Ahad, 28 Ogos 2016

සාහිත්‍ය සහ මනෝ විද්‍යාව පිලිබඳ පොතක්

වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින්, අතිවිශේෂ ගණයේ ලා සැලකිය හැකි ග්‍රන්ථයක් එළිදක්වා ඇති අතර, එමගින්, බටහිර සාහිත්‍ය ධාරාවේ, නිර්මාතෘ වරුන්ගේ සංකල්ප, මනෝ වෛද්‍ය චිකිත්සාව සමග, දාම සබඳතාවක් ඇති කරගනිමින්, බටහිර සම්භාව්‍ය සාහිත්‍යධරයන් (ක්ශේක්ස්පියර්, ඩන්ටේ,  ගතේ , ඔස්කාර් වයිල්ඩ් ) විසින්, සිය නිර්මාණයන් තුළ, මනෝ ව්‍යාධි පිළිබඳව සංකල්ප, අසාමාන්‍ය ලෙස ගැඹුරින් අවබෝධ කරගැනීමට හැකිවන සේ, සිත්තම් කර ඇති ආකාරය පැහැදිලි කරයි. එසේම මෙම කෘතිය තුළින්, ශ්‍රී ලාංකික සාහිත්‍යධරයන් වන, කුමාරතුංග මුනිදාස, මාර්ටින් වික්‍රමසිංහ, කේ.ජයතිලක, සයිමන් නවගත්තේගම, සහ මංජුල වෙඩිවර්ධන, සිය නිර්මාන කාර්යයේදී, මානව චර්යා ස්වභාවය පිළිබඳව මනෝවිද්‍යාත්මක සාධක ග්‍රහණය කරගැනීම අතින්, අද්විතීය වන බවද, පෙන්වා දෙයි. මෙම ග්‍රන්ථය, සායනික මනෝවිද්‍යාව සහ ඒ ආශ්‍රිත මානසික සෞඛ්‍යය පිලිබඳ අධ්‍යයනයේදී නිර්දිෂ්ඨ ග්‍රන්ථයක් විය යුතුයැයි සිතමි. 
  
මහාචාර්‍ය  මේරි සීමන්  
ටොරොන්ටෝ විශ්ව විද්‍යාලය  
කැනඩාව  

4 ulasan:

  1. Balasan
    1. meka pasukalayaka parivarthanaya karana hithagena innava

      Padam
    2. sahithyayata sambandha kara athi aakaraya kiyawanna aasayi. aththatama ape parani sahithyayeth me lakshanaya thibenawane.

      Padam
  2. Doctor please translate in sinhala language and Tamil language good for us

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook