Sabtu, 13 Ogos 2016

රෙඩ් නෙක්

 

ශ්‍රී ලංකාවේ සිටියදී අපගේ වත්ත සුද්ද කිරීම සඳහා පීටර් නම් මිනිසෙකු විය​. තොප්පියක් දමාගත් ඔහු වත්තේ වල් උදුරා ගස් වලට සාත්තු කරයි. අපගේ නියමයෙන් ඔහුට මෙහෙකාරිය තේ එකක් ද පසුව කෑම පිගානක් ද දෙන්නීය. ඉන් පසු වැඩ අවසන් කරන පීටර් රුපියල් සීයක් රැගෙන යයි. 

පසු කාලයක මහජන බැංකුවේ හිටපු සභාපති කරුණාජීව මහතා විසින් රෙකමදාරු කල විනී නම් පුද්ගලයාද වතු වැඩට ආවේය​. කසිප්පු බීම නිසා විනී වයසට වඩා වයස්ගතව පෙනේ. ඔහු වැඩ කරයි. ඉන්පසු මුදල් රැගෙන කෙලින්ම යන්නේ කසිප්පු බීමටයි. ඔහුගේ මේ පුරුද්ද කෙලෙසින්වත් නවත්වනු නොහැකි විය​. පසු කාලයක දිවේ පිළිකාවක් සෑදුනු විනී අකාලයේ මිය ගියේය​. ඔහුගේ මරණය ඉක්මන් කලේ කසිප්පු සහ බීඩිය​. 

කැනඩාවට පැමිනීමෙන් පසු මෙහෙකරුවන් නොමැතිව අපගේ වැඩ කර ගැනීමට සිදු වීම මහත් අභියෝගයක් වූයේය​.  හිම කාලයට නිවෙස ඉදිරිපිට හිම ශුද්ධ කර ගැනීමටත් ග්‍රීෂ්ම කාලයේ ගෙවත්තේ තණකොල කපා ගැනීමටත් සිදුවීම එක්තරා ආකාරයක අමතර බර වැඩකි​. මේ වැඩ සඳහා අපගේ අසල්වැසියන් විසින් මයික් නම් පුද්ගලයෙකු රෙකමදාරු කලේය​. 

මයික් වයස හැටක පමණ උස සුද්දෙකි. ඔහුද පීටර් සහ විනී මෙන් ඩෝප් දමන්නෙකි. නමුත් පීටර් සහ විනී මෙන් නොව මිතුරන් මෙන් අප සමග හරි හරියට කතා කරන ඔහු තමගේ සේවය ගැන කෙටි හැඳින්වීමක් කොට අය කරන ගනන් හිලව් ද කීවේය​.  

වත්තේ තණකොල කැපීමට කුඩා තණකොල කපන යන්ත්‍රයක් ගෙන ආ ඔහු කාර්‍ය නිමවා මගෙන් ඩොලර් පණහක් අය කලේය​. ඔහුගේ වැඩ ඉතා පිලිවෙලය​. කැපූ  තණකොල ඔහු විශාල කඩදාසි බෑග වල දැමුවේය​. ඔහු ඉතා හොඳින් වත්ත පිරිසිදු කල නිසා මම මුදල් වලට අමතරව මට තෑග්ගක් ලෙස ලැබුණු මිල අධික කියුබන්   සුරුට්ටුවක් ද ඔහුට දුන්නෙමි. සුරුට්ටුව අතට ගත් මයික් එහි සුවඳ බලා අනර්ඝයි කීවේය​. 

මයික් ලා වැනි සුදු හම තිබෙන එහෙත් අධ්‍යාපනය අඩු සුළු සුළු රැකියා කරන මිනිසුන්ට උතුරු ඇමරිකාවේ කියන්නේ රෙඩ් නෙක්ලා කියාය​. නමුත්  මෙම වචනය නිගර් යන වචනය මෙන් අප්‍රසන්න වචනයකි. 

උතුරු ඇමරිකාවේ ලංකාවේ මෙන් විශාල පන්ති භේධයක් නැතත් රෙඩ් නෙක්ලා සහ සුදු කරපටි සුද්දන් අතර විශාල වෙනසක් තිබේ. මා දන්නා  සුදු ජාතිකයෙකු වන (සුදු කරපටි)  චාල්ස් , මයික්ට වඩා වෙනස් ය​. මයික් පරණ ෆෝඩ් රථයක් පදවන අතර චාල්ස් එලවන්නේ අළුත්ම අවුඩි රථයකි. මයික් බොන්නේ බියර් හෝ ලාභ විස්කි වර්ගයකි. නමුත් චාල්ස් මිලෙන් අධික ප්‍රංශ වයින් පානය කරයි. මයික් දිවා ආහාරය ලෙස බර්ගරයක් ගිල දමන විට චාල්ස් ඉතලියානු කෑමක් ඇණවුම් කරයි. මේ දෙදෙනා එකම ඉංග්‍රීසියක් කතා කලද  දෙදෙනාගේ කතා විලාසය සහ  වචන උච්චාරණයද වෙනස් බව මට පෙනී ගොස් තිබේ.   

මේ අනුව පෙනී යන සත්‍ය නම් රෙඩ් නෙක්ලා සහ සුදු කරපටි සුද්දන් අතර සමාජ ආර්ථික හිඩැසක් තිබෙන බවයි. 

22 ulasan:

  1. පීටර්, වීනී, මයික්, චාල්ස්......
    නම්වල නම් වෙනසක් නෑ.

    BalasPadam
  2. මට සිහිවුනේ අම්මා දැන් ජීවත්වෙන ප්‍රදේශයේ සිටි බර්ගර් කොලුවෙකු ගැනයි. කොළඹ පාසලක ඉංග්ලිෂ් භාෂාවෙන් ඉගෙන, පසුව සේල්ස් රෙප් වැනි රැකියාවක් කරමින් සිට, බීමට ඇබ්බැහි වීම නිසා, රැකියාව නැති වී, අත් උදව් දෙන කුලී වැඩ කරමින් සිට කසිප්පු බීමෙන්ම පසුව මිය ගිය බව ආරංචි වුණා!

    BalasPadam
  3. නොසිතුවාට, නොපෙනුනාට හැමතැනකම බේධය...

    BalasPadam
    Balasan
    1. ඔව් එහෙම වෙන්න පුළුවන්. නමුත් දකුණු ආසියානු රටවල ඔය තත්වය වඩාත් හානිකර තත්වයක පවතී. විශේෂයෙන්ම ආගම මුලික වුන රටවල පන්ති බේදය , ජතිවාදය වැඩිය.

      Padam
    2. සමාජය විශමයි

      Padam
  4. ලංකාවේ දැනට කම්කරු හිගයක් පවතී. සති අන්ත පුවත්පත්වල කම්කරුවන් ඉල්ලා දැන්වීම් සියගණනක් දැකිය හැකියි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශාල කම්කරු හිගයක් පවතී. පාසල් හරයන්නවුන් පහසුවෙන් මුදල් ඉපයීමේ මාර්ගයක් ලෙස බොහෝවිට තෝරාගන්නේ ත්‍රිරෝද රථ පැදවීමේ රැකියාවයි. ගෙවත්තේ සියලු වැඩ කිරීමට දැන් අපි වැනි යට හිතේ හයිය තිබුනත් සමහරවිට එය අවදානම් කාර්යයක්. එක පොල් ගසක පොල් කඩන්න රු 100ක් අයකරන අතර, පොල් කෙක්කක් හදාගෙන මම පොල් කඩුවත් වැරදුනොත් පොල් ඔලුවට වැටෙන්න පුළුවන්.

    තණකොළ කපන (පිටේ බැඳගෙන යන) යන්ත්‍රයකින් අපේ ගෙදර ඉදිරිපිට කානුව අවට මීටර් 15 ක් පමණ දිග මීටරයක් පමණ පළල කොටසේ කැපීමට අවම රු 350 ක් අයකරනවා. යාලුවන්ගේ යන්ත්‍රයක් ඉල්ලාගෙන මුළු ගෙවත්තේම තණකොළ කපන්න මට වියදම් වන්නේ රු 200 ක පෙට්‍රල් පමණයි.

    අපේ වැඩ අපිම කරගැනීම නොපමාව සෑම දෙනාම ප්‍රගුණ කලයුතුයි.

    BalasPadam
    Balasan
    1. අපේ වැඩ අපිම කරගැනීම නොපමාව සෑම දෙනාම ප්‍රගුණ කලයුතුයි.////////// ඔබ කියන එක පිලි ගන්නවා ; ඒත් සමහර අවස්ථා වලදී බාහිර උදව් අවශ්‍යයි

      Padam
    2. තණකොළ කපන යන්ත්‍රය නඩත්තුව,ප්‍රවාහනය,මහන්සිය සඳහා අයකිරීම 150යි.සාධාරණ අයකිරීමක්.

      Padam
  5. හිම අයින් කිරීම ගැන නම් දන්නේ නෑ.නමුත් ඉතින් තනකොල කපාගන්න එකනම් බර වැඩක් වෙන්නේ අක්කර ගානක ගාඩ්න් එකක් තියනවනම් විතරනේ.නරකද රුවන්ටත් ව්‍යායාමයක් හැටියට තනකොල ටික කපා ගත්තොත්.සෙල්ෆ් ප්‍රොපෙලින්ග් තනකොල කපනයක් ගත්තහම ලේසිනේ.හැබැයි ඉති ඕවා බලාකියා ගන්නත් වෙනවා.

    BalasPadam
    Balasan
    1. බැක් යාඩ් එකේ තනකොල කපන්නේ මම ,

      Padam
  6. මටනම් දැන් බර වැඩ කිරීමට ගොඩක් අමාරුය. ඒක නිසා ගෙදර වැඩට මැදි වයසේ කාන්තාවක් සේවයට ගත්තෙමි. වයස 45 පමණ වන ඇය මා නිවසට පැමිණෙන විට ගෙදර පිරිසිඳු කොට මාගේ ඇඳුම් සෝදා ඉස්ත්රික්ක කර ලස්සනට අල්මාරියේ අසුරා තබයි. මගේ කාමර අතිශයින්ම පිරිසින්දුය. ඉතා රසවත්ව කෑම පිස තබයි. ඇය සේවයට පැමිණෙන්නට පෙර මාගේ කාමරය , නිවාස අපායකි. අස් පස් කරන්නේ සති අගය. කෑම කඩෙන් ය. නමුත් අද රසට කෑම කන්නට හැකිවුයේ ඇය නිසාය.

    මගේ තවම වයස 34 කි. දැන් පොඩ්ඩක් දුර ඇවිද්දොත් හතිය. පාසල් යන කාලයේ කෙට්ටුවට සිටි මම දැන් ටිකක් මහත් වී ඇත.ශරීර හොරය. පුටුව උඩටම වෙලා සිටීමේ ප්‍රතිපලය.

    කොහොම නමුත් තමන්ගේ වැඩ තමන්ම කරගන්නවානම් ශරීරයට ගුණය.

    BalasPadam
    Balasan
    1. කොහොම නමුත් තමන්ගේ වැඩ තමන්ම කරගන්නවානම් ශරීරයට ගුණය.++++++++++++++

      Padam
  7. සංසන්දනාත්මක සමාජ විග්‍රහයක් !
    ඔබේ ලිපි කියැවීම කොහොමත් රසවත්

    ලංකාවේදී නම් "රෙඩ් නෙක්" කියලා කියන මල් තවාන් කාරයෝ කොහෙන් හරි ගෙනත් බෝ කරපු පොල් ගහක් තරමට ලොකුවට වැවෙන කොලපුවේ රතු බූවක් තියෙන පුවක් පවුලට අයිති ගහක් නම් තියෙනවා.

    BalasPadam
  8. අපේ පළාතේ තණකොළ කපන, ගොඩනැගිලි අලුත්වැඩියා කරන, කාර්යාල/නිවාස පිරිසිදු කරන, ඕනෑම වර්ගයේ ආපන ශාලාවල කෑම සකස් කිරීම වගේම විශාල ඉදිකිරීම් වැඩ ඔක්කොම කරන්නේ මෙක්සිකානුවන්. මගේ ගෙදර තණකොළ කපන්න ඔවුන් අයකරන්නේ ඩොලර් විස්සක් පමණයි; ලාභ ශ්‍රමය.

    ට්‍රම්ප් මහතා තාප්ප බැඳ නවත්වන්න හදන්නේ මොවුන් තමයි. නමුත් මම හිතන්නේ නැහැ කිසිම ඇමරිකානු ආණ්ඩුවක් සම්පූර්ණයෙන් මෙක්සිකානුවන් ඇමරිකාවට එන එක නවත්වයි කියලා. එහෙම උනොත් මේ වගේ කම්කරු වැඩ කරගන්න විශාල මුදලක් වැය කරන්න මෙහේ අයට සිදු වේවි. නිවාස වල වගේම අහාර වල මිළත් දැනට වඩා සෑහෙන ප්‍රමාණයකින් ඉහළ යයි.

    BalasPadam
    Balasan
    1. ඒකනම් ඇත්ත​. අර ෆිල්ම් එකකුත් තිබ්බා නේද මෙක්සිකානුවන් ඇමරිකාවෙන් අතුරුදහන් වූ පසු ඇමරිකාවේ කඩාවැටීම ගැන

      Padam
  9. I've heard a hell of a lot of redneck jokes. And we shouldn't forget the blond jokes, too. I guess that is pure jealousy.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook