Rabu, 17 Ogos 2016

ඕපීඩී නයා

 

මීගමුව රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කල කාලයේදී සර්පයන් දෂ්ඨ කිරීම නිසා ගෙන ආ රෝගීන් ගනනාවකටම මම මූලික ප්‍රතිකාරයන් ලබා දී ඔවුන්ව අදාල වාට්ටු වලට යොමු කලෙමි. බොහෝ විට මෙම රෝගීන් රැගෙන එන ඤාතී මිත්‍රාදීන් දෂ්ඨ කල සර්පයා ගේ හිස පොඩි කොට උන්වද රැගෙන එති. ඊට හේතුව නම් වෛද්‍යවරුන්ට දෂ්ඨ කල සර්පයා පෙන්වීම සඳහාය​. බොහෝ විට මේ සර්පයන් නයි , පොලඟුන් හෝ විශ රහිත සර්පයන් වෙති. 

වරක් සර්පයෙක් දෂ්ඨ කිරීම නිසා විසඥවූ රෝගියෙකු මීගමුව රෝහලේ බාහිර රෝගී අංශයට ගෙන එන ලදි. එදින මා සේවා මුරය ආවරණය කලෙමි.    මම සේලයින් බෝතලයක්  රෝගියාගේ ශිරාවකට සම්බන්ධ කොට ඔහුට හුස්ම ගැනීම  පහසුවට ඇම්බු කලෙමි. ඒ අතරවාරයේ රෝගියා රැආ මෝඩ පහේ තරුණයෙක් " සර් මේ තමයි අපේ විමලේ අයියාව කාපු සරපයා " කියා ලක්ස්ප්‍රේ ටින් එකක දමා සිටි සර්පයෙකු  මගේ මේසය මතට හැලුවේය​. 

මේ  සර්පයා පත සයිස් නාගයෙකි. ඌට පහර දී අඩපණ කොට තිබුනද මේසය මතට වැටුණු නයා පණ ගසාගෙන විත් පෙනේ කරන්නට විය​. මේ දසුන දුටු ඕපීඩී හෙදිය මරහඞ දී දිව ගියාය​. මමද පුටුව පෙරලාගෙන ඕපීඩී කාමරයෙන් දිව ගියෙමි. ඉන් පසුව ට්‍රොලියක දමා සිටි රෝගියාව ඕපීඩී කාමරයෙන් ඉවතට ගත්තෙමි. 

පොළු පාරවල් වැදී අඩපණවී සිටි නයා ක්‍රමක් ක්‍රමයෙන් පණ ගසාගෙන එයි. උගේ පෙනයේ ඇති ප යන්නද හොඳින් පෙනේ. "සිසිරට කතා කරන්න" මම කෑගැසුවෙමි. සිසිර බාහිර රෝගී අංශයේ සේවය කරන මේල් නර්ස් කෙනෙකි. ඔහු ඕනෑම දෙයකට ඔට්ටු අයෙකි. අපගේ අභාග්‍යකට මෙන් සිසිර පේන තෙක් මානයක නැත​. 

නයා මේසය මත දරණ ගසා ගෙන සිටියි. නයාව ගෙනා තරුණයා කොස්සක් රැගෙන යළිත් නයාට පහර දීමට යයි. මම ඔහුව ඉවතට ගත්තෙමි. අපගේ වාසනාවකට මෙන් එදා රෝහල් පොලිසියේ සිටියේ අහිංසක පොලිස් වූ ආරියරත්න රාලහාමි නොව කොච්චිකඩේ පොලිසියේ නැඩ රාලහාමි කෙනෙකි. ඔහු තරුණයාගෙන් කොස්ස අරගෙන නාගයාට දුන්නේ එක පහරකි. එයින් නාගයා ජන්මාන්තර ගත විය​. ඉන්පසු  සුරක්‍ෂිතව නයි කුණ ලක්ස්ප්‍රේ ටින් එකට දමා පියන තද කල  රාලහාමි මෙය රෝහලේ කුණු පුච්චන ස්ථානයට ගෙන යන ලෙස කම්කරුවෙකුට භාර දී නාගයා අපරික්‍ෂාකාරීව මගේ මේසය මතට හෙලූ තරුණයාට බැණ වැදුනේය​. 

කෙසේ නමුත් නාග කලබලයෙන් පසු අප සුරක්‍ෂිතව රෝගියා වාට්ටුවට යැව්වෙමු. ඉන් පසු මම වෛද්‍ය අංශයේ ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී සුජීව අමතා රෝගියාගේ තත්වය ගැන ඔහුව දැනුවත් කලෙමි. වෛද්‍ය සුජීව පැමිණ රෝගියා බලා නිසි ප්‍රතිකාර කොට රෝගියාගේ ජීවිතය බේරා ගත්තේය​. 

එදායින් පසු සර්පයන් දෂ්ඨ කිරීම නිසා ගෙන රෝගීන් සමග ගෙන එන ජීවී නිදර්ශක ඈතින් සිට පෙන්වන ලෙස මම රෝගීන් ගේ ඤාති මිත්‍රාදීන්ට දැණුම් දීම නිබඳවම කලෙමි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

28 ulasan:

  1. පල් මෝඩයෙක්නෙ අර මනුස්සයා.. තව පොඩ්ඩෙන් සර්පයා දෂ්ඨ මිනිහව මැරිලා, තව දෙතුන් දෙනෙක්වම සර්පයට කියලා දෂ්ඨ කරෝ ගන්න තිබුනා...

    BalasPadam
  2. සර්පයෝ මතක් කරන්ඩ එපා

    BalasPadam
  3. හෙහ් හෙහ්, ගෙනාපු මිනිහටම ඌව අල්ලගන්න ඇරියානම් ඉවරයි. ඕනෙනම් පස්සේ මිනිහටත් බෙහෙත් කරන්න වෙයි.

    BalasPadam
    Balasan
    1. එතකොට මට ලෙඩ්ඩු දෙන්නයි

      Padam
  4. අහින්සක මෝඩ මනුස්සයෙක් වෙන්න ඇති . මිනිහ හිතන්න ඇති නයි ගහපු මිනිස්සුන්ව හොඳ කරන දොස්තර මහත්තුරු නයින්ට බය නැහැ උන්ව මෙල්ල කරන්නත් දන්නවා කියලා.

    BalasPadam
    Balasan
    1. නයි නලාවකුත් කරේ දාගෙන ඉන්න වෙයි

      Padam
  5. සමහර ඉස්පිරිතාල වල දශ්ඨ කරපු සර්පයා ගෙනිච්චෙ නැත්තං ගෙනියන එවුන්ට බලු බැණුම් අහන්න වෙනවනෙ.වැඩි හොඳට ලඟින්ම බලන්න අර මනුස්සයා මේසෙ උඩටම දාන්න ඇති. කලබලේ නෙ... හෙහ් හෙහ්
    ජයවේවා..!!

    BalasPadam
  6. නයා ගෙනාපු මිනිහ දැකලා ඇති සමහර දොස්තර මහත්තුරු නයා පාර දාන හැටි. මිනිහට හිතෙන්න ඇති එහෙව් දොස්තර මහත්තුරුන්ට මේ පොඩි නයෙක් කජ්ජක්ද කියලා!

    BalasPadam
  7. දැන් රුවන්, කාපු සර්පයා මොකාද කියලා නොදැන antidote එක ‍තෝරගන්න පුලුවන්ද? එක එක සර්පයට ගැලපෙන වෙන වෙනම antidote නැද්ද? එතකොට ඇත්තටම කාඋ සර්පයා නිර්විෂනම් antidote දුන්නොත් ලෙඩා මැරෙන්නෙ නැද්ද?

    BalasPadam
    Balasan
    1. මුලින්ම ලෙඩාව මොනිට කරනවා , හාට් බීට් අඩු වෙනවනම් ප්‍රෂර් ඩරොප් වෙනවනම් , රුධිර පරික්‍ෂාවේදී වෙනස්කම් තියනවනම් ප්‍රති විෂ ලබා දෙනවා

      Padam
    2. ඔහොම කරන්න ගිහින් කුඩා දැරියකට දෂට කරපු පොළොන් පැටියාව ගෙනත් පෙන්නලත් විෂ දුවනවාද කියලා බලන් ඉඳලා දරුිය මියගියා.මේක වසර 03 විකර කලින් සන්ඩේ ටියිම්ස් එකේ දාලා තිබුනා.

      Padam
    3. හරියට මොනිට කරලා නැති හැඩයි

      Padam
  8. නයි ගැන හොඳ සංවාදයක් ගියා ඊයේ දෙරන රූපවාහිනියේ... නොපෙනන මානය කියන වැඩ සටහනේ... පුලුවන්නම් හොයාගෙන බලන්න..

    BalasPadam
    Balasan
    1. සිරාවට එක නියම සංවාදයක්.

      Padam
  9. බලා ගෙන ගියාම දොස්තර මහත්තුරුන්ටත් තියෙන්නේ පුදුම අත්දැකීම් ! ඇති ඔයින් ගියා !!

    BalasPadam
    Balasan
    1. පුදුම ඒවා තියෙන්නේ

      Padam
  10. මදැයි ඔයින් ගියා ! . අපේ රටේ මිනිස්සු සර්පයෝ ගැන තාම දැනුවත් නෑ . නැතිනම් උන් මරන්නේ නැතිව සතා අඳුන ගන්නවා

    BalasPadam
    Balasan
    1. එකම සතාට නම් ගනනාවක් තියනවා

      Padam
  11. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මෙඩ්ඩන් නුවර රෝහලේ සායනික පුහුණුව සඳහා බස් එකේ යනවිට ස්ටෙත් එම නමැති නයාගේ පෙනයේ කොටසක් පමණක් පේන්න එළියට දමාගෙන යන බව ප්‍රකට කරුණකි.

    BalasPadam
  12. Love the way the story is written !!

    BalasPadam
  13. නයිය පණ ගහල ආවා, නයිය ගෙ පයන්න දැක්ක, නයිය luxpray ටින්ක එකට පැටෙව්ව හා හා . . .

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook