වෛද්‍යවරයෙකු ලෙස මරණය අද්දර ජීවත් වූ මිනිසුන් සමග ගැවසීමට මට ඉඩක් ලැබුනේය. එය එක්තරා අන්දමකට ශෝකාතුර දෙයක් වූවද එමගින් විශාල ජිවිතාවබෝධයක් මෙන්ම ජීවිත යතාර්ථයක් පසක් කර ගැනීමට හැකි විය.
කළුබෝවිල - දකුණු කොලඹ ශික්ෂණ රෝහලේ කායික වෛද්‍ය එන් .ජේ නෝනිස් මහතාගේ වාට්ටුවේ සිටි රෝගියෙකු මට මතක් වේ. ඔහුගේ අක්මාවේ ක්‍රියාකාරිත්වය ක්‍රමක් ක්‍රමයෙන් ඇණ හිටීමේ තත්වයක් තිබූ අතර ඔහු කෙරෙන් විශාදියද දක්නට තිබුනේය. මා විසින් පරික්ෂා කරන විටදී මෙම රෝගියා මා අමතා "ඩොක්ටර් මට මැරෙන්න අවශ්‍යයි " කීවේය. ඉන් සතියකට පසු ඔහු මිය ගියේය. තමා මිය යමින් සිටින බව ඔහු දැන සිටියේය.
මම ශල්‍ය වෛද්‍ය එස්. පී වෙල්ගම මහතාගේ වාට්ටුවේ සේවය කරන කාලයේදී උගුරේ පිළිකාවකින් පීඩා විඳි රෝගියෙකු මහ රෑ නැගිට හෙදියකගෙන් පෑනක් සහ කොලයක් ඉල්ලාගෙන තම පවුලේ උදවියට අවසන් ලිපිය ලිව්වේය. " මම මැරෙනවා , මගේ මරණය ගැන දුක් වෙන්න එපා යන වාක්‍ය දෙක ලියා ඔහු ඇඳ මත මැරී වැටුනේය. පසුදින උදෑසන රෝගියා බැලීමට පැමිණි ඔහුගේ දියණියට අප එම ලිපිය පෙන්වූයෙමු. ඇය හඞා වැටුණාය.
නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය ජී. ඒ රණතුංග මහතා යටතේ සේවය කරන ලද කාලයේ වාට්ටුවේ සිටි ගැබිනි මවකගේ දිවේ පිළිකාවක් තිබුනේය. ඇයගේ දිවෙන් අඩක් කුණුවී වැටී තිබුණු අතර මුඛයෙන් හැමූ දුර්ගන්ධය වාට්ටුව පුරා පැතිරී තිබුනේය. වේදනාව නිසා ඇය කිව නොහැකි තරම් පීඩාවක් වින්දාය. ඇය ජීවිතය දරා සිටියේ කුස තුල සිටි ළදරුවා වෙනුවෙනි. දරුවා ප්‍රසූත කොට සති කීපයකට පසුව පිළිකාව විසින් ඇයගේ ජීවිතය ගිල ගන්නා ලදි.
උතුරු කොලඹ ශික්ෂණ රෝහලේදී සහ හලාවත රෝහලේ දැඩි සත්කාර ඒකක වල දිනපතා මියෙන මිනිසුන් මම දුටුවෙමි. මෙම දැඩි සත්කාර ඒකක වල දිගටම සේවය කල වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට මරණය යනු සාමාන්‍ය සංසිද්ධියක් බවට පත් වෙමින් තිබුනේය.
යුද හමුදා රෝහලේදී අන්ත්‍රයේ පිළිකාවකින් පීඩා විඳි බ්‍රිගේඩියර් කෙම්පිටිය මහතා උපදේශන මනෝ ප්‍රතිකාර සඳහා විශේෂඥ කායික වෛද්‍ය නිමල්කා ඒකනායක මහත්මිය විසින් මා වෙත යොමු කොට තිබුනාය. මාස අටකට වඩා අධික කාලයක් මම බ්‍රිගේඩියර් කෙම්පිටිය මහතා සමග ප්‍රතිකාරාත්මක සබැඳියාවක් පවත්වා ගත්තෙමි.
ඔහු දක්ෂ නිලධාරියෙකු විය. එසේම කෙම්පියා මෝටාර් වර්ගය නිපදවනු ලැබීය. තමන් පිලිකාවෙන් මිය යනු බව දැන සිටියද කෙම්පිටිය මහතා මරණයට බිය නොවීය. මේ පුරුෂයාගෙන් ජීවිතය සහ ජීවිතාවසානය පිලිබඳ බොහෝ දේවල් මම උගත්තෙමි. අවසාන කාලයේදී අප වෛද්‍යවරයා - රෝගියා සහසබඳතාවයෙන් ධනාත්මක ලෙස බැඳී සිටියෙමු. පිළිකාව නිසා ඔහු තුල තිබූ අධික වේදනාව යටපත් කර ගනිමින් ඔහු මා සමග සංවාදයේ යෙදුනේය. මගේ සමාගම ඔහුට ශාන්තියක් ගෙන දුන් බව නොයෙක් විට ඔහු කීවේය.
2006 වසරේ මම එක්සත් ජනපදයට යන විට මම ඔහුගෙන් සමු ගත්තෙමි. " ඔබ එන විට මම ජීවතුන් අතර නොසින්නට පුලුවන් " යැයි බ්‍රිගේඩියර් කෙම්පිටිය මට කීවේය. මසකට පසුව මම යලි එන විට ඔහු ජීවතුන් අතර සිටි මුත් ඔහුගේ තත්වය බරපතල වී සිටියේ දැඩි සත්කාර ඒකකයේ ය. මම බ්‍රිගේඩියර් කෙම්පිටිය බැලීමට දැඩි සත්කාර ඒකකයට ගියෙමි. බෙහෙතක් විද තිබූ නිසා ඔහු නිදාගෙන සිටි අතර මම ඔහුට බාදා නොකලෙමි.
පසුදින ඔහු මිය ගියේය. එහෙත් මම බ්‍රිගේඩියර් කෙම්පිටියගේ මරණ ගෙදර නොගියෙමි. අපගේ මාස අටක සැමරුම් සජීවීව තබා ගැනීමට මට අවශ්‍ය විය. අද දිනයේ වූවද ඔහු මගේ සිත තුල රැඳී සිටින්නේ මෘත ශරීරයක් ලෙස නොව. සජීව මිනිසෙකු ලෙසටය.එහෙත් මෙම හමුදා නිලධාරියා පිලිබඳව සැමරුම් සටහනක් ලියා එය ඩේලි නිවුස් පුවත් පතට මම යැව්වෙමි.
මරණය අද්දර ජීවත් වන මිනිසුන් මරණය අමතක කොට ජීවත් වන අප මෙන් නොව අත්‍යන්ත ජීවිත අවබෝධයකින් යුක්තය. ඔවුන් අපගේ ගුරුන් කොට සිතීම වරදක් නොවේ. මලවුන් මෙන් ඔවුනද අපට ජීවිතය ගැන බොහෝ දේවල් නිහඞව උගන්වති.
වෛද්‍ය රුවන් එම් ජයතුංග

විදේශ රටවල අදික වේදනාවන් වලින් පෙලෙන සමහර රෝගීන් ඔවුනට මියයන්නට අවශ්‍යයයි පවසමින් අධිකරණ නියෝගයක් ලබාගැනීමට උත්සහ දරන අවස්ථා මා පුවත්පත් වල දැක ඇත.
BalasPadam:) අපාය එවැනි තත්වයකට මුහුණ දීමට සූදානම්ද?
Padamයූතනේසියාව සමහර රටවල නීතිගතයි
Padamදැන් සමහර රටවල් තියෙනවා නේද මැරෙන්න කැමති නම් මරණයේ සුවය ලබා දෙන.. ඊශ්රායලයේත් දරුණු රෝගින්ට මේ සුවය ලබා දෙන බවට අපි ඉන්න කාලේ කතාවක් තිබුනා.. ඇත්තද බොරුද දන්නේ නෑ.. හැබයි කළුබෝවිල රෝහල වගේ ගියොත් ආයේ එන්නේ නැති වාට්ටුවක් නම් ප්‍රසිද්ධ වෙලා තිබුනා.. අපේ උන් නම් දාලා තිබුනේ ඒරියා 51 කියලා. නම දැම්මේ කව්ද කියලා හිතා ගන්න පුළුවන්නේ..
BalasPadamඒරියා 51 ///// OMG
PadamUlasan ini telah dialihkan keluar oleh pentadbir blog.
Padam@Anonymou Obsessive compulsive disorder (OCD)
Padamcommon areas of OCD related concerns covers the following sub categories:
Relationships.
Sexual Thoughts - Fear of
Magical Thinking - believing that
Religious - believing that
Violent Thoughts - fear of
Anonymous යම්කිසි මානසික රෝගයකින් පෙලෙන බව පෙනේ.
PadamUlasan ini telah dialihkan keluar oleh pentadbir blog.
PadamUlasan ini telah dialihkan keluar oleh pentadbir blog.
Padamකරුණාකර මාතලන්ට සහ රසිකට අපහාසාත්මක පෝස්ටු නොදමන්න ; ඒවා ඉවත් කරනු ලැබේ.
Padamමැරෙන්න ගිය මොහොතක දැන් ම බෑ කියා හිතුණොත් ආපසු හැරී එන්න පුළුවනි.
BalasPadamමේ අය දිගටම ගිහින්.
ඔව්
PadamUlasan ini telah dialihkan keluar oleh pentadbir blog.
BalasPadamකරුණාකර මාතලන්ට සහ රසිකට අපහාසාත්මක පෝස්ටු නොදමන්න ; ඒවා ඉවත් කරනු ලැබේ.
Padam'කෙම්පියා මෝටාර්' එකේ නිෂ්පාදන සම අයිතිය තිබෙන්නේ, බ්‍රිගේඩියර් කෙම්පිටිය සහ බ්‍රිගේඩියර් පියසෝමටයි.
BalasPadam(කෙම්පිටිය + පියසෝම = කෙම්පියා) ඔවුන් දෙදෙනා ලුතිතන් කර්නල් කාලයේදී හැදූ මේ මෝටාර් එක වැඩි දියුණු කරගන්න, කිසිම උදව්වක් ලැබුනේ නැහැ.
විවිධ රෝගී තත්වයන් නිසා දැඩි දුක්විඳ මියගිය, මගේ ඥාතීන් සහ හිතවතුන් ගැන, අදත් දැඩි සංවේදී සිතකින් යුක්තව සිහිපත් කරනවා.
ඔවුන් දෙදෙනා ලුතිතන් කර්නල් කාලයේදී හැදූ මේ මෝටාර් එක වැඩි දියුණු කරගන්න, කිසිම උදව්වක් ලැබුනේ නැහැ. { මගේ පවුද්ගලික මතය අනුව මෙය වැඩි දියුණු කිරීමට අවශ්‍ය නැත. මනුෂ්‍යවර්ගයාට යහපතක් වන දෙයක් දියුණු කිරීම පිණිස උදවු උපකාර දීමක් විනා මනුෂ්‍යා නැසීමට කරන නිෂ්පාදනයකට අනුග්‍රහය දැක්වීම මහත්වූ පාප කර්මයකි. }
Padamබොහොම හොඳයි. ඒ නිසා, අපිට යුද්ධය ජයගන්න ඉතා අධික මහජන මුදලක් වැයකර, පිටරටින් මෝටාර් අවි ගන්න සිදුවුනා. එහෙම හොඳයි නේද?
Padamඅවි නිෂ්පාදනය නැවැත්විය හැකිනම්, අපි ඔක්කොම අත් දෙකම උස්සලා ඡන්දය දෙනවා. නමුත් මතකතියාගන්න, නැවැත්විය යුත්තේ අවි නිෂ්පාදනය නෙවෙයි. මිනිසාගේ සිතේ පවතින සටන්කාරී හැඟීමයි. එවිට අවි නිෂ්පාදනය නිකම්ම නවතිනවා.
///නමුත් මතකතියාගන්න, නැවැත්විය යුත්තේ අවි නිෂ්පාදනය නෙවෙයි. මිනිසාගේ සිතේ පවතින සටන්කාරී හැඟීමයි. එවිට අවි නිෂ්පාදනය නිකම්ම නවතිනවා. ///
PadamWell said Wicharaka.
බ්‍රිගේඩියර් පියසෝම මට හමුවී තිබෙනවා
Padam//"ඇයගේ දිවෙන් අඩක් කුණුවී වැටී තිබුණු අතර මුඛයෙන් හැමූ දුර්ගන්ධය වාට්ටුව පුරා පැතිරී තිබුනේය. වේදනාව නිසා ඇය කිව නොහැකි තරම් පීඩාවක් වින්දාය. ඇය ජීවිතය දරා සිටියේ කුස තුල සිටි ළදරුවා වෙනුවෙනි. දරුවා ප්‍රසූත කොට සති කීපයකට පසුව පිළිකාව විසින් ඇයගේ ජීවිතය ගිල ගන්නා ලදි. "//
BalasPadamමෙතනින් එහාට කියවන්න් හිතුනෙත් නෑ .
Ulasan ini telah dialihkan keluar oleh pengarang.
Padamඑතනට ගිහිං තියනවා ලොක්කා, යතාර්තයට මුණදෙනවා කියන එක කමෙන්ට් වලින් කරන්න බෑ. තමන්ගේ කෙනෙකුට එහෙම දෙයක් වෙන්න ඕන යතාර්තයට මුහුණ දෙන හැටි තේරුම්ගන්න
Padam////"ඇයගේ දිවෙන් අඩක් කුණුවී වැටී තිබුණු අතර මුඛයෙන් හැමූ දුර්ගන්ධය වාට්ටුව පුරා පැතිරී තිබුනේය. //
Padamමටත් ඊයේ රෑ අඩ නින්දේ ඉන්නකොට වගේ ඔය කොටස මතකයට ආවා...ඇය මොන තරම් වේදනාවක් විඳින්න ඇතිද කියලා මට හරියට අවබෝධ වුනේ ඒ වෙලාවෙ...
@ඉවාන් පවුලූශා : එතනට ගිහිං තියනවා ලොක්කා, යතාර්තයට මුණදෙනවා කියන එක කමෙන්ට් වලින් කරන්න බෑ. තමන්ගේ කෙනෙකුට එහෙම දෙයක් වෙන්න ඕන යතාර්තයට මුහුණ දෙන හැටි තේරුම්ගන්න
Padam{ ඔව් මම එක සම්පුර්නයෙන්ම පිලිගනිමි. තුවාලය ඇති කෙනටලු එකේ වේදනාව. පිට ඉන්න අයට ඕනෑම දෙයක් දේශනා කරන්න පුළුවන් . එහි ජිවත් වෙන්නනට තමයි ඒකේ වේදනාව දැනෙන්නේ. මාගේ කොමෙන්ටුව නුසුදුසු බව හැඟී යනවා. නමුත් යථාර්තය අවබෝධකරගැනීම කවුන්සලින් වගේ දෙයකින් කරගන්න පුළුවන්. එකෙන් ලොකුම සහනයක් ලබා ගන්න පුළුවන් . ලංකාව වගේ රටවල කවුන්සලින් වලට යොමුවෙන පිරිස ඉතාමත් අඩුයි,.)
Ulasan ini telah dialihkan keluar oleh pentadbir blog.
Padamඇයව තවමත් මට මතකයි
Padamඇත්ත .සමහරු ඉතා සුන්දර විදියට මරණය බාර ගන්නවා මා . දන්නා දැරියක් පිළිකාවකින් පෙලුනා. ඇය බලන්ට යන හැම දෙනා සමඟම සතුටින් කතා කළා හැම දෙනාම සිතුවේ ඇය රෝගය ගැන නොදන්නා බව. නමුත් ඇය මිය ගිය පසු කාන්තා පුවත් පතක ඇය විසින් යවන ලද ලිපියක් පළ වුණා .එය ඇගේ නෑ හිතවතුන් අමතා ලියන ලද්දක් .ඇය තමා ඉක්මණින් මිය යන බව දැන සිටි බව හැම දෙනාම දැන ගත්තේ එවිටයි.
BalasPadamරෝගීන් ජීවිත දැණුමෙන් අනූනයි ටීච
Padamමනුස්සයෙක් මැරෙනව දැක්කෙ එක දවසයි. මම ඇක්සිඩන්ට් එකක් වෙලා අවිස්සාවේල්ල රෝහලේ හිටිය දවස් හත අටක්. ඒ වාට්ටුවෙම හිටිය ශිවා හරි ඒ වගේ නමක් තියන මනුස්සයෙක්. වයස පනහක් හැටක් විතර. කැනියුලා එකෙන් බේතක් විද්දත් කෑගහනව. නිකනුත් කෑගහනව, කෑගැහිල්ල වැඩි නිසා කවුරුත් ගනන් ගත්තෙ නෑ. එක දවසක් හේතුවක් නැතිව කෑගහන්න ගත්ත. නමුත් කවුරුත් ආවෙ නෑ. කෑගැහිල්ල නැවතුනාම කට්ටිය ඇවිල්ල බැලුව. දොස්තර මහත්තය කිව්ව මැරිල කියල, සුදු රෙද්දක් ගෙනල්ල ඇඟ වැහුව. විනෝදයෙන් හිටපු වාට්ටුවම නිශ්ශබ්ධ වුනා, මරණය කාටත් දැනුන. මොනව කරන්නද! යාන්ත්‍රිකව වගේ බලාගෙන හිටිය.
BalasPadampav
Padamමාත් කැමතියි දුක් නොවිඳ මට ඕන වෙලාවට මැරෙන්න තියනව නං. අපේ කාලෙ වෙද්දි වත් අදාල නීතිරීති හැදිල තිබුනොත් සන්තෝශෙන් යන්න පුළුවන්.
BalasPadamno comment
Padamතමන්ට ලඟ කෙනෙක් මරණයක් හෝ නිතර මරණ වෙන තැනක රැඳි සිටිමෙන් හෝ ජීවිතය ගැන ඉතා හොඳ අවබෝධයක් ලැබෙනවා කියන එක නම් මම අත්දැකීමෙන් දන්නවා. එතනින් එහාට ජීවත්වීමට තමයි ඒ ලබාගත් අවබෝධය වැදගත් වෙන්නේ කියලත් මට හිතෙනවා ට්‍රාන්ස්..
BalasPadamඒත් මේ ඉස්පිරිතාල වල නිතර මරණ එක්ක ඉන්න අයට ඒක හුරු උනාට පස්සේ කෙනෙක්ගේ දේහයකට වත් ඒ දේහය අයිති පවුලේ අයගේ හැඟිම් ගැනවත් හිතන්න ඉඩක් නැතිවිම ඒ හුරුවීමේ අනිසි ප්‍රතිඵලයක් කියලත් මට හිතෙනවා.
මගේ පියාගේ දේහය ගන්න අපිට සෑහෙන්න රස්තියාදු වෙන්න උනා වගෙම ඔහුගේ මුදල් පසුම්බියේ තිබුනු හැමදේම අරගෙන හැඳුම්පත විතරක් ඉතුරු කරලා එය ඔහුගේ ඉනත් ඇඳගෙන හිටිය කලිසමත් අතර රඳවලා තිබුනා කියලා දේහය අඳුරගන්න ගිය කෙනෙක් අපිත් එක්ක කිව්වා..
ඔහුගේ මුදල් පසුම්බියේ තිබුනු හැමදේම අරගෙන හැඳුම්පත විතරක් ඉතුරු කරලා ////// අපේ අයියලා
Padamවෛද්‍ය තුමාගේ අත්දැකීම් අපිවත් දැනුවත් කරනවා.
BalasPadamමේ මරණාසන්න අත්දැකීම් සජීවී නිරෝගී මිනිසෙකුව ලබා ගැනීමේ ක්‍රමයක් තමයි මරණානුස්මෘති භාවනාව කියලා බුදු දහමේ සඳහන් වන්නේ.
මේක නිකන්ම් ඉමැජිනේශන් එකක් නෙවෙයි.
මරණානුස්මෘතිය හරියට වැඩුවොත් භාවනාවෙන් පසු නැගිටින්නේ අළුත් මිනිසෙක්. බොහෝ දුර්ගුන හලා දමා යථාර්තයත් එක්ක ජීවත් වෙන්න දන්න මිනිහෙක්.
මරණානුස්මෘතිය හරියට වැඩුවොත් භාවනාවෙන් පසු නැගිටින්නේ අළුත් මිනිසෙක් +++++++
Padamවෛද්‍ය විද්‍යාව මරණය තෝරා ගන්නා මිනිසුන්ට වේදනා රහිත මරණයක් ලබා ගැනීමට හැකි ක්‍රම සම්පාදනය කිරීමක් කළ යුතුයි. මරණය කියන්නේ ජීවිතයේ ම කොටසක්. ජීවිතය දීර්ඝ කරගන්නට දරණ තෘෂ්ණාධික උත්සහයට උදව් කරනවා වෙනුවට මරණය පහසු කරන එක සාධාරණයි.
BalasPadamඅජිත් මගේ යූතනේසියා ලිපිය කියවන්න
Padamමරණයට බොහෝ අය බය වෙති. නමුත් මරණය යනු තවත් උපතකට මග පෑදිමකි. ඒ නිසා මරණය සතුටකි. ඒය සැහැල්ලුවෙන් ලබා ගත යුතුය. ඒබැවින් මරණය පිලිබඳ හැකි විට මෙනෙහි කල හොත් මරණයකදී කිසිවෙකු කඳුලු සලන එකක් නැත. මරණයට බිය වීම මගින්ම මරණය කඩිනම් කරවා ගන්නවා යන්න මට හිතෙයි.
BalasPadamවෛද්‍ය විද්‍යාෙව්දී මරණය සොයා ඉතා මෝඩ ගමන් ගිය අය(වස බීපු) සියදිවි හානි කරගන්න වැනි දේවල් වලට මුහුණ දුන් අයත් අවසානයේ ජීවිතය ඉල්ලනවා. ඒ මරණය කුමක්ද යන්න හරි හැටි අවබෝධයක් නැතිව ඒ ගමන යන්න හැදූ නිසයි. නමුත් එවන් කෙනෙකුට වුවත් තවත් තත්පරයක් හෝ ලෝකයේ ජීවත් වීමට අවසර ඇත්නම් උදව් කිරීම තමා කල යුත්තේ. නැත හොත් එය මානව දර්ශනයට ධර්මයට විරුද්දයි. වෛද්‍ය වරයා කරන්නේ ඒ ටිකයි. විඳවන්න ඇති කෙනා විඳවීමට කරුණු සොයා යනවා.
true
Padamඩොක්ටර් රැවන් මා ඉඩ ලැබෙන විදියට ඔබගේ ලිපි නිතරම කියවනවා. ඒත් මා කියවු සංවේදීම ලිපිය මේකයි. මා හිතන්නේ ජීවිතාවබෝධය කියන එක හොදටෝම ලැබෙන්නේ අපි කාටවත් නෙවෙයි වෛද්‍යවරැන්ට. මට හරි පුදුමයි මෙතරම් ජීවිතාවබෝධයක් ලබා ගන්නා ලංකාවේ වෛද්‍යවරු අමුතු සත්ත්ව කොට්ඨාශයක් ලෙස හැසිරෙන්නේ ඇයිද කියා. ජීවිතාවබෝධය ලැබෙන්නට ලැබෙන්නට ඔවුන් වඩා වඩාත් සංවෙිදී සරල නිහතමානී අය වෙන්ඩ ඕනි නේද? එහෙම අයට උන් හිටි ගමන් ස්ට්‍රයික් කරන්ඩ හෙම බෑ නේද?
BalasPadam