Ahad, 21 Ogos 2016

දත් දෙකේ මහත්තයා

 

දහම් පාසලේ පාලි ඉගැන්වූ සර්ට කොල්ලන් කීවේ දත් දෙකේ මහත්තයා කියාය​. මේ සර් ගේ මුඛයේ තිබුනේ ඉතා සීමා සහිත දත් ප්‍රමාණයකි. එම නිසා පාලි වචන උච්චාරණය අමුතු හඞක් ගත්තේය​. එසේම පාලි වචන සමග ඛෙටයද සර් ගේ මුඛයෙන් පිටවේ. 

දත් දෙකේ මහත්තයාට කොල්ලන් බිය නොවූවත් කල්දේරා සර්ට බිය වූහ​. කල්දේරා සර් පිට මැද්දට අත්ලෙන් ගුටි දෙන්නේ සුවපත් වෙත්වා කියමිනි. එසේම භාවනා කරන විට කොන්ද කුදුවී තිබුනහොත් කල්දේරා සර් ගෙන් සුවපත් වේවා ආමන්ත්‍රණයක් සමග පිටට පහරක් වදී. එම නිසා කොල්ලන් භාවනාවේදී අවධානය යොමු කලේ ආශ්වාස ප්‍රාශ්වාසයට නොව පිට කොන්දටය​. 

ඒ කාලයේ ගිහියෙකු වූ සෝම හාමුදුරුවන් හෙවත් සෝමරත්න තරුණයා පන්සලේ  නිතරම සිටියේය​. පසුව මෙම සෝමරත්න තරුණයා මහණ වූ බව ලොකු සර් හෙවත් සුවාරිස් මහතා කීවේය​. 

නාරද හාමුදුරුවන්ට කොල්ලන් අතිශයින් ප්‍රිය කලේ උන් වහන්සේ පිටරට ගොස් යළි වඩින විට ඒ කාලයේ බේතකටවත් සොයා ගැනීමට නොතිබුණු ඇපල් මුද්දරප්පලම් ගෙන ඒම නිසාය​. නාරද හාමුදුරුවන් ගේ කාරුණික වත ; කටහඞ මට තවමත් මතකය​. අද කාලයේ මැර භික්‍ෂූන්  පාර පුරා දකින අපට නාරද හාමුදුරුවන් මේ බහු රූ කෝලම් නොදුටුවේ උන්වහන්සේ ගේ පෙර පිණක් නිසා බව සිතේ. යම් ලෙසකින් මේ විච්චූරණ උන්වහන්සේ දුටුවේ නම්   සංවේගයකින් සිත පිරී යනු නිසැකය​. 

අභිධර්මය ඉගැන්වූ සරත් සර් අභිධර්ම චන්ද්‍රිකාව නම් පොත අප ලවා ලියවූයේය​. සර් මේ පොත කියවන විට අපද සෝමනස්ස සහගත සම්ප්‍රයුක්ත සිත යනාදී වශයෙන් ලියා ගත්තෙමු. එහෙත් විභාගයේදී අකුසල් සිත් කීයක් තිබෙන්නෙද කියා ඇසූ විට කිසිවෙකු පිලිතුරු දුන්නේ නැත. 

දත් දෙකේ මහත්තයා අපගේ පන්තියට පැමිණ පාලි භාෂාවේ වැදගත්කම පවසා කක ගග ඝ , තත දද ණ... යනාදී වශයෙන් පාලි භාෂාවේ  අකුරු ශබ්ද කරන අයුරු උගන්වන්නට විය​. බංකු උඩ වාඩිවී සිටි කොල්ලන් පාලි පාඩමට සවන් දුන්නේ පාලි අච්චු පොතෙන් මුහුණු වසාගෙනය​. මෙය දුටු  ප්‍රධාන ආචාර්‍යවරයා " මේ මොන ඉරියව්ද ගුරුවරයා උගන්වන විට ළමයි පොත් වලින් මුහුණු වහගෙන. වහාම පොත් පහළ දාන්න " කියා නියෝග කලේය​. 

එක් සිසුවෙක් අපහසුවෙන් නැගිට " අම්මෝ සර් පොත් වලින් කවර් කලේ නැත්තං පට පට ගාලා මූනට කෙල වදිනවා කියා කීවේය​. එය ඇසූ ප්‍රධාන ආචාර්‍යවරයා කිසිවක් නොකියා යන්නට ගියේය​. 


18 ulasan:

  1. අපේ දහම් පාසල නම් ප්‍රධාන ආචාර්යවරයාගේ සිට සිසු සිසුවියන් දක්වා එකම මගුල් සක්වලක් වූයේය. ප්‍රධානාචාර්ය වහන්සේ කඹුරුගමුවේ වජිර උන්නාන්සේය. අපද උන්වහන්සේ අනුගමනය කරමින්, බුදුන් වහන්සේට පින් දෙමින් ඒ මඟුල් සක්වලෙහි සැරිසැරූවෝ වන්නෙම්ය..

    BalasPadam
    Balasan
    1. ඒ කියන්නේ පෑළියගොඩ පැත්තෙ තියෙන පිරිවෙනේද?

      Padam
    2. පන්සලට ඇජොයිනින් තව්තිසාව නේ?

      Padam
    3. එකම මගුල් සක්වලක් වූයේය//// ela

      Padam
  2. අපේ දහම්පාසලේ අන්තිම කාලෙ ප්‍රධානාචාර්ය හිටපු ගොයියනං දෙනව වේවැලෙන් පුක රත්වෙන්න.
    දැං පොර සිවුර ඇරල සිංහල ටියුෂන් කාරයෙක් වෙලා ඉන්නෙ.

    BalasPadam
  3. අපේ පාසලේ උසස් පෙල විද්‍යා අංශයේ ඉගැන්වූ සර් කෙනෙකුට පොඩි මොස ගතියක් තිබුණි. දිනක් පාඩමක් පැහැදිලි කරන විට ළමයි ෆත්තා තෝලනය වන විට කීවේය. කොල්ලන්ට මේ අබ්‍රප්‍රංශය තේරුනේ නැත මොකක්ද සර්. ළමයි ෆත්තා තෝලනය වන විට ළමයි ෆපත්තා තෝලනය වනවිට. ඒත් තේරුනේ නැත. අවසානයේ කලු ලෑල්ලේ මේ ආකාරයෙන් ලියා පෙන්වීය. ,,බට්ටා දෝලනය වනවිට,,

    BalasPadam
    Balasan
    1. ෆපත්තා තෝලනය වනවිට.ha ha ha නියම කතාව

      Padam
  4. දත් දෙකේ මහත්තයා කියෙව්වාම මට මතක් වුණේ අපේ සුභ සාධක සමිතියේ හිටපු සභාපති අන්කල්වයි. ඔහු වචන දෙක තුනක් පිටකලොත් ඛේටයෙන් මිලි ලීටර් ගානක්ද නොමිලේ බෙදා දීමට උපන් හපනෙකි. ඉතින් ඔහු කථා කරන අසළකටවත් යාමට කවුරුත් අකමැතිය.

    ජයවේවා!!!

    BalasPadam
    Balasan
    1. හෙල්මට් දාගෙන ලඟට යන්න වෙන්නේ

      Padam
  5. දත් තිස්දෙකම හොඳට තියන සමහර අයත් කතාකරද්දී කෙල විසිවෙන්නේ ඇයි?

    BalasPadam
    Balasan
    1. ඒ මහප්‍රාන්න සබ්ද කරන්න ගිහිල්ලා

      Padam
  6. ඔය වගේ ගුරුවරු කී දෙනෙක් නම් හම්බුවෙලා ඇතිද>????

    BalasPadam
    Balasan
    1. සෑහෙන පිරිසක් ඉන්නවා

      Padam
  7. අපේ ෆ්‍රෙන්ච් කරන්න හිටියා පාසලටම අටුවම් බැහැපු සර් කෙනෙක් 'බොන්සුවා' කියලා.ඒලෙවල් පන්ති වල ඉංග්‍රීසි උගන්නන එන්නෙ එයා තමා.දවසක් සර් එනකොට ඉස්සරහ ඩෙස් පේලියටම කුඩ ඉහලලා තියල කොල්ලො මාරු උනා. ඉතුරුවෙලා හිටපු කොල්ලො දෙන්න තුන්දෙනා පිටිපස්සට වෙලා ගණන් හද හද හිටියා.(උං කන්නෙත් බත් ඇට අවකලනය කර කර.)අනේ එදායින් පස්සෙ බොන්සුවාගෙ කරදරේ ඉවර උනා..
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. ගස් ලබ්බ කුරුණෑගලද ?

      Padam
    2. ලක්ෂාන් අඳුනගෙන වගෙයි... ඔව්.. ඔව්.. මේ ඒ බොන්සුවා තමයි

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook