Khamis, 7 April 2016

ඊ අබේකෝන් මිය -ප්‍රාථමික ගුරුවරියන් අතර සදාතන පරමාදර්ශී ගුරුවරිය



1973 වසරේ සිට 1985 වසර දක්වා මම කොලඹ නාලන්දා මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවෙමි. ප්‍රාථමික ශ්‍රේණි වලදී මට ඉගැන්වූ ගුරුවරියන් අතර සුවිශේශ ගුරුවරියක් ලෙස මට ඊ අබේකෝන් මිය මතකයට නැගෙයි. ඇය පාසලට පැමිණියේ කළු පැහැති ෆෝඩ් ඇඟ්ලියා රථයකිනි. සිංහල සහ ඉංග්‍රීසි භාශාව මනා සේ හැසිරවූ ඇය ඉතා මනහර ලෙස පියානෝවද වාදනය කළාය​. ලංකාවේ මෙන්ම පිටරට ලෝකය පිළිබඳ මනා දැණුමක් තිබූ ඇය අපට ඊජිප්තුවේ පිරමීඩ , ඇමරිකාවේ උස් ගොඩනැගිලි , ඕස්ටෙ‍්‍රලියාවේ කොරල් පර , ඉතාලියේ ගිනිකඳු , එංගලන්තයේ මාලිගා යනාදිය ගැන තොරතුරු කීවාය​. 

අබේකෝන් මිය යනු ප්‍රාථමික ගුරුවරියන් අතර සදාතන පරමාදර්ශී ගුරුවරිය බව මට අද දිනයේ වැටහේ. ඇය විශ්‍රාම ලැබුවේ අප තුන්වන පන්තියේ සිට හතරවන  වන පන්තියට සමත් වූ  1975 වසර අග විය යුතුය​.  ඉන් වසර විස්සකට පසු 1995 දී මම  අබේකෝන් ගුරු මාතාව හමු වීම පිණිස ගියෙමි. ඒ කාලයේ ඇය තමන් ගේ එක් දියණියක් සමග වාසය කලාය​. වයෝවෘධ වූවද ඇයට තමන් ඉගැන්වූ දඟකාර සිසුවා අඳුනා ගැනීමට අපහසු නොවුවාය​. අබේකෝන් ගුරු මාතාව අද ජීවතුන් අතර නැත​. නමුත් ඇය උගන්වන ලද සිසු දරු පරම්පරා කීපයක් සිටිති. ඔවුන් ද අබේකෝන් මිය යනු ප්‍රාථමික ගුරුවරියන් අතර සදාතන පරමාදර්ශී ගුරුවරිය බව විශ්වාස කරනු  නොඅනුමානය​.

2002 වසරේ මා විසින් ලියන ලද අධ්යාපන ප්රතිකාර නැමැති පොත මා පිළිගන්වන ලද්දේ දිවංගත අබේකෝන් ගුරුතුමිය වෙතය​. අබේකෝන් ගුරුතුමිය වෙනුවෙන් පොත පිළිගන්වනු ලැබුවේ එතුමියගේ දියණියක් වූ රෝහිනී වීරසිංහ මහත්මියටය​.


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

19 ulasan:

  1. ගුනසින්හ කියා නමක් ඇති වයෝවෘද ආදි නාලන්දීය මුල්ගුරු මහතෙකු ප්‍රතිකාර සඳහා අප ලඟට ද පැමිනේ...

    BalasPadam
    Balasan
    1. හප්පට උඩු Sa rasa. මිස්ට ගුණසිංහ ප්‍රින්සිපල් වෙලත් හිටියා නේද කාලයක්. අපිට පොල් ටොකු අනින නිසා ඒ නමම තමයි අපි එතුම හඳුන්වන්න පාවිච්චි කලේ.

      Padam
    2. සාර ස තුමා හිටපු නාලන්ද සිසුන් වෙනුවෙන් දත් සුද්ද කරන ගමන් ඔහුට පොල් ටොකු ඇනීමට ඉදිරිපත් වෙයිද දන්නෙ නැහැ

      Padam
    3. ධර්ම ගුණසිංහ මහත්මයාද?ඔහු පසුව නාලන්ද විද්‍යාලයාධිපති තනතුරට පත්වුණා කියල මතකයක් තියනව. සත් සමුදුර චිත්‍රපටයේ අධ්‍යක්ෂ ආචාර්ය සිරි ගුණසිංහ කියන්නෙ ඔහුගේ වැඩිමහල් සොහොයුරා.

      Padam
    4. ධර්මා ගුනසිංහ හෙවත් පොල් ටොක්කා සර් ප්‍රින්සිපල් වෙලා හිටිය අතුකෝරල සර්ගෙන් පස්සේ.මුලදී එතුමා කනිශ්ටේ ප්‍රින්සිපල්. මහාචාර්ය සිරි ගුනසිංහගෙ සොහොයුරා.

      Padam
    5. එතුමා දැන් බොහෝ වයසයි.... වයොවෘදයි ....
      ඇතුල්කෝට්ටේ ප්‍රදේසයේ ජීවත් වේ...

      Padam
    6. [පොල් ටොක්කා සර්] හික් හික්

      Padam
    7. ධර්මා ගුනසිංහ සර්

      Padam
  2. රුවන්ට මතකද පිසික්ස් කරපු ජයසූරිය සර්.එයත් බොහොම හොඳ ගුරුවරයෙක්.

    BalasPadam
    Balasan
    1. ඔව් සර් හොඳ Physics teacher කෙනෙක් , කිව්වෙ කණයා කියලා සර් ඉන්නේ කොහේද දැන් ?

      Padam
    2. කනයා නෙමෙයි හැලපයා.සර් හිටියේ පූගොඩ. නාලන්දේ හිටපු ගුරුවරුන්ගේ සංගමයක් තියනව නේද?

      Padam
  3. අද මෙවැනි ගුරුවරුන් දුර්ලභයි. මේ ගුරුවරු තම දැනුම දියුණු කරගත්තේ කියවීම සහ ඇහුම්කන්දීම නිතර කල නිසා. අද ගුරුවරු බැඳ තබා තිබෙන විවිධ බන්ධන නිසා ඔවුන්ට පන්තියේ වැඩටික කරන්නත් වෙලාව මදි.

    BalasPadam
  4. ඒ විතරද?ගුරුවරයාත් ආර්ථිකය ඉදිරියේ අසරණ වෙලා. ටියුෂන් දීමෙන් තොරව තමන්ගේ දිවි පෙවෙත රැක ගන්න බැරි අයත් ඉන්නවා. එහෙම අයට නව දැනුම ලබන්න කියවනවා තියා තමන්ගේ දරුවන්ගේ මුහුණ බලන්නවත් වෙලාවක් නැහැ. මෙය විෂම චක්‍රයක් .අසරණ වෙන්නේ අහිංසක දරු පැටව් .
    තම ආදර ගුරු මවක වෙනුවෙන් තැබූ මේ සටහන හර්දයන්ගමයි .

    BalasPadam
  5. ගොඩක් දෙනාට තමන්ගේ පාසල් කාලේ සිත් ගත්ත ගුරුවරියක් හරි ගුරුවරයෙක් හරි ඉන්නවා....
    පොඩි කාලේ ගුරුවරයාගේ චරිතෙ ළමයිට ගොඩක් බලපානවා... psychology වලත් මේ ගැන විස්තර කරනවා.

    BalasPadam
  6. http://mallepol.blogspot.com/2016/04/blog-post_8.html

    BalasPadam
  7. කැරකිලා එන විදිහට ස රසා ගුණසිංහ සර් ගේ දත විතක් නොවෙයි හක්කත් ගලවා ගනී වගේ

    BalasPadam
    Balasan
    1. අනේ එහෙම කරන්න එපා අපේ සර්ට

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook