Khamis, 18 Ogos 2016

ඝාතක මානසිකත්වය


පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද අතුරුදන්වූවන් ගැන සෙවීම සඳහා කාර්‍යාලය සඳහා වූ පනත සකස් කළ අයත් ඊට පක්‍ෂ වූ අයත් සියළු දෙනාට මරණ දඬුවම ලබාදිය යුතු යයි ජාතික රණවිරු එකමුතුවේ සභාපති රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි. මීට පෙරද ඔහු සුලඟ එනු පිණිස චිත්‍රපටයේ අධ්‍යක්‍ෂකවරයා එල්ලා මරා දැමිය යුතු යැයි කීවේය​. උසස් හමුදා නිලධාරියෙකු මෙවැනි අයිසිස් වර්ගයේ ඝාතක මානසිකත්වයකට යොමු වූයේ මන්ද ? මිනිසුන් මරා දැමීමෙන් ප්‍රශ්න විසඳිය හැක කියා ඔහු සිතනවාද ? මිනිසුන් මරා දැමීමෙන් ඔහු තෘප්තියක් ලබනවාද ? පශ්චාත් යුද සමාජයක මෙවැනි අදහස් ඇති පුද්ගලයන් මනෝ වෛද්‍යවරුන් විසින් අධ්‍යනය කල යුතුයි නොවේද ? එහෙත් ඒ සඳහා දිරියක් ඇති වෘත්තිකයන් ලංකාවේ සිටියිද ? 

39 ulasan:

  1. මේ වගේ මානසික ලෙඩුන් ගැන. ආබෲ වගේ මැන්ටල් ඩිසෝඩර් ගැන පරීක්ෂණ පවත්වන්න වෙනම ආයතනයක් ඇති කරන්න වෙයි වගේ...

    BalasPadam
    Balasan
    1. මාතෙ ආබෲ ගැන මම කිව්වේ මීට වසරකටත් ඉහතදී (Tuesday, July 7, 2015) http://transyl2014.blogspot.ca/2015/07/blog-post_7.html

      මේ වගේ අය යුද්දයෙන් පසුව පුනරුත්ථාපනය නොකිරීමේ ආදීනව ඉදිරියේදී පෙනෙයි

      Padam
  2. This is very bad thing hapen. This man must first kill. This very racism talk. This is mad man.

    BalasPadam
  3. ලංකාවේ සිටින මනෝ විශ්ලේෂක ලකාන් හුකාන්ලාගේ කටවල් මෙවැනි කේස් ස්ටඩි කරන්නට ඇරෙන්නේ නැති එක ද විශ්ලේෂණය කළ යුතු ව තිබේ.

    BalasPadam
    Balasan
    1. Ha ha para, kata kata, meka wadagath blog ekak!!

      Padam
    2. අජිත් මා දන්නා තරමට පිලිගත් විශ්ව විද්‍යාලයකට හෝ පිලිගත් මනෝ චිකිත්සක ආයතනයකට ගොස් මනෝ විශ්ලේෂණය හදාරන ලද හෝ එසේ හදාරා රෝගීන්ට සායනිකව ප්‍රතිකාර ලබාදෙන පුද්ගලයෙකු ලංකාවේ නැත​. එසේ පුද්ගලයෙකු ඉන්නේ නම් ඔහුගේ නම සහ සුදුසුකම් කරුණාකර දක්වන්න​. ඉතා ගැඹුරින් මනෝ විශ්ලේෂණය හදාරන ලද ලාංකිකයෙකු ලෙසට මට නම් කල හැක්කේ වෛද්‍ය මහසෙන් ද සිල්වා මහතාය​. ඔහු ෆ්‍රොයිඩ් ගේ සිසුවෙකු වූ කාල් මැනිංගර් ගෙන් මනෝ විශ්ලේෂණය හදරන ලද පුද්ගලයෙකි. වර්තමානයේ ඔහු කැන්සාස් හි කොල්මරි ඔනීල් වෙතරානු රෝහලේ මනෝ වෛද්‍යවරයෙකි. අභාග්‍ය නම් සිංහල පොත් වලින් මනෝ විශ්ලේෂණය උඩින් පල්ලෙන් කියවා අන්‍යන් මනෝ විශ්ලේෂණය කරන්නට යන ජෝකර්ලා නම් පඳුරක් ගානේ පවා සිටිති.

      (2)

      Padam
  4. ඉඩි අමින්ගේ ඥාති පුත්‍රයෙක් ද මන්දා. ඉස්සර අපේ ජෝන් උන්නැහෙත් ( ජෝන් කොතලාවල ) ඔය වගේ මෝඩ ප්‍රකාශ කරලු. එක සැරයක් මාවෝ සේතුට අතින් පයින් ගහගන්න කතා කරලු. හමුදාවේ ඉන්න සමහර ලොක්කෝ නුගත්. ඒවගේම අන්තවාදී අදහස් වලින් අන්දවෙලා.

    BalasPadam
    Balasan
    1. හමුදාවේ ඉන්න සමහර ලොක්කෝ නුගත් // yes එක් වරක් ජෙනරාල් ශාමේන් කුලතුංගගේ දියණිය අසනීප වී යුද හමුදා රෝහලට ගෙනාවා. මම ඕපීඩී දොස්තර මෙම ජෙනරාල් ශාමේන් කුලතුංග දුරකථනයෙන් මට නියෝග දෙනවා දියණියට දිය යුතු ප්‍රතිකාර ගැන​. තරු පමණක් තිබෙන නූගත් බලය අතේ තිබෙන පුද්ගලයෙකු සමග විවාද නොකල යුතු නිසා මා නිහඞව නියෝග අසා සිටියා.

      Padam
    2. මුලතිව් jungle එකේ සීමිත මෙහෙයුම කදි මම දැක්ක MLT camp ඒකෙන් අල්ලාගත් අපෙ කොල්ලෝ පේලියට දිගා කරලා ඔළු ටික Tractor එකකින් යට කරල පොඩි කරල දාලා. තව Nedunkerni වලට ගියා MLT camp ඒකෙන් පසු බැහල ආපු තුවාල වුණු අපේ කොල්ලො ටිකක් බේරා ගන්න. අපි යත්දී ගමේ හිටිය tamils ල පොලු වලින් ගහල නිරායුද කොල්ලො ටික මරල ඒ විදියට තව ගොඩක් මම දැකල තියෙනවා . රට වෙනුවෙන් සටන් කරපු සොල්දාදුවෙක්ට තමන්ගේ රට ජාතිය ගැන දැනෙන වේදනාව
      ............අනිත් අයට දැනෙන්නේ අඩුවෙන් .. බව අපි දන්නවා ... නමුත් ......මේකේ තියෙන comments අනුව එච්චර ම අඩුයි කියලා හිතුවෙ නැහැ

      Padam
    3. සටන් භූමියක සහ සිවිල් සමාජයක අතර වෙනසක් තිබේ.

      Padam
    4. මහත්මයා මම හිතන්නේ නැහැ මෙතන ඉන්න කවුරුත් කොටින්ගේ ගේ දරුණු භීෂණ ක්‍රියා අනුමැත කරනවා කියා. නමුත් සිවිල වැසියන් අතුරුදන් වුණා නම් ඒවා සෙවිය යුතුයි. නැත්නම් අපි සිවිල් නිදහස් නැති වීමේ ප්‍රශ්නයකට මුහුන පානවා . ඒවා කොටින්ටත් අදාලයි. දෙමල හැම මිනිහෙක්ම කොටියෙක් නෙමේනේ. අනික 19988-89 වුන අතුරුදහන් කෙරිලි ඒවා සාධාරණද නැහැනේ. එතනත් දෙපැත්තම වග කියන්න ඕනේ නේද? මේක හමුදාවට විරුද්ධව කරන දෙයක් කියා කීම නොමග යැවීමක් .

      Padam
  5. ඔය වගේ මෝඩපහේ හමුදාවේ ලොක්කෝ තමයි හමුදා කුමන්ත්‍රණ කරලා රටක බලය අල්ලගන්න හදන්නේ.

    BalasPadam
  6. තමන්ගේ තිබ්බ නිලයට ගරු කරලා කතා කලා නම් වඩා හොඳයි.

    BalasPadam
    Balasan
    1. Gen කොබ්බෑකඩුව , Gen ජානක පෙරේරා වගේ නිල්ධාරීන් ලඟ තරුත් තිබ්බා , මොලෙත් තිබ්බා මනුස්සකමත් තිබ්බා

      Padam
    2. මේ මහතාටත් PTSD ඇති.

      Padam
  7. සරත් වීරසේකරට ( මා දන්නා තරමට ) යුද්ධයකදී හැර වෙන අයකුට ඝාතනය කල බවට චෝදනා නැත. එසේම වධ හිංසා කල බවට මෙන්ම පහර දුන් බවටද චෝදනා නැත.

    නමුත්,
    වහාබ් (ඔබට අනුව අයිසිස් ) වර්ගයේ ඝාතක මානසිකත්වයක් ඇති බවට චෝදනා ඇති,
    මිනිසුන් මරා දැමීමෙන් ප්‍රශ්න විසඳිය හැකි බව ඔප්පු කරම පෙන්වූ බවට චෝදනා ඇති,
    මිනිසුන් මරා දැමීමෙන් තෘප්තියක් ලබන බවටද චෝදනා ඇති,

    දේශපාලකයන් හා උසස් හමුදා / පොලිස් නිලදාරීන් බොහෝ (රජයේ ඉහල සිට පහලටම) සිටින විටදී

    ඒ ගැන අධ්‍යනය කරන්න දිරියක් ඇති වෘත්තිකයන් ලංකාවේ සිටියිද ?

    අඩුම ගානේ ඔවුන්ව නමින් නම් කරන්නට (දැන් මෙතන කර ඇතුවාක් මෙන් ) දිරියක් ඇති වෘත්තිකයන් ලංකාවේ සිටියිද ?


    BalasPadam
    Balasan
    1. මූ මිනිස්සු මරවපුවා අනාගතේදී එලියට එනවා. මූ නෙවෙයි මැරුවේ. ගොටාගේ ඕඩර්ස් වලට මූ තමයි කෙරෙව්වේ. ඒවා එලියට එන බයට තමයි මූ මෙහෙම කෑගහන්නේ.

      Padam
  8. 1.සරත් විජේසේකර විශ්‍රාමික හමුදා නිලධාරියෙක්
    2.සරත් විජේසේකර දේශපාලඥයෙක්.

    1 පුද්ගලයා ඔහොම කිව්වනම් විනයානුකූලව කටයුතු කල යුතුයි.
    මම දන්න විදියටනම් ඔහු රාජකාරියෙදි විනයානුකූලව කටයුතු කල කෙනෙක්.

    2 පුද්ගලයා ඔහොම කිව්වනම් එ්ක දෙස බැලිය යුත්තේ තම මතය ඒත්තු ගැන්වීමට කල ප්‍රකාශයක් ලෙසයි. එය ඔහුගේ බාශා ශෛලිය විය හැකියි.
    2පුද්ගලයට දඬුවම් කරනවනම් තව ඕනතරම් අයට දඬුවම්කල හැකියි. ඉස්සෙල්ලාම දඬුවම්කල යුත්තේ විග්නේශ්වරන්ට.

    අතුරුදහන්වුවන්ගේ කාර්යාලයෙන් වන්නේ සිංහල දෙමළ ජනකොටස් අතර භේදය වැඩිවිමක්.
    සිංහලයෝ හිතනවා දෙමළු අපෙන් පලිගත්තා කියලා.
    දෙමළු හිතනවා සිංහල ආණ්ඩුව බොරු රඟපෑමක් කරලා අප රැවටුවා කියලා.

    දෙමලාගේ ප්‍රශ්ණය මාස් හිස්ටීරියා තත්වයක්. මෙව්වා නිසා වන්නේ අන්ගේ පිස්සු ඩබල්වීම පමණයි.

    මාක්ස්වාදියෙක්, මනස සෙමින් වැඩෙන අයෙක් හෝ ක්‍රිස්තියානි කාරයෙක් නොවන ඕනෑම සිංහලයෙක්ට ඉහත දැක්වූ කරුණු අවබෝධ වියයුතුයි.

    BalasPadam
    Balasan
    1. ගුදයේ මොලය පිහිටි එකෙකුගේ තප්පුලෑමක්

      Padam
    2. සරත් ෆොන්සේකා රාජපක්ෂලාව ගෝල්පේස් ගෙනෙහල්ල එල්ලනවා කීවහම හුරේ දාපු ගොබ්බයො ටික තමයි සරත් විරසේකාරව කන්න හදන්නේ !

      Padam
    3. සරත් ෆොන්සේකා රාජපක්ෂලාව ගෝල්පේස් ගෙනෙහල්ල එල්ලනවා කීවහම /// ඒ කතාවත් වැරදියි

      Padam
    4. සමස්තයක් වශයෙන් සිංහලයන් වියුක්ත චින්තනයට දුර්වලයි.
      සරත් විජේසේකර විශ්‍රාමික හමුදා නිලධාරියා
      සරත් විජේසේකර දේශපාලඥයා අතර වෙනස

      ජවිපෙ ත්‍රස්තවාදය සහ එල්ටීටීඊ ත්‍රස්තවාදය අතර වෙනස

      මේ සිංහල අපගෙ රටයි යන ප්‍රකාශය මඟින්
      මේ රට සිංහල නොවන තොපිට අයිති නෑ යන අදහස ඇති නොවන බව

      වැනි දේ අවබෝධ කරගැනීමට ඔවුන්ට අමාරුයි.
      දෙමළු, මාක්ස්වාදීන්, ක්‍රිස්තියානීන් වැනි
      සිංහල බෞද්ධ අභිලාශයන්ට විරුද්ධ පිරිස් සිංහලයන්ගේ මෙම දුබලකම සිංහලයන්ට එරෙහිව යොදවනවා
      අප ඒ වරද හදාගත යුතුයි.

      Padam
  9. ඔහුගේ යථා ස්වරූපය ඔහු විසින්ම මනාව පෙන්වාදී තිබේ. මෙවැන්නන් රාජ්‍ය පාලනයට ආවොත් මොනවා නොකරයිද?

    BalasPadam
  10. තමන් ගේ වෘත්තීයේ කටයුතු පුළුල් කර දියුණු කිරීම ගැන කතා කිරීම වරදක්ද?

    BalasPadam
  11. සරත් වීරසේකර උපාසක උන්නැහේට 88-89යේ එකවුන්ට් එකකකුත් තියනවලු නේද?

    BalasPadam
  12. මට සිතෙන්නේ මේ මොහුගේ භාෂා විලාශය බවයි. යුද්දෙ යනකාලෙ කකුලෙන් ඇදල හමුදාව චිත්ත ධෛර්ය බිද දමා ත්‍රස්තවාදීන්ට අනියම් වාසියක් ලබා දීමට නිර්මානය කල සිනමා පටයකට සම්මාන ලැබුනම මොහු පල කල අදහසත් මේ වගෙ එකක්.

    මොහු තුලින් මම දේශප්‍රේමීයත්වක් සහ නිර්ව්‍යාජ බවක් දකිනවා.

    මම රණවිරු සංකල්පය තුල නැති බවත් කියන්න ඕන. වැටුප් ලබන සොල්දාදුවාට රනවිරුව කියන එක වරදක්. ඔහු රැකියාවක් කරන්නෙ. ඇත්තටම බොහෝ සෙබලුන් යුද්දෙ ඉවර වුන එක ගැන දුකෙන් ඉන්නෙ. විවිධ දීමනා ලැබුන නිසා. අණ ලබුනොත් ඔහු කොටින්ට හරවන අවියම අපටත් හරවනවා. ඒ ඔහුගෙ රැකියාව.
    නමුත් මොහු තුලින් රැකියාව ඉක්මවා ගිය දේශපාලන හා සමාජ දැනුමක් සහිත චරිතයක් මා දකිනවා.

    මොහුගෙ වැඩිමහල් සොහොයුරා නම් 89 භීෂන කාලෙ බුදුදහමත් අඩු වියදම් ආදාහන ක්‍රමත් සමබරව කරගෙන ගියා.
    උඩ ඇණය කියන්නෙ මෙයාගෙ අයියගෙ අනුරාධපුරේ 89 එකවුන්ට් එක වෙන්න ඇති.

    BalasPadam
    Balasan
    1. දේශප්‍රේමීයත්වක් සහ නිර්ව්‍යාජ බවක් මෙන්ම මරි බවක් ද මට පේනවා

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook