Rabu, 3 Ogos 2016

මෙක්සිකෝ වෙත​



සැන්ඩියේගෝ වෙත පැමිනි මම මෙක්සිකෝව දක්වා ගියෙමි. මෙක්සිකෝවට ඇතුළු වීමේදී කිසිම රේගු පරික්‍ෂාවක් නොවීය​. අප මෙක්සිකෝවේ එන්සිනාඩා දක්වා ගියෙමු. එන්සිනාඩා යනු මෙක්සිකෝවේ වෙරලාසන්න නගරයකි. ඉතා අලංකාර වූ සංචාරකයන් රැසක් පැමිනෙන්නාවූ මෙම නගරයේදී ඉතා සුවිසල් මෙක්සිකෝවේ කොඩියක් මම දුටුවෙමි. මෙම කොඩිය විශාල ප්‍රමානයේ ට්ක් රථ දහයක්  පමණ ආවරනය කිරීමේ වපසරියකින් යුක්තය​.  

එන්සිනාඩා හිදී අප දිවා ආහාරය ගැනීමට දැකුම්කළු සංචාරක හෝටලයකට ගියෙමු. මෙක්සිකානු ගිටාරයක් වයමින්  ලොකු තොප්පියක් පැලඳ සිටි පුද්ගලයෙකු මට නමස්තේ කීවේ මා ඉන්දියානුවෙක් බව සිතා විය යුතුය​.  

හෝටලයේ විශාල ටැංකියක් තිබූ අතර එහි පණැති පොකිරිස්සෝ වූහ. එම ටැංකියෙන් පොකිරිස්සෙකු තෝරා ගන්නා ලෙස වේටර්වරයෙක් කීවේය​. එහෙත් අප පණැති පොකිරිස්සෝ ආහාරයට ගැනීමට අකමැති වූ හෙයින් ඔහු උයන ලද විශාල පොකිරිස්සෙක් මේසයට ගෙන ආවේ‍ය​. අප පොකිරිස්සන් ; චිප්ස් , සලාදයක් සහ මෙක්සිකෝ බීර දිවා ආහාරය ලෙස ගත්තෙමු. 

දිවා ආහාරයෙන් පසු අප වෙරලාසන්නයට ගියෙමු. එහිදී රතු ඉන්දියානු සම්භවය සහිත මෙක්සිකෝ ආදිවාසී කාන්තාවන් දෙදෙනෙකු වූහ​. මා ඔවුන් සමග චායාරූපයක් ගැනීමට ඉල්ලීමක් කලෙමි. ඒ සඳහා ඔවුන් ඩොලර් පහක් ඉල්ලා සිටියහ​. ඩොලර් පහක්  ගෙවීමෙන් පසු ඔවුන් මා සමග චායාරූපයට පෙනී සිටි අතර මම ඔවුන් ලඟ තිබූ අත්කම් භාන්ඩද මිලට ගත්තෙමි. 

වෙරළ අසල විශාල අශ්ව ගාලක් විය​. එම අසුන් උසෙන් සහ මහතින් යුක්ත වූහ​. මිනිසෙක් අසුන් තිදෙනෙක් බැඳි රියක් අප අසල නවතා එන්සිනාඩා   නගරයේ රවුමක් යාමට ආරාධනා කලේය​.  අප නගරයේ සිරි නැරඹුවේ අස් රියෙන් යන ගමන් ය​. ඒ අතරවාරයේ ඔහු කැඩුනු ඉංග්‍රීසියෙන් විස්තර ප්‍රචාරයක් ද දුන්නේය​. මේ පුද්ගලයා අප ස්පීඩි ගොන්සාලිස් ලෙස රහසේ නම් කලෙමු. අස්ව කරත්ත චාරිකාවට ස්පීඩි ගොන්සාලිස් අපගෙන් අය කලේ ඉතා සාධාරන ගනනකි. ඉන් වසර කීපයකට පසුව මම මොන්ට්‍රියල් නගරයේදී අශ්ව කරත්තයකින් කුඩා වටයක් ගියෙමි. මොන්ට්‍රියල් අසු දක්වන්නා මගෙන් අස්ප ගනනක් ගත්තේය​. 

අශ්ව ගමනින් පසු අප කෞතුක බඩු විකුනන කඩයකට ගියෙමු. එම කඩයේ ඉන්කාවරුන් ගේ කෞතුක භාන්ඩ තිබුනේය​. නමුත් ඒවා අනුපිටපත් බව මම අනුමාන කලෙමි. එහෙත් එම කඩයේ තිබූ විශාල යකඩ බුදු පිලිමය ආසියානු රටකින් ගෙන එන ලද්දක් බවට සිතීමේ සාධක තිබුනි. මෙම බුදු පිලිමයට ඔවුන් ඩොලර් 2500 ඉල්ලා සිටියහ​. 

මෙසේ බොහෝ වේලාවක් කෞතුක භාන්ඩ නැරඹූ අප සවස් යාමයේදී ලොස් ඇන්ජලිස් නගරය බලා ගියෙමු. 




වෛද්‍ය රුවන් එම් ජයතුංග 

19 ulasan:

  1. /* මොන්ට්‍රියල් අසු දක්වන්නා මගෙන් අස්ප ගනනක් ගත්තේය​. */

    නිකං එක්කං ගියා නම් දත් බලන්නත් තිබුණා නේද?

    BalasPadam
    Balasan
    1. දත ගලවන්න ගියේ මගේ

      Padam
  2. බලනකොට කොයි රටෙත් විකුනන්න පුළුවන් හැම දේම විකුණනවා.

    දඹානට ගිය සංචාරකයන් පිරිසකට, එහෙ ඉන්න හූරලා කිව්වලු, 'පොටෝ ටේක් නම්, මනි ගිව්. නෝ මනි ගිව්, නෝ පොටෝ ටේක්' කියලා.

    BalasPadam
    Balasan
    1. ඒක තමයි වෙලඳාම ; අපේ වාමාංශිකයන් අනා ගත්තේ ඕක තමයි.

      Padam
  3. මේ වගේ පෝස්ටුවක් එක්ක ෆොටෝ කිහිපයක් දැම්මොත් ලස්සනයි. අපිටත් රට තොට බලාගන්න පුලුවන්

    BalasPadam
    Balasan
    1. මගේ එකේ පින්තූර තියනවා

      Padam
    2. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

      Padam
    3. ෆේස්බුක් එකයි බ්ලොග් එකයි පටලවන්න එපා. ‍බුකිය පෞද්ගලික තැනක්. මේක පොදු තැනක්

      Padam
  4. මෙක්සිකෝව වයිවර්ණ රටක් විදිහට ගස්ලබ්බගෙ අවධානෙ දිනාගන තියෙන්නෙ.. දවසක ගිහින් කාල බීල එන්න කැමති රටක්.ඒත් අර 'කටාල්' ද මොකද්ද පාතාල කට්ටිය ඉන්නෙත් මෙහෙ නේද?
    ජයවේවා..!!

    BalasPadam
  5. සුන්දර පෝස්ටුවක්..

    BalasPadam
  6. පින්තූරත් තිබ්බ නම් කියලා වැඩක් නෑ

    BalasPadam
    Balasan
    1. ඔන්න එක පින්තූරයක් දැම්මා අනෙක්වා FB තියනවා

      Padam
  7. ඔබ වාසනාවන්තයි . මේ අත්දැකීම් හැකි තරම් බෙදාදෙන්න . ආසයි කියවන්න.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook