Jumaat, 19 Ogos 2016

මාළු මාළු

 

මීගමුව රෝහලේදී සේවය කල කාලයේදී මාළු මිලට ගැනීමට මම වෛද්‍ය ගෝවින් ද රාජා සමග මීගමුවේ ලෙල්ලමට යාමට ගිවිසගත්තෙමි .  එදින සෙනසුරාදාවක් විය​. අප දෙදෙනා උදෑසන පහ වන විට ලෙල්ලමට  ගියෙමු. 

මීගමුවේ ලෙල්ලම පුරවා ධීවරයෝ ද ගැණුම්කරුවන් ද සිටියහ​. ඒ අතර අතරමැදියෝ හෙවත් ධීවරයා ගසාකන්නෝ  ටිපර් වලින් විත් මාළු මිලට ගැනීමට සූදානම් වූහ​. මම ලෙල්ලමේ ඒමේ අත ඇවිද්දෙමි. සමහර ධීවර යාත්‍රා වෙරළට එමින් තිබේ. ධීවරයන් බෝට්ටු වෙරළ ආසන්නයට ගෙනැවිත් ඉන්පසු ගොඩට අදිති. බෝට්ටු පුරවා මාළුය​. එම මාළු විවිධාකාර අතර විවිධ ප්‍රමාණයේය​. මිනිසුන් ඒ අවස්ථාවේදීම මාළුන්ට මිළක් නියම කොට මාළු මිලදී ගනිති. 

මමත් ගෝවිත් සිල්ලරට මාළු විකුනන මාළු වෙලෙන්දියන් වෙත ගියෙමු. මේ මාළු වෙලෙන්දියන් උසින් මහතින් යුත් අත් නැති හැට්ට ඇඳගත් ගෝරි වලට ඕනෑම අවස්ථාවක එවරෙඩි මීගමු කාන්තාවෝ වෙති. එම නිසා අප ඔවුන් සමග කතා කලේ පරිස්සමිනි. අප ඉදිරියෙන් කොලඹ ප්‍රදේශයෙන් පැමිණි ආගන්තුක මහතෙක් ද විය​. ඔහු මේ මාළු වෙලෙන්දියන් ගෙන් මාළු වල මිළ අසමින් හෙට්ටු කරයි. මෙතැන රසවත් යමක් වෙනු ඇතැයි මගේ සිත කීවෙන් මම ගෝවිගේ වැළමිටට තට්ටුවක් දමා ආගන්තුක මහතා පසුපසින් ගියෙමි. 

" කීයද මේ කෙලවල්ලෝ ? ඔහු මාළු වෙලෙන්දියගෙන් අසයි. 

"කිලෝ එක රුපියල් එකසිය අසූවයි " වෙලෙන්දිය බුලත් කෙළ පහරක් ගසා ඔහුට පිළිතුරු දුන්නාය​. 

ආගන්තුක මහතා මාළුවා අතගා බලයි. ඒ අතර ඇඟිල්ලෙන් මාළුවා ගේ බඩවත ඔබයි. මාළුවාට කරන හිංසනය වෙලෙන්දිය බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. ආගන්තුක මහතාට ඒ පිළිබඳ්ව වගක් නැත​. ඔහු මාළුවා ගේ කරමළ පවා අදියි. 

" මේ මාළුවා පරණ එකෙක් නේ " ඔහු කියයි. 

මාළු වෙලෙන්දියගේ දෙනෙත් අඳුරු වේ. " මොන පිස්සුද මහත්තයා මේ දැන් ලෙල්ලමට ගෙනාපු මාළු ඇය කියන්නීය​. 

" කිලෝ එක රුපියල් එකසිය අසූව බොහොම වැඩියි බොහොම වැඩියි " . ඔහු ප්‍රතිරාව කරයි. තමන් ගේ මාළුවා කන්ඩෙම් කිරීම ගැන ඇයට ඉවසුම් නොදේ. ඇය පත මන්නා පිහිය ගල ගාන්නේ ඔහුගේ බෙල්ල කැපීමට මෙනි. 

 
අපොයි අපොයි මාළුවල ගාන වැඩියි. කිලෝ එකට රුපියල් එකසිය පණහක් දෙන්නම් ඔහු කීවේය​. 

මාළු වෙලෙන්දියගේ ඉවසීම සිඳුනාය​. 

" අනේ පලයන් මහත්තයා යන්න ; ආවා මෙතන රුපියල් එකසිය පණහට කෙලවල්ලෝ ගන්න " ඇය චීත්තය එක අතකින් ග්‍රහණය කර ගනිමින් කීවාය​. 

මාළු වෙලෙන්දියගේ පිළිතුර ඇසුණු ආගන්තුක මහතා ක්‍ෂණයකින් ඉවත ගියේය​. මම සිනහව තද කරගනිමින් ගෝවිව  ද රැගෙන ලෙල්ලමේ වෙනත් දිශාවකට ගියෙමි. 

 වරක් මාළු වෙලෙන්දෙක් මටත් ලුතිනන් කර්නල් සූරිය කුමාරටත් නියම ඇන්දිල්ලක් කලේය​. මෙය සිදු වූයේ කළුතර පාලම උඩය​. කළුතර පාලම අසලදී ධීවර වෙලෙන්දෙක් අපගේ වාහනය නැවැත්වීය​. 

" අනේ මහත්තයා මේක අරගෙන හාරසීයක් දෙන්න " ඔහු ඉස්සන් තොගයක් පෙන්වා කීවේය​. 

යෝජනාව  නරක නැත​. එතන කිලෝ පහ හයක් ඇති ඉස්සන් කන්දකි. 

" දැන් හවස් වෙලා මහත්තයා ගෙදර යන්නත් තියනවා මේක ඉවරකරලා දාලා.  ඒ නිසා හාරසීයක් දෙන්න ඔහු කියයි.  

මමත් ලුතිනන් කර්නල් සූරිය කුමාරත් ඉස්සන් මිලට ගැනීමට සූදානම් වූයෙමු. ඉස්සන් තොගය මිලට ගෙන අප දෙදෙනාට පසුව එය බෙදා ගත හැක​. මම රුපියල් හාරසීයක් මාළු වෙලෙන්දා  අත තැබුවෙමි. ඔහු මාළු ලෑල්ල වෙත ගොස් ඉස්සන් කිලෝ එකක් කිරා එය කඩදාසියකින් ඔතා මා අත තැබුවේය​. 

මෙච්චර පොඩ්ඩක් ? ඔයා කිව්වේ ඔය ඔක්කොම හාරසීයයි කියලනේ ? මම ඔහුට අභියෝග කලෙමි.

" අනේ මහත්තයා ඒක කොහොමද කරන්නේ එතන ඉස්සො කිලෝ හතක් තියනවා. මම කිව්වේ කිලෝ එක හාරසීයයි කියලා . මාළුකාරයා වගක් නැතිව පිළිතුරු දුන්නේය​. 

මාළුකාරයා අපව ඇන්දූ බව අප දෙදෙනාටම තේරුණි. නමුත් කල හැකි දෙයක් නැත​. අප ඒ ඉස්සෝ කිලෝ එක ගත්තෙමු.  

" කොහොමද මිනිහාගේ වැඩේ  ජනරජ ලාංචන දෙකකටයි එක තරුවකටයි මාළුකාරයෙක් ඇරියා නේද ? ලුතිනන් කර්නල් සූරිය කුමාර මගෙන් ඇසුවේය​. 

අප දෙදෙනා අපටම සිනා සෙමින් කොලඹ දක්වා ආවෙමු. 

47 ulasan:

  1. ඔය සිද්ධිය වෙන්න ඇත්තේ කළුතර පාලම උඩදී නෙමෙයි, පානදුර පාලම ගාවදි...
    එතන ඉන්න ලෝක හොරුන්ගෙන් මාළු ගන්නවට වඩා හොඳයි මාළු නොකා ඉන්න එක...
    ඒ මදිවට එතන මාළු සෑහෙන ගණන් වැඩිත් එක්ක...

    BalasPadam
    Balasan
    1. ලොකු පුතාගේ කතාව ඇත්ත. උන් මාළුන්ට කන්න දීලා ඇති කරනවා වගේ එතන ගාන.

      Padam
    2. විකුනන්නෙත් කුණු මාළු.

      Padam
    3. පාන්දුරේ පාලම ගාව එකෙක් මට කුණු මාළුවෙක් දීලා කැළණි ඇවිත් ආයෙත් පානදුර ගිහිල්ලා ඒ මාළු මහත්තයට මාළුවා දීලා ආවා එයාලගේ භාෂවෙන්ම කතා කරලා..

      Padam
    4. මාළු මහත්තයට මාළුවා දීලා ආවා එයාලගේ භාෂවෙන්ම කතා කරලා..//// මන්න පාරක් කන්න තිබුනා

      Padam
  2. මම දැන් සති කීපයකට උඩදී මීගමුවට ගියා මාළු ගේන්න. මාළු ගාන නම් බොහොම අඩුයි. හැබැයි පොඩ්ඩ ගැස්සුනොත් අහුවෙනවා. මට කට්ටාවෙක් දීලා තිබ්බ පරවෙක් කියලා. දවසක් එකෙක් නිකන් කපාදෙන්නම් කියලා බලෙන්ම මාළු ටික අරන් රුපියල් සීයක් ඉල්ලලා හබකරන්න ඇවිත් තිබුනා අම්මත් එක්ක. මම එතන හිටියෙ නෑ.

    දැන් නම් මාළු ගේන්න යන්නෙ පෑලියගොඩට. අලුත් මාළු බොහොම අඩුවට එතනින් ගත්තැකි. ගේ ගාවට එන මාළු වෙළෙන්දා ග්‍රෑම් 300ක් විතර දෙන ගානට එතනින් කිලෝ එකක් ගත්තැකි.

    BalasPadam
    Balasan
    1. කියන්න අමතක උනා මටත් මීගමුවෙදි ඔය වගේම වැඩක් කළා. කූරියා 400යි කියලා දෙන්න කිව්වම කිලෝ එක හාරසීයයිලු. මම කිව්වා උඹම තියාගනින් කියලා.

      Padam
    2. කූරියා 400යි කියලා දෙන්න කිව්වම කිලෝ එක හාරසීයයිලු.//// නියම පොත

      Padam
  3. GAHANI AYA DANNWA MALU KARAYA EKKA HETTU KARLA GANNA

    BalasPadam
  4. නූගත් මෝඩ මිිනිස්සු මේ වගේ වංචාවල් කරනවා. හැබැයි හොඳට හොයලා බලන්න මේ අය හැමදාම එකම තැන. කවුරැවත් මෙහෙම වංචා කරන මුදල්වලින් දියුනු වෙලා තියෙනවාද. අද අනුන්ව අන්දලා කීයක් හරි හොයා ගන්නවා. හෙට අතේ සතේ නෑ.

    BalasPadam
    Balasan
    1. හරියට කෙසෙල් ගෙඩි කඩකාරයෝ වගේ. අලුත් කස්ටමර්ලාට අඩු කරලා දෙනවා. හැමදාම යන්න පුරුදු වුන කස්ටමර්ලාට වැඩියෙන් ගාන කියනවා!

      Padam
    2. හෙට අතේ සතේ නෑ +++++

      Padam
  5. අපිට කොහෙන්ද ලෙල්ලං. මාදම්පෙ හන්දියෙ මාළු මාකට් එක තමයි කෝකටත් තියෙන්නෙ.

    BalasPadam
    Balasan
    1. හෆොයි එතැන මාලු විකුනන්නෙ නැති දවස්වලටත් තියෙන ගඳ.... ඇඹිලිපිටි යනකොට මාදම්පෙ හන්ඩිය මතක් වෙන්නේ කුණු මාලු ගඳෙන්!

      Padam
    2. මාදම්පෙ හන්දියෙ මාළු මාකට් එක ///// ඔය කියන්නේ හලාවත පැත්තේ තියන මාදම්පෙද ?

      Padam
    3. එතැන මාලු විකුණන්නැත්තෙ පෝය දවසට විතරයි. දවල් වෙනකොට තමයි ගඳ තියෙන්නෙ.
      දැන් ඒක පාරෙන් අයින් කරල එහා පැත්තෙ පිට්ටනියට ගන්න ප්ලෑන් කරල තියෙනවලු.

      Padam
    4. //ඔය කියන්නේ හලාවත පැත්තේ තියන මාදම්පෙද// නැත මේ අටකලන්පන්න මාදම්පේ වෙත්.
      පැල්මඩුල්ලෙ ඉඳල එනකොට ගොඩකවෙල පැත්තටයි, රක්වාන සූරියකන්ද පැත්තටයි හැරෙන්නෙ මාදම්පෙන්.

      Padam
  6. සූරියගේ හොඳ කතා අහලා නැද්ද? අන්තිමට හම්බ වුනේ 2014 දී මම රන්ටැඹේ සාදයකට ගිය වෙලාවේ. අරක ජනරජ ලාංඡනයයි තරු දෙකයි යනුවෙන් වෙනස් විය යුතුයි.

    මීගමුවේ මාළු ගන්න ගිහින් මම අනවශ්‍ය තැනකට වාහනය දැම්ම නිසා වැල්ලේ එරුණා. මමයි නෝනයි දුවලා දෙන්නයි විතරයි හිටියේ. අන්තිමට රු 200ක් දීලා වාහනය තල්ලු කරගත්තා. මාළුවල ලාභය එතනට වැයවුණා.

    BalasPadam
    Balasan
    1. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

      Padam
    2. ලුතිනන් කර්නල් අඳින්නේ ජනරජ ලාංජනය සමග එක තරුවයි නේද? තරු තුනක් නේද දෙන්නෙ MBBS මහත්තයෙකුට? දවසක් දන්න හමුදා මලයෙක් මෙහෙම කතාවක් කිව්වා. අනේ අයියා අපි එක තරුවක් ගහගෙන ඉඳලා ඒ තරුව උරහිසටම ඇලුනහම තමයි ඊලඟ එක හම්බ වෙන්නේ. ඒ වුනාට ප්‍රොෆෙශනල්ස්ලාට ආව ගමන්ම තරු තුනක් හම්බ වෙනවා. හැබැයි ඒ අය හැම තිස්සෙම තමුන්ගේ උරහිස් දිහා බලනවා අර තරු තවම තියනවද හැලිලද කියල බලන්න.

      Padam
    3. ලුතිනන් කර්නල් අඳින්නේ ජනරජ ලාංජනය සමග එක තරුවයි

      Padam
    4. සූරියගේ හොඳ කතා අහලා නැද්ද? ///// mmmmm

      Padam
    5. @ කුමාර.

      කර්නල් එස්.ඩී. සූරියකුමාර Full Colonel කෙනෙක්. ජාතික ශිෂ්‍යභට බලකායේ. Lieutenant Colonel නෙවෙයි. ඒ නිසා ඔහු අඳින්නේ, තරු දෙකයි ජනරජ ලාංඡනයයි. සෑම MBBS මහත්තයෙකුටම හෝ වෘත්තීයවේදියකුටම, තරු තුනක් දෙන්නේ නැත.

      Padam
    6. ඒකාලෙ Lt Col / I was a Maj

      Padam
  7. කුණු මාලු වලට කොච්චර අහඅවෙලා ඇද්ද

    BalasPadam
    Balasan
    1. මහබාගෙ හන්දියෙද?

      Padam
    2. කපන කොටත් මීටර් නැත්තං කට කහනකොට තමයි දන්නෙ හුටා කෙලලා තමයි කියලා..

      Padam
    3. කට කහනකොට/// yes yes

      Padam
  8. දික්වැල්ලෙ මාළු ලෑල්ලක් තිබුනා අළුත් මාළු තියන.. අපේ වාහනේ රියදුරු මහත්තයා මාතර.මාළු නැත්තං බත් කන්න බැරි පොරක්.හැබැයි ලෝභයා.හැමදාම හෙට්ටු කරනවා.. දවසක් අර මාළු ලෑල්ලෙන් බලයෙක් ගන්න ගිහින් එහෙන් ඔබනවා,මෙහෙන් ඔබනවා,වල්ගෙන් උස්සල බලනවා,ලයිට් එකට අල්ලලා දිලිසෙනවද බලනවා,කරමලේ පාට බලනවා.. එක කෙලියයි.. මාළු ලෑල්ලෙ එකා මාළුවා අරන් හයියෙන් කිව්වා.. 'මහත්තුරු මේ... ඔය මාළුවා මරන්නැතුව යනවද පව් නොදී..' කියලා..
    අපි සෙනිකව ආපහු ආවා..
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. මීගමුවෙ නම් ඕක කියන්නේ පදයකුත් එක්ක

      Padam
  9. මීගමුවේ ලෙල්ලම මගේ ප්‍රියතම තැනක්... මාළි වෙන්දේසියකට ගියාම පොත් පත් නැතිව පාලි සඟිස්කුරුතික ඉගෙන ගන්න පුළුවන් කිසි කරදරක් නැතිව..

    BalasPadam
    Balasan
    1. පාලි සඟිස්කුරුතික ///// ha ha ha

      Padam
  10. මට බල මාළු කන්න ලොකු ආසාවක් තියනවා. ඒත් කොහෙද ඉතින් ගමේ මාළු කාරයා කවදාවත් බල මාළු ගේන්නේ නැහැ. ඇහුවම කියනවා " වැඩක් නැහැ මහත්තයා ඕව ගම් වල විකිනෙන්නේ නැහැ. ඕව කන්න මිනිස්සු බයයි උෂ්නයි කියලා "

    ඉස්සර පියා මැස්සෝ කියල මාළු ජාතියක් හිටියා. ඒත් දැන් නම් ලෑලි වල පේන්න නැහැ.

    BalasPadam
    Balasan
    1. ඔය කතාවෙ ඇත්තක් තියනවද ?

      Padam
    2. මන් හිතන්නේ ඔය මිනිස්සු උෂ්ණ අධික අහාර ලෙස නම් කරලා තියෙන්නේ බහුතරයකට ඇලර්ජි ( අසාත්මික ) අහාර . හැබැයි මටනම් ඔය බල මාළු ,ඉස්සෝ , දැල්ලෝ ,දෙල් වගේ අහාර කවදාවත් උෂ්ණ වෙලා නැහැ. අඩුම තරමේ ඔය අහාර ගත්තයි කියල ශරීරයේ පලුවක් වත් දාල නැහැ.

      Padam
  11. indumathie adikari20 Ogos 2016 pada 7:43 PG

    ආපහු ගම පැත්තට ගියා වගේ.අපේ ගමේ ඉඳලා චුට්ට දුරයි වෙරළට .හැ ම දා ම අලුත් මාළු දැන් .මතක් කරකර අයිස් මාළු වල‍ට හුරු වෙන්න බලනවා .

    BalasPadam
    Balasan
    1. ටීච මීගමුවෙද කොච්චික​්ඩ්ද ?

      Padam
    2. indumathie adikari21 Ogos 2016 pada 3:53 PG

      මහ වැව . අපට තොඩුවාව වෙරළට හරි ළඟයි .
      අර මීගමු කාන්තාවන් ගැ න කියද්දී යාලුවෙක් කියපු විහිළු කතාවක් මතක් වුණා .පොඩි උන් ඉස්කෝලේ ගිහින් ආපහු එද්දිත් අම්මලා මාළු විකුණනවාලු . එයාල අම්මගේ පිටේ එල්ලිලා කුක්කු ඉල්ලනවලු. අම්මා කුක්කුවක් උස්සලා උරහිසට උඩින් දාල කියනවලු ඉඳා බීපන් කියල. මේක විහිළුවට කිව්වත් ඒ අම්මලාගේ දරු සෙනෙහසත් එයාලගේ ජීවිතේ දුෂ්කර බවත් මෙයින් කියවෙනවා කියලයි මට හිතෙන්නේ

      Padam
    3. මහ වැව මගේ යාලුවෙක් හිටියා දර්ශන වික්‍රමනායක කියලා

      Padam
    4. මොවුන් ඉතා අශිෂ්ට ම්ලේච්ඡ ගෝත්‍රිකයන් පිරිසක් බවයි මා නම් අසා තිබෙන්නේ.අප්‍රිකාවේ මාසායි වැනි ගෝත්‍රික පිරිසක්.මහවැව වැනි මොවුන්ට ආසන්න ගම්වල අයම තමයි මොවුන් ගැන චරිත සහතික දී ඇත්තේ.

      Padam
    5. indumathie adikari22 Ogos 2016 pada 6:35 PG

      මගේ හිතවත් ගුරුතුමියකට හිටියා පුත්තු හතර දෙනෙක් .එක දරුවෙක් රුසියාවට ගියා ඉගෙන ගන්න.එයින් එක දරුවෙකුගේ නම දර්ශන .එයාලා වික්‍රමනායක ලා .ඩොක්ටර් කියන්නේ ඒ අය කියලා මම හිතන්නේ.

      මධ්‍යස්ථ මහතුනි, ගිලීමලෙත් ඇත දත සුද්දෝ !!

      Padam
    6. ටීචර් ඒ අය තමයි දර්ශන ගැන තොරතුරක් නැද්ද ?

      Padam
  12. ඔය මාලු කාරයත්, පිටකො‍ටුවෙ ඇපල් වෙළෙන්දත්, මැනිං මාකට් එකේ මැජික් පෙන්නන වෙළෙන්දත් ඔක්කොම ගසාකන්නෙ තමන්ගෙම පන්තියෙ අසරණයන්ව. අන්න ඒකයි අද වැඩි දෙනෙක් මූණුපොතේ විවේචන ඉවසගෙන, තමන්ගෙ පන්තියෙ තමන්ට වංචාකරන එකාව මග ඇරලා සුපර් මාකට් එකට යන්නෙ. අඩුම තරමින් කුණු කතා නාහා යමක් තමන්ට කැමති හැටියට සහ තමන්ට තියෙන හැටියට ‍තෝරගෙන එන්න පුලුවන්.

    BalasPadam
    Balasan
    1. මම දන්න කාන්තාවක් ඉන්නවා පොලේ යන්නේ නෑ හේතුව වෙලෙන්දෝ එන්න ඇන්ටී / අක්කේ කියා බඩු විකුනන නිසා. යන්නේ සුපර් මාකට් මිල වැඩි උනත් නිදහසේ බඩු ගන්න

      Padam
    2. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

      Padam
  13. ගුණාත්මක භාන්ඩ ශිෂ්ට මිනිසුන්ගෙන් මිලදී ගැනීමේ ක්‍රමවේදයකට යන්න අපට බැරිද. ඕනෑම කෙනෙක් මේ රැවටිලිවලට ලක්විය හැකි නිසයි. මීගමුවේ පමනක් නොව රටපුරාම වෙරලබඩ ජනයා සතු පොදු දුර්ගුන මෙහි තිබෙන්නේ.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook