Khamis, 1 September 2016

එන්ටප්‍රයිස්




මගේ ඟාතීන් බොහෝ දෙනෙකු හඟරන්කෙත , මාතලේ, මාරස්සන , අම්පිටිය වැනි ප්‍රදේශ වල ජීවත් වෙති. කුඩා කාලයේ සිට  කොලඹ ජීවත් වූ  අපගේ  සහ ගම් පලාත් වල වෙසෙන ඥාතීන් ගේ භාෂා විලාශය වෙනස් බව මම නිරීක්‍ෂණය කලෙමි. ඔවුන් බොහෝ විට කතා කලේ එන්ට , යන්ට , කියන්ට යනාදී ලෙසටය​. එහෙත් අප යන්න , හෝ යන්ඩ මෙන්ම එන්න හෝ එන්ඩ කියා කතා කලෙමු. 

ඥාතීන් ගේ නිවෙස් වලට ගිය විට ඔවුන් සමග කතාවට වැටී ඔවුන් ගේ භාෂා විලාශය ඇසීමට මම ප්‍රිය කලෙමි. පාසල් යන කාලයේ අපි නිවසේදී සමහර විට ඔවුන් කතා කරන අන්දමට කතා කොට විනෝදයක් ද ලැබුවෙමු.  

වරක් පාසල් නිවාඩුවට උඩරට පලාතේ ඤාතිවරයෙකුගේ නිවසට ගිය විට අපට ඔවුන් කතා කරන අන්දම අමුතු අත්දැකීමක් විය​. " මල්ලී එන්ට අර බලන්ට , ඔය කැලෑ වල රිංගන්ට එපා , ඕවැයි සරපයි ඉන්ට පුළුවනි " යනාදි වශයෙන් "ට " ශබ්දය නිතර අසන්නට ලැබුනේය​. 

කොලඹ යුද හමුදා රෝහලේ සේවය කල කාලයේදී වරක් සොල්දාදුවෙකු ඔහුට සිදුවූ  අසාධාරණයක් මට කීවේ මෙසේය​. 

" සර් මම ලිබර්ටි එකේ එන්ට හදන කොට සාජන් මාව නවත්තලා කිව්ව  පෙරේඩ් ග්‍රවුන්ඩ් එකට යන්ටයි කියලා. එතෙනට ගිහිල්ලා ලෙප්ටිනන්ට් xxxx සර්ට කතා කරන්ටැයි කිවා. මම පෙරේඩ් ග්‍රවුන්ඩ් එකට ගිහින් ලෙප්ටිනන්ට් xxxx සර්ට කතා කරන්ට හදන කොටම සර් කීවා උඹට ලීව් යන්ට බෑ ලීව් කැන්සල් කියලා. බලන්ට සර් මේ දෙවෙනි වතාව.  මම ගමේ යන්ට හිටියේ " 

උක්ත ලුතිනන්වරයාට මම දුරකථනයෙන් කතා කොට සොල්දාදුවාගේ ගැටළුව නිරාකරණය කොට දුන්නෙමි. ඉන් පසුව  කවියක් ගායනා කරන තාලයට සිංහල කතා කරන මෙම සොල්දාදුවාගේ ගම් පළාත ගැන ඇසුවෙමි. ඔහු කාව්‍ය ස්වරයෙන් කතා කරමින් ඔහුගේ තොරතුරු කීවේය. ​ඔහු සෑම ක්‍රියාපදයක්ම අවසන් කලේ "ට" ශබ්දය නගමිනි. 

 " හරි දැන් ප්‍රශ්නේ විසඳුනානේ. එහෙනං කෑම්ප් එකට ගිහිල්ලා ලීව් අරගෙන ගමේ යන්ට " මම සොල්දාදුවාට යාමට අනුමැතිය දෙමින් කීවෙමි. 

ඔහු මට සැලියුට් එකක් ගසා පිට විය​. 

42 ulasan:

  1. රුවන්,

    ඉන්ට නෙට් එක සොයා ගත්තෙත් නුවර පළාතේ අයෙක්ලු නේද.
    (සිරාවට ගන්ට එපා, පොඩි පහේ විහිළු කතාවක් මම අහල තියෙනවා)

    BalasPadam
    Balasan
    1. ඉන්ට නෙට් එක දාන්ට, අපේ ගෙදර දෛනික කාර්යයක්.

      Padam
    2. ඉන්ට බලලා කියන්නම්

      Padam
  2. නෝ ශබ්දය දාලා කතකර්නවා සමහර පළාත් වල

    BalasPadam
    Balasan
    1. උදාහරණයක් දෙන්න බැරිද ?

      Padam
    2. 'නව' කියල ඉවරවෙන වචන වලට තමයි නෝ දාන්නෙ. කරනව = කරනෝ

      Padam
    3. එහෙමම නෙමෙයි නො? දැං එයැයි කියනවා නො උදාහරණයක් ඔනෙ කියාල.එතකොට ප්‍රදේශෙන් ප්‍රදේශෙට 'නො' කියන එකත් වෙනස් වෙන බව කියන්න ඕන නො.

      Padam
  3. මගෙත් මාරස්සන යාලුවෙක් හැමදාම කොළඹදි බස් හිටවනවා. හැක්

    BalasPadam
    Balasan
    1. අපේ මාමා කෙකෙකුත් බස් හි ්ටව්වා

      Padam
  4. පොඩි කුමාරිහාමි බ්ලොග් එක මතක් වුනා

    BalasPadam
  5. වෙනස්ම තාලයකට කතා කරන බ්ලොග් පකීර් කෙනෙක් ඉන්නවා. සුද්ද සිංහලෙන් කතා කරන්නේ

    BalasPadam
    Balasan
    1. සුද්ද සිංහලෙන්, ඒ කියන්නනේ හෙළුවෙන් වනන්ටත් ඉතින් හෙළ බස ගැන හොඳ අවබෝධයක් තියෙන්ට එපාය.
      මේක ලියල තියෙන්නේ '//​ඔහු සෑම ක්‍රියාපදයක්ම අවසන් කලේ "ට" ශබ්දය නගමිනි//' ගැනනේ.
      නිකන් යන්ට මෙයා යන්ට. මෙතන ආව පකීර්ලගේ කතා කියන්ට.

      Padam
    2. සුද්ද සිංහලෙන්, ඒ කියන්නනේ හෙළුවෙන් ha ha ha

      Padam
  6. මගේ බිරින්දෑගේ දකුණෙ ඤාතීන් එක්ක මටත් ඔය වගේ අපූරු අත්දැකීම් තියෙනවා
    බිත්ති දිගේ හින්නෝ දුවනවා
    අකමැති කෑම අපුලයි කියනවා
    ඔය වගේ වචන කෝටියයි

    BalasPadam
    Balasan
    1. හින්නෝ කියන්නේ කූඹීන්ට

      Padam
    2. අපේ එකෙක්ට මාතර දි බෝඩිමේ ඇන්ටි කියල තියනවා
      'පුතා ඔය තැටියෙ කැවුම් කන්න හින්නො වහයි' කියලා..
      මූ කියලනෙ
      'නෑ ඇන්ටි මම ජනෙල් වහල තියෙන්නෙ' කියලා..
      හින්නො කියන්නෙ වවුල්ලු වගේ ජාතියක් කියලයි මිනිහ හිතල තියෙන්නෙ

      Padam
    3. හින්නො කියන්නෙ වවුල්ලු වගේ ජාතියක් කියලයි මිනිහ හිතල තියෙන්නෙ/////////// elama ela

      Padam
  7. ඇයි, පොඩ්ඩි හෙන ෆේමස්නේ යන්ට එන්ට...දැන්නම් කොහෙ ගිහින්ද මංදා...

    BalasPadam
    Balasan
    1. ඇත්තටම ඒ බ්ලොග් එක කෝ දැන්

      Padam
  8. අඹ බයන්න දන්නවද ඇහුවම කිව්වලු, අඹ බයන්න නම් දන්නැ, ඒත් පොල් ඔයන්න නම් දන්නවා කියලා...

    BalasPadam
    Balasan
    1. ඔකේ අනික් පැත්ත නේද සිද්ධිය ??

      Padam
    2. //ඔකේ අනික් පැත්ත නේද සිද්ධිය ??//
      හැක්.. හැක්..

      Padam
  9. මමත් ඔය වැඩේට හරි ආසයි.. වයිෆ් කියන ඔය වගේ වචන වලට එයාව බයිට් කර කර හිටපු මටත් දැන් ඒ පළාතේ විදියට වචන කියවෙනවා.. හෙහ් හෙහ්...

    BalasPadam
  10. ඇයි අර මොනවහරි කියුවහම ,,,ඒඒ,,,කියන එක

    BalasPadam
  11. ඇයි අර මොනවහරි කියුවහම ,,,ඒඒ,,,කියන එක

    BalasPadam
  12. මක්කයි, මල්ලේ පුවක්යැ...??

    BalasPadam
    Balasan
    1. ඔහේ මක්කයි මේ දොඩන්නේ.
      අපි ඇහැක් විධියට කන ඇඳපු කොල්ලෝ හරිය.

      Padam
    2. දොඩං බැරි නම් ජමනාරං

      Padam
  13. මේ තේ එක බීල ඉන්ට. මගෙ දෙයියො නිදාගන්ට... කියලත් නොකියනවා නෙමෙයිනෙ.
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. තේ දෙන්නෙ නිදි මරන්ට. නින්ද යන්ට නෙවෙයි නේද?

      Padam
  14. නුවර අය කතා කොරන විදිය නේ... ඔහේට හම්බ වෙලා නැතෙයි බටපොල කෙනෙක්.. කතා කරන මෙලෝ දානයක් තේරෙන්නේ නෑ.. පට්ට ස්පීඩ් කතා කරන්නේ.. ඔය බටපොල ඇන්ටෙනා හදන්නෙත් එහේ..

    BalasPadam
    Balasan
    1. මම බටපොල ගිහිල්ලා තියනවා ; සුනංගු වෙනවා / දියඹ යනවා කියලා භාවිතා කරනව නේද ?

      Padam
    2. ඒ ඇල්පිටිය පිටිගල උන් බන්,බටපොල අම්බලන්ගොඩ,හික්කඩුව ගල්ල,බද්දෙගම එහෙම නෑ.මාතර ඇරුනාම දකුනේ නියමටම කතා කරන්නේ,කරන්දෙණිය රජ්ගම අය.ලියන කොටත් හිනා යනවා..

      Padam
  15. නියමෙටම කතා කරන්නේ ඇල්පිටිය පැත්තේ අය , අන්තිම ටික ඇදල

    BalasPadam
  16. "නංගි මක්කැයි දොඩන් නැත්තෙ?"

    "මේ අවාරෙ කොහෙද අයියා දොඩං?"

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook