උසස් පෙළ සත්ව විද්‍යා විශයට කැරපොත්තෙකු විච්ඡේදනය කිරීමට නියමිතව තිබුණි. අපගේ සත්ව විද්‍යා ආචාර්‍යවරයා වූ ගාමිණී කුලවංශ මහතාගෙන් ගුරුහරුකම් මැද අප ඉතා අප්පිරියාවෙන් කැරපොත්තන් විච්ඡේදනය කලෙමු. මෙසේ විච්ඡේදනය කල කැරපොත්තා ප්‍රායෝගික වැඩ පොතේ ඇඳිය යුතු විය. එසේම වසර අවසානයේ උසස් පෙළ විභාගයට පෙර මේ ප්‍රායෝගික පොත් පෙන්වා විභාග ප්‍රවේශයට අවසර ගත යුතුය.
මගේ සත්ව විද්‍යා ප්‍රායෝගික පොත මම සම්පූර්ණ කලෙමි. මේ පොතේ මුලින්ම මම කැරපොත්තෙක් ඇන්දෙමි. ඉන් කැරපොත්තාගේ බාහිර ස්වරූපය පෙන්වයි. දෙවන පිටුවේ විච්ඡේදනය කරන ලද කැරපොත්තාය. එසේම අප විසින් අධ්‍යනය කල අනෙකුත් සතුන් වන ගෙම්බා සහ ගෙම්බා ගේ විච්ඡේදනය කරන ලද චිත්‍රය, සත්ව සෛලය යනාදී වශයෙන් චිත්‍ර රැසක් ඇඳීමට මට සිදු විය.
මා විසින් සත්ව විද්‍යා ප්‍රායෝගික පොත සම්පූර්ණ කල පසු එය 12 ජී පන්තියේ කොල්ලෙක් ඉල්ලා ගත්තේ එය බලා සටහන් සහ රූප කොටස් ඇඳීමටය. මෙම පොත සත්ව විද්‍යා ගුරුවර ගාමිණී කුලවංශ මහතාට පෙන්වීම නියමිත බැවින් මේ රූප සටහන් කොපි කරගෙන ඉතා ඉක්මනින් පොත යලි මට ලබා දෙන ලෙස මම ඔහුට නියෝග කලෙමි.
මිතුරා එය තම පන්තියට ගෙන ගොස් අදාල රූප සටහන් කොපි කර ගෙන යලි මට සුරක්‍ෂිතව භාර දුන්නේය. ඉන්පසු එය කුලවංශ සර්ට පෙන්වීමට මම ගෙන ගියෙමි.
මගේ පොත බැලූ කුලවංශ සර් " අයිසේ තමුසෙගෙ කැරපොත්තා හිනා වෙනවනේ " කීවේය. මම වික්‍ෂිප්ත වූයෙමි. මම කැරපොතු රූපය දෙස බැලුවෙමි. ඇත්තෙන්ම කැරපොත්තාගේ මුවේ සිනහවකි. වහාම සර් ගෙන් ප්‍රායෝගික පොත යළි ලබාගත් මම ඉරේසරයක් ගෙන කැරපොත්තාගේ සිනහව මකා දැමුවෙමි.
පසුව හෙලි වූ පරිදි මගේ මිතුරා පොත 12 ජී පන්තියට ගෙන ගොස් රූප සටහන් කොපි කර ගන්නා විට වලිසුන්දර විසින් කවට කමට මා විසින් ඇඳි කැරපොත්තාගේ මුහුනේ සිනහවක් සටහන් කොට ඇත. පසුව මම 12 ජී පන්තියට ගොස් වලිසුන්දරට දෙහි කැපුවෙමි.

මට කැරපොත්තෙක් කපන්න ලැබුනෙ විශ්ව විද්‍යාලයේ පළවෙනි අවුරුද්දෙදි. කැරපොත්තෙක් විතරක් නෙමේ, කුකුල් පැටියෙක්, මීයෙක් එහෙමත් කපන්න ලැබුනා. සත්ව විද්‍යාව වැඩිදුරටත් ඉගෙන ගත්ත අයට තවත් සත්තුන්ව කපන්න ලබුනා.
BalasPadamසෙනේට් එකට පහලින් ගඟ අයිනේ ගන්ජා හේන් එහෙම කැපුවෙ නැථෙයි?
Padamමං පේරා නෙමේ.
Padamචරිත් සත්ව විද්‍යාව දිගටම ඉගෙනගෙන
Padamවිෂයන් තුන යටතේ ඇති අලුත් විෂය නිර්දේශයට අනුව සතුන් විච්ඡේදනය ඉවත් කර ඇත. ( මා දන්නා අයුරින් )
BalasPadamඇත්තද ?
Padamකැරපොත්තා සහමුලින් ම ඉවර කරමු කියලා පෝස්ටර් ගැහැව්වේ අසංග අබේසුන්දර නේද?
BalasPadamඑහෙමද ?
Padamඅපිටනං කැරපොතු කේස් එක කාලෙ සූලොජි ඉගැන්නුවෙ මිස් කෙනෙක්. හැබැයි දෙවෙනි අවුරුද්දෙ ගෙම්බො, තිලාපියො කැපුව සර්ට වඩා හොඳට ඒ මිස් වැඩේ ගොඩ දැම්ම.
BalasPadamතිලාපියා (1985) අපි විච්ඡේදනය කලේ නෑ ; සිලබස් එකේ තිබ්බා නමුත් ඉස්කෝලේ විච්ඡේදනය කලේ නෑ
Padamඅපේ උසස්පෙල පන්තියේදීත් ගෙම්බො, කැරපොත්තෝ කීප වතාවක්ම මරලා තියෙනවා.
BalasPadamජයවේවා!!!
අපායෙන් මෙහා නවතින්නේ නෑ
PadamUlasan ini telah dialihkan keluar oleh pengarang.
BalasPadamහම්මේ හොඳ වෙලාවට බයෝ නොකලේ
BalasPadamකෝමෙයි අප්පා සත්තු කපන්නේ
:D :D
සර්ලා දුන්නම කරන්න වෙනවා
Padamඅපි බයෝ කරද්දි නම් කැරපොත්තො කපන්න තිබ්බෙ නෑ :)
BalasPadamඒකනම් නියමයි
Padamෆ්‍රිජ් එකේ කුකුලෙක් ඉන්නවා, මාත් හෙට ඌව කපලා කොලේක අඳින්න ඕනැ.
BalasPadamහොඳමයි
Padamඅපිටත් තිබ්බ කැරපොත්තො කපන්න.. අනිත් සත්තු නම් කපලා නැ.. මේ බලාගෙන අඳින කලාව මට පිහිටල තියෙන්නේ හරිම අඩුවෙන් මගේ අම්මට සාපේක්ෂව..
BalasPadamබලාගෙන අඳින කලාවට අමතරව අපේ එවුන් හිනාවත් ඇඳලා
Padam:) :)
PadamCockroach with a sense of humor!
BalasPadamyep
Padamඈක්කා. කැරපොත්තෝ මට වස අප්පිරියයි. දැක්ක තැන සෙරෙප්පුවෙන් තලනවා.
BalasPadamසෙරෙප්පුවෙන් තැලුවම සුදු පාට චොර පනිනවා
Padamදැං නං ඔය කැරපොතු ගෙඹි කේස් නෑ දන්න විදිහට.. ඩොක් ගෙ සර් ආපහු පොත දුන්න නිසා හොඳයි.එහෙම්මම රතු පෑනෙන් කෙලිය නම් තමයි බඩු පැකට් වෙන්නෙ..හෙහ් හෙහ්
BalasPadamජයවේවා..!!
එහෙම නම් බඩුම තමයි
Padamකැරපොත්තාට ගොඩක් අය අප්පිරියා මොකද කියන එක මට හිතාගන්න බැරි කාරණයක්.. උෟ හරි අහිංසක සතා අප්පා..))
BalasPadamසත්ව විච්ඡේදනය විෂය නිර්දේශයෙන් ඉවත් විය යුතු බවට කතිකාවක් තිබුණා. දැන් තත්ත්වය කොහොමද දන්නේ නෑ..
මක් වෙතත්, කැරපොත්තා හිනා වෙච්ච එක නම් මරු කතාව..!!