Ahad, 7 Ogos 2016

අස්වාභාවික චර්‍යාවන් සහ කර්මය හා ක්ලේෂ




සමාජ විද්‍යාඥයකු, මානවවිද්‍යා පර්‍යේෂකයකු වූ මහාචාර්‍ය නන්දසේන රත්නපාල මහතා විවිධ පුද්ගලයන් ගේ අස්වාභාවික චර්‍යාවන් පිළිබඳව සවිස්තරව ලියා තිබේ. එහෙත් මේ චර්‍යාවන් ගේ මූලයන් ගැන මහාචාර්‍ය   රත්නපාල  දීර්ඝ වශයෙන් කරුණු දක්වා නොමැත්තේ  මස්තිෂ්කය සහ ඒ හා බැඳුණු ජීව රසායණික ක්‍රියාදාමය පිළිබඳ එතුමා අධ්‍යනය නොහල නිසා විය හැකිය​.  

සමහර අසාමාන්‍ය චර්‍යා සඳහා මූලය පෙර කර්මය ලෙසට එතුමා පෙන්වා දෙයි. එය තවමත් විද්‍යාත්මකව පෙන්වා දිය හැකිද කියා මම නොදනිමි. මෑතකදී ආචාර්‍ය එච්. එස් එස් නිස්සංක මහතා විසින් ලියන ලද බෞද්ධ මනෝ ප්‍රතිකාරය පිළිබඳව පොතක් කියවීමට ලැබුනි. මේ පොතේ අසාමාන්‍ය චර්‍යාවන් සඳහා හේතු ලෙස ආචාර්‍ය එච්. එස් එස් නිස්සංක සඳහන් කරන්නේ ක්ලේෂයන් ය​. 

කර්මයන් හෝ ක්ලේෂයන් අසාමාන්‍ය චර්‍යා සඳහා හේතු කාරක වන බව  බටහිර මනෝ විද්‍යාව පවසන්නේ නැත​. ඒ සඳහා මස්තිෂ්ක රසායණිකයන් ගේ අව ක්‍රියාකාරීත්වය ඔවුන් පර්‍යේෂණාත්මකව පෙන්වා දෙති. 

අසාමාන්‍ය චර්‍යාවන් පෙන්වන ලද රෝගීන් කිහිප දෙනෙකු මගේ මතකයට නැගේ. ඉන් එක් අයෙකු සොල්දාදුවෙකි. යුද හමුදා රෝහලේ මට හමුවූ මෙම රෝගියා මුලදී ව්‍යාජව රෝග ලක්‍ෂණ පෙන්වන බව වෛද්‍ය නීල් ප්‍රනාන්දුත් මමත් සිතුවෙමු. එම නිසා මොහුව රෝහලේ නවතාගෙන අප ඔහුව අධ්‍යනය කලෙමු. 

කල් යාමේදී මට පෙනී ගියේ මේ රෝගියා අසාමාන්‍ය හැසිරීම් පෙන්වන බවයි. වරක් ඔහු වෙනත්  රෝගියෙකුගේ කකුලේ තුවාලයකින් ඉවත් කරන ලද සැරව අඩංගු වූ මණ්ඩාවක් පානය කලේය​. මෙය ඉතා පිළිකුල් උපදවන කටයුත්තක් වූ අතර ඔහු ඒ ගැන වෙනසක් පෙන්වූයේ නැත​. එසේම ඔහු එම ක්‍රියාව කලේ මන්ද කියා හේතුව වත් ඔහුට කියනු නොහැකි විය​. පසුව මෙම රෝගියා භින්නෝන්මාදයෙන් පෙලෙන බවට විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා රෝග නිර්ණය කලේය​. ප්‍රති මනෝව්‍යාධික ඖෂධයක් වූ රෙස්පෙරිඩෝන් ඖෂධය ආරම්භ කිරීමෙන් පසුව ඔහුගේ අසාමාන්‍ය චර්‍යාව නිශේධනය විය​. 

කර්මයන් හෝ ක්ලේෂයන්  සංකල්පය මම සහමුලින් ප්‍රතික්ශේප නොකරමි. එහෙත් මගේ ගැටළුව වූයේ කර්මයන් හෝ ක්ලේෂයන් නිසා උක්ත සොල්දාදුවාගේ අසාමාන්‍ය චර්‍යාව හට ගත්තේ නම් එය ප්‍රති මනෝව්‍යාධික ඖෂධයක් වූ රෙස්පෙරිඩෝන් ඖෂධය මගින් නිශේධනය වූයේ කෙසේද ?යන්නයි. 

71 කැරැල්ල සමයේ මෙවැනි අන්දමේ සැකකරුවෙකු ගැන වාර්තා වේ. ඔහු ඇඳිරි නීතිය දමා තිබූ අවස්ථාවකදී පාරේ යමින් සිටියදී පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබුනි. අනෙකුත් කැරලිකරුවන් සමග රඳවා සිටි ඔහු පිලිබඳව කිසිදු තොරතුරක් , නමක් ගමක් නොවූයෙන් හෙතෙම චේගු කියා හඳුන්වන ලදි. 

සමහර අවස්ථා වලදී චේගු වැසිකිලියට වැද අසූචි අනුභව කරණු කැරලිකරුවන් දැක තිබේ. මෙසේ අසාමාන්‍ය චර්‍යාවන් පෙන්වූ චේගු පොලිස් නිලධාරීන් ගේ ප්‍රශ්න කිරීම් වලටද යොමු විය​. එහෙත් ඔහුගෙන් යමක් දැන ගැනීමට නිලධාරීන් අපොහොසත් විය​. මේ නිසා අසූචි කන චේගු තදයෙකු ලෙසට සමහර පොලිස්කාරයන් සැලකූහ​. එහෙත් අවසානයේදී චේගුට සිදු වූයේ කුමක් ද කියා සඳහන් නොවේ. චේගු භින්නෝන්මාදයෙන් පෙළුණු බවට විශ්වාස කිරීමේ සාධක තිබේ. 



41 ulasan:

  1. රෙස්පෙරිඩෝන් ඩිප්‍රෙෂන් වලටත් දෙනවා නේද ?

    සමහර පුරුදුවලට කර්මය හා ක්ලේෂයන් මුල් වෙන්න පුළුවන් කියලා මටත් හිතෙනවා.. එවැනි චර්යාවන් බෙහෙත් මගින් හොඳවෙයි කියලා හිතන්න අමාරුයි.. සමහර විට ඒ සොල්දාදුවට තියෙන්න ඇත්තෙ මනස හා සම්බන්ධ වෙනත් ව්‍යාදියක්...

    BalasPadam
    Balasan
    1. රෙස්පෙරිඩෝන් ඩිප්‍රෙෂන් වලටත් දෙනවා නේද ?///// psychotic depression වලට අගෙයි

      Padam
  2. //උක්ත සොල්දාදුවාගේ අසාමාන්‍ය චර්‍යාව හට ගත්තේ නම් එය ප්‍රති මනෝව්‍යාධික ඖෂධයක් වූ රෙස්පෙරිඩෝන් ඖෂධය මගින් නිශේධනය වූයේ කෙසේද ?යන්නයි. //

    එය වෛද්‍ය ප්‍රතිකාර මඟින් නිශේධනය වීමට අවස්ථාවක් ලැබුණේ කරන ලද කර්මය බරපතල බවින් අඩු නිසා වෙන්න ඇති.

    BalasPadam
    Balasan
    1. එය වෛද්‍ය ප්‍රතිකාර මඟින් නිශේධනය වීමට අවස්ථාවක් ලැබුණේ කරන ලද කර්මය බරපතල බවින් අඩු නිසා වෙන්න ඇති.///// මම ඒ ගැන ක්ලූලස්

      Padam
  3. පලමුවෙන්ම කිසියම් දෙයක් වන්නේ කර්මය නිසාමදැයි සාමාන්‍ය පුද්ගලයෙකුට කිව හැකිද?

    දෙවනුව, කර්මය මේ ජීවිත කාලයේදීම පල දිය යුතුද?

    BalasPadam
    Balasan
    1. නොදනිමි ; නොදන්නා විෂයන් ගැන කතා නොකරමි

      Padam
  4. 1988 දී බදුල්ල දිස්ත්‍රික්කයට අයත් කඳවුරක සිටි කපිතන් වරයකු සම්බන්ධ සිද්ධියක් මට වාර්තා වුණා. එම නිලධාරියා හිටිහැටියේ එක් දිනක, එම කඳවුරේ සිටි බල්ලන් වඩාගෙන ඉඹින්න පටන් ගත්තා. අවම වශයෙන් බල්ලන් හතර දෙනෙකුවත් ඔහුව සපා කෑවා. නමුත් ඔහුට ඒ බවක් දැනුනේ නැහැ. ඊළඟට ඔහු සරමක් ඇඳගෙන මහපාරට දිව්වා. පාරේ යන මිනිසුන්ට වඳිමින් මහ හඬින් හඬන්න පටන්ගත්තා. වහාම ඔහුව රෝහල් ගතකල අතර, පසුව මානසික රෝහලෙන්ද ප්‍රතිකාර ලබා සාමාන්‍ය තත්වයට පත්වුනා. ඔහු පසු කාලයේදී කිසිදු දීමනාවක් නොලබා හමුදාවෙන් අස්වුණා. (ඔහුගේ පවුලේ අය සුප්‍රසිද්ධ ව්‍යාපාරයක සාමාජිකයන් නිසා, ඔහුට මුදල් වලින් කිසි අඩුවක් අදටත් නැහැ) අද ඔහු තම පවුලෙන් වෙන්වී වැඩිහිටි නිවාසයක ජීවත් වෙනවා. ඔහුගේ බිරිඳ හෝ දරුවන් ඔහුව බලන්නට යන්නේ නැහැ. ඔහු දුක්ඛිත මරණයකට පත්වේයැයි සිතනවා. ඔහු කිසිම දිනක කිසිදු පුද්ගලයකුට නියපිටින් පහරක් ගසා නැහැ. යුද්ධයට මුහුණ දෙන්න කලින් ඔහුට මෙහෙම වුනේ, යුද්ධය ගැන ඔහුගේ සිතතුළ කම්පනයක් ඇතිවීම නිසා යයි හිතනවා.

    BalasPadam
    Balasan
    1. යම් කිසි කම්පන තත්වයක් නිසා ඔහු තුල භිනෝන්මාදය වර්ධනය වෙලා තිබෙන බව පේනවා. මුල් කාලයේ බෙහෙත් මගින් රෝග වර්ධනය අඩු කර ගැනීමට තිබුනා. නමුත් කල් යාමේදී භිනෝන්මාදය නිසා මොලයේ රසායනිකයන් බරපතල ලෙස වෙනස් වෙනවා . එම නිසා දැන් ඔහුට බෙහෙත් දුන්නද දුර්විපාක අඩු කර ගැනීම අපහසුයි.

      Padam
  5. මේ මගේ පුද්ගලික මතය...බුදු දහම අනුව අපි නිර්මාණය වෙලා තියෙන්නේ මේ පංචස්කන්ධය තුලට "මම" කියන කෙලෙස් සිත බැස ගැනීමෙන්...මේ කෙලෙස් අපි කල්ප ගණනාවක් පුරා ඉපිදෙමින් මැරෙමින් එකතු කරගන්න දේවල්...එහෙමත් නැතිනම් අල්ලා ගැනීම්...අපි රුපයක් දැක්කම ඒකට නමක් දෙනවා, තාත්තා කියල හිතමු...තාත්තා මිය ගියත් අපි හිතෙන් ඒ රූපේ මවා ගෙන දුක් වෙනවා...එතන ඇත්තටම තාත්තා නැහැ..තියෙන්නේ අල්ලා ගත්තු හිතිවිලි ටිකක් විතරයි...හැම මනුස්සයෙක්ම පංචස්කන්ධයක් විතරයි...අපේ හිතිවිලි වලින් තමයි ඒවාට නම් දීල ඒවා එක්ක ගැටෙන්නේ...කෙනෙක් එක්ක අපි කේන්ති ගන්නවා නම්, අපි ඇත්තටම හිතුවොත්, අපි කේන්ති ගන්නේ සම් මස් ඇට නහර ගොඩක් එක්ක...අපි ඒ කෙනාව හිතින් අල්ලා ගෙන, එයාට පුද්ගල නාමයක් දීල තියන නිසා තමයි, අපි එයා වෙනුවෙන් හැඟීම් ඇති කරගන්නේ...ඒ කේන්තිය එන වෙලාවට, අපි ඒ පුද්ගල නාම සියල්ලම අත හැරලා අපි මේ ගැටෙන්නේ පංචස්කන්ධයක් එක්කය කියල හිතුවොත්, අපිට ඒ හැඟීම් එවෙලේම නුවනින් වටහා නැති කරලා දාන්න පුළුවන්...බුදු දහමේ විදර්ශනාව කියන්නේ ඕකට...ඔබ මේවා දන්නවා ඇති බොහෝ විට...

    මේ වගේ අවස්ථා වලදී සිදු වන කෙලෙස් හෝ අල්ලා ගැනීම් නිසා ඇතිවන සංකීර්ණ මනෝ භාවයන් තමයි වෛද්‍ය විද්‍යාවේදී මානසික ගැටළු විදියට අපි හඳුන්වන්නේ...ඔබ මනෝ වෛද්‍ය ප්‍රතිකාරයක් කරද්දී වෙන්නේ ඒ කෙනාගේ සිතුවිළි ලිහිල් කරන එක..එහෙම නැත්නම් අර අල්ලාගෙන ඉන්න කෙලෙස් මුල් ගලවන එක...ඒවා මොළයට රසායනික ක්‍රියා පාලනය කරන ඖශධයක් මගින් සිදු කරනවා වෙන්න පුළුවන්....නමුත් අවසානයේ සිදු වන්නේ, ඒ තැනැත්තා තමන් අල්ලාගෙන සිටින යම් කෙලෙස් බැම්මක් අත්හැරලා දාන එක..එහෙම කරගන්න බැරි තරම් කෙලෙස් බැමි වලින් බැඳිලා ඉන්නවා නම්, කර්මානුකුලව පෙර කරපු අකුසල් නිසා, අර විචාරක තුමා උඩින් සඳහන් කරලා තියනවා වගේ වෛද්‍ය වරු කොයි තරම් උත්සාහ කරත්, ඒ කෙනා ඒ අල්ලා ගැනීම් එක්කම තමන්ගේ ඊළඟ භවය සකස් කරගන්නවා...

    සරලවම කියනවා නම් සියල්ලටම මුල් වෙන්නේ හිතයි...

    BalasPadam
    Balasan
    1. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

      Padam
    2. මැරුණම ආයෙත් ඉපදෙනවා කියා ඔප්පු කරන්නේ කොහොමද ?

      Padam
  6. ජේවීපීයෙන් අස්වුණු සමහර ජේවීපීකාරයින් නම් ම.රා. තුරුළට ගොස් අසූචි කෑ බව නඩුවලින් හෙළි වෙනවා.

    BalasPadam
    Balasan
    1. මේ වෙන අසූචි එකක්

      Padam
    2. විද්වත් කතා බහක් මැදට පැන අනවශ්‍ය දේවල් කියා (හීනමානය නිසාදෝ) කතන්දර කාරයත් අසුචි වලක ජීවත් වන බව පෙන්වනවා !

      Padam
    3. ජේවීපීයේ දැන් ඉන්න එවුණුත් ටික කලකට කලින් යූඇන්පී අසූචි අනුභව කලබව රටම දන්න රහසක්.

      Padam
    4. මෙහිදී රසිකලොජිස්ට් සමග එකඟයි. බූරුවංස වැනි මරාගේ හොර කල්ලියේ පාදඩයන්ට නිසි පිලිතුරක් දී තිබෙනවා. "අසූචි කෑ එවුන්". කෙසේ නමුත් ඔයවැනි තවත් අසූචි කන කාලකණ්ණින් පිරිසක් මා දැක තිබේනවා ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන සමයේ.

      ඔස්ට්‍රේලියාවේ සිටින බොහෝ ලාංකික සංක්‍රමණිකයන් ජීවත් වන ස්ථානය කොතරම් වෙනස් වුණත් කන්නේ ශ්‍රී ලාංකික කෑම, බොහෝ විට ආශ්‍රය කරන්නේ අවට ජීවත්වන ශ්‍රී ලාංකිකයයන්, නටන්නේ සිංහල සිංදුවලට. ඔවුන් බොහෝ විට එකතුවී කථා කරන්නේ ලංකාවේ වැරදි. (අනිත් ඒව අතපසු උනත් ඕකනං වරද්දන්නෙම නෑ.. ඉන්නත් බැරි යන්නත් බැරි ඩෑල් - ඉන්නෙ ඔසීවල හැටියට බොහොම අඩු තුට්ටු දෙකේ පඩියට යාන්තම් ශේප් වෙවී ලංකාවෙන් පිනට නොමිලේ ලැබිච්චි උපාධි කොල කෑලිවල පිනට; ගියොත් ලංකාවේ ජොබක් හොයාගන්න හැකියාවක් නැතිකමත් ලංකාවෙ උන්ට දී ඇති කෝටියක් පොරටෝක් නිසා අම්බානට කිච වීමත් ෂුවර්) කොටින්ම බ්ලොග් ලියනවනම් ඒක ලියන්නෙත් තමන් ඉන්න රටේ බාසාවෙන් නෙවෙයි, සින්හලෙන් ! මුන් නම් අම්මප අමුවෙන් සුද්දගෙ අසූචි කන වෙන්ඩ පොශ් බොරු කලු සුද්දො, හැබැයි සුද්දො මුන්ව පඩේකට ගණන් ගන්නෙ නැති එක නිසා මුන් ඉන්නෙ පුදුම වෛරෙකින්. හැබැයි ලංකාවෙ ඉන්න උන්ට බොරුවට බයිල ගහනව සුද්දො මුන්ව වැඳල පිළිගත්ත ගානට.

      Padam
    5. ඉන්දියානු, චීන​, ඉරාන​, රුසියානු, යනාදී සියලුම ඩයස්පෝරාවල මිනිසුන් තුල ඔය තත්වය තිබෙන බව මා විසින් නිරීක්‍ෂණය කොට තිබෙනවා. එය මිනිස් ස්වභාවයක්

      Padam
  7. අපේ පැත්තේ හිටියා ටොක්කා කියලා පොරක්. මිනිහ පාරේ යන පොඩි උන් අල්ලගෙන ටොකු අනිනවා. අපි පොඩි කාලේ අපිට පාරේ යන්න බෑ. පස්සේ පොඩි උන්ටික මිනිහව අල්ලගෙන පාරෙදි සරම කැඩුවා. ඒත් ටොකු ඇනිල්ල නතර උනේ නෑ.

    BalasPadam
  8. නන්දසේන රතනපාල මහතා සියල්ල කර්මයටම පැවරීම බෞද්ධ දර්ශනයටත් එකඟ නැති බවයි පෙනෙන්නෙ.ලංකාදීපෙ යන මේ භවයේදීම පලදෙන කර්ම කියන ලිපිපෙලත් එහෙමයි. ලංකාදීප ලිපිවලට අනුවනම් මෙලොව තියන ලොකුම පව අපරාධය හරක් මැරීමයි. ඒක එහෙමනම් දවසට හරක් දහස් ගනනින් මරන කොම්පැනි අයිතිකාරයන්ට හෙනයක් වත් නෑනෙ. ඇත්ත හේතුව ගම්වල හරක් පන්නන අය කොහොමත් හැබිචෝල් පිරිසක්.ඔවුන්ගේ අපගාමී ජීවන රටාව නිසයි ඔය ප්‍රශ්න. එහෙම නැතිව කර්මය නොවෙයි. මේ කියන කර්ම වාදය ජෛන සංකල්පයක් බවයි පෙනෙන්නෙ.

    නන්දසේන මහතාගේ සමහර සොයාගැනීම් සත්‍යමද කියා සැක ඇතිවන තරමටම විශ්මයජනකයි.නමුත් සියල්ල කර්මයට බාරදී දෙවන පන්තියේ ධර්ම දේශනයකින් සිය විශ්ලේශනය අවසන් කිරීමනම් කනගාටුදායකයි.

    ඖෂධ මගින් කර්ම වෙනස් කල හැකිනම් එහි ඇති වැඩක් නෑ.මට සිතෙන්නෙ මේ අසාම්මාන්‍ය හැඟීම් වලට හේතුව මොළයේ රෝගී තත්වයන්. එය භෞතික කාරනයක්. මෙයට කර්මය පැටලවීමෙන් හානිවන්නේ කර්මයටමයි.

    මා කුඩා කල විදුසරේ තිබී කියවූ ලිපියක් තදින්ම සිතේ ඇදුන. එහි හෙඩිම ඊස් එව්‍රිබොඩි ක්‍රේසි යන්නයි ( ලිපිය සිංහලෙන් තිබුනෙ .ඇත්තටම එය ඉංග්‍රීසි පාඩමක කොටසක් ). එහි තිබුනෙ එක්වරම ආහාර ද්‍රව්‍ය ගැන උනන්දු වූ මොළයේ තුවාලයක් වූ අයෙක් ගැන. වෛද්‍යැවරයා ඔහුගෙ මොළයේ තුවාලයට ප්‍රතිකාර කරන අතරෙම ඔහුට පුවත්පත් වලට ලියන්නත් අවසර දීල. ඔහු රෝහලෙන් පිට වුනේ ආහාර පිළිබද ජනප්‍රිය තීරු ලිපි රචකයෙක් ලෙස .
    මේ අනුව භින්නෝන්මාද තත්වයට අසාධ්‍ය නොවුනත් මානසික වශයෙන් අවුල් ඇති එය සමාජ සම්මානයත් පාත්‍රවන අවස්ථා තිබෙනවා නේද.කලා සහ ලේඛන ක්ශේත්‍රයේ විශේෂයි.
    හොද පපුවක් සහිත හිතහොද චන්ඩින් පෞර්ෂ අක්‍රමතා ඇති අය වීමට ඉඩ ඇති සේ..

    හෙලන් ෆිෂර් මහත්මිය කල පර්යේශවලින් සැබෑ ප්‍රේමවන්තයන්ගේ මොළයේ රසායනික වෙනස්වීම් Obsessive Compulsive Disorder රෝගීන්ගේ මොළයේ රසායනික වෙනස්වීම් වලට සමාන බව සොයාගෙන තිබෙනවා නේද.

    මට මේ කාරනා වලින් පෙනෙන්නෙ සිත යනු භෞතික දෙයක් බවත් මනෝ වෛද්‍යවිද්‍යාත්මක දැණුම අඩු අතීතයේ ඒ ගැන විවිධ දාර්ශනික කියවීම් වලින් සෑහීමට පත්වීමට මිනිසාට සිදුවී ඇති බවකුයි. එසේම එම දර්ශනයන් ආගම් බවට පරිනාමය වූ බවත් සිතනවා.

    BalasPadam
    Balasan
    1. ලංකාදීප ලිපිවලට අනුවනම් මෙලොව තියන ලොකුම පව අපරාධය හරක් මැරීමයි. ඒක එහෙමනම් දවසට හරක් දහස් ගනනින් මරන කොම්පැනි අයිතිකාරයන්ට හෙනයක් වත් නෑනෙ. ඇත්ත හේතුව ගම්වල හරක් පන්නන අය කොහොමත් හැබිචෝල් පිරිසක්.ඔවුන්ගේ අපගාමී ජීවන රටාව නිසයි ඔය ප්‍රශ්න. එහෙම නැතිව කර්මය නොවෙයි. මේ කියන කර්ම වාදය ජෛන සංකල්පයක් බවයි පෙනෙන්නෙ.//////////// +++++++

      Padam
  9. මනුශය ආත්මයක් ලැබීම යනු යහපත් උපතක්. එය තත්වයෙන් පහලම දිව්‍ය ලෝකය ලෙස සැලකිය හැකියි. එමනිසා සමහර දරුණු පාපකර්මවල විපාක ලැබීමට නම් මනුශ්‍ය භවයට වඩා පහත් භවයක් ලැබිය යුතුයි. හරක් දහස් ගනනින් මරන කොම්පැනි අයිතිකාරයන්ට හෙනයක් වත් නැත්තේ එමනිසා විය හැකියි.
    සුචරිත ගම්ලත් මහතාගේ ජීවිතය ආශයෙන් මෙය පැහැදිලි කල හැකියි.
    ඔහු සිංහල බෞද්ධයන්ට එරෙහි දෙමල ජාතිවාදී මිත්‍යාදෘෂ්ඨික බලවේග වෙනුවෙන් පෙනී සිටියා.
    ඔහුකල එම දරුණු අකුසලය නිසා ඔහුගේ කටට යෝදිය වත්කල යුතුයි. නමුත් එවැනි විපාකයක් ලැබීමට නම් ඔහු අපායට යායුතුයි. යම් හේතුවක් නිසා ඔහුගේ මුවට යෝදිය වත්කලේනම් එයින් ඔහු කෂණිකව මියයන නිසා ලැබෙන දුක අවසන් වෙනවා. ඔහුගේ මනුශ්‍ය ආත්මය නිසා එවැනි විපාකයක් ලැබිය නොහැකියි.
    එමනිසා ඔහුට මනුශ්‍යයෙක් ලෙස යෝදිය වෙනුවට මඤ්ඤොක්කා පත්‍ර යුශ බීමට සිදුවුනා

    BalasPadam
    Balasan
    1. සුචරිත ගම්ලත් යනු ඉතාම අප්‍රසන්න පුද්ගලයෙකු බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ ඔහුගේ අදහස් නිසා නොවෙයි.ඔහු වාද විවාද වලට සහභාගිවන ක්‍රමය සහ එහිදී පලකරන අසාධාරන අදහස් නිසයි.
      නමුත් මඤ්ඤොක්ක කොල බීම දඩුවමක් වෙන්නෙ කොහොමද. එය ඖෂධයක් ලෙසනෙ බිව්වෙ. එහෙමනම් කසාය බොන එකත් විපාක දීමක්නෙ.

      Padam
    2. හෙලිකොප්ටර් නැතුව කොහෙවත් යන්න බැරිව හිටිය අය පයින් සහ ජීප් වල පිටිපස්සෙ යනව වගේ

      Padam
  10. mage baba podi dewal hama thissema kate danawa.kiwwata ahanne na.(3.5 yrs)

    BalasPadam
  11. කර්ම විපාකයන් අචින්ත්‍යයි. එය බුද්ධ විෂයකි.

    BalasPadam
  12. mamath hondata Notice kra kathandarath comment karanne aswabawika widiata. mama pora hithagena wage

    BalasPadam
  13. Nandasena rathanaplayange paudgalika jeewithaya awul neda

    BalasPadam
  14. චේගු දේශපාලනයටම යන්න ඇති

    BalasPadam
  15. OMG!

    http://witscience.org/new-study-reveals-eating-feces-significantly-reduces-heart-attack-risk/

    BalasPadam
  16. කර්මය
    මේ කර්මය කියන කාරනය ගැන ලියනවානම් ටිකක් දිගට ලියන්න වෙනවා.
    මේ වගේ මනෝ ව්‍යාධික තත්වයක් කෙනෙකුට හට ගැනීම කර්මය නිසාම සිදුවිය හැකියි. ඒ කොහොමද කියනවානම්,
    http://nayanegesithuwili.blogspot.com/2016/08/blog-post_8.html

    මගේ පැහැදිලි කිරීම ප්‍රථිචාරයක් විදියට දිග වැඩි නිසා මෙලෙස පල කලා.
    ඉඩක් ඇත්නම් කියවා බලන්න

    BalasPadam
  17. කර්ම විපාක දීම සිදුවන්නේ බෞද්ධ ඉගැන්වීම් වලට අනුව නම් අද වන විට ඉහල ජීවන තත්වයක් ඇති කතෝලික ක්‍රිස්තියානි රටවල ඉපදී ඇත්තේ පෙර පින්කල බෞද්ධයන් වියයුතුයි නේද?

    BalasPadam
  18. කර්ම විපාක දීම සිදුවන්නේ බෞද්ධ ඉගැන්වීම් වලට අනුව නම් අද වන විට ඉහල ජීවන තත්වයක් ඇති කතෝලික ක්‍රිස්තියානි රටවල ඉපදී ඇත්තේ පෙර පින්කල බෞද්ධයන් වියයුතුයි නේද?

    BalasPadam
  19. රෙස්පෙරිඩොන් කර්මයට අයත් නො වන්නේ ද? රෝගියාගේ පුර්ව පුණ්‍ය කර්මයක් නිසා උක්ත ගැළපෙන ඔසුව ඔහුට ලැබුනේ ද ?
    මම නම් සිතන්නේ කර්ම විෂයය ගැන තර්කකිරීම අතහැරිය යුතු ය යන්නය්.උක්ත හේතු ඵල විෂයය ඉතා සංකීර්ණ ය. සිතුවිලි වාසලට ගෝචර නො වේ. මන් ද යත්, සිතුවිලිත් කර්මයේ කොටසක් නිසාය. ඒ නිසා, සිතුවිලි ඒකාන්තයෙන්ප ම ක්ෂපාතී වේ. එනම්, හැගීමකින් තොරව කිසිම සිතුවිල්ලක් ඇති නො වේ. තර්ක වනාහී ද්වේෂ සහගත සිතුවිලි ම වේ.
    ''වාද විවාද වලින් වළකින්න. වාද විවාද යතාර්ථය අවබෝධයට මහත් බාධාවකි''. කළහ විවාද සුත්‍රය,දුරජාණන්වහන්සේ

    BalasPadam
  20. රෙස්පෙරිඩොන් කර්මයට අයත් නො වන්නේ ද? රෝගියාගේ පුර්ව පුණ්‍ය කර්මයක් නිසා උක්ත ගැළපෙන ඔසුව ඔහුට ලැබුනේ ද ?

    මම නම් සිතන්නේ කර්ම විෂයය ගැන තර්ක කිරීම අතහැරිය යුතු ය යන්නය්. උක්ත හේතු ඵල විෂයය ඉතා සංකීර්ණ ය. සිතුවිලි වාසල මෙය ගෝචර නො වේ. මන් ද යත්, සිතුවිලිත් කර්මයේ කොටසක් නිසාය. ඒ නිසා, සිතුවිලි ඒකාන්තයෙන්ප ම පක්ෂපාතී වේ. එනම්, හැගීමකින් තොරව කිසිම සිතුවිල්ලක් ඇති නො වේ. තර්ක වනාහී ද්වේෂ සහගත සිතුවිලි ම වේ.
    මනෝ විශ්ලේෂණයෙන් නිසි ඵල නො ලැබීමට ඒකාන්ත හේතුව මෙයෙය්.

    ''වාද විවාද වලින් වළකින්න. වාද විවාද යතාර්ථය අවබෝධයට මහත් බාධාවකි''. කළහ විවාද සුත්‍රය,බුදුරජාණන්වහන්සේ

    BalasPadam

  21. එකම හේතුව නිසා විවිධ ඵල ඇතිවේ. එකම ඵලයට විවිධ හේතු ඇත. හුදු විශ්ලේෂණාත්මක ක්‍රමවේද කෙරෙහි සත්‍ය ගවේශකයෝ විශ්වාසය නොතබති.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook