හලාවත රෝහලේ අක්ෂි වෛද්‍ය කෝවර්තණ රාජා මහතා වියපත් වූ අයෙකු වූවද සිතින් තරුණයෙකු වැනිය. ඔහු ඉතා ගැඹුරු දැණුමකින් යුක්තය. ඕනෑම විශයක් දන්නේය.
වෛද්‍ය කෝවර්තණ රාජා ගේ අක්ෂි ශල්‍යකර්ම වලදී මම නිර්වින්දනය ලබා දුන්නෙමි. එම ශල්‍යකර්ම කරන අතරතුර ඔහු මා සමග සංවාදයේ යෙදේ.
වරක් ලොරියක් සහ ත්‍රීවීල් රථයක් මුහුණට මුහුණලා ගැටීම නිසා තුවාල ලැබූ ත්‍රීවීල් රියැදුරා රෝහලට ගෙන එනු ලැබීය. ත්‍රීවීල් රථයේ වීදුරුවට ඔහුගේ මුහුණ කැපී තිබුනි. එසේම වීදුරු කෑල්ලක් ඔහුගේ වම් අක්ෂිය පසාරු කරගෙන ගොස් තිබුනේය.
මම මේ රෝගියා නිර්වින්දනය කලෙමි. වෛද්‍ය කෝවර්තණ රාජා ශල්‍යකර්මය ඇරඹීය. ඔහු ශල්‍යකර්මයට අවශ්‍ය ශල්‍ය උපකරණ හෙදියගෙන් ඉල්ලූ අතර සමහර උපකරණ ශල්‍යාගාරයේ නොවීය. මේ නිසා වෛද්‍ය කෝවර්තණ රාජා නොසන්සුන් විය.
ඔහු කෝප ගන්නෙකු නොවේ. එහෙත් අත්‍යාවශ්‍ය ශල්‍ය උපකරණ නොමැතිව වූවද ඔහු අසීරුවෙන් අක්ෂි ශල්‍යකර්මය නිම කලේය. ඉන් පසු තමන් ගේ ශල්‍ය උපකරණ වලට සිදු වූයේ කුමක්ද කියා සොයා බැලුවේය.
ශල්‍යාගාරය භාර හෙදි සොහොයුරිය අක්ෂි ශල්‍ය උපකරණ වැරදීමකින් ඒවා පැරණි පාවිචියට ගත නොහැකි ඒවා කියා කන්ඩෙම් දමා ඇති බව හෙදියක් කීවාය. මින් වික්ෂේපණය වූ වෛද්‍ය කෝවර්තණ රාජා අත්ල නලලේ ගසා ගත්තේය. ඉන්පසු කැඩිච්ච සිංහලෙන් මෙසේ කීවේය.
" ජා ජා ජා එන්න වැඩ තමා වෙලා තියනවා මේ සිස්ටර් එක මගේ බඩු ඔක්කොම කොන්ඩොම් තමා දාලා තීනවා"
මෙය ඇසූ හෙදියෝ වහාම ශල්‍යාගාරයෙන් ඉවත්ව ගියේ ඔහු ඉදිරියේ සිනාසීම නුසුදුසු නිසාය. මම අසීරුවෙන් සිනහව තද කරගෙන රෝගියාව රිකවරි කාමරයට ගෙන ගියෙමි.

hafoyi....
BalasPadamhafoyi hafoyi
Padamවීරවංශලා ගේ පෙලපාලි බැනරයක condemn යන්න ලියා තිබුණේ condom කියා නේද?
BalasPadamනැ පෙරටුගමින්ගේ එකක!
Padamඑහෙම එකක් මතකයි
Padamඔය වැකිය තිබුණේ පෙරටුගාමී සමාජවාදී පක්ශයේ විරෝධතා පෙළපාලියක යොදාගත් බැනර් එකක. පස්සෙ ආරංචි වෙච්චි විදිහට බැනර් එක ලියල තිබ්බෙ අන්තරේ හිටපු පේරාදෙනිය ඉංජිනේරු පීට ශිෂ්‍යයො කීපදෙනෙක් කියල තමයි.
Padamඋපකරණ වල අඩුපාඩු තියාගෙන,අඩු පහසුකම් යටතේ සාර්ථක සැත්කම් කරන එතුමා වගේ දක්ශයෝ අගය කරන්න ඕනෙ.සුපිරි පහසුකම් හා සමාජ තත්ව යටතේ කටයුතු කරන විදෙස් වෙදදුරන් හා ඌණ පහසුකම් යටතේ දියුණුවන සමාජ තත්ව යටතේ කටයුතු කරන වෙදදුරන් එකම මිම්මකින් මැනිය නොහැකි බවත් මේත් එක්කම මතක් උනා..
BalasPadamජයවේවා..!!
පරණ ශල්‍ය උපකරණ වලින් යෝධ වැඩ කරනවා
Padamඅප්පච්චියේ ඔපරෂන් කරන්න කලින් උපකරණ ඔක්කෝම තියේද කියලා බලන්නේ නැතෙයි මේ දොස්තර මාත්තුරු? අඩු ගානේ නේස් නෝනලාවත් දැනුම් දෙන්ට එපැයි මේ මේවා නෑ අහැක් විදිහට තමා කරනන් වෙන්නේ කියලා. කොහොම නමුත් එතුමා දක්ෂයෙක් . . . ද්‍රවිඩ කස්ටිය කැඩුනු සින්හලෙන් කොමියුනිකේට් කරද්දී අපි නම් හිනා වෙනවා තමා, ඒත් වැරදී ඒක !
BalasPadamඉස්සරෝම මාත් ලිව්වා දොස්තර මහත්තයෙක් ගමක සායනේකට ගිහින් ටන්ගච්චි ටන් දාන්න එලියට කිව්වම හැට්ටේ පහත්කරලා එලියට දාපු කතාවක්
තංගච්චී Tongue දාන්න එල්ලියට
අප්පච්චියේ ඔපරෂන් කරන්න කලින් උපකරණ ඔක්කෝම තියේද කියලා බලන්නේ නැතෙයි මේ දොස්තර මාත්තුරු? ///// mmmmm කට කට කට
Padamඅප්පච්චියේ ඔපරෂන් කරන්න කලින් උපකරණ ඔක්කෝම තියේද කියලා බලන්නේ නැතෙයි මේ දොස්තර මාත්තුරු?//
Padamදන්න තරමට නං නෑ. ඒක හෙදියන්ගේ වගකීමක්
ගෑනු බල්ලා, හැට්ට හැලෙන්ඩ දෙනවා, 12 යි කියන එකට - දෙකොලහයි .... ඒ වගේ මගේ මිතුරන් කියන වචන.
BalasPadamගෑනු බල්ලා,///// Dr ගෝවින්ද රාජා හෙදි නිල නිවාසෙ බල්ලට කීව්වේ නර්ස් බල්ලා කියලා
Padamඩොක්ට රාජා ඒ කියපු වැඩෙත් වෙලා තියෙනවද කියන්න කවුද දන්නෙ. හැක්
BalasPadamha h ha
Padamඅප්පච්චියේ ඔපරෂන් කරන්න කලින් උපකරණ ඔක්කෝම තියේද කියලා බලන්නේ නැතෙයි මේ දොස්තර මාත්තුරු? ///// mmmmm කට කට කට
BalasPadamනර්ස්ලා ලැජ්ජාවේ දිව්වේ... කව්ද දන්නේ අර කොන කපාපු කොන්ඩෙම් ලාච්චුවේ දාගෙන උන්නේ ඔය ඩොක්ටර්ද කියලා.. කියන්න බෑ නේ... මොකෝ ඩොක්ටර්ලා මිසීලට හරි ආදරෙයි නොවෑ...
BalasPadamඅනේ නෑ අක්ෂි වෛද්‍ය කෝවර්තණ රාජා අහිංසක කෙනෙක්
Padamඩොක්ට රාජා ඒ කියපු වැඩෙත් වෙලා තියෙනවද කියන්න කවුද දන්නෙ. හැක්
BalasPadamඒකත් නරකම නෑ...කන්ඩෙම් වෙනුවට කොන්ඩොම්. අපේ ගම් පළාතෙ ඉස්පිරිතාලයක් නොවැ.
BalasPadamඔබ හලාවතද ?
Padam