Sabtu, 30 April 2016

ප්‍රේමදාසගේ නෙළුම් මල් දෙලක්‍ෂයේ පූජාව

 



හිටපු ජනාධිපති ලේකම් අමල් වික්‍රමතුංග 



මල්   පරිසරයේ සමතුලිතතාව සමනය කිරීමට . මීමැස්සන් , සමනලයන් වැනි සතුන් ගේ පැවැත්මට උපකාර වේ. පරිසර සමතුලිතතාව පිළිබඳ නොදත් අඳ බාලයන් අසූහාරදාහේ ලක්‍ෂයේ මල් පූජා කියා මීමැස්සන් , සමනලයන් ගේ පැවැත්ම වඳ කර අන්ධ භක්තිය පෙන්වති. මේ හිටපු ජනාධිපති ප්‍රේමදාසගේ වික්‍රමයකි. එය කියන්නේ හිටපු ජනාධිපති ලේකම් අමල් වික්‍රමතුංගය​. 

" 1988 මහ මැතිවරණයට පෙර ප්‍රේමදාස මහත්තයා අනුරාධපුරේ ජයශ්‍රී මහා බෝධියට බාරයක්‌ වෙලා තිබුණා. ජනාධිපතිවරණයේදී ලබාගන්න සෑම වැඩි ඡන්දයකටම නෙළුම් මලක්‌ පූජා කරනවා කියලා. ඒ මැතිවරණය වැඩි ඡන්ද දෙලක්‍ෂ ගාණකින් දින්නා. නෙළුම් මල් දෙලක්‍ෂ ගාණක්‌ හොයන්න මට සිද්ධ වුණා. නෙළුම් පිපෙන හැම තැනකින්ම වගේ නෙළුම් මල් ගන්න වුණා. අන්තිමේ නියම විදිහට බාරේ ඔප්පු කළා. වැඩේ අපූරුයි.... " 


පාළකයා නූගතෙකු වූ විට ඔහු බලයෙන් අන්ධය . ඔහුට මිනිසුන් පමණක් නොව පරිසරයද විනාශ වූවාට කම් නැත​. 

38 ulasan:

  1. //////පාළකයා නූගතෙකු වූ විට ඔහු බලයෙන් අන්ධය . ඔහුට මිනිසුන් පමණක් නොව පරිසරයද විනාශ වූවාට කම් නැත​./////

    එකඟයි..

    BalasPadam
  2. හැක්, මල්කුමාර දේශපාලනය. ඉතින් අද කියලා එච්චර වෙනසක් නෑ. මහින්ද, මෛත්‍රී, රනිල්, ඔක්කොම මල්කුමාර වැඩ කරනවා.

    BalasPadam
  3. ඔය දාස් ගානින් කෝටි ගානින් පූජාවන්වලට මල් කඩන එක ගැන මෑතකදි ගායක සුනිල් පෙරේරාත් ටීවී එකේ කිව්වා. ඔය අමල් වික්‍රමතුංග ජනාධිපති ලේකම් වෙලා හිටියද?

    BalasPadam
    Balasan
    1. Amal Wickramatunge could be a relative of Mrs. Hema Premadasa (nee Wickramatunge).

      Padam
  4. හොඳ වෙලාවට චන්ද්‍රිකාට, මහින්දට ලැබුණු තරම් වැඩි ඡන්ද නොලැබුණේ! නෙළුම් මල් ලක්ෂ දහඅටක් හරි විස්සක් හරි හොයන්න වුනානම් මල් ඉම්පෝර්ට් කරන්න වෙනවා.

    BalasPadam
  5. Indiawe ganu oluwe mal gahanaw. apith ehema karamuda.

    BalasPadam
  6. එ් දවස්වල මිනිස්සු ප්‍රේමදාසට පුෂ්පකුමාර කිව්වේ එ්කයි එහෙනම්..හැක්...

    BalasPadam
  7. දාස්පෙතියා,සමන්පිච්ච වගේ මල් නම් පූජා කරන්නම වවනවා.. මදි උනොත් ඉංදියාවෙන් ගේනවා.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. මල් මදි උනොත් ඉන්දියාවෙන් ගෙන්වමු

      Padam
  8. ඊට පහුවෙනිදා තව නෙලුම් මල් ලක්ෂයක් පිපෙන්න ඇති නේද? එහෙම හිතුවාම මොකද වෙන්නේ...වෙසක් දවසට උපාසක උපාසිකාවො එහෙනං කොච්චර පරිසර හානියක්ද කරනව ඇත්තේ...????

    BalasPadam
    Balasan
    1. මේවා බුදුන් වදාල දේවල් නොවේ

      Padam
  9. ප්‍රේමේ ගොනෙක් නම්, දැන් ඉන්නේ මී හරක්.

    BalasPadam
  10. //පාළකයා නූගතෙකු වූ විට ඔහු බලයෙන් අන්ධය.//
    ඇත්තටම ඒක කණගාටුදායක මෙන්ම තරමක් භයානක තත්වයක්.

    BalasPadam
  11. ඕකනං එකපාරයි කියමුකො. එතකොට මේ බුද්ධ පුත්‍රයො අවුරුද්දක් ගානෙ කරන ඒව.

    BalasPadam
    Balasan
    1. මේවා බුදුන් වදාල දේවල් නොවේ

      Padam

  12. පාළකයා නූගතෙකු වූ විට ඔහු බලයෙන් අන්ධය . ඔහුට මිනිසුන් පමණක් නොව පරිසරයද විනාශ වූවාට කම් නැත​.

    true...!!!

    BalasPadam
  13. තව බොහෝ දේවල් වලින් ප්‍රේමදාස ඔහුගේ මේ ට්‍රේට් එක පෙන්නුවා. ඒවයින් රටට වැඩක් වුණා. නිවාස ලක්ෂෙක ටාර්ගට් එකක් හදාගෙන ඒක සැපුරුවා. රස්සාවල් ලක්ෂයක් ඇතිකරන්න හිතාගෙන එකකට 500 ගාණෙ ගන්න පුළුවන් ඇඟළුම් කර්මාන්ත ශාලා 200 ක් හැදුවා. පලමු වරට රටට දළ ජාතික නිශ්පාදන ඉලක්කයක් තමන්ම හදා ගත්තෙ ඔහු. අදටත් විවිධ නම්වලින් ක්‍රියාත්මක වන ජනසවිය හදලා දුප්පතුන්ට ආදායමක් හා ඉතිරියක් ඇතිකරන ක්‍රමය හැදුවේ ඔහු. මේ ඔහුගේ හැටි. හැම විටම තමන්ට යන්න අමාරු ඉලක්ක හදා ගත්තා. ජෛව විද්‍යාත්මක ප්‍රශ්ණ ඇතිවන බව ඔහුව යමෙක් දැනුවත් කලානම් මාස් පතා කොටස් වශයෙන් නෙළුම් මල් පූජා කරන්න ඔහුව එකඟ කරවා ගන්න තිබුණා.

    BalasPadam
    Balasan
    1. /////මාස් පතා කොටස් වශයෙන් නෙළුම් මල් පූජා කරන්න ඔහුව එකඟ කරවා ගන්න තිබුණා.//////

      පහසු ගෙවීමේ ක්‍රමයට පිං කිරීම....අඩේ ඉයන් ඒක එළකිරි සංකල්පයක්නේ බං.

      මොනවා වුනත් ප්‍රේමදාසගේ සමහර සංකල්පයන් පිලිබඳ අදටත් ගෞරවයෙන් කතාකරන මිනිසුන් ඉන්නවා. ප්‍රේමදාසට ඉලක්ක තිබුනා, ඒ ඉලක්ක සපුරාගන්න හොඳින් හෝ නරකින් වැඩකරා. දේශපාලන ලෝකයේ ඒ තරම් තෙම්පරාදු වෙච්ච කටුකාපු කෙනෙක් නැතුව ඇති. ජේආර් පප්පා ගෙන් බලය අතට ගත්ත එකම දක්ශතාවයක්.

      Padam
    2. Aru...ඒක පින් තකා කරපු දෙයක් නෙවී..බාරයක් ඔප්පු කිරීමක්...ප්‍රේමේ රටට ඔබින නායකයෙක් නමුත් මනුස්සයෙක්...ඒ නිසාම ස්වභාවයෙන්ම වෙන මත් වීම උනේ....
      අවුරුදු හයකට වඩා මොකෙකුටවත් ඔය පුටුවෙ ඉන්න දෙන්න හොඳ නෑ....!

      Padam
    3. ශෙෆාකි.......අපේ රටේ පත්වෙච්ච නායකයෝ අතරින් ප්‍රේමදාස විශේෂ චරිතයක්. ඔහු එක තැන පල්වෙච්ච නායකයෙක් නෙමේ. ප්‍රේමදාසගේ අතීතයේ ලබපු අත්දැකීම් වල තිබුනු කටුකත්වය තුලින්ම ඔහු බලය ආයුධයක් කරගත්තා. ඔහුට සමකාලීනයන් සමග බේරගන්න පොඩි පොඩි කතන්දර තිබුනා. ඒ සියල්ලෙන්ම මිදි, ඔහු බුද්ධිමත්ව තමාගේ වටපිටාව හඳුනාගත්තානම් ඔහුට ලංකාවේ ගමන්මග සාර්ථක දිශාවකට යොමු කරන්න තිබුනා. පමනට වඩා විශ්වාසයත්, පමනට වඩා අවිශ්වාසයත් ඔහුගේ ජීවිතයත් අවසන් කරා. මට ප්‍රේමදාසව පේන්නේ ඔය වගේ.

      Padam
    4. //පාළකයා නූගතෙකු වූ විට ඔහු බලයෙන් අන්ධය . ඔහුට මිනිසුන් පමණක් නොව පරිසරයද විනාශ වූවාට කම් නැත​. //


      මගේ මතකයේ හැටියට, මාලිගාවත්තේ ද කොහෙද මේ කවිය තිබෙන්නේ.

      "ගොඩකල මහවගුරු බිමකි.
      ඒ මත නැග එන පුරයකි."

      ඉහත උපුටා දක්වපු වෛද්‍ය රුවන්ගේ මතයට හොදම සාක්ෂියක් තමයි මම හිතන්නේ ඔය කවිය.

      Padam
    5. කෙන්කියුෂා,

      ජයන්ත වීරසේකර මාවතේ යනකොට වම් පැත්තෙ තියනව මැද කොලඹ මහ රෝහල. ඒක ඉස්සරහ කොන්ක්‍රීට් පුවරුවක ඔහොම ලියල තිබ්බෙ .

      "ගොඩකල මහ වගුරු බිමකි. එහි නැග එන නව නුවරකි" එහෙමයි මට නම් මතක...:)

      Padam
    6. Ravi, සමාවෙන්න මට යන්තමින් ඔය ස්ථානය වගේම කවිය මතක තිබුනේ. බොහොම ස්තුතියි නිවැරදි කිරීමට.

      Padam
    7. ප්‍රේමදාසගේ සමහර සංකල්පයන් හොඳ බව මම පිලිගන්නවා. ඒත් වටා හිටි එවුන් ප්‍රේමේව ඇන්ඳුවා

      Padam
  14. මේ මනුස්සය ජනාධිපති ලේකම් වෙලා හිටියෙ නෑ. පෞද්ගලික ලේකම් වගෙ මොකක් හරි වෙන්න ඇති.

    ඔන්න ඉතිං පේනවනෙ ප්‍රේමෙගෙ ඇම්බැට්ටයින්ගෙ තරම. මේ උන්නැහැට ප්‍රේමෙ එක්ක වැඩ කරපු කාලෙ අමතක නොවන වැඩේ මේ මල් පූජාව..අම්මපා කාටද ඉතිං කියන්නෙ?...

    " රටකට සිදුවිය හැකි මහත්ම අභාග්‍යය නම් නූගතුන් රජවී ඊටත් වඩා නූගතුන් පුරෝහිතයන් වීමය."

    ඔය මල් පූජාව ගැන මටත් මතකයි මෙහෙම කතාවක්. දැං නෙලුම් මල් එකතුකලාය කියමුකො. ඔව්ව ගණං කරන්නෙ කොහොමද? සෙල්ලමක්ය මල් ලක්ස දෙකක් ගනං කරන එක?. ඒ පාර කට්ටිය තක්කු මුක්කු වෙලා ඉන්නකොට ප්‍රේමෙ එතනට ආවලු.

    "මොකද අවුල? " ප්‍රේමෙ ඇහුව අර කකුලෙ ඇඟිලි වලින් ඉස්සිලා එහෙම.

    "නෑ සර් මේ අපි කල්පනා කලේ මෙච්චර මල් සම්බාරයක් ගණං කරන්නෙ කොහොමද කියල…"

    " අයිෂේ ඕකත් එච්චර දෙයක්ද? තමුසෙල අහල නැද්ද සියපත සුවඳමය කියල කවියක් එහෙම. සියපත කියන්නෙ නෙලුම් මලට. නෙලුම් මලක පෙති සීයක් තියෙනව. ඒ හින්ද කට්ටියම එකතුවෙලා මෙතන නෙලුම් පෙතිගාන ගනන් කරනවාලා.. ඒ කරල සීයෙන් බෙදනවා. අන්න නෙලුම් මල් ගාන ඉබේම ඇවිල්ල..තේරුණාද? "

    "එහෙමයි උතුමාණනි එහෙමයි උතුමාණනි " කියල කට්ටිය එහෙම කලාලු. මම හිතන්නෙ මේ අමල් මහත්තයට ඒ කතාව මතක නැතුව ඇති. නැත්තං ඒකත් කියයි බොහොම ආඩම්බරෙන්...:)

    BalasPadam
    Balasan
    1. //" රටකට සිදුවිය හැකි මහත්ම අභාග්‍යය නම් නූගතුන් රජවී ඊටත් වඩා නූගතුන් පුරෝහිතයන් වීමය." //

      ඒ කතාව නම් හරියටම හරි.

      නමුත් අනෙක් අතට,රජවූ සමහර නුගතුන්ට පුරෝහිත කම් කරපු සමහර උගතුන්ගේ හැසිරීම බැලුවමත් පුදුමයි. ඒ වගේම පුරෝහිත කම් කරපු සමහර උගත්තු රටට ඵලදායී දේ ඇති කරලත් තිබෙනවා.

      Padam
    2. අප්පෝ රවී උඹත් ආවාද....මල් ගැන කතාවක් තිබුනොත් නෑවිත් කොහොමද නේ.

      මල් පෙති ගනන් කිරිල්ල නම් මරේ මරු.

      Padam
    3. කෙන්කි....පුරෝහිතයාගේ අදහස්වලට සවන්දෙන නායකයෝ තව දුරටත් රටේ බිහි නොවෙන්නේ, බිහිවෙන නායකයින්ගේ බුද්ධියේ වපසරිය නිසා කියලයි මට හිතෙන්නේ. දේශපාලන අධිකාරිය විසින් පරිපාලනයෙ ඇති ස්වාධීනත්වය ගිලගෙන අවසානයි මේ වෙනකොට. බයට හෝ ගැතිකමට හෝ මුදලට පුරෝහිතයොත් කැමැත්තෙන්ම ඒ බලය පූජා කරලා තියෙන්නේ.

      Padam
    4. වෙන පැත්තක තියෙනව ඕවට විශේෂ මල් වර්ගයක්. ඒවයින් එකක් පාවිච්චි කළානං ඔය නෙ‍ලුම් මල් වල පෙති විතරක් නෙමේ රේනුත් ගනං කරයි කට්ටිය. ඔය රවී අයියල එහෙම දන්නව ඒ මල් ගැන හොඳට. හැක්..

      Padam
    5. රටකට සිදුවිය හැකි මහත්ම අභාග්‍යය නම් නූගතුන් රජවී ඊටත් වඩා නූගතුන් පුරෝහිතයන් වීමය." +++++++++++++++++++++++

      Padam
  15. ලඟ එන වෙසක් පෝයටත් පරිසරය ගැන හිතලා මල් ආරක්‍ෂා කර ගැනීමේ යෝජනාව ඉදිරිපත් කලොත් හොඳයි නේද​? ප්‍රේමදාසට විතරක් උනාම පව්!

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook