. දකුණේ ජාතිවාදීන් ද මන්ත්‍රී ආසනය වෙනුවෙන් දෙමල සිංහල බේදය අවුළුවා ඇත.

      අවාසනාවට දෙමල බසින් දෙමල තරුණයන් ඇමතීමට අපට හැකී වී නැත. එය අඩුවකි. අනෙක උතුරු කරයේ වෙනත් මත දරන්නට විසීමට තවමත් නොහැක. නොයෙකුත් සන්නද්ධ කල්ලි ඇත. මගේ ද්‍රවිඩ මිතුරන් කියන්නේ අපේ එවුන්ට වැඩ උඹල හොඳයි කියා

      Padam
    8. වීර සංගිලි පනික්කියාගේ විමලසේන යන්න වි වී නියම නමය​. ඔහුගේ නියම නම භාවිතා කිරීම ඔහුට කරන අවමානයක් යන චෝදනාව මට නොතේරේ.

      Padam
    9. කෙනෙකුගේ වාසගමින් (බොහෝවිට ) ඔහුගේ කුලය ගැන කියවෙනවා. ඉඟියක් දෙනවා . සම්පූර්න නම කීම අපහාසයක් නොවුනත්, විවි ට සාමාන්‍යයෙන් ඔය පදය යොදන්නේම කුලවාදීව අපහාසාත්මකවයි. ඔබ ඇතැම්විට ඒ ගැන නොදනුවත් වියහැකියි.

      අනික ඔබ කියන්නේ "වීර සංගිලියා" කියා. විවි ගේ නම 'වීර සංගිලි' මිස 'සංගිලියා' නොවෙයි. මෛත්‍රිපාලයා, ප්‍රේමදාසයා, ගම්මන්පිලයා කියනකොට එතන තියෙනවා අපහාසාත්මක ස්වරයක්. මේක කිවයුතුත් නැති තරම් සාමාන්‍ය දෙයක්. එතනත් ඔබේ අවධානයෙන් ගිලිහී තිබෙනවා.

      Padam
    10. Ohu gana mama lipiyak liyanna inne ; me gana mama sakacchha karannam

      Padam
  5. ලෝකයේ සිටින්නේ වසලයෝ හා වසලයන් නොවන මිනිසුන් වර්ග දෙක පමණි. වසලයන් නොවන මිනිසුන් බහුතරයක් නිහඬව සිටිති. වසලයෝ හා ඔවුනගේ පරපුර කුලල් කා ගනිති. ඉන් මුළු මිනිස් සංහතියම පිරිහී යයි.

    BalasPadam
  6. දෙපැත්තේ අපි හතුරෝ උනේ
    උබේ කවි අපිත්
    අපේ කවි උබත් රස නොවින්දේ
    කවිය රස නැති නිසාම නොව
    නුබේ කවි කියවීමම
    අපි අත්හල නිසාය
    සමහර විට උබලත් එහෙමම වෙන්න ඇතිය

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook