Sabtu, 27 Ogos 2016

බඩා මුනේ ගේ බිත්තරේ

 



හතර වසරේ සිටියදී අපට වසර අවසානයේදී අත් වැඩ විභාගයක් තිබුනේය​. මේ සඳහා විවිධ අමු ද්‍රව්‍ය පන්තියට ගෙනැවිත් ඒවායින් අත්කමක් සදා ගුරුවරියට පෙන්වා ලකුණු ලබා ගැනීම නියමිත විය​. සමහර ළමුන් මැටි ගෙනැවිත් කුරුල්ලෙකු හෝ හාවෙකු සදා ගුරුවරියට පෙන්වූහ​. තවත් සමහරු කරදාසි වලින් විවිධ නිර්මාණ කොට ලකුණු ලබා ගත්හ​. 

අපගේ පන්තියේ සිටි කපිල මුණසිංහට නත්තල් පප්පෙකු හදන්නට ඕනෑ විය මේ සඳහා සිරිංජයක් මගින්  දියළු ඉවත් කල කුකුල් බිත්තරයක් , පුළුන් ආදිය ගෙන ඔහු නත්තල් පප්පා හදන්නට සූදානම් වූයේය​. කලින්ම ලී එකට පුරුද්දා කාර් එකක් තනා එයට ටොනික් මූඩි රෝද සවි කොට ගුරුතුමියගින් ලකුණු ලබා ගත් මම අනෙකුත් ළමුන්ට බාදා කරමින් සිටියෙමි. 

හේමාල් ගුණසේකර සමග විවාදයකට පැටළුණු මම අත පය විසි කරමින් කතා කරන විට මගේ අතක් වැදී කපිල මුණසිංහ ගේ බිත්තරය කුඩු විය​. මෙය දුටු ලසිත ලුවිස් බඩ අල්ලාගෙන සිනාසුනේ "බඩා මුනේ ගේ බිත්තරේ ඉවරයි "කියා කියමිනි. 

කපිල මුණසිංහ මහත ළමයෙකි. එහෙත් ඔහු මට බයය​. ඒ නිසා ඔහු නහයෙන් අඞන්නට විය​. "මම කොහොමද අත් වැඩට ලකුණු ගන්නේ ? ඔහු මැසිවිලි කීවේය​. කුඩු වූ බිත්තරය ළමයෙකුගෙන් ලබා ගත් පාප්ප යොදා ඇලවීමට මම උත්සහ කලෙමි. එහෙත් එය සාර්ථක නොවීය​. අවසානයේදී මුණසිංහ බිත්තරය කැඩුනා කියා ලබන වාරයේ අත්වැඩ විභාගය දීමට ටීචර් ගෙන් අනුමැතිය ගත්තේය​. 

වර්තමානයේ කපිල මුණසිංහ බොරැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි. ලසිත ලුවිස් ජීවත් වන්නේ ටෙක්සාස් වලය​. හේමාල් ලංකාවේ සිට තම ව්‍යාපාර කටයුතු මෙහෙයවයි. මෑතකදී මගේ පාසල් මිතුරෙකු වූ අතුල සුරේන්ද්‍ර  ටොරොන්ටෝවට පැමිණි අවස්ථාවේදී බඩා මුනේ ගේ බිත්තරේ ගැන කියමින් අප සිනාසුනෙමු. යලිත් ලංකාවට  යන විට කපිල මුණසිංහගේ කුඩු කල බිත්තරයට හිලව්වට  ඔහුට  ඔන්ටේ‍රියෝ තාරා බිත්තරයක් ගෙන යාමට මම ඉටා ගත්තෙමි. 

14 ulasan:

  1. පාසල් අතීතය දිහා නැවත හැරී බැලුවාම ඒ කාලේ කොච්චර සුන්දරද කියළා හිතෙනවා. පරක්කු වෙලා ගියාම දනගහගන්න එකයි ගෙදරවැඩ නොකර ගියාම සර්ගෙන් ගුටිකන එකයි හැරුනාම.

    ජයවේවා!!!

    BalasPadam
    Balasan
    1. ඒ කාලේ සුන්දරයි නමුත් වධක ගුරුවරු සහ වධක සිසු නායකයන් විසින් සමහර විට ඒ සුන්දරත්වය කබාසිනියා කලා

      Padam
  2. එක බිත්තරයක් බිඳුනට මොකෑ තව එකක් තියනවා නේද? :D

    අපේ ශිෂ්‍යභට කණ්ඩායමේ සිටි උදේනි හේරත්ගේ බොන්ගෝ පෙයාර් එක මගේ අතින් 'බොඃ' ගා හිල්විය. කණ්ඩායමේ සියලු දෙනා රුපියල දෙක එකතු කර රු. 7.50 කට බොන්ගෝ පෙයාර් එකක් අරන් දුන්නා.

    BalasPadam
    Balasan
    1. විචා,

      ශිෂ්‍ය භට කණ්ඩායමක ඉන්නව නේද 20 විතර? ඉතිං බොලේ හැමෝම රුපියල දෙක එකතු කලාම එතන අඩුගානෙ රුපියල් 30 වත් එකතු වෙන්ට ඇතිනෙ???

      Padam
    2. කණ්ඩායමේ අවම 25 ක් ඉන්නවා. කවුද අප්පා රුපියල දෙක ගානෙම දෙන්නේ. අපි වගේ හොඳ පරිත්‍යාගශීලීන් සත 10 ක් විතර දෙන්නේ.

      Padam
    3. හරි අසාධාරණයි රවී. උඹ ජැකා වරාය විවෘත කරන්න බිලියන 250 ක් ගත්තෙ ඇයි කියල නොඅහා විචා ගේ 2/50 ගැන අහන එක . හෙහ් හෙ හ්

      Padam
    4. ඉයන්, ඔය මනුස්සයට සින්දුවක් ගැන විස්තරයක් ලියාගෙන ඉන්න දියං. හැක්..

      Padam
    5. පව් පව් විචා තුමා බොන්ගෝ පෙයාර් එකෙන් ගාන කපා ගත්තා කියන්න එපා

      Padam
  3. "...උඹ ජැකා වරාය විවෘත කරන්න බිලියන 250.. "4

    ඉයන්, මේ බිලියන කජු ඇටද කොස් ඇටද?

    BalasPadam
    Balasan
    1. නැහැ ඒ ගීතා නැන්දගේ ගණන්.

      Padam
  4. මොලේ තියන ටීචර් කෙනෙක් හිටපු නිසා හොඳයි.අපේ අම්මත් ඉස්සර බිත්තර බෝනික්කො හදල දෙනවා ගෙදරදි.අපිත් ඉතින් මූණු අඳිනවා.එතකොට පෙනෙන්නෙ හරියට අර අයිස් ඒජ් එකේ සිඩ් ඩයිනසෝර් බිත්තර වල මූණු ඇන්ද රූපෙම තමා..
    ඩොක්.. ඔය පන්ති වල හිටියෙ නැද්ද අලි බිත්තර දැකපු අය?
    අපි තාමත් එකෙක්ගෙන් අහනවා කෝ අර ගේනවා කියපු අලි බිත්තරේ කියලා.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    BalasPadam
  5. කපිල රුවන්ට බය හින්දම හොඳා. නැත්තං ඉතිං මොනා පොඩි වෙයිද දන්නෑ ඒ සීන් එකෙන් පස්සෙ.

    BalasPadam
    Balasan
    1. පස්සේ ( 10 වසරදී) ඌ මට නෙලුවා

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook