Jumaat, 3 Jun 2016

යියා මාන්



මා සමග මිතුරු වූ ජැමෙයිකානුවන් කිහිප දෙනෙකු සිටිති. ඔවුන් මා දකින විට යියා මාන් කියති. මමද ඔවුනට යියා මාන් කියමි. යියා මාන් යනු ඉංග්‍රීසියෙන් යියස් මෑන් විය යුතුය​. මෑන් යන්න ඔවුන් කියන්නේ මාන් කියාය​. තවද බොහෝ ජැමෙයිකානුවන් තම බිරිඳට වූවද අමතන්නේ මාන් කියාය​. 

ජැමෙයිකානුවන් තුල අප්‍රිකානු ලක්‍ෂණ තිබුනද ඔවුන් අප්‍රිකානුවන් ගෙන් බොහෝ සෙයින් වෙනස් වෙති. එසේම ඔවුනට වෙනම සංස්කෘතික ලක්‍ෂණ තිබේ. ඔවුන් රෙගේ සංගීතයට ප්‍රියය​. මම බොබ් මාලේ , සිගි මාලේ , පීටර් ටොෂ් , ග්‍රෙගරි අයිසෙක් යන ගායකයන් ප්‍රිය කරන බව කියූ විට ජැමෙයිකානුවන් ප්‍රීතියෙන් ඉපිලෙති. 

 ජැමෙයිකාවට මුලින්ම ආවේ ක්‍රිස්ටෝෆර්  කොලම්බස් ය ඔහුගේ සහචරයන් ජැමෙයිකාවේ ආදිවාසීන් වූ අරවක් සහ ටයිනෝ ජාතිකයන් වඳ කලහ. ඔවුන් මෙම කැරිබියානු දිවයින සන්තියාගෝ ලෙස නම් කලහ​. පසුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් සන්තියාගෝ දිවයින ජැමෙයිකා කියා හැඳින්වූහ​. 

වරක් ජැමෙයිකානු රස්ටාෆාරියෙකු සමග මම කතා බස් කලෙමි. රස්ටාෆාරි යනු ආගමික නිකායකි. ඔවුන් ගංජා ධූමය අධ්‍යාත්මික සුවය සඳහා යොදා ගනිති. එසේම ද්‍රව්‍යාත්මක දේවල් පසුපස ලුහු නොබඳිති. ඔවුන් ගේ කොණ්ඩය හවරි මෙන් කඩා හැලේ. මෙම රස්තෆාරියා මා සමග පැය භාගයකට වඩා අධික කාලයක් කතා කරමින් ඔවුන් ගේ දර්ශනය ගැන මට කියා දුන්නේය​. 

සෙනෙකා කිං කැම්පස් හි සිටි ජැමෙයිකානු තරුණිය මට මතකය​. ඇය ගේ නම ටෙරිකාය​. ටෙරිකා කළු පැහැතිය​. එසේම කුඩා ශරීරයකින් යුක්ත වූවාය​. ටෙරිකා ජැමෙයිකාව ගැන බොහෝ කතා කීවාය​. ජැමෙයිකාව සුන්දර රටකි එහෙත් එහි ලංකාවේ මෙන් දූෂිත දේශපාලකයන් සමග අත්වැල් බැඳගත් පාතාලයක් තිබේ. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග

14 ulasan:

  1. ජැමේයිකාව කොදෙව් දුපත් වල තියෙන එක රටක්නේ.බාබඩොස්,බර්ම්‍යුඩා වගේ වෙනත් ස්වාදින රටවල් ඒ අතරේ තියෙනවානේ.මේ කොදෙව් වෙනත් ජාතින් යටත් කරගන්න පෙර එකම රාජ්‍යක්ව තියෙන්න ඇතිද

    BalasPadam
    Balasan
    1. ජැමෙයිකාවේ ආදීවාසීස් වර්ග දෙකක් හිටියානම්, අනෙක් දූපත්වලත් වෙනත් ආදිවාසී වර්ගත් ඉන්න ඇතිනේ, ගොඩක් වෙලාවට ඒ කාලේ එහේ තියෙන්නත්තේ පෙඩරල් සමූහාණ්ඩුවක් වෙන්නැති.

      Padam
    2. මම හිතන්නේ වෙනම රාජ්‍ය හැටියට තියෙන්න ඇති

      Padam
  2. ගංජා බීමත්, ද්‍රව්‍යාත්මක දේවල් පසුපස ලුහු නොබැඳීමත් අතරේ සමානුපාත සම්බන්ධයක් තියේද? ගංජාකාරයේා පාර්ලිමෙන්තු යවමු.

    BalasPadam
    Balasan
    1. ගංජාකාරයේා නෙවෙයි කුඩුකාරයෝ පාර්ලිමෙන්තුවේ ඉන්නේ

      Padam
  3. නූගත්කම, දිළිඳුකම, සමාජ අපචාර, මග පෙන්වීමක් නැතිකම, මේ රටේ දියුණුවට මහත් බාධාවක් වී ඇති බව අසා තිබනවා.

    BalasPadam
  4. යෙ මාන් ගිහ් මිය කර්ය බාග්...yes man..give me a carrier bag.

    මෙලෝ එකෙකුට තේරෙන්නේ නැහැ මේ කියන්නේ මොකක්ද කියලා.කාලයක් යනවා තේරුම් ගන්න. උන්ගේ කතා විලාශය විතරක් නෙමේ ඒ ඒ චරිත පවා. ජීවිතයම ෆන් තමයි. ෆිට් වුනොත් බොක්කෙන් ෆිට්. කචල් නම් මරණය වුනත් බලාපොරොත්තුවෙන් තමයි කචල් එක දාගන්න ඕන.මට මේ අයගේ ගැන්ග්ස් පුරවරයක කාලයක් වැඩට යන්න වුනා.ගංජා,හශීස්, හෙරොයින්, කොකේන්,ක්‍රැක්, ටැබ්ලට්ස්, ඉල්ලුමට සැපයුම..මේවා වෙනම රාජ්‍යය වගේ. පොලිසිය ලොකු සටනක් දෙන්නේ. මතකද 2011 Tottenham riots.

    ඒ වගේම තමයි ඉතා උගත්, බුද්ධිමත්, සමාජයට සේවයක් කරන ඉතා පරිත්‍යාගශීලී, ආගමික නැඹුරුවක් සහිත ප්‍රජාවක් ඉන්නවා ලෝකයටම සේවයක් කරමින්. ඉතාමත් විශිෂ්ඨ ගනයේ ක්‍රීඩකයෝ/සංගීතඥයෝ/කලාකරුවෝ. ශක්තිමත් ප්‍රජාවක්.

    රස්ටාෆේරියන්ස්ලා නම් පුදුම පොරවල්. යාලුවෝ කීප දෙනෙක් හිටියා.

    BalasPadam
    Balasan
    1. ෆිට් වුනොත් බොක්කෙන් ෆිට්. කචල් නම් මරණය වුනත් බලාපොරොත්තුවෙන් තමයි කචල් එක දාගන්න ඕන.///// true

      Padam
  5. ඩොක්.. ගංජා භාවිතයට හොඳින්ම හුරු උන කෙනෙක් මානසිකව රෝගී වෙනවද? මොකද ගංජා භාවිතයත් සමඟම මිනිසුන් සාමකාමී ගැඹුරු වින්දනාත්මක අත්දැකීම් ලබන බවක් තමයි පෙනෙන්නෙ.කලබලයක් නැතිව.මේක කාලයක් යනකොට ගංජා නැතුවත් ඔවුන් අත්විඳිනවා.
    මේ ගැන වයිද්‍ය විද්‍යාත්මක ඇත්ත මොකද්ද?
    අර ඔබතුමා ලියපු හෙරොයින් ගැන ඉංගිලිසි ලිපිය මතක් උනා.වෙළඳපලේ පොපි සහ කැනබීස් සටනක් ඇතිවෙලා කියලා දැනෙන නිසා මාතෘකාව ගැන උනන්දු හිතෙනවා.
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. ගංජා භාවිතයට හොඳින්ම හුරු උන කෙනෙක් මානසිකව රෝගී වෙන්න පුලුවන් , විශාදිය වගේම සයිකෝසියාව ඇතිවෙන්න පුලුවන්

      Cannabis use and Mental Health
      Posted on July 15th, 2015
      Dr. Ruwan M Jayatunge
      Cannabis sativa (Marijuana) has been used throughout the world medically, recreationally and spiritually for thousands of years (Maule, 2015). It is the most commonly used illicit drug in the world (Wittchen et al., 2009). Despite being illegal in many countries it is easily obtainable and even homegrown (Delisi te al., 2006). According to the Results from the 2011 National Survey on Drug Use and Health the rate of marijuana use has had a steady increase since 2007. Cannabis use continues to constitute social and public health problem.

      Read more ; http://www.lankaweb.com/news/items/2015/07/15/cannabis-use-and-mental-health/

      Padam
  6. බටහිර සංස්ක‍ෙෘතියට හා සමාජයට ඉක්මනින් absorb වන්නේ අප්‍රිකන වර්ගයේ ජනතාවය.ඉන්දියානුවන් හා ලාංකිකයන් එම සංස්කෘතියට කිසි විටක පළමු හෙවත් එම රටවලට පය තබන මුල් අය බටහිර සංස්කෘතිට අනුගත නොවනවා පමණක් නොව දෙවන පරම්‍පරාවද බටහිර සංස්කෘතියට අනුගතවීම නුරැස්සති.මෙනිසා මෙම ළමුන් විශේෂයේන් ගැහැනු ළමුන් මානසික පීඩනයකට ලක්ව අැති බව සමාජ විද්්‍යාඤයින් සොයාගෙන අැත.අැමරිකානුවන්ගේ සංගීත රටා ජෑස්,ටැප් ඩාන්ස් , ටැබූ ,අප්‍රිකානු ගෝත්‍රික සංගිත රටා හා නැටුම්‍ රිත්ම වලට සමානය.අප්‍රිකානුවන් එම රටකට පය තැබූ විගසම බටහිරට අනුගත වේ.ඔවුන් ගේ වෙනම අාගමික සංස්ථා නැත.කෝවිල් පංසල් පිහිටුවා ගෙන තම වර්ගයාට පමණක් සේවය කරන අායතන අප්‍රිකානුවන්ට නැත.දෙවන පරම්‍පරාව විවාහ වීමේදී කූලය අාගම නොසයති.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook